බටහිර වෛද්‍යවරු මවිත කරමින් කුස්වල හිමියන්ගේ ප්‍රතිකාරවලින්

අංශභාග රෝගී සිරිසේන දැන් සුවයෙන්

IMG_0414අනවරත ජීවිත අරගලය තුල ජීවත් වෙමින් තම ජීවිතයට හෙට දවසේ කුමක් වේවිදෝ දැයි කිසිදු විශ්වාසයක් නොමැතිව දහසක් බලාපොරොත්තු සහ ආශාවන් පමණක් පොදි බැදගෙන නිමක් නොවනා මේ සංසාර මාවතේ ගමන් කරන්න සිදුවීම මේ ලොව උපදින සියලුව මානව වර්ගයට උරුම දෙයකි.
වර්තමාන සමාජය තුල පංච ශීල ප්‍රතිපත්ති මත ජීවත් වන මිනිසුන් ඉතාම අල්පය, අද සමාජය ඒතරමටම නපුරු වී ඇත. එලෙස ආගම දහමට ලැදිව ජීවත් වන මිනිසුන්ට ද සංසාරගත කර්ම විපාකයන්ට මුහුණ දීම ලෝක ධර්මතාවයි.
මේ අරගලය තුල ජීවිතය ජීවත් කරවීමට සමාජයේ බොහෝ පිරිස් වෙහෙස මහන්සි වි විවිද ක්‍ෂේත්‍රයන් මගින් තම ජීවනෝපාය මාර්ගය සකසා ගනියි.  එහිදි ලාභ-අලාභ, දුක-සැප, නින්ද-ප්‍රශංසා යස-අයස ආදි අටලෝ දහමයන්ට යටත් වීමටද සිදුවීම වළක්වාගත නොහැකි කර්මයකි. අතීත සමාජය තුල බුද්ධියට තැන දුන්නද වර්තමාන සමාජය තුල ප්‍රමුඛ ස්ථානය වනුයේ මුදල්ය. අද පුද්ගලයාගේ සමාජ මට්ටම් දර්ශකය මනින මිනුම් දණ්ඩ වී ඇත්තේ මුදල්ය. එහිදි ඇති නැති වශයෙන් පන්ති දෙකක් සමාජය ගතවේ. නමුත් මේ ඇති නැති නැති බැරි සියලු දෙනාම අපේක්‍ෂා කරන පොදු දෙයක් අප සමාජය තුල ඇත. ඒ නිරෝගී කමයි. සියලු සත්ත්වයා උපන්දා සිට මරණය දක්වාම විවිධ අවස්ථාවන් හීදි කුමන හෝ රෝගා බාධයන්ට ලක්වේ. ඔවුන්ගේ පෙර සංසාරවල කරන ලද කර්ම විපාක අනුව එම රෝගී නීරෝගී තත්ත්වයන් ඇතිවේ. කෙසේ වුවත් රෝගී වීම යනු එතරම් සුබවාදි නොවන බව අප මු`ථ සමාජයම දන්නා කරුණකි. නමුත් මෙම සිය`ථ රෝග සුව කිරීමට ප්‍රතිකාර ක්‍රම මානවයාගේ ආරම්භයේ පටන්ම සොබදහම තුළින් සොයා ගන්න ලැබීම විශ්මය දනවන කරුණකි, මෙහිදි ලෝකයේ විසිර සිටින සියලු මානවයින් ඔවුන්ට ආවේණික ක්‍රම උපායන් භාවිත කරමින් ඔවුන්ට උචිත ප්‍රතිකාර ක්‍රම ලොවට දායාද කර ඇත. මේ අතරින් සිංහ වෙදකම කියන්නේ අන්න එවැනි බොහොම වටිනා වෙදකමකි. අපිට උරුම මෙම වෙදමක බොහොම ඉතිහාසයක් ඇති අතර එය රාවණ රජුගේ පියා දක්වා දිවෙන බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

මෙයට අමතරම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට හිමි වන්නේ සුවිශේෂි තැනකි. මෙම ආයුර්වේද ක්‍රමය සහ සිංහල වෙදකම එකට එකතු කරන ප්‍රතිකාර ක්‍රම පවතින අතර, එම ප්‍රතිකාර තුළින් ඕනෑම රෝගයක් නිට්ටාවට සුවකිරීමේ හැකියාව පවතින බැවින් වර්තමාන සමාජය මෙම ප්‍රතිකාර වලට වැඩි වශයෙන් පෙළඹි ඇත.
මෙලෙස ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තුළින් විශ්මිත ලෙස ඕනෑම රෝගී තත්ත්වයක සිටින රෝගීන්ව සුවකර සැවොම මවිත කරමින් නීරෝගී පුද්ගලයන් ලෙස සමාජ ගත කරන මෙරට මෙන්ම විදෙස් රටවල පවා නම ප්‍රචලිත බුද්ධ පුත්‍රයෙක් අප සමාජයේ විරාජ මානව සිටිති. එ වෙන කවුරුවත් නොව විශ්මිත වෙද පරපුරකින් පැවතෙන මහ ඇලගමුවේ ලංකානන්ද හිමියා්ය. කුස්වල වෙද හිමි ලෙස උන්වහන්සේ ප්‍රසිද්ධියට පත්වී ඇති අතර, උන්වහන්සේගේ විශ්මිත ප්‍රතිකාර වලින් සුව වූ දහස් ගණන් රෝගීන් දිවයිනේ සතර දෙසම ඇත. ඒතරම්ම රෝගීන් පිරිසකට  උන්වහන්සේගේ දෛනිකව ප්‍රතිකාර කරනු ලබයි.

මෙවර දිවයින පුවත්පතින් අපි හෙළිදරව් කරන්නේ ජීවිතයේ කිසිම දිනක මස් මංශ හෝ මත් පැන් නොගෙන ඉතා දැහැමි දිවි පෙවතත් ගතකරමින් රටට බරක් නොවි ආගමට දහමට මුල් තැන දෙමින් තම ජීවිතයේ සැදැ සමය ගතකිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් පෙර ආත්මයන් වල කරන ලද කර්ම විපාකය අනුව මේ ආත්ම භවයේදී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී බුද්ධ පුත්‍රයෙකු මගින් නැවත ජීවය ගත් අහින්සක මිනිසෙකු ගැනය.
ඔහු ඇහැළියගොඩ සිට කිලෝමීටර් 8ක් දුරින් කිරිබෝරුව නම් සුන්දර ගම්මානයේ ජීවත් වන වයස අවුරුදු 60ක් පමණ වයස ඇති කේ.ඒ. සිරිසේන මහතා  වන අතර මේ අපි ඔහු සමග කළ පුංචි සාකච්ඡාවකි.
මම රැකියාව වශයෙන් කළේ රජයේ රැකියාවක්, විශ්‍රාම ගිය පසු ආගම දහමට මුල් තැන දෙමින් තමයි ජීවත් වූනේ, මට මතක විදිහට 2011 වර්ෂයේ නොවැම්බර් 18 වන දින සුපුරුදු පරිදි නිවසෙහි වැඩ කටයුතු කරමින් සිටිය. එහෙම ඉන්න කොට මාව බිම ඇද වැටුණා. මට මුකුත්ම කර ගන්න බැරි වුනා. අඩුම තරමින් කතාකර ගන්නවත් බැරි වුනා. පස්සේ ගෙදර අය මාව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කලා.
වෛද්‍යවරු පැය 4ක් හෝ 5ක් මට මූලික ප්‍රතිකාර දිල    තිබුණා. එත් මගේ රෝගී තත්ත්වයේ බරපතළ කම දැනගත් වෙද්‍යවරු කඩිනමින් මාව අයිසීයු එකට ඇතුලත් කරලා. අයිසීයු එකෙත් පැය 4කට වඩා ප්‍රතිකාර ලබාගත් මාව අවිස්සාවේල්ල මහ රෝහලනේ වහාම කොළඹ ජාතික රෝහලට මාරුකර එව්වා.
කොළඹ ජාතික රෝහෙලේ හෘද ඒකකයේ සති තුනක් නේවාසික ප්‍රතිකාර ගත්තා. එහෙම ප්‍රතිකාර ගන්න විට මගේ රෝගී තත්ත්වයේ යම් සුව වීමක් දැක්ව වෛද්‍යවරු මගේ ටිකට් කපලා ගෙදර යන්න කීවා. එහෙම කීව වෛද්‍යවරු සෑම සතියකට වරක් මට රෝහලේ ක්‍කසබසජ එකට එන්න කීවා.
අනේ මගේ අවාසනවා කියන්නේ ටිකට් කපලා ගෙදර අවා විතරයි නැවතත් පෙර පරිදිම හෘද රෝගී තත්ත්වය උත්සන්න වුනා. අයේ මාව අවිස්සාවේල්ල මහ රෝහලට ඇතළත් කලා. නමුත් ඒ අවස්ථාවේ රෝහලේ තිබුණු තත්ත්වය මත වෛද්‍යවරුන්ට ක්‍ෂණික ප්‍රතිකාර කරන්න බැරිවුනා. ඊටපස්සේ ගෙදර අය පෞද්ගලික රෝහලක ගිලන් රථ සේවයට කතාකර     ක්‍ෂණිකවම මාව එම පෞද්ගලික රෝහලට ඇතුළත් කලා.
එහිදි ලංකාවේ ඉහලම විශේෂඥ වෛද්‍යවරු මගින් මම ප්‍රතිකාර ගත්තා. පරීක්‍ෂණ ගණනාවක් කලා. සති දෙකක නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන හොඳ සුවවීමක් තිබුණු හෙයින් අපි ටිකට් කපාගෙන ආවා. ඊට පස්සේ මාස 5කට සැරයක් අපි එම පෞද්ගලික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා ප්‍රතිකාර ගත්තා. එහෙම ප්‍රතිකාර ගනිමින් සිටින විට මට අංශභාගය හැදුණා. මොන කර්ම විපාකයක්ද මට මේ ආත්මයේදී පළිසන් දෙන්නේ කියලා හිත හිත මා මානසිකව වැටුනා. මට කිසිම වැඩක් පළක් කර ගන්න බැරිවුනා. මගේ බිරිඳට, දරුවන්ට මන් වෙනුවෙන් සැහෙන කැපකිරීම් කරන්න සිද්ධ වුනා.
දැන් මට රෝගී තත්තවයන් දෙකකට බෙහෙත් ගන්න සිදුවුනා. අංශභාගේ රෝගයට මාළඹේ ගැටහැත්තෑවේ සිංහල වෙද මහත්තයකුගෙන් බෙහෙත් ගත්තා. එහෙම මාස 6 විතර ප්‍රතිකාර ගන්න කොට වෙද මහත්තයා කීවා දැන් ව්‍යයාම් කරන්න එතකොට සනීප වෙවි කියලා. එහෙත් අංශභාගේ රෝගය සුව වූවේ නෑ. පසුව අපිට දැන ගන්න් ලැබුණා පොළොන්නරුවේ වෙද මහත්තයෙක් ගැන පස්සේ අපි එහෙත් ගිහින් ප්‍රතිකාර ගත්තා නමුත් රෝගයේ සුව වීමක දැණුනේ නැහැ.
අපි මාස 5කට සැරයක් පෞද්ගලික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා ප්‍රතිකාර ගන්න ගිය අවස්ථාවක එම වෛද්‍යවරය කීවා මේ ඇති වෙච්ච රෝගී තත්ත්වයන් සහ පරීක්‍ෂණ වාර්තා අනුව තවත් වෙනම පරීක්‍ෂණයක් කරන්න වෙනවා කියලා ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත අපිව යොමුකලා. එම වෛද්‍යවරයා මගේ පරීක්‍ෂණ වාර්තාවක් අරන් කීවා සාමාන්‍ය මිනිසුකුගේ හිසෙහි පවතින වතුර ප්‍රමාණයට වඩා ලීටරයක පමණ ප්‍රමාණයකින් මගේ හිසේ පවතින වතුර ප්‍රමාණය වැඩි වී ඇති බව. ඊට පස්සේ අපි එම වෛද්‍යවරයාගේන ප්‍රතිකාර ගත්තා. එහෙම ප්‍රතිකාර ගනිමින් සිටින විට හදිසියේම එම වෛද්‍යවරයා රාජකාරි වැඩකට පිටරට යන්න වෙනවා කීවා, අයේ මස පහ හයකින් එන බවා කීවා. එමනිසා වෙන වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්න කියා අපිව යොමුකලා.
ඔන්න ඔය අතර තුර ගාල්ලේ ඉන්න මගේ පුතාගේ යහ`ථවෙකුගේ තත්තාකෙනෙක් කුස්වල හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර අරගෙන සුවවෙලා එයලා තමයි අපිටත් කුස්වල හාමුදුරුවෝ ළඟට ගිහින් ප්‍රතිකාර ගන්න කිවේ. ඒ අනුව තමයි අපි මේ දෙවියන් සොයාගෙන ආවේ.

අපි කුස්වල හාමුදුරුවෝ බැහැ දැකිමෙන් අනතුරුව,  රජයේ සහ පෞද්ගලික රෝහල් මගින් කළ සියලුම පරීක්‍ෂණ වර්තා එකිනෙක අපි උන්වහන්සේට පෙන්වූවා. බොහොම පරිස්සමින් සියුම් විදිහට ඒ හැම පරීක්‍ෂණ වාර්තාවක්ම පරීක්‍ෂා කළ උන්වහන්සේ රෝගී තත්ත්වය සුවකල හැකි බව කීවා. මට ලොකු හුස්මක් ගියා. අවුරුදු ගණනක් මා ඔත්පල වී
කොච්චර දුක්වින්දද. මට ඒ අවස්ථාවේ ඇති වෙච්ච සතුට කියලා නිම කරන්න බෑ. මට මාසෙකට බෙහෙත් දුන්නා, ඒ අතරට දිනපතාම ශරීරය තවත්න කියලා වෙනම බෙහෙත් දුන්නා. මේ හැම ප්‍රතිකාරයක්ම අකුරට කරන්න කීවා නැත්නම් එහි ප්‍රතිඵල ගන්න බැරිවේවි කීවා. අපි උන්වහන්සේ කියන සෑම දෙයක්ම ඒ ආකරයට බොහොම පරිස්සමින් අකුරටම කලා. මේ ආකාරයට මාස තුනක් විතර අපි උන්වහන්සේගෙන් බෙහෙත් ගත්තා. විශ්වාස කරන්න… ඔත්පලව අවුරුදු ගණනක් සිටි මට මාස දෙක තුනක් යන විට ලොකු වෙනසක් දැනුණා. මේ ගෙදරට වාහනයක් එන්න බෑ. මීටර 100ක් විතර පයින් තමා එන්න ඕනා. ඉතින් ඔත්පලව සිටි මාව එහේ මෙහෙ බෙහෙත් ගන්න අරන් යනකොට ගෙදර අය ගොඩක් දුක් වින්දා.
මම තාම කුස්වල හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගන්නවා. මට ඇදෙන් නැගිටලා පොළවේ පය ගහලා ඉන්න පු`ථවන්, මගේ වැඩ සියල්ල මම තිනයම කරනවා විතරක් නොව හැමදාම උදේට මිදුල පවා අතුගානවා. ඉතින් මේ මට්ටමට මාව සුවකලේ අපේ කුස්වල හාමුදුරුවන්ගේ දේව අත්ගුණයෙන් දෙන බෙහෙත් නිසයි.
මේ බෙහෙත් කොච්චර ගුණදායක වුනාද කියනවානම්, මේ මෑතකදි අපි ගියා කලින් බෙහෙත් ගත්ත පෞද්ගලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාව මුණ ගැසීම සඳහා ඔහු පුදුම වුනා. වෙනදාට හතර පස් දෙනෙක්ගෙ උදව් ඇතිව රෝද පුටුවේ එන මම අද කොහොමද පයින් ඇවිදගෙන එන්නේ කියා. අපි වෛද්‍යවරයාට ඇත්තම කීවා ඔහු ගොඩක් සතුටු වුනා. එම වෛද්‍යවරයා පවා පෞද්ගලිකවම කුස්වල හාමුදුරුවන්ව හඳුණන බවත් එම හාදුරුවන්ගේ බෙහෙත් ඉතාම ඉහළ ගුණ දායක බවත් අපිට කීවා. දිටමට ස්වාමින්වහන්සේගෙන් බෙහෙත් ගන්න කියලත් කීවා.
අපි දැන් අවුරුද්දක් තිස්සේ කුස්වල හාමුදුරුවන්ගෙන් බෙහෙත් බොනවා. මට මුත්‍ර පිටකිරීමට බටයක් දලා තියෙනවා එකත් තව මාස දෙකකින් පමණ අයින් කරන්න පු`ථවන් කියලා හාමදුරුවෝ කීවා. ඇත්තටම මම දැන් ජීවත් වෙන්නේ කුස්වල හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්නයි.
තව කියනවානම් අපි බෙහෙත් ගන්න යනකොට මන් වාගේ තවත් රෝගීන්ව අපි මේ දෙවියන් ළඟට අරන් යනවා. මම වින්ද දුක මට මතක් වෙනකොට ඇයි තවත් එවැනි රෝගීන් දුක් විඳින්නේ කියලා හිතල තමයි මම ඔවුන්ව අරන් යන්නේ. එක මට ලොකු පිනක්.
ඉතින් තවත් මෙවැනි රෝගින් ඉන්නවානම් නොපමාව
උන්වහන්සේ ළඟට ගොස් ප්‍රතිකාර ගන්න කියලා මා ඉ්ලලා සිටිනවා.

කේ.ඒ. සිරිසේන ඇහැළියගොඩ- 036 578 8110