දියවැඩියා රෝගීන් සඳහා විශේෂයි

රුධියේ සීනි මට්ටම පාලනය කරගත හැකි දේශිය ආහාර…

sugarආයුර්වේදය වනාහි අතිශය ප්‍රබල රෝග සුව කිරීමේ ක්‍රමවේදයකි. ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට ඉමහත් ජනතා ආකර්ෂණයක් ඇත්තේ එම ප්‍රතිකාර ක්‍රම තුළින් බටහිර වෛද්‍ය විද්‍යාවට පවා සුව කිරීමට නොහැකි වූ අතිශය දරුණු රෝගාබාධයන්ට ලක්වූවන් පවා විශ්මිත ලෙස සුවය ලබා නිරෝගී සුව විඳිමින් සිටින බැවිනි.
ආයුර්වේද වෛද්‍යවරුන්, පාරම්පරික දේශීය වෛද්‍යවරුන් තම හැකියාවන් මොනවට ඔප්පු කරමින් වර්තමානය වන විට බටහිර වෛද්‍ය ක්‍රමය පරයා යන තරමටත් රට තුළ මෙම වෙදකම් ක්‍රමය ප්‍රචලිත කිරීමට සමත්ව ඇත.


කැස්බෑව ‘ගොඩිගමුව වෙද පරම්පරාවේ’ වෙද පියකු වන වෛද්‍ය එච්. ඒ. සරත් පෙරේරා මහතාගේ ආදරණිය දියණියක වන වෛද්‍ය ඩී. පවිත්‍රා සර්ධාසේන මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, වකුගඩු රෝග, කාන්තා රෝග, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහ 100%ක දේශීය වූ ප්‍රතිකාරයන් හඳුන්වාදී ඇති අතර, එම මහඟු ප්‍රතිකාර පද්ධතිය මගින් සුවය ලැබුවෝ බොහෝය.

 “දේශීය වෙදකම තුලින් සියලු රෝග සුවකරමු” යන තේමා පාඨය අනුව යමින් ආයුර්වේද වෛද්‍ය ඩී. පවිත්‍රා සර්ධාසේන මහත්මියගේ අත්දැකීම් ඇසුරින් පෝෂණය වන වෛද්‍ය ලිපි මාලාවක් ‘සුබනෙත’ හරහා ඔබ වෙතට මෙසේ දිග හැරෙයි…
අද එම ලිපි මාලාවේ තෙවැන්නයි.
ආයුර්වේද මූල ග්‍රන්ථ අනුව ප්‍රමේහ රෝග 20කි. ප්‍රමේහයේ උග්‍ර අවස්ථාව “මධුමේහය“ හෙවත් ,ෘස්ඉැ ඵැකකසඑමි, නමින් හැඳින්වේ. පසුගිය ලිපි වලින් මධුමේහය සහ ඒ පළිබඳ විස්තර සාකච්ඡාවිය.

ප්‍රමේහ රෝග 20න් 04ක් දිගටම ප්‍රතිකාර කළයුතු බව දේශීය චිකිත්සාවේ සඳහන් වේ. ලේ වල සීනි මට්ටම වැඩි වූ තරමට එය උග්‍ර දියවැඩියාව වේ. ඊට දිනපතා ඖෂධ භාවිතා කළ යුතුය යන මතය නැවත සළකා බැලිය යුතුය.

ආයුර්වේදයේ මූල ග්‍රන්ථයක් වන “චරක සංහිතා” වේ මධුමේහ චිකිත්සාවේ පථ්‍යපථ්‍ය මෙසේ සඳහන් කර ඇත.

“ව්‍යායාමයොහෛර් විවිධෛඃ ප්‍රභාඑෛඃ-
රුද්වර්තනෛඃ ස්නාන ජලාව ශේකෛඃ
සේව්‍යත්‍වගේලාගරු වන්දනාදෛර්-
විලේපතෛශ්වාෂු න සන්නිමේහා”
(ච.චි. 6/50)

විවිධ වූ ව්‍යායාමයන් හි යෙදීම, ඇඟ තදින් ඉලීම, ස්නානය, පීලි වලින් නෑම හෙවත් දිය දහර ඇඟ හෙළීම,සැවැන්දරා, කුරුඳු පොතු, එනසාල්, අඟිල්, සුදු හඳුන් ආදිය අඹර ඇඟ ගැල්වීම යන මේවා හිතයි.

ව්‍යායාම – සතියකට දින 3-4ක් විනාඩි 30ක් පමණවත් අඛණ්ඩව ව්‍යායාම කළ යුතුය. එවිට දහඩිය දැමීම සහ නාඩි වැටෙන වේගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1 2/1 ගුණයකින් පමණ වැඩි විය යුතුය.

ආහාර –

ආහාර වේල් මඟ හැරීම හෝ ප්‍රමාද කිරීම නොකළ යුතුය. සෑම විටම කෘත්‍රීම ආහාර වලින් වැලකී ස්වාභාවික ආහාර ගත යුතුය.

ප්‍රධාන ආහාර වේල් තුනම එලවළු, පලා වර්ග, මාළු හෝ හාල්මැස්සන් වැඩිපුර සහ පිෂ්ඨමය ආහාර අඩුවෙන් මිශ්‍ර කර ගත යුතුය.

වැඩිපුර ආහාර ප්‍රමාණයක් ප්‍රධාන ආහාර වේලට ගැනීමට වඩා ආහාර නියමිත ප්‍රමාණයක් ගෙන අමතර ආහාර වේල් වලට සුදුසු ආහාර එකතු කරගැනීම වඩා සුදුසුය.
මධ්‍යසාර ආදියේ විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු නොවන නිසා මත්පැන් පානයෙන් වැලකී සිටීම ඉතා සුදුසුය.
දියවැඩියාව වැළදුණු අය විසින් නොගත යුතු ආහාර හා ගත යුතු ආහාර පාන මෙසේ දැක්වේ.

නොගත යුතු ආහාර –
පැණි රස වර්ග, යෝගට්, මුදවපු කිරි, සීනි, හකුරු, පැණි සිරප් වර්ග ඉන් සමහරකි.

ගතයුතු ආහාර-
තිත්ත රසැති ආහාර පාන වඩාත් ගුණාදායිකයි. නිවුඩු  තම්බපු බත්, රතු කැකැළු බත්, කුරහ්, මුං, ඇට, කව්පි, කඩල, සෝයා හා හාල් පිටි වලින් සකස් කල ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු ආදිය යෝග්‍යය.
විහරණ-
මධුමේහය වැලදුන විට ඉතා තද පටි සහිත සෙරෙප්පු, තද මේස්, තද යට ඇඳුම් ඇදීම සුදුසු නැත.

අසුනක හිඳගන්නා විට කකුලක් පිට කකුලක් නොදැමිය යුතුය, මන්ද තුවාල ඇති වුවහොත් සුව කිරීමට අපහසු වන බැවිනි.

සෑම අවස්ථාවකදීම රුධිරයේ සීනි මට්ටම නියමිත මට්ටමක පවත්වා ගැනීම මධුමේහය සුව කිරීමේ ලා ඉතා වැදගත් වේ. මධුමේහය වැඩි වීමෙන් වකුගඩු, ඇස්, ස්නායු, හෘදය, මොළය ආදියට සිදුවන තදබල හානි වලක්වා ගත හැකි එකම ක්‍රමය රුධියේ සීනි මට්ටම පාලනය කර ගැනීමයි. මෙය කළහැකි වන්නේ විධිමත් පාලනයකින් යුතුව ආහාර ගැනීම හා ව්‍යායාම කිරීම හා වෛද්‍ය ප්‍රතිකාර නිසිලෙස භාවිතා කිරීමයි. අතුරු උපද්‍රව වලින් වැලකී නිරෝගීමත් දිවියක් ගත කිරීමට මධුමේහ රෝගීන් දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය ඉතා සුදුසුය.

suger2