ක්‍රි.ව 2020 අගෝස්තු මස ලග්න පලාඵල ලග්න පලාඵලයන්

ariesමේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා කුජ වන අතර එය 12 වැන්නේ ද, රවි ග්‍රහයා 04 වැන්නේද හැසිරෙමින් මේ මස ඔබට පෙරට වඩා යහපත් වාතාවරණයක් ලබාදේ. ආර්ථිකය සාමාන්‍ය පරිදි හසුරුවාගත හැකිවේ. ගෙදර දොර වටපිටා සාමකාමී වේ. දරුවන්ගේ වගකීම් හා යුතුකම් පැහැර නොහැර ඉටුකිරීමට පුළුවන් වේ. අසනීප වාතාවරණයෙන් දුබලතා ඇතිකළ හැක. දියවැඩියා රෝගීන් නම් සෞඛ්‍ය ගැන වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකරන්න. ඉගෙන ගන්නා වයස්වල සිටින අයට ආතති තත්ත්වයන් ඇති වුවත් ඉගෙනුම් කාර්යයන් කරගෙන යාමට පුළුවන් වේ. පොදු වැඩ හෝ සමාජශීලී කටයුතුවල නියැලීමට අවස්ථා යෙදේ. යම් අයගේ චෝදනාවලට ලක්වීමට සිදුවිය හැක. සිතට කරදර දෙන ගැටලු ඇතිවන අවස්ථා යෙදේ. ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න.

taurusවෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා වන 02 වැන්නේද, රවි ග්‍රහයා 03 වැන්නේද හැසිරෙමින් මේ මස ඔබට පීඩා ගෙනදෙන ප්‍රශ්න ගැටලු රාශියක් මතුකරවයි. නීතිමය ගැටලු නඩුහබ ණයතුරුස් වැනි ගැටලුවලදී ආර්ථිකමය, මූල්‍යමය අපහසුතා ගෙන දෙයි. ගෙදරදොර දරුවන් ගැන කටයුතු තමන් අතින් පැහැර යයි. හිතවතුන්ගෙන් උදව් උපකාර පවා නොලැබී යයි. සිරගතවීම්, දඬුවම් විදීම් හෝ ලැබීමට කරුණු යෙදේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදිවලට පාත්‍ර විය හැක. රැවටිලි සහගත අවස්ථා යෙදේ. සතුරු පීඩනයන් එල්ල විය හැක. විවාහ ප්‍රේම සබඳතාවලදී විශ්වාසය පළුදු වී යාමට පුළුවන. හොඳින් ඉදිරිය බලා කල්පනාවෙන් දුරදිග බලා තීරණ ගෙන වැඩ කරන්න.
gemini

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා බුධ ලග්නගතව ද, රවි ග්‍රහයා 02 වැන්නේද හැසිරෙමින් මේ මස ඔබ පොදු සමාජ සේවයේ යෙදෙමින් කාර්යබහුල අයකු විය හැක. කාලය ශ්‍රමය, ධනය ද කැප කරයි. හිතවතුන් අතර වැජඹෙයි. තමාගේ වැඩකටයුතු අතපසු කරගනී. සංවර්ධන වැඩ ආරම්භ කරත් අවසානය තෙක් කරගත නොහැකි වේ. ආර්ථික මාර්ග යෙදෙතත් ඒවා ඇනහිටී යයි. දරුවන් ගැන ඕනෑවට වඩා වෙහෙසෙයි. දානමය පිංකම්වලට පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි සිත යොමුකර ඒවාටත් දායක වෙයි. පෙර හෝ සුළු වැටීම් තැලීම් හේතුවෙන් නැවත කායික පීඩාගෙන දිය හැක. ඉගෙනුම් ක්‍රියාවලියට මුල් තැන දී වැඩ කිරීමට අපොහොසත් වෙයි. අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන් අලස නොවිය යුතුය.

cancer

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 06 වැන්නේද, රවි ග්‍රහයා ලග්නගතව හැසිරෙමින් මේ මස ඔබ කාර්යබහුල අයකු කරයි. විවේකය අඩු වෙයි. හිතමිතුරු සහයෝගය ලැබේ. සුන්දරත්වය නිර්මාණකරණයන් කෙරෙහි හිත යොමුවේ. වගකීම් හඳුනාගෙන වැඩ කරයි. පෙර තිබූ අලසකම් මගහැරී ඇස, දිව රස පිනවීමට විවිධ වූ ආහාරපාන ලැබේ. ඉගෙනුම් කාර්යයන් සාර්ථකව කරගෙන යයි. ආර්ථිකමය ප්‍රතිලාභ ලැබේ. මූල්‍ය සහනාධාර ලබාගැනීමට මාර්ග පෑදේ. තම පවුලට ලැදිව ක්‍රියාකරයි. සත්වයන්ට ආදරය කරුණාව දක්වයි. සුරතල් සතුන් ඇතිකිරීමට හෝ සුරතල් කිරීමට පෙළඹේ. සෑම විටම කල්පනාකර සිහින මවයි. දුර ඈත ඉලක්ක හදාගනී. කෙසේ වෙතත් සිත නොසන්සුන් වේ.
leo

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 12 වැන්නේ ගෝචරව වෙසෙමින් නිර්භීතව ප්‍රශ්නවලට මුහුණ දෙයි. සිත උදාර වෙයි. අන් අයගේ ප්‍රශ්න තමාගේ මෙන් සිතා ක්‍රියාකරයි. උදව් කිරීමට යෑමේදී ප්‍රවේසම් විය යුතුයි. චෝදනා හෝ සතුරු බලවේග හදාගත හැක. ආවේගශීලී ගති මතුවෙයි. තමාගේ වැඩ අන් අයගේ පැසසුමට ලක්වෙයි. නොහැකියා පිරිස් අතර කටයුතු කරන ඔබට ඉරිසියාව අති අය මුනගැසේ. මන්ද ඔබේ දක්‍ෂතාව මත ඔවුන් පල්වෙන නිසා. එනිසා ඔවුන් ඔබට සතුරන් වෙයි. අධ්‍යාපන කටයුතු අතපසුවේ. රැකියාවේ යම් යම් දුර්වලතා නිසා රැකියාව අප්‍රසන්න වීමට පුළුවන. උසස්වීම් කල් යයි. හිත කලබලයට නිරතුරු පත්වීමට පුළුවන.
virgo

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා බුධ 10 වැන්නේද, රවි ග්‍රහයා එකොළොස් වැන්නේද හැසිරෙමින් මේ මස ඔබට යහපත් කාලයක් ඇතිකරයි. ජයග්‍රහණ උදාකරයි. පවුලේ හිතවතුන් අතර කැපී පෙනේ. අසනීපයට පත්වෙයි. නිරෝගිකම ආරක්‍ෂා වෙයි. වෛද්‍ය උපදෙස් රෝගවලට ගත යුතුවෙයි. සම්මුඛ පරීක්‍ෂණ, විභාග නඩු ආදියෙන් ජයගත හැක. ප්‍රජාව සමග වැඩ කරන අයට සාර්ථකත්ව උදාකරයි. භූමිය කෘෂිකර්මය මුල්කොට වැඩ කරන අයට ඒවායින් වැඩි වාසි ලාබ ප්‍රයෝජන වත්කම් මිලදී ගැනීමට මග පෑදේ. ආගමික වටපිටාව අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි හිත යොමුකරයි. දුර ගමන් යෙදේ. විදෙස් රැකියා අපේක්‍ෂා කළ අයට ඒ සඳහා කටයුතු සාර්ථක වෙයි. පවුලේ සමගිය රඳවා ගනිමින් ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යයි.

 

libra

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 09 වැන්නේ ද, රවි ග්‍රහයා 10 වැන්නේ හැසිරෙමින් මේ මස ඔබට සිතට ගතට විවේකයක් නැති තරමට අවිවේකී වෙයි. පවුලේ වගකීම් දරමින් සිටියත් ඔවුන්ගේ නුරුස්නා ගති ඉදිරියේ සිත කම්පා කරන කරුණු යෙදේ. වැඩිහිටි ඥාතියකුට අගුණ කාලයක් හෝ ඔත්පල කරවන අවස්ථා යෙදේ. ආර්ථිකමය පාඩු, ඉතිරි කළ මුදල් ද අතිරික්ත දේ ද වියදම් කිරීමට සිදුවෙයි. මව හා ගැටුම් ඇතිකර ගනී. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ලොකු වෙහෙසක් දරා ඉගෙනීම් කරගෙන යයි. රැකියා ස්ථානයේද අධික වැඩ කොටස් නිසා මානසික පීඩනවලට ද ලක්වෙයි. අජීර්ණ රෝග, උදරාබාධ රෝග පීඩා ඇතිවිය හැක. යහළුවන්ගෙන් සහය ලැබේ. අනාගතය වෙනුවෙන් නවතීරණවලට එළඹීමට සිදුවනු ඇත.
scorpio

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා 05 වැන්නේ ද රවි ග්‍රහයා 09 වැන්නේ ගෝචරව සිටිමින් මේස මස අවිවේකී තත්ත්වයෙන් මුදවයි. තමා ගැනම හිතා බොහෝ තීරණ ගනී. අනාගතය සැලසුම් කරයි. ප්‍රිය උපදවන දෑ විසිතුරු දේ ඇඳුම් පැලඳුම් මිලට ගැනීමට යොමුවෙයි. ඉතිරි කිරීම් ගිණුම් අරඹයි. නව මෙවලම් මිලදී ගනී. හිතවතුන් ඥාතීන් සමග එක්ව කටයුතු කිරීමට ප්‍රියවේ. ලේඛන කලාවට ප්‍රියතාව දක්වයි. පොතපත පරිශීලනය වැඩිවේ. විනෝදයට ප්‍රිය වේ. කරුණාවන්තව කටයුතු කරයි. රෝගී තත්ත්වලින් පෙලුන අයට සුව අතට හැරේ. විභාග තරග ආදියෙන් ජයග්‍රහණ උදාවේ. ආගමට දහමට නැඹුරු වේ. නව රැකියා අවස්ථා සඳහා යොමුවීම පෙන්වයි.

sagittarius

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන ගුරු ලග්නගතව ද, රවි ග්‍රහයා 08 වැන්නේද හැසිරෙමින් මේ මස ඔබට ඉතා ප්‍රයෝජනවත් වන සංවර්ධන වැඩ රාශියකටම මුල පුරවයි. නතර කර තිබූ වැඩ දියත් කරයි. වත්කම් උගසට තබා හෝ මූල්‍යමය පහසුකම් සකසා ගනී. ආයෝජන වැඩ අරඹයි. විභාග තරග කිරීමට සූදානම් වෙයි. රැකියා උසස් ආකාරයෙන් සිදුකරයි. ඇගයීමකට ලක්වෙයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර සහය ලැබේ. විදෙස්ගත අයගෙන් පවා සහනයන් ලැබිය හැක. රෝගී සිටියේ නම් සුවපත් වේ. වෛද්‍ය උපදෙස් මත රෝග සමනය කර ගැනීමට පුළුවන් වෙයි. ආගමික වශයෙන් උත්සවවලට සහභාගි වෙයි.
capricorn

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහයා ලග්නගත ද, රවි ග්‍රහයා 07 වැන්නේ යෙදීම අනුව මේ මස සිතට සහනයන් ගෙන දෙයි. පවුලේ අය වෙනුවෙන් ගතයුතු තීරණ සැමගේම සුබසිද්ධියටම හේතුවනු ඇත. මනසට සහනය සැමවිටම අපේක්‍ෂා කරන අතර ආගමට වැඩි නැඹුරුතාවයක් පෙන්වයි. පොදු වැඩවලට සහය දෙයි. සමාජ සේවා කාර්යයන්වල හෝ සමාජය සමග ගැටෙන ක්‍ෂේත්‍රවල සිටින අයට ඉන් සතුටට පත් කරවන අන්දමින් තම සේවා කරගත හැකි වේ. අධ්‍යාපන කටයුතුවල නියැලෙන අයගේ දක්‍ෂතා පෙන්වීමට අවස්ථා යෙදේ. මල් වගා, සුරතල් සතුන් සමග කාලය ගතකිරීමට ප්‍රිය කරන සිත් පහළ වෙයි. වගකීම් යුතුකම් ඉටුකිරීමට නොපැකිළි නොවන අතර මියගිය අය වෙනුවෙන් ද පුණ්‍ය කටයුතු කරමින් තමා අධ්‍යාත්මික ගුණවගා ඇතිකරයි. සිත් පහදා ගෙන වැඩ කිරීම මේ මාසයේ කැපී පෙනෙන අතර උද්යෝගයන්ද වර්ධනය කරයි.

aquarius

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහයා 12 වැන්නේ ද, රවි ග්‍රහයා 06 වැන්නේ හැසිරෙමින් ඔබට මේ මස ආරම්භ වෙත්ම වැඩ රාශියක්ම ව්‍යාපාර කටයුතු හෝ සංවර්ධන වැඩකටයුතුවල ආරම්භයක් පටන් ගැනුමක් සූදානම් වේ. සේවක පිරිස්ගේ සහය නොඅඩුව ලැබේ. ඉඩකඩම් දේපළ උරුම ආදී දේ සංරක්‍ෂණය කරගැනීම් කැපී පෙනේ. වගා කටයුතුවල නියැලෙන අයට ඉතා හොඳය. වෙළෙඳාම් කටයුතු කරන අයට වෙළෙඳපොළ එතරම් ශුභ නොවුනත් සාමාන්‍ය පරිදි කරගත හැක. අසනීප ගති නොපෙන්නුවත් අතපය වේදනා කැක්කුම් ඇතිකරයි. දරුවන්ගේ වැඩකටයුතුත් ගෙදර දොර වැඩකටයුතුත් සමබර කරගනිමින් සියලු දේ යුතුකම් ලෙස ඉටුකරයි. ඥාතීන්ගේ නොමද සෙනෙහසට ද ඔබ පාත්‍ර වනු ඇත.

pisces

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා 10 වැන්නේ ද, රවි ග්‍රහයා 05 වැන්නේ ද හැසිරෙමින් ඔබ පවුලේ අය වෙනුවෙන් මහත් කැපකිරීමකින් වැඩ කරයි. දුර ගමන් බිමන් ද යෙදේ. ආර්ථිකය සාමාන්‍ය පරිදි වෙයි. තම දරුවන් රෝගීවීම හෝ ඔවුන් වෙනුවෙන් බියකින් පසුවීමට හේතු ඇතිවේ. ආගමික උත්සව හෝ දානමාන පිංකම් වෙනුවෙන් ධනය පරිත්‍යාග කරයි. රැකීරක්‍ෂා සාමාන්‍ය ලෙස කරගෙන යයි. අනාගතය වෙනුවෙන් යම් දෙයක් ඉටුකළ හෝ ඉතිරි කිරීමට සිතට ගෙන ව්‍යාපෘති, සංවර්ධන, ආයෝජන කටයුත්තක් ඇරඹීමට තීරණය කරයි. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට අලුත් දේ ඉගෙනුමට අවස්ථා යෙදේ.

සාමවිනිසුරු ජ්‍යොතිර් විද්‍යාර්ථවේදී

වෛද්‍ය සන්ධ්‍යා ජයසේකර
0776099493