ලෙඩ ගොඩකට අත වනන ගැස්ට්‍රයිටීස්

shutterstock_129279617ගැස්ට්‍රයිටීස් යනු මහත් කරදරකාරී රෝගයක් බව සත්‍යකි. එහි ඇති කරදරකාරී බවටත් වඩා එමගින් ඇතිකරන ජීර්ණ දුර්වලතාවයන් හේතුවෙන් පසුකාලීනව ඇතිවිය හැකි උපද්‍රවයන් පිළිබඳව අප දැනුවත් විය යුතුය.
ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල සලකා බැලූවිට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක් හිමිවේ. පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීන්ටත් වඩා වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි.
ඊට හේතුව ශරීරයේ අන් සියලුම පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පූර්ණ වගකීම දරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය වීමයි


ශරීරයේ කුඩාම තැනුම් ඒකක වන සෛලවලට පෝෂණය සැපයීමට නම්, අප ගන්නා ආහාර එම සෛලවලට උරාගත හැකි මට්ටමට සරල කොටස් බවට පත් විය යුතුය.
ජීර්ණ ක්‍රියාවලිය අතරමඟ නතර නොවී ගන්නා ලද ආහාරවල ඇති පෝෂක කොටස් සෛලවලට උරාගත හැකි අවසාන ඵල බවට පත්කරන්නේ ජීර්ණ පද්ධතියේ මූලිකත්වයෙනි.
එසේ වීමට නම් ආහාර ජීර්ණපද්ධතිය තුළ සිදුවන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුය.
නමුත් ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වය විවිධ ස්වරූපවලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත්වූ ස්වභාවික ක්‍රියාව අක්‍රමවත් වේ.
අනෙකුත් සියලු පද්ධතීන්ට අහිතකර වූ බලපෑම් ඇතිවන්නේ එතැන් පටන්ය.
ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඬේ දැවිල්ල බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්‍ෂණ ඇතිවිට පමණක් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතැයි ඇතමුන් සිතති. නමුත් මෙම ලක්‍ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතුවන විවිධ සංකූලතා හේතුවෙන් ගන්නා ආහාර හරිහැටි නොදිරවීම නිසා ඇතිවන තවත් උපද්‍රවයන් ඇත.
ඒවා නම් හිසේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල පිටකොන්දෙ කැක්කුම, ඇඟඵපත අමාරුව, අලස බව, අධික ලෙස කේන්තියාම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයෑම මළ, මුත්‍ර පිටවීමේදී ඇති අපහසුකම් සහ අක්‍රමිකතාවයන් ආදී ලක්‍ෂණයි.
මෙසේ මුල් අවධියේදීම එවැනි ලක්‍ෂණ පහලවීමෙන් පෙනී යන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවයන්ගේ බලපෑම අනෙකුත් සියලුම ඉන්ද්‍රියන්ට හෝ පද්ධතීන්ට ඇති බවයි.
මෙවැනි ජීර්ණ දුර්වලතාවයන් කල්යත්ම චිරකාලීන වූ උපද්‍රවයන් ඇති කරයි. ඊට හේතු වන්නේ මේ නිසා ඇතිවන පෝෂණ ඌනතාවයන්ම පමණක් නොවීම ද විශේෂත්වයකි.
ගැස්ට්‍රයිටීස් හෝ වෙනත් ආහාර ජීර්ණයේ දුර්වලතාවයන් ඇතිවිට ගන්නා ලද ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵලයන් තත්ත්වයට පත් නොවේ. එනම් ඒවා විෂක් ලෙස රුධිරයට එකතු වෙයි. ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ ‘ආම’ යනුවෙනි. එම ආම තත්ත්වය යනු සැබෑ ලෙස නොදිරවූ ආහාර රසයයි.
එයින් ශරීරයේ කිසිදු සෛලයකට නිසියාකාරව වැඩක් ගැනීමට නොහැකිය.
මේ අතරතුරම උෂ්ණාධික ශරීර ඇති අයගේ විධග්ධවූ පිතෙහි ඇති උෂ්ණ ගුණය ද මුසුවීමෙන් ඇතිවිය හැකි උපද්‍රවයන් තව තවත් වැඩි වේ.
මෙම ආම රසය රක්ත ධාරාව හරහා කුමන පද්ධතියකට ඉන්ද්‍රියකට පටකයකට හෝ සෛලයකට ගෙනගියද එම ස්ථානයන්හි ස්වභාවික ක්‍රියාවන් අක්‍රමවත් වෙයි. එය පිටතට පෙන්වන්නේ රෝගයක් හෝ රෝග ලක්‍ෂණයක් ලෙසයි. මුලදී හිසේ කැක්කුම් ඇඟපත රිදීමක් හෝ මළ පිටවීමේදී ඇතිවන අක්‍රමිකතාවයක් වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි.
නමුත් පසුව චිරකාලීණ රෝග ඇතිකරන්නේ ඉහත කී විෂ කොටස් මගින් තෝරාගත් පද්ධතියක් හෝ අවයවයක් මුලුමනින්ම ආක්‍රමණය කළ විටයි.
එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්‍රිත මුත්‍ර පද්ධති නම්, වකුගඩු ආබාධ මුත්‍රා රෝග ආදිය ඇතිවිය හැකිය. ශරීරයේ අධෝභාගය ආක්‍රමණය කළේ නම් අක්‍රමවත් මළ පිටවීම් මළ බද්ධය හෝ අර්ශස් වැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. ඒ අයුරින්ම අග්න්‍යාෂය ඇසුරු කළ විට දියවැඩියා ආශ්‍රිත ප්‍රමේහ රෝග තත්ත්වයන්ද, හෘදය ඇසුරු කළ විට විවිධ වූ හෘද රෝගද සම ඇසුරු කළ විට වාතරක්ත, පලු දැමීම් කැසීම් ආශ්‍රිත විවිධ වූ සමේ රෝග ද ආදී ලෙස ඒ ඒ පද්ධතීන්ට, ඉන්ද්‍රියන්ට ආවේනික වූ රෝග තත්ත්වයන් ඇති කරයි.
එසේ නම් මේ සියලු රෝග තත්ත්වයන් උපද්‍රවයන් ඇති කිරීමට මූලික වන්නේ ගැස්ට්‍රයිටීස් හෝ ආහාර ජීර්ණයේ විවිධ අක්‍රමිකතාවයන් බැවින් එම තත්ත්වය අප විසින් වහ වහා සුවකර ගත යුතුය.
දැන් පැනනැගෙන ප්‍රශ්නය නම් මෙම රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කළ හැකි ද යන්නයි. ඊට පැහැදිලිම පිළිතුර නම් මෙම බෝ නොවන රෝගයන් නිට්ටාවටම සුව කළ හැකි බවයි. එවිට එම රෝග නිට්ටාවටම සුව කරන්නේ කෙසේ දැයි ඔබ අසනු ඇත. රෝග නිට්ටාවටම සුව කිරීම සඳහාම නිර්මාණය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරදිව භාවිතා කිරීමෙන් මෙම රෝග නිට්ටාවටම සුව කළ හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන කියූවිට ඊට යොමුවීමට බොහෝ අය මැලි වන්නේ ඖෂධ සෙවීම්, තැම්බීම් ආදී සකස් කිරීම්වල ඇති අපහසුතාවයන් නිසාය.
නමුත් අපගේ පහසු ඖෂධ භාවිතා ක්‍රමය දැන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. එනම් රෝගියකුට කෂාය වර්ගයක් දිය යුතුවිට ඒවා පෙති ලෙස හෝ තම්බා පිළියෙළ කරන ලද බෝතල් ලෙස ඔහු අතට පත් කිරීමයි. ගුලි වර්ග, චූර්ණ වර්ග හෝ කල්ක වර්ග නිපදවා ඇත්තේද කාර්යබහුල රැකියාවන් කරන අතර තුර පවා පහසුවෙන් ගත හැකි වන ආකාරයටය. විවිධ රැකියාවල් සහ සේවා මුරයන්ට ගැලපෙන අයුරින් රෝගීන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ටම ආවේනික වන පරිදි ඖෂධ භාවිතා කිරීමද ඔබට තවත් පහසුවක් වනු නියතය.

 

ආයුර්වේද වෛද්‍ය –
රන්පත රුවන් රත්නායක
රන්පත වෙද මැදුරල නොඃ 663ල නුවර පාර පෑලියගොඩ
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල
0114 344 599රැ 0767 274 674රැ 071 300 9088රැ 071 300 7000