දියවැඩියාවට සහ පිළිකාවට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන මෙන්න තවත් පලතුරක්

පළමුව පළකල ලිපියෙන් දියවැඩියා රෝගය යනු කුමක්ද? මෙම රෝගය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රතිකාර සහ අනුභව කළ යුතු ආහාර ගැන කෙටියෙක් දැක්වූ අතර, අද නැවත වතාවක් දියවැඩියාව
රෝගීන් හට ඉතා ප්‍රයෝජනවත් ලිපියක් පළකිරීම අපේ අරමුණ වනු ඇත.

දියවැඩියාව සුවකර ගැනීමට දිනකට ‘වෙරළු ගෙඩි 15ක්’ කන්න

දියවැඩියාව පාලනය කිරීමට ඖෂධවලට මෙන්ම ආහාරවලටත් පුළුවන් බව මෙහිදි සඳහන් කළ යුතුයි. දියවැඩියාව හැදෙන්නේ අග්න්‍යාශයේ තිබෙන සෛල මියගොස් එමගින් තව දුරටත් ඉන්සියුලින් නිපදවෙන්නේ නැති විටයි. දියවැඩියාව සුව වෙනවා කියන්නේ අග්න්‍යාශයේ සෛල සම්පූර්ණයෙන්ම සුවපත් වී ඒවා තුළින් නැවත වතාවක් ඉන්සියුලින් වහනය වීමට පටන් ගැනීමයි. ඒ තත්ත්වය ඇති වූ විට පිටතින් ශරීරය තුළට ඉන්සියුලින් විද ගැනීමේ වුවමනාවක් ඇති වන්නේ නැහැ.

එහෙත් අප මතක තබා ගත යුතුයි සමහර පලතරු වර්ග තිබෙනවා දිගු කාලයක් තිස්සෙ ආහාරයට ගත් විට දියවැඩියාව සුවපත් වෙනවා. කාමරංගා කියන්නේ එවැනි සුවිශේෂි පලතුරක්. වැඩි දෙනෙක් නොදනනවාට දියවැඩියාවට ප්‍රත්‍යක්‍ෂ ගුණ දෙන තවත් පලතුරක් තමයි වෙරළු.

දියවැඩියා රෝගියෙකු පලතුරු
ආහාරයට ගත යුත්තේ කෙළෙසද?

දියවැඩියා රෝගීන් නිතර නඟන ප්‍රශ්නයක් තමය පලතුරු කෑවාට කුමක් නැද්ද කියන එක. ඇමෙරිකාවේ තිබෙනවා දියවැඩියාව ඇතුලු බෝ නොවන රොග ගැන පර්යේෂණ කරන සුප්‍රකට විද්‍යාගාරයක. එහි නම Mayo ඵ්හිදි පසුගිය අවරුදු 20 තුළ කළ පර්යෙෂණවලදි ඔවුන් හදුනාගෙන තිබෙනවා, දියවැඩියා රෝගීන් විසින් අනුභව කළ යුතු පලතරු වර්ග සහ එවා කවර ප්‍රමාණවලින් අනුභව කළ යුතු ද කියන එක. ඔවුන්ගේ මතයට අනුව දියවැඩියා රෝගියා නිතරම කාබොහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය අඩු ෆයිබර් හෙවත් කෙඳි වැඩි පලතුරු වර්ග අනුභව කළ යුතුයි. විශේෂයෙන් එක වරකට පලතුරු මාර්ගයෙන් කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය ගෑම් 15 කට වඩා ශරීරය ගත වීම දියවැඩියා රෝගියාට ඉතාම නරකට බලපානවා.

එහෙත් කාබොහයිඩ්‍රේට් සංයුතිය අඩු පලතුරු විශාල වශයෙන් පරිභෝජනය කරන්නට දියවැඩියා රෝගීන්ට පුළුවන් මේ අනුව පහත සඳහන් පලතුරු වර්ග පහත සඳහන් ප්‍රමාණයෙන් අනුභව කිරීම දියවැඩියා රෝගීන්ට සුදුයි.

  • මධ්‍යම ප්‍රමාණයේ සාමාන්‍ය මට්ටමින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
  • ඇට සහ ලෙලි ඉවත් කරන ලද අඹ ග්‍රෑම් 83 ක්
  • ඉදුණු පැණි කොමඩු ගෑම් 190 ක්
  • ඉදුණු ස්ට්‍රෝබරි ගෑම් 180 ක්
  • ඉදුණු සැපදිල්ලා ගෑම් 80 ක්
  • ඉදුණු අන්නාසි ගෑම් 124 ක්

දේශිය වෛද්‍ය විද්‍යාවටත් මේ වට්ටෝරුව අනුකුළද?

ඔව්. සට්‍රෝබෙරි ඇතිලු මේ සියලූම පලතරු ලංකාවේ වැවෙනවා. වස විස නැත, කෘමි නාශක නොයෙදූ පලතුරු ලබා ගැනමට හැකි නම් ඉතාම හොඳන් ප්‍රතිඵල ලබා ගනනට පුළුවන්. මොකද කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය ශරීරගත වුණාමත් අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛල (lslet cells and receptors) මිය යෑම සිදුවෙනවා.

දියවැඩියාවට සුදුසුම දේශිය පලතුරු මොනවාද?

දේශීය පලතුරු යන වචනයේ විද්‍යාත්මක අර්ථකථනය කුමක් ද කියන එක ප්‍රශ්නයක්. මොකද ලෝකයේ තිබෙන පලතරුවලින් වැඩි හරියක්ම ලංකාවේ වැවෙනවා. ඔස්ටේ්‍රලියාවේ වගේම නුවරඑළියේත් ඇපල් වැවෙනවා. ඉතාලියේ වගේම යාපනේත් මිදි වැවෙනවා. මුලින්ම නුවරඑළිය වගේම කඳුකර පළාත් වල වවපු ස්ට්‍රෝබරි අද ටිකින් ටික මධ්‍යම කඳුකරයෙන් පහළ ප්‍රදෙශවලත් වැවෙන්නට පටන් ගන්නවා. ඒ අනුව අද දේශීය පලතරු කියන මාතෘකාව සංකීර්ණ වෙලා සමහර විදේශික පලතුරුවල කවරාකාර හො ප්‍රභේදයක් ලංකාවේ වැවෙනවා. උදාහරණයක් ලෙස දන් ගෙඩිය ගනිමු. එවැනි පලතුරු ඕනෑ තරම් යුරෝපයේ තිබෙනවා. කොහොම වුණත් දේශීය සිංහල වෙදකම අනුවත් මට තිබෙන අත්දැකීම්වල හැටියටත් දියවැඩියා රෝගීන්ට වඩාත්ම ගැළපෙන දේශීය පලතරු ලෙස වෙරළු හදුවන්නට පුළුවන්. වෙරළු වල විවිධ ප්‍රභේද විවිධ රටවල වැවෙනවා. එක ප්‍රභේයකින් තමයි OLIVE OIL නිෂ්පාදනය කරන්නේ. ලංකාව වැනි රටවල ව්‍යාපාරික වැවිලලක් ලෙස වෙරළු වවනනේ නැති නි සා මේ ශාකයෙන් ලබාගත හැක උපරිම ප්‍රයෝජන ලබා ගන්නට අපට ඉඩ අවස්ථාව නැහැ.

වෙරළු ගෙඩියේ ගුණ කියන්න ?

වෙරළු වලින් සිදුවිය හැකි ප්‍රධානතම කාර්යය තමයි සිරුරේ හට ගන්නා විෂ සහත තත්ත්වයන් සමනය කිරීම. ඒ අනුව හෘදයාබාධ වැළඳීම වළකාවන්නටත්, පිළිකා වර්දනය වීම නවත්වන්නටත් වෙරළුවලට පුළුවන්. මේ හපන්කම කිරිමට වෙරළුවලට හැකිවන්නේ එහි අඩංගු Polyphenol නමැති සංඝටකය නිසයි.

දියවැඩියාව පාලනය කිරිමට වගේම අග්න්‍යාශය යළි පණ ගන්වන්නටත් Polyphenol වලට හැකියි. එසේම රුධිරයෙහි තිබෙන Glutathion නමැති සංඝටකය වැඩිදියුණු කරන්නත් වෙරළුවලට හැකියි. ශරීරයේ තිබෙන විෂ නාශක සංඝටක වරක් පාවිච්චි කර නිම වු පසු ප්‍රතිචක්කීකරණය කරන්නට මෙකී Glutathion වලට හැකියි.

වෙරළු වල ශරිරයට හිතකර මේද වර්ග තිබෙනවා. හෘද කපාට, ධමනි යනාදියට සිදුවන හානිය එමගින් වැළකෙනවා. අධික රුධිර පීඩනය අඩු කරන්නටත් වෙරළුවලට හැකියි. එසේම අඩු කොලෙස්ටරෝල් මට්ටම් පවත්වාගෙන යෑමටත් වෙරළුවලට මිනිස් සිරුර තුළදි කරන්නට පුළුවන්. එම ක්‍රියාවලිය සිදුකරනනේ වෙරළු තුළ තිබෙන Olec ඇසඞ් නමැති සංඝටකයයි.

ඒ වගෙම ශරීරයේ හට ගන් නා විවිධ වේදනාවන් නැති කරන වේදනා නාශකයක හැටියටත් වෙරළු සිරුර තුළදි ක්‍රියාත්මක වෙනවා. උදරය, මහාන්ත්‍රය, පියයුරු යන තැන් වල හට ගන්නා පිළිකාව නැති කිරීමට වෙරළුවලට පුළුවන්. ලොව තිබෙන පිළිකා නාශක පලතරු අතුරින් අංක 1ට එනනේ වෙරළු.

දිනකට වෙරළු කොපමණ සංඛ්‍යාවක්
ආහාරයට ගතයුතුද?

දිනකට හොඳට ඉඳුණු වෙරළු 15ක් විතර ආහාරයට ගත යුතුයි. උදේ, දහවල්, සවස ඕනෑ වෙලාවක කමක් නැහැ. හැබැයි රාත්‍රියට ආහාර ජීර්ණය වීම ප්‍රමාද නිසා රෑට වෙරළු කෑවොත් ප්‍රතිඵල එන්නේත් ප්‍රමාදවෙලා. දියවැඩියා රෝගියා මුලුන්ම තම රුධිර සිනී වාර්තාවක් ලබාගත යතුයි. ඊටපස්සේ සති දෙකක් මේ විදියට වෙරළු කෑ යුතු යි. ඉන් පසු රුධිර සිනි වාර්තාවක් ගත යුතුයි. එවිට පෙනියනවා රුධිරයේ සිනී මට්ටම් කොතරම් පහත බැහැලාද කියන එක. හැබැයි මේ අතර ආහාරවලින් පරෙස්සම් විය යුතුමයි. උදේට තම්බන ලද ඇට වර්ගයක්, රතු බාස්මතී බත් කෝප්ප භාගයක්, තෙල් නොදමා දෙවැනි හෝ තුන් වැනි පොල් කිරේන් (දියාරු කිරෙන්) ඉවු එළවළුවක්, මැල්ලූමක්, බෝංචි, මෑ, මුං වැනි ඇට වර්ග සමඟ කුඩා මාලූ කැබැල්ලකුත් හොඳටම ප්‍රමාණවත්. රෑට එළවළු සුප් එකක් වැනි දෙයක් තමයි සුදුසු.

මෙහෙම තුන් මාසයක් කරන විට හාරසියයට හාරසිය පනහට රුධිර සිනි තිබූ අයගේ සීනි මට්ටම 90 ට 100 ට අඩු වෙනවා. මෙය ඔබ අත්හාදා බැලිය යුතුමයි. ඕනෑනම් බටහිර බෙහෙත් බොන අතර තුරු මේ ක්‍රමයත්
අනුගමනය කරගෙන ගිහින් එක් අවස්ථාවකදි බටහිර බෙහෙත් සම්පූර්ණයෙන්ම නවත්වලා වෙරළු සහ ක්‍රමවත් ආහාර මගන් ඉදිරියට යන්න පුළුවන්.

මෙහෙම කළොත් දියවැඩියාව
නිට්ටාවට සුවවෙනවාද ?

ඒක වෙන්නේ මෙහෙමයි. ඔය විදියට කාලයක් යනකොට අග්න්‍යාශයේ අක්ක්‍රියාකාරිව තිබු සෛල ඉතා පුංචියට යළි ප්‍රාණවත් වෙන්න පටන් ගන්නවා. ඉතා සුළුවට ඉන්සියිලින් නිෂ්පාදනය වීම ඇරැඹෙනවා. මෙහෙම අවුරුද්දක් විතර යනකොට ශරිරයට ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීම සිදුවෙනවා. එතකොට ඔබට පුළුවන් සාමාන්‍ය ජීවිතයක ගත කරන්න. හැබැයි මා කියු ආහාර වට්ටෝරුවෙන් නම් පිට පනින්න එපා. පුළුවන් තරම් කොළ වර්ග කන්න. කෙඳි සහිත ආහාර ගන්න. එළවළුවක් කියන එක කොයි තරම් කෑවත් වරදක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට මිරිස්, පොල්කිරි, තුනපහ, තෙල් දමලා කකාරවලා කැම කන්න එපා.

 

වෛද්‍ය – චාන්දනී වික්‍රමාරච්චි

වසර 300කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ
වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරියෙකි.