යහපත් සමාජයකට සදාචාරයේ වැදගත්කම

යහපත් සමාජයකට සදාචාරයේ වැදගත්කම

999පුංචි දිය බිංදු එකතුවෙලා මහ වැස්සක් නිර්මාණය කිරීමට පුළුවන් වනසේම ඔබ ඔබ එකතුවෙලා රටක් සාර්ථකත්වයට පත් කළ හැකියි. මෙහි ඵලය ඔබ මෙන්ම මුළු මහත් ප්‍රජාවම අත්විදියි. එහි අග්‍රඵලය මුළු මහත් ලෝකයාගේ අවධානයට පත්වන්නට පුළුවන්. අපි සමහර දේවල් වලින් පුංචි ළමයින්ටත් එහා ගිය නොදරුවන් සේ වැඩ කරනවා.

අපට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන ප්‍රවෘත්තිවලින් ඒ බව සෑම අතින්ම පෙනෙනවා. වැඩිහිටියෝ ලෙසින් කටයුතු නොකරන කතා නොකරන, උන්මත්තක පිරිස් අප සමාජයේ බහුලයි. මේ තත්ත්ව මෙසේ නිර්මානය වීමට මොනවාද හේතු වූ කරුණු කියා විමසිලිමත් වුවහොත් වටිනවා. ආහාර පාන වලින් අප කන බොන විෂ හේතුවෙන් පුළුවන් ජානමය වශයෙනුත් එහෙම විය හැකියි. කරන කියන පීඩාකාරී කටයුතු නිසා මානසික ආතති තලවලට යොමුවීම තුළිනුත් එසේ විය හැක. ඇසුරු කරන, පිරිස් තුළ දෝලනය වන ආකල්ප, කාමය ඇවිස්සෙන කතා සිද්ධි, ආකල්ප, සංකල්ප නොහොත් කාම සිතුවිලි ඇතිවී ක්ලේශ ධර්මතා වර්ධනය විය හැකියි. කෙලෙස් නැති සිත් පවා ක්ලේශයන් හටගැනීමට මුල පුරයි.
යමෙක් ආහාර දෙස බලන විදිය ගතහොත් අයකු ඉතා පෙරේත ගිජුව ආහාර බුදයි. තවත් අයකු එය ඉවසීමෙන් භුක්ති විඳියි. තවත් අයකු සුළු වශයෙන් අනුභවකොට සාමකාමීව සිටියි. තවත් අයකු කන්න කෙසේ වෙතත් කෑම ගැන කෙසේ වෙතත් එහි නුගුණ නොකාම කියයි. ප්‍රතික්‍ෂේප ද කරයි. තවකෙකු කා හමාර කොට තවද ඉල්ලයි, තවකෙකු කා අනෙකාට දෙස් ද නගයි. මේ ආකාරයෙන් විවිධ වෙයි. ආහාර දෙස බලන්නේ කොයි ආකාරයෙන්ද ලෝකය දෙසද ආපසු හැරී බලා වැරදි ආකල්ප, සංකල්ප එනම් සංඥාව වැරදි විය හැක. යම් අයකු ඔබට බැන්නා කියා තව අයකුට බැන්නේ නම් එසේ කරනුයේ වැරදි දෘෂ්ටියක් ඇතිකර ගැනීමෙනි. වෙන අයකු කියන කේලමක් නිසා නමුත් ඇය හෝ ඔහු කෙටවීමට සිතා කරන වැඩවලින් ඔබ වැරදි සංඥාවක් ගොඩනගා ගනී. ඔබ අර පුද්ගලයා දෙස බලන්නේ ද වැරදි අදහසිනි. ඔබට ඔහුව නයාට අඳුකොළ සේ වෙන්න පුළුවන්. ඔබට ලැබුණ වැරදි ආකල්පය නිසා ඔවුන් නුරුස්සන්නේ සැමවිටම එකී පුද්ගලයා විරුද්ධවාදියකු ලෙස පෙනී යන්න පුළුවන්. මෙය කාලාන්තරයක් ඔස්සේම ඇති වේ. වැරදි නොකරන අයකු දෙස වුවත් ඒ ආකාරයෙන් බලයි. ඔබ සැමවිට විරිත්තයි. ප්‍රතික්ෂේප කරයි. හරිහැටි අවබෝධ නොකර ඔබ වැරදි ආකල්පයක් ගොඩනඟා සිත මෙහෙයවපු නිසා මෙවැනි තත්ත්වයක් උදාවිය හැක. දූදරුවන් පිරිස් ඥාති පිරිස් ස්වාමි, භාර්යා, අසල්වැසි, හිතමිත්‍රාදීන් සමග වැරදි මුලයක් ලෙස වැරදි ආකල්පයක් දෝලනය කරවීම නිසා වැරදි මේ ආකාරයෙන් මෙසේ සිදුවිය හැක. ඔබ වෙනස් විය යුතුයි. නිවැරදි සංඥාව නිවැරදි ආකල්ප, සත්‍යවාදීව ගොඩනඟා ගත යුතුයි. ලෝකය වෙනස් කරන්නට පෙර අපි වෙනස් විය යුතුයි. පරිසෝතගාමී විය යුතුයි. ඔබ වෙනස් වුවහොත් ලෝකය වෙනස් කළ හැකි නොවේද? මා වෙනස් වුණොත් එය එසේම වෙයි.
අපේ දැනීම් මනසටයි දැනෙන්නේ හැඟෙන්නේ. ඇසින් රූප දකින්නේ. ලෝකය දෙස මනුෂ්‍ය හදවතින් බැලීමට නෙත් සඟලක්ම අප සතුව ඇත. ඇස නොමැතිනම් ලෝකය අපට දැකිය නොහැක. කන නැතිනම් ශබ්ද අපට නොඇසෙයි. රූප දැක්කත් ශබ්ද ඇසීමට කන අනිවාර්යයයි. සියලු පංචඉන්ද්‍රියන්ගෙන් පෙනීම, ඇසීම ආදී දේ ලැබිය හැකි වුවත් ප්‍රබලම ඉන්ද්‍රිය වන්නේ මනසයි. එක එක මනුෂ්‍යා මනස සකසාගත් ආකාරයට ඇසෙහි සුන්දර දේ රූපමය වශයෙන් ග්‍රහනයකොට ප්‍රබලකොට ගන්නේ මනස තුළිනි. මනෝමය ලෝකය තුළ ඇති සකල විධි දෙසම ලෝකයේ සියලු දේම මනා ලෙස මනසින් දැකිය හැක. අපි උත්සහ ගත යුත්තේ ඒ දෙයටයි. මවක් ලෙසින්, පියකු ලෙසින් සිතන්නේ, දරුවන් මට ඕන ආකාරයට සිටිය යුතු යන්නයි. නමුත් අපට ඇත්තේ මනුෂ්‍ය හදවතක් ලබනු අය ලෙසින් එසේ හැඟීම් නොකර වටහා ගත යුතුයි. අපි ලොකු ගැඹුරකින් ලෝකය දෙස බැලිය යුතුයි.
කරුණාව, දයාව, මෛත්‍රිය පෙරදැරිකොට ගෙන තම පවුල තුළින් දරුවන්ටත් එසේ ඇතිවන හැඟීම් තුළින් ඔවුන් ද යහපත් දරුවන් වන්නේය. වයස 18 වයසේ පසුවන තරුණ දරුවකු සිතන ආකාරයත්, වයස අසූවේ පසුවන වයෝවෘද්ධයකු සිතන පතන විදිය, හැඟුම් පරස්පර විය හැක. නමුත් යහපත් සිතුවිලි ඇති අයකු ලෙසින් ක්‍රියා කරනු අය වීමට මෙය වඩාත් යහපත් දරුවන් පරිනත අය ලෙසින් වැඩි කිරීමටත් ඔවුන්ට හොඳ මගක් පෙන්වීමට මවට පියාට පුළුවන. කුඩා කල වයසේ සිටම මාපියන්ගේ නිවැරැදි මඟපෙන්වීම ඔස්සේ දරුවන් වයසින් මුහුකුරා යමින් ඔවුන්ද වැඩිහිටියන් වන දවස උදාවෙත් මේ යහපත් දරුවන් තවත් යහපත් දරු පරපුරකට වැඩදායක දෙමාපියෝ නොවන්නේද? යහපත් දරු සම්පත් අපේ රටට මහඟු සම්පතක් නොවන්නේද? අද අදම මා අප, ඔබ මේ ආකාරයෙන් වෙනස්ව සිතා හොඳ ආකල්ප ඔස්සේ සැනසිල්ලේ අපට ජීවත් විය හැකියි. සැනසිල්ල, යථාර්ථවාදීව සිතන්න පුරුදු පුහුණු වුණාම අපිට නිකම්ම ලැබෙනවා. අපිට නිදහස්ව සිතන මනුෂ්‍යයකු වීමට එවිට පුළුවන් වෙනවා. එය සැබෑ වෙනසක් වෙයි මේ වෙනස දොරින් දොරටත්, ගමෙන් ගමටත් රට පුරාමත් වෙනස් රටක් කිරීමත්, එය සදාචාරයක ඇරඹුම වෙයි. කුරුල්ලා එක අත්තකින් තව අත්තකට ඉඟිලී යන ආකාරයෙන් මනුෂ්‍යයාට ද නිදහසක් එවිට ලබයි.
බෞද්ධයෝ වන අපට නිවන් මගට යාමට නම් වැරදි අවම කොට සියලු කෙලෙස් වලින් ඉවත් විය යුතුයි. ධර්මතාවයන් වර්ධනය කර ගැනීමටත් පුළුවන් වුවොත් ලෞකික වශයෙනුත් සාර්ථකත්වයට යා හැක. උතුම් ගුණාංග එකතුකර ගතහොත් නිවනටත් මං සැලසෙනු නොඅනුමානය. මෙයින් පළමුව ලෞකික දියුණුව ද, දෙවනුව නිවනට මඟද සැලසේ. ඕනෑම වෘත්තිකයකුට එක මග ඔස්සේ රටට සේවයක් සෙතක් යහපතක් ඉටුකළ හැක. කුමන තරාතිරමේ තත්ත්වයක කටයුතු කරන්නෙකුට තම පමනින් ජීවිතයට මෙන්ම හැම තලයකට ක්‍රමානුකූලව මෙකී තත්ත්වයෙන් හැකිසේ වැරදි අවම කරගත හැකිය. අකටයුතුකම් අවමවීම ඔබගේ අපගේ දියුණුවට මෙන්ම රටේත් දියුණුවට වැඩදායක වන්නාහ. කායධර්ම වර්ධනය තුළින් පවුල, රට, පුද්ගල වර්ධනය ද වේ. සිතුවිලි සාරධර්ම ද ඒ තුළින් වර්ධනය වේ. ධර්මතා වර්ධනය, මෙන්ම ධර්ම අවබෝධ කරන්නන්ටත් ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව ද ඇතිවීම නියතයි. ඇස, කන, ආදී ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා ඉඳුරන් පිනවීම අවම කැමැත්ත අප්‍රේක්‍ෂාගතව ජීවිතය ගත කිරීම ධර්මය නිවැරදිව වටහාගෙන හික්මීම ද ඇතිකර ගැනීමට පුළුවන.
රාහුල හාමුදුරුවන් අහසට වැල් අහුරක් විසිකොට මේ වැලි කැට ප්‍රමානයට අවවාද අනුසාසනා ප්‍රමාණයක් මට ලැබේවා යන චිත්ත සන්තානය තුළ ඉපදින්න පුළුවන් ගෞරවය ලැබෙන ප්‍රමානයටම චිත්ත සන්තානය ඉහළ ගොස් පවතින බව පෙනේ. සිත නැමී උසස් අයගේ අවවාද පිළිගැනීමට පුරුදු වීමත්, වැරදි හදා ගැනීමත් අපට යහපත් වේ. ලොකු පොඩි කාගේත් කවුරුහරි කෙනකු වැරදි පෙන්වා දෙන්නේනම් එය පිළිගත යුතුයි. තරාතිරම ආදිය නොබලා, වයස පවා නොබලා ජාතිය කුල ගෝත්‍ර නොසළකා අවවාද පිළිගත යුතුයි. අප සිතන සිතන දේ හරි කියා සිතිය යුතු නැත. දැනුම අඩු කෙනකුට දැනුම අනුවයි සිතන්නේ අඩු දැනුම සැමවිටම ගන්නා තීරණ අඩු මට්ටමකයි පවතින්නේ. එවැනි අය පහත් ස්භාවයට සෑම විටම පත්වෙන්නේ ඔවුන් වැරදි කරන, වැරදියට සිතන, අයකු වෙයි. ඒ නිසා සුවච කීකරු ගති ඇතිකරගත යුතුයි. අප සියල්ලෝම සුවච කීකරුකම වර්ධනය කර ගත යුතු ගුණාංගයක් ලෙස බුදු හිමියන් ද පෙන්වාදී ඇත.
තරහා ඉපදුනාම, ඊර්ෂ්‍යාව ඉපදුනාම පාපතරයන් ලෙසින් ක්‍රියාකරන අපේ සිත අවවාද පිළිගන්නේ නැති නොනැමෙන දණ්ඩක් ලෙස සිටිය යුතු නැත. තමන් පළමු තමන්ගේ චිත්ත සන්තානයෙන් තමාට කාවද්ද ගත යුතුයි. එමෙන්ම නිහතමානීකම ඇතිකර ගත හැකිවේ. ආඩම්බරකම එහි විරුද්ධ වචනයයි. අනුන්ට සාපේක්‍ෂව තමන් තමාටම වටිනාකමක් දීගෙන ඇත. ගෙදරදොර, ඇඳුම, රූපය, උගත්කම ආදී ලෙසින් පූර්වස්භාවයක් හදාගෙන ආඩම්බරකම මතුකරගෙන තිබෙනවා. ජීවත් වන්නේ පිම්බුන ස්භාවයෙන් අන් අය එය දකියි. මේ තත්ත්වය ඉවත්කර ගත්තාම නිහතමානීකම එකතු වේ. ඉතාම නිවැරදි ජීවිතයක් ගත කිරීමට නම් මෙද ඉතා අවශ්‍යයි.
නිපුනතාවයක් ආඩම්බරකමට හේතුවක් නොවිය යුතුයි. තව අයකුට තව දෙයක් නිපුනතාවක් තිබිය හැක. ඔවුන් ද එය පුම්බාගෙන සිටින්නේද? නැද්ද එය පිම්බීමට කාරණයක් නොවේ. එසේ සිතා සියල්ලෝම තමන් අගය කොට එකෙකුවත් අතිවිශේෂ නොවේ යැයි සිතිය යුතුයි. එකී නිහතමානීකම වටිනේය. ඇතුලාන්තය පිරිසිදු කර ගැනීමට මේ නිහතමානීකම වැදගත් වන්නේමය.
අප නිරතුරුවම අප්‍රමාදව වැඩ කළ යුතුයි. හිස් ජීවිතයක් ලෙසින් වැඩ කිරීම සුදුසු නැත. යසස කීර්තියට පත් වීමට නම් ප්‍රමාද නොවී වැඩ කළයි වඩ වඩාත් කීර්තිය පැතිරී යනවා නම් එය නොවැලැක්විය නොහැක. එමෙන්ම උත්සහය, වීර්යයද සිතට ගෙන ක්‍රියාකිරීම තුළින් තම තමාට තව තවත් යසස උදාකර ගැනීමට මහඟු වේ. අධ්‍යාපන හෝ වෙනයම් අංශවලින් ඉහළට ඒමට හැකිවන්නේ මේ උත්සාහය තුළිනි. සර්වප්‍රකාරයෙන්ම යහපත් කල්පනාවද තිබිය යුතුයි. ඉදිරි ගමනක් යා යුතුයි. සමාජයට යහපත් වැදගත් දේ කළ යුතුයි. තමන්ට හැකි පමනින් එය ප්‍රගුණ කළ යුතුයි. තමන් වෙනුවෙනුත් අනුන් වෙනුවෙනුත් යහපත් ජීවිත සකස් කිරීමට හේතුවේ. බොහෝ දෙනාගේ ජීවිත සාර්ථකත්වයට යෑමට නම් ධාර්මිකව ජීවත් විය යුතුයි. ලොකු කුඩා, තරුණ මහලු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙය වැදගත්. ගෞරවය ලබමින් කීර්තියට පත්වීමට මේ සියලු යහපත් ක්‍රියා අනුගමනය කොට සාර්ථක ජීවිතයක් ගොඩනඟා රටට ද එහි අග්‍රඵලයන් ලබා දෙන්න යහපත් වූ පුද්ගලයා සැමටම රටටම යහපතම ගෙන දෙන්නේය.

මනෝවිද්‍යා උපදේශිකා
    වෛද්‍ය සන්ධ්‍යා ජයසේකර