පලතුරු ගුණයි හැබැයි සමහර රෝගවලට අගුණයි

April Editionඑදිනෙදා අප ආහාරයට ගනු ලබන පලතුරු වර්ගවල පත්‍ය අපත්‍යතාවය පිළිබඳ නිවැරදි දැනීමක් ඇතිව ඒවා ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යසම්පන්න දිවියක් උරුම කරගත හැක. පලතුරු එදිනෙදා ආහාරයට ගනු ලබන එළවළු, මස්, මාළු, පලා වර්ග යනාදිය ගැන දැන සිටීමෙන් නිරෝගී දිවියකට උරුමකම් කීමට මඟ පෑදේ. අප ජීවත් වන ලෝකය, ජීවිතයට හිතකර සුන්දර ලෝකයක් වුවත් මිනිසුන්ගේම නොපනත්කම් මත එය අද දූෂිත වෙමින් පවතී. අතීතයේ මෙන් නොව අද කෘතිම පොහොරවලින් තොර ස්වභාවික පෝෂණයෙන් යුතු පලතුරක් සොයා ගැනීම කළු නික සොයනවා වැනි සේම දුෂ්කර වී ඇත. අප ගනු ලබන ආහාරවල ගුණාගුණ දැනගැනීම වැදගත් වනවා සේම ඒවා හැම විටම ස්වභාවිකව ලබාගන්නේ නම් එය ඉතා වැදගත් දෙයක් වන්නේය.

පැපොල්
ආහාර දිරවීමට පහසු කරයි. දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. මළ බුරුලින් යන අයට අපත්‍ය වේ.

අන්නාසි
බඩගින්න මද අයට සහ පණු රෝග ඇති අයට පත්‍යයි. ලේ දෝෂ ඇති අයට හා වාත රක්ත දෝෂ ඇති අයටත් මුත්‍රා රෝග ඇති අයටත් පත්‍යවේ.

බෙලි
මල බද්ධය ඇති රෝගීන්ට ඉඳුනු බෙලි ඉතා යෝග්‍ය වේ. මල බුරුලින් යන විට බෙලි ආහාරයට ගැනීම සුදුසු නොවේ, මල බුරුලින් යන අයට සහ ග්‍රහණි රෝගීන්ට අමු බෙලි ගැට පත්‍යවේ.

දිවුල්
ආහාර රුචිය අඩු අයට අජීර්ණාබාධ රෝගීන්ට හා ග්‍රහණි රෝගීන්ට මෙන්ම මීයන් සපාකෑ රෝගීන්ට ද පත්‍ය වේ. ආමාශයේ අම්ලිකතාවය වැඩි අයට අපත්‍ය වේ.
නෙල්ලි
මැදි වියේ මහලු වියේ මෙන්ම ළමා වියේ අයට ද සුදුසු පලතුරකි. ආමාශගත අම්ලිකතාවය අධික අයට සුදුසු නොවේ.

අඹ
කෙසග සිරුරු ඇති අයට අපත්‍ය වේ. තුවාල සමේ රෝග ඇති අයට අපත්‍යයි. දියවැඩියා
රෝගීන්ට අක්මාවේ පිලාවේ රෝග ඇති අයට ද පත්‍යයි. එසේම ආහාර අරුචිය ඇති අයට අජීර්ණාබාධ දිරවීමේ අපහසු ඇති අයට පත්‍යයි.

දෙළුම්
හෘද රෝගීන්ට මාන්දම් රෝගීන්ට සෙම් කෝප ඇති කුඩා ළමයින්ට මල බුරුලින් යන අයට පත්‍යයි. මල බද්ධ මෙන්ම අර්ශස් රෝගීන්ට අපත්‍යයි.

වෛද්‍යාචාරී ඩබ්. මිල්රඞ් සිල්වා
වෙද ඉසි දේශබන්දු වෛද්‍යරත්න
දැවීම් පිළිස්සුම්/කැඩුම් බිඳුම් විශේෂ මුළු දිවයිනටම සාම විනිසුරු
කීර්තිමත් ශ්‍රී හෙළ පණ්ඩිත වෙදමැදුර 136/1, කොළඹ පාර, ජා-ඇල