fb logo new

ගාල්ල රමීෂා

මකර ලග්නයෙන් උපන් ඔබේ දරුවා උත්පත්තියෙන්ම බලවත් පිහිටීම් තියෙනවා. ගුරු හංස යෝගයද, සනි 10 වැන්නේද, කේතුගේ බලවත්වීමද තියෙනවා. බුධ අතුරු දශාවද  බුධ 4 වැන්නේ රවිත් එක්ක ගමන් කරනවා. රවි පීඩාකාරී තත්ත්වයක් පෙන්නුම්
කරනවා.
පිය පාර්ශවයන්ගෙන් යම් යම් ගැටලූකාරි තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ දිනවල ගෙදර යම් කිසි කරදර කාරි තත්ත්වයක් පෙන්නුම් කරනවා.
ලග්නාධිපතියා උපතින්ම 10 වැන්නේ බලවත්ව උච්චව  පිහිටලා තියෙනවා. ළමයාට උපතින් කිසිදු ඒරාෂ්ඨක තත්ත්වයක් නොමැත.

භාග්‍යස්තාපතියා 8 වැන්නේ තැන්පත් වෙලා සිටීම සුබ තත්ත්වයක් වුවද රවී පීඩා කාරීව සිටිනවා.

දරුවාගේ උපතත් එක්ක දෙමාපියන් යම් කිසි කොටුවීමක් තුල දරුවාගේ වාසනාව
හිරවෙලා තියෙනවා. මේ වන විටත් දෙමාපියන්ගේ යම්කිසි අභාග්‍යය සම්පන්න
තත්ත්වයක් නිසා එය දරුවාගේ වාසනාවට බාධාවෙලා තියෙනවා.

දරුවාගේ අධ්‍යාපන තත්ත්වය සුබ දායකයි. දරුවා ආගම දහමට ලැදි තත්ත්වයක්
පවතිනවා. දරුවා බොහොම දක්‍ෂ වෙවි. දරුවා නිසි වයසේදි තමන් පාලනය කරගත හැකි කෙනෙක් වෙනවා. හිතේ උස් පහත් වන ගතියක් පෙන්නුම් කලද හැම දේම පාලනය කරගත හැකි කෙනෙක් වෙනවා. අනාගතයේදි තම දෙමාපියන්ට සලකන මදි තත්ත්වයක් පවතිනවා.

ඉදිරියට කේතු ගෙන් පසු සිකුරු ලබනවා, සිකුරු අවුරුදු 20 වනතුරු පවතිනවා.
සිකුරු 7 කටක ඉන්්නේ නමුත් ගුරු උච්ච නිසා කටකේ සතුරු බව ඉවත් වී ජීවිතය යහපත් වෙනවා.

සහෝදිරියකගේ ඵල ලැබීමක් පෙන්නුම් කරනවා.

ajithaකැස්බෑව ශාන්ති ජ්‍යොතිෂ්‍යය අධිපති ජ්‍යොතීර්වේදී
කේ.අජිත් ශාන්ත පෙරේරා
071 931 8239