අම්මලාට කිරි එරෙන දිව ඔසුව කෙකටිය

kakatiya සකු බසින් කශේරු නාමයෙන් හැඳින්වෙන කෙකටිය ජලාශ්‍රිතව වැවෙන ජලජ ශාකයකි. ගංගා ඇල ඉවුරු වගුරු බිම් ප්‍රධාන ජලාශ්‍රිත සංවේදී පරිසර පද්ධතීන් තුළ ව්‍යාප්තව පවතින මෙම ශාකය ජෛව විවිධත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා ස්වභාව ධර්මයා විසින් මෙලොවට දායාද කර දුන් සුවිශේෂ ශාකයකි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තෙත් බිම් ආශ්‍රිත පරිසර පද්ධතීන් තුළ දකින්නට ලැබෙන කෙකටිය (ජලජ ශාකය) අප රටේ කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවල දැනට දක්නට ලැබෙන අතර එහෙත් 2012 රතු දත්ත පොත වාර්තාවන්ට අනුව වඳවීමට ආසන්න එම අවදානමට ලක් වී ඇති ශාකයකි.
ජෛව විවිධත්වය ආරක්ෂා කරන කෙකටිය ශාකයේ මල් පිපෙන කාලය, පැල වල වර්ධනය පාරිසරික සහ දේශගුණික තත්ත්වයන් මත වෙනසක් සිදුවිය හැක.


මෙම ශාකය වඳවීමට ලක්වන අවස්ථා මෙලෙස හඳුනාගත හැක
1. දේශගුණික විපර්යාසවලට ලක්වීම
2. කර්මාන්තශාලා මගින් බැහැර කරන රසායනික ද්‍රව්‍ය, ඩයි වර්ග, තෙල් වර්ග නිසාවෙන්.
3. ගංගා ඇළ ඉවුරු අවට ජීවත් වන ජනතාව විසින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වීමෙන්.
4. අවිධිමත් රසායනික, පොහොර, වල් නාශක රසායනික බෙහෙත් භාවිතය නිසාවෙන් (වගා කටයුතු සිදු කිරීමේදී)
5. විසිතුරු මත්ස්‍ය පැළෑටියක් ලෙස නීති විරෝධීව රටින් පිටමං කිරීම.
6. ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේ දැල්වලට පැටලීමෙන් (කෙකටිය ශාකය විනාශ වේ)
7. (වඩදිය) ලවණ එකතුවීම නිසාවෙන් ගංගා ජලයට
කවි රස ගලා ආමුත් මගේ සිතට පරිසරයේ සුන්දර බව විනාශ කරන මිනිසුන්ට කියන්නට දෙයක් ඇත. අද දවසේ ජෛව විවිධත්වය සුරකිමු. ජලජ ශාක පද්ධතිය විනාශ නොකර සියලු සත්වයාගේ පැවැත්ම සඳහා පරිසරය රැක ගමු. එය මේ ජීවිතේ කරගන්නා කුසලයක්ම බව සිතන්න.
සැඟවිය නොහැකි පද අරුත මෙළෙස කියන්නට සිත් වූයේ කෙකටිය ශාකයේ සහ වන ඖෂධයන්ගේ වටිනාකම හුවාදැක්වීමටය.

දිය ගොමු මත පැද්දෙන කෙකටිය    මලේ
ගුණ නොදන්න අය ඇත ඔය පහල    වෙලේ
වස විස ගහයි ගඟ දියටත් ගැලුවා    මලේ
දුකක් නැද්ද වන ඖෂධ මැරෙයි    මලේ

දියවැඩියාව ඇතුළු ප්‍රමේහ රෝගයනට ද නේත්‍ර රෝග ග්‍රහණි, රක්ත අතීසාර, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, අම්ල පිත්ත
ලිංගික බෙලහීනතාව, ශුක්‍ර දෝෂ, දැවිලි ආදී රෝගයනට දේශීය වෙදකමේ මහත් බල දුන් දිව ඔසුව කෙකටිය ඖෂධ යෝග වශයෙන්ද ප්‍රයෝග ලෙසද, ප්‍රලේප සඳහාත් යොදාගත හැක.
කෙකටිය ශාකයේ උද්භිද විද්‍යා නාමය – ්චදබදටැඑදබ ජරසිචමි එයමබඉ
කුලය – ්චදබදටැඑදබ්ජ ්ැ
ඉංග්‍රීසි නාමය – උ්එැර ක්‍යැිඑබමඑ
සිංහල නාමය – කෙකටිය කෙකතිය
දෙමළ නාමය – ගුන්ද්‍රානිග ගඞ්ඩි
හින්දි නාමය – කශේරු
සංස්කෘත නාමයන් – කශෙරු, සර, ගුඞ්කන්ද වාත කුසුම් ශුකරේෂට
කෙකටි ශාකයේ ඇති රසායනික සංයෝග
අලවල 63% ක් පිෂ්ඨ ධාතු ද, නිර්යාස 7% ක් ද තන්තු (කෙඳි) 6% ක් ද, භස්ම 25% ක් සහ කාෂ්ඨංග 6% ක් ද වේ.
කෙකටිය ශාකයේ ඖෂධීය ගුණකර්ම
රසයෙන් – මධුරයි, කෂායයි
ගුණයෙන් – ගුරුයි රුක්ෂයි
වීර්යයෙන් – ශීතයි
විපාකයෙන් – මධුරයි
දෝෂ කර්ම අනුව – පිත්ත ශාමකයි, පිත්තස්නයි, කඵ (සෙම්) හා වාත වර්ධකයි
දේශීය වෙදකමේ රෝග රැසකට සුවය ගෙන දෙන කෙකටිය (ජලජ ශාකය) ඖෂධීය වශයෙන් යොදා ගත් අවස්ථා මෙලෙස දැක්විය හැක.
දියවැඩියාවට අත්දුටු කෂායක්
කෙකටිය අල, මාදං ඇට, උළුහාල්, රණවරා මුල්, කොතල, කෙමිය මුල් එක පමණ ගෙන පිරිසිදු කර කොටා කෂාය කර බීම
සියලුම ප්‍රමේහ, රෝග අම්ල පිත්ත රෝගය, ගුල්ම රෝග සහ අර්ශස් රෝගීන් සඳහා ප්‍රත්‍යක්‍ෂ යෝගයක්.
කෙකටිය අල, මඩු දළු, කළු දුරු හීං එනසාල්, අරළු, බුළු, නෙල්ලි, ශුද්ධ බදුල්ල ඇට තම්බා දිය පෙරා දැමූ, කිඩාරම් අල, සිනිදු වන සේ අඹරා සමභාගව ගෙන කිතුල් හකුරු දමා තලප පමණට හැඳි ගා බඳුනකට ගෙන හැන්දකින් වරින් වර සේවන කරමින් නිවාගත් උණු දිය බීමෙන් ඉහත කී රෝග ශ්‍රමනය වේ.
නේත්‍ර රෝගවලදී
කෙකටිය අල, වැල්මී සමඟ අඹරා ඇසට පුරවලියම් යොදයි (සැලකිය යුතුයි. වෛද්‍යවරයකු අනු දැනුම මත පමණ සිදු කිරීම)
ව්‍රණ, ගෝථ වලදී – අල අඹරා (එළඟි තෙලින්) ආලේප කිරීම
රක්තජ අභිෂ්‍යන්දයට – කෙකටිය වැල්මී චූර්ණය පිණි දියෙන් තෙපුල් දීම (නේත්‍ර රෝග) සඳහා
විසර්පයට කෙකටි අල, අමු කහ ගෙන ගිතෙලින් අඹරා ආලේප කිරීම (කහ භාවිත කිරීමේදී අවශ්‍ය පමණට ගත යුතුය.)
කිරි මවුවරුන් සඳහා කිරි එරීමට
කෙකටිය අල කෙකටිය මල් කැඳ සහ ආහාරයට පිළියෙළ කර දීමය.
ඖෂධ යෝග සංස්කරණය සඳහා
කෙකටිය යොදා ගන්නා අවස්ථා
අශ්වගන්ධ සෟතය සෑදීමේදී එහි චූර්ණයට ගන්නා ද්‍රව්‍ය අතර කෙකටිය අලද ඇත.
ශුක්‍ර වර්ධනය සඳහා ‘කාම සුන්දරවටි’ සෑදීමේදී කෙකටිය අල රත්නෙටුල් මුලේ පොතු කිරිබඳු අල බිම්තල් අල යන මේ සැම නැලිය බැගින් ගෙන චූර්ණ කර බරට බරක් ගිතෙල් යොදා මද ගින්නේ පැසුණු පසු උණ කපුරු, කොල්ලන් කොළ කරාබුනැටි තිප්පිලි නාමල් රේණු පලම බැගින් ද සීනි දෙගුණයක්ද කල්ක කර යොදා බෙහෙත පදමට උයා පලම බැගින් ගුලි කර වරකට ගුලිය බැගින් වළදා එළකිරි බීමට නිර්දේශිතය.
කිරි දෙන මවුවරුන් සඳහාත්, බෙලහීනතාවය, චර්ම රෝග යන ගුණ දෙන ශරීරයේ විෂ නැතිකරන අම්ල පිත්ත රෝග නසන සිසිල් බව රැක දෙන කෙකටිය අල මල් කැඳ වශයෙන් පිස ගන්නා අයුරු පහත දැක්වේ.
1. කෙකටිය අල මල්
2. අවශ්‍ය පමණට ගාගත් පොල්
3. කරපිංචා කොළ ඉති හතරක්
4. රතුළුෑණු බික් හතරක් පහක්
5. සුදු ළුෑණු අවශ්‍ය නම් පමණක් බික් දෙකක්
6. පාරම්පරික සහල් ග්‍රෑම් 150 (හීනටි සහල්) තමන් කැමති සහල් විශේෂයක් ගත හැක)
7. ලුණු අවශ්‍ය පරිදි ස්වල්පයක්
සාදන ක්‍රමය – පළමු කෙකටිය අල මල් කරපිංචා හොඳින් සෝදා ගන්න. ඉන් පසුව කෙකටිය අල මල්, කරපිංචා වංගෙඩියේ දමා හොඳින් කොටා ගන්න නැතහොත් බ්ලෙන්ඩරයේ දමා සිහින්ව අඹරා ගන්න. වතුර ස්වල්පයක් දමා කොටා ගත් කෙකටිය මල් අල පෙරා යුෂ ඉස්ම ගෙන පසෙකින් තබන්න. ඉන් පසු පොල් හොඳින් මිරිකා පෙරා පොල් කිරි ද පසෙකින් තබන්න. කෙකටිය අල මල් මිරිකූ රොඞ්ඩට පොල් මිශ්‍ර කර හොඳින් කොටා ගැනීමෙන් කෙකටිය මල් අල කොළ යුෂ ඇත්නම් ලබාගත හැක. ඉන්පසු හීනටි සහල් අවශ්‍ය පරිදි ගෙන සෝදා පමණට වතුර දමා ලිප තබන්න. එයට ලියාගත් රතු ළුෑණු, සුදු ළුෑණු එක්කර තැම්බෙන්නට හරින්න. සහල් හොඳින් තැම්බුණු පසුව පොඩිකර ගන්න. හැන්දෙන් ඉන් පසු පොල් කිරි ද එක්කොට කිරි පැසෙන්නට ලිප තබන්න. පොල් කිරිද හොඳට පැසුණු පසුව කෙකටිය අල මල් යුෂ එක්කර ගන්න. විනාඩි තුනක් පහක් අතර තබා ලිපෙන් බාගන්න. ඉන් පසු මඳක් නිවුන පසුව කිතුල් හකුරු සමඟ පානය කරන්න.
කෙකටිය මල්, දඬු, අල ව්‍යංජනයක් ලෙසත් මැල්ලුම්, පලාවක්, කැඳ වශයෙන් ආහාරයට ගත හැකි පෝෂණය අතින් අනූන දිව ඔසුවකි.
ඔසු ගුණ වරුණ – පවසන ඉසිවර අරණ
රැකදෙමු අරණ රැකගමු හෙළ වෙද වරුණ

ඉසිවර අරණ පාරම්පරික දේශීය වෛද්‍ය

අනුර කමල්සිරි පීරිස්
මොරවින්න, පානදුර
දු.ක. 0773549416.