ව්‍යාපාර දියුණු කරන ගුප්ත රහස්

ඔබේ ව්‍යාපාර කළමනාකරණය ගැන ඉහළ අධ්‍යාපනයක් ලබාගෙන ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක් විය හැකිය. නැති නම් සාමාන්‍ය දැනුමක් ඇතුව හෝ නැතුව ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් විය හැකිය. නමුත් කුමන තරාතිරමේ සිටියත් ඔබට ව්‍යාපාරය දක්ෂ අන්දමින් ජයගෙන දියුණුව කරා ගෙන යන ව්‍යාපාරිකයෙක් වන්නට පුළුවන.


හැම කෙනෙක්ම ව්‍යාපාරයක් පටන් ගත් පමණින්ම එය දියුණුව කරා ගමන් නොකරයි. සමහර විට එම ව්‍යාපාරය මාස කිහිපයකින් වැසෙන අවස්ථාත් අවුරුදු දෙක තුනක ගිහින් කරගන්නම බැරිම තැන අතහරින අවස්ථාත් බංකොලොත් වී පසුව රටට විශාල ණයකරුවකු වී නඩු හබද පටලවාගෙන වසර ගණනාවකට ඒ ණය බරින්ම මිරිකී ජිවිතය පවා නැති කරගත් අවස්ථා අප දැක ඇත. නමුත් මළ පොතේ අකුරක් බැරි මිනිසුන් ව්‍යාපාර පටන්ගෙන දියුණුවේ. හිණි පෙත්තටම දියුණුව කරා ගෙන ගිය අයත් සිටී.  ඒ ඔවුන්ගේ උපන් වාසනාව විය හැක. ඉදිරි කාලයේ දී නූගත් අයට ව්‍යාපාර කරගෙන යෑම අපහසු වන්නේ බොහෝ ව්‍යාපාරවලට පරිගණක තාක්ෂණය එකතු වීම නිසාය. නමුත් පැරණි කියමනක් තිබුණා “දැන වෙළඳාම නොදැන ගොවිතැන”  කියා අද ගොවිතැන කරන්නත් හොඳ දැනීමක් තිබිය යුතුයි.
සමහර ව්‍යාපාර පරම්පරා ගණනාවක් පවත්වාගෙන කරගෙන යනවා. ඒවා වට්ටන්න හැකියාවක් කාටවත් නැහැ. ඒවාට යම් අදෘශ්‍යමාන බලවේගයක් එම ව්‍යාපාරය අරම්භ කළ කෙනා සතුව තිබුණා. ඒත් සමහර ව්‍යාපාර වල අයිතිකරුවා මියයනවාත් සමගම ව්‍යාපාරය අඩපණ වෙනවා. මේවා සිදුවන්නේ ඒ ඒ පුද්ගලයාගේ වාසනාව හා අවාසනාව මතය. මෙම දක්ෂ ව්‍යාපාරිකයන් පසුපස සොඳුරු සෙවනැලි මෙන්ම අඳුරු සෙවනැලිත් වැටී තිබෙන අවස්ථා තිබෙනවා. හැම දියුණු වන ව්‍යාපාරිකයෙක් පසුපසම හතුරෙක් සිටිනවා. සාරාසංඛෙයිය අසං කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදුවීමෙනුත් පසුව බුදුරජාණන් වහන්සේටත් සතුරන් සිටියා. නමුත් තමන්ගේ සතුරා තමන් හඳුනාගෙන දැඩි අවධානයෙන් සිටිය යුතුයි. ඔහු සතුරුකම් කරන්න යොදා ගන්න පිළිවෙළ ඔබ සොයා ගත්තා නම් එය වළක්වා ගැනීමට ඔබට හැකියාවක් ඇති වෙනවා. නමුත් සමහර සතුරන් අවශ්‍ය පුද්ගලයා මිය යන තෙක්ම සතුරුකම් කරනවා. ඒ හේතුව නිසාම අප සතර පැත්තෙන්ම ආරක්ෂා විය යුතුයි.
ව්‍යාපාරයක් පටන්ගෙන දියුණුව කරා යන අයෙක් ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ සිතා බලා කටයුතු කිරීමට වග බලා ගත යුතුය. පළමුව ව්‍යාපාරය පටන් ගන්නා කාලය ඔබට හොඳ කාලයක්ද කියා කේන්ද්‍ර සටහන දක්ෂ ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයෙක් ලවා බලවා ගත යුතුයි. එසේ නැතිව නරක ග්‍රහ චාරයක් පවතින අවස්ථාවකදී ඔබ ව්‍යාපාරය පටන් ගැනීම නිසා එය බිඳ වැටීමට වැඩි කල් නොයයි.

ඒ නිසා පළමුව බලන්නේ ග්‍රහ චාරය සුදුසු ම මහ දහාව ඊට සුදුසු අතුරු දශාව, ඔබට ගැලපෙන දිනය, දවස, වේලාව ආදිය පරීක්ෂා කරගෙන බලා ඊට අමතරව බැලිය යුතු තවත් දේ නම් ව්‍යාපාරය පටන් ගන්නා ගම, නගරය, ස්ථානය, එම ගොඩනැගිල්ලේ පිහිටීම, තමා ආරම්භ කරන ව්‍යාපාරයේ ස්වභාවය, එම ව්‍යාපාරයට තබන නම, එම ව්‍යාපාරයට යොදන නාම පුවරුව, පුවරුවේ දිග පළල, එම පුවරුවට යොදන වර්ණක ආදිය ගැන ද ඔබ මුදල් දමන ලාච්චුවේ දිග, පළල, උස ඒ වගේ ම තබන දිශාව ද සුදුසු දිශාවක් විය යුතුය. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගත් කාලය ඔබට විපත් කරන සතුරු ග්‍රහයකුගේ මහ දිශාවක කාලයක් නම් එය සාර්ථක නොවනු ඇත. ව්‍යාපාරය පටන් ගන්නා තැන ඉතාම සුබ විය යුතු ය. ව්‍යාපාරය පටන් ගන්නා නගරය සුබ වර්ගයට අයත් විය යුතු ය. එම ව්‍යාපාරයට යොදන නම දකින්නා වශීකෘත වෙන නමක් විය යුතු ය. එහි බඩු තැන්පත් කරන රාක්ක වෙතොත් ඒවා දිග, පළලින් සමන්විත විය යුතුයි. මේ ආකාරයෙන් එම වෙළෙඳ සැලට යොදා ගන්නා සියලුම වෙළෙඳ බඩු මෙන්ම ඉදිරිපස දොරටුව, පසුපස දොරටුව ආදී සියල්ලක්ම වාගේ වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. ඒ වගේම එම ව්‍යාපාර භුමියේ දෝෂ, භුත දෝෂ හෝ සූනියම්, වතුපාළු කඩපාළු ආදිය තිබුණොත් පළමුව ඒවා ඉවත් කරවා ගත යුතුයි. නමුත් කොතරම් සාර්ථක ව්‍යාපාරයක් වුවත්, සතුරාට විනාශ කළ හැකිය. යමක් දියුණු කර ගැනීම අසීරුයි. විනාශ කිරීම ලේසියි. ඔබේ ව්‍යාපාරය ඔබම විනාශ කර ගන්නා අවස්ථා ද තිබෙනවා. උනන්දුව අඩුකම, හරියාකාරව පාරිභෝගිකයන්ට නොසැලකීම, අවශ්‍ය වේලාවට බඩු සපයා නොතිබීම ආදියත් රෝගාතුර වීමත් ව්‍යාපාරයට පාඩුව බලපාන තත්වයන් ඇති වෙනවා.
නමුත්, ඔබ නොදකින පැත්තක් තිබෙනවා. එය පෙන්වා දීම අපේ යුතුකම නිසා මෙසේ අපි ප්‍රශ්න කරනවා. අනවින, හදි හූනියම්, කඩපාළු, භුමිපාළු භුතයන් ව්‍යාපාරයට බැඳ දැමීම නිසා ඔබ කුමන තත්ත්වයක සිටියත් ව්‍යාපාරයට ගුප්ත ආරක්ෂාවක් නොකලා නම් එය සතුරාට වාසියට සිටින අවස්ථාවක් වේ.  ඒ වගේම ඔබ සර්වජන වශී යන්ත්‍ර හෝ තෙල් බෙහෙත් වැනි දේවල් ඔබට ආරක්ෂා වන දියුණු වන දේවල් යොදා ගෙන සිටියා නම් හොඳයි. ඔබ වැටුණා කියන්නේ ව්‍යාපාරය ඉබේම වැටෙනවා. බොහෝ තරුණ ව්‍යාපාරිකයන් මේ තත්ත්වය විශ්වාස නොකරයි. නමුත් අපි එවැනි අවස්ථා අත්දැක ඇත. බොහෝ සතුරන් මේ වැඬේට සොයා ගන්නේ එලොව මෙලොව ගැන දන්නේ නැති කට්ටඩියෙක්. ඔහුට මේ වැඬේ පවරනවා. ඔහු වැඩ කරන්නේ මුදලටයි.
නමුත්, සියලුම භුත විද්‍යාව උගත් ගුරුන්නාන්සේලා ගැන වැරදි කෝණයකින් නොබලන්න. බොහෝ ගුරුන්නාන්සේලා බුදු දහම හොඳටම උගත් අය. ඒ වගේ ම භුත විද්‍යාවේ පරතෙරටම ශ්ලෝක පාලි සංස්කෘත උගත් හොඳ පරම්පරාවල්වල අය මේ පාප ක්‍රියා කෝටියක් මුදල් දුන්නත් නොකරයි. ඒ අය සංසාරේ ගැන හොඳින් දන්නා නිසා මේ පහත් වැඩ නොකරයි. පොත්වල හොඳ දේත් නරක දේත් ලියා තිබෙනවා. හොඳ මන්ත්‍ර හොඳ කටයුතුවලටත් නරක මන්ත්‍ර නරක කටයුතුවලටත් යොදා ගන්නවා. එවැනි මන්ත්‍ර පොත් වල එක එක පරම්පරාවල්වල එක විදිහේ දහස් ගණන් මන්ත්‍ර තිබෙනවා. කොතරම් ප්‍රබල ව්‍යාපාරයක් වුවත්, බිම දැමීමට හැකියාවක් මන්ත්‍ර කර්මයේ තිබෙනවා. දියුණු කිරීමට කල් යනවා. නමුත් විනාශ කිරීමට යන්නේ අඩු කාලයකි. මේ ළඟකදි අපට දැනගන්න ලැබුණා ව්‍යාපාරයේ මුදල් ලාච්චුවට මාරු සල්ලි එවනවා සූනියම් කරලා. මේ මුදල් ලාච්චුවට ආපු දවසේ සිටම මුදල් ලාච්චුවට ඇදී ඒම අඩු වී තිබෙනවා. මේ තත්ත්වය සොයා ගැනීම හරිම අපහසුයි. ඒ වගේම තවත් ක්‍රමයක් තිබෙනවා. කඬේ විකුණන බඩුවකට සූනියම් කරලා එවනවා. එම බඩුව විකුණුම් රාක්කයේ තිබෙනකම් එම සූනියම කඬේට බලපානවා.
මගේ හිතවත් කාන්තාවක් කියා සිටියා ඇයගේ වැඩිමහල් සහෝදරිය ව්‍යාපාරිකයෙක් ඇය පිටරටක ජීවත් වෙන කාන්තාවක්. ඇයගේ සහෝදරයාගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඇය විශාල මුදලක් ඔහුට දුන්නා. ඔහු ව්‍යාපාරය දියුණු කළා. ටික කාලයක් යන විට මෙම සහෝදරයා ඇයට කියනවා මගේ ව්‍යාපාරය වැටුණා. වැටුනේ කෙසේද? කියලා මට හිතා ගන්න බැරි විදිහටමයි ඒ දේ සිද්ධ වුණේ යැයි ඇය කියා සිටියා. ඇය නැවතත් මුදල් දුන්නා ව්‍යාපාරය කරගෙන යන්න. එවරත් ව්‍යාපාරය කඩා වැටුණා. මේ වන විට මොහු කඩ හතරක් කරලා තියෙනවා. හතරම වැටිලා. ණය වෙලා සමහර ගත්ත කඩ මාස තුනක්වත් ගෙනියන්න බැරිවෙලා. එනිසා වසා දමලා.
පසුව ඇය රට ඉඳලා ලංකාවට පැමිණ ඇයගේ හිතවත් ආරූඪකාරියකගෙන් මේ ගැන ශාස්ත්‍රයක් ඇසුවා. ආරූඪකාරිය කියා ඇත්තේ ඔබගේ සහෝදරයාත් සමඟ අමනාප ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඔහු ඔබගේ සහෝදරයා දාන දාන කඬේට මුදල් මතුරා කාගේ අත හෝ බඩුවක් මිලදී ගැනීමට යවනවා. එනිසයි කඩ බංකොලොත් වෙන්නේ. ඔබලා මුදල් ලාච්චුවට ආරක්ෂාවක් දාන්න කියලා උපදෙස් දුන්නා. ඇය නැවත කඩයක් සහෝදරයාට ආරම්භ කරලා දුන්නා සහෝදරයාගේ දැන් තත්ත්වය හොඳයි කියා ඇය මා සමග පැවසුවා.  මේ තත්ත්වය ව්‍යාපාරිකයන් අවබෝධ කරගත යුතුයි. ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන විට සූනියම් නොවදින ක්‍රම අවශ්‍ය තරම් මන්ත්‍ර ශාස්ත්‍රය තුළ තිබෙනවා. වසරකට වරක්වත් තමන්ගේ ආරක්ෂාවල් තර කර ගත යුතුයි.
ඒ වගේම ව්‍යාපාරිකයන්ගේ දියුණුවට අවශ්‍ය කරන ක්‍රමවේද අවශ්‍ය තරම් ගුප්ත විද්‍යාවේ තිබෙනවා. පුද්ගලයාට පලඳින යන්ත්‍ර මන්ත්‍ර ව්‍යාපාරයට එල්ලා තබන යන්ත්‍ර ඔබ දැක ඇත. ඒවා දියුණුවට ආරක්ෂාවට යොදා ගෙන තිබේ. අපේ රටේ ජනප්‍රියම සර්වජන යන්ත්‍ර වශී යන්ත්‍රයක් වන මාතාංග ගේස්වරි – රාජතරංගනී තවත් යන්ත්‍ර සහ ක්‍රමවේද දහස් ගන්‍නක් දියුණුවට මග පාදන අතරම ලංකාවේ විශාල ව්‍යාපාරික පිරිසක් මේවා එදත් අදත් ප්‍රයෝජනයට යොදා ගන්නවා අප දැක තිබෙනවා.
මොරටුවේ
පාරම්පරික වෛද්‍ය
ජෝතිෂ්‍යවේදි
ආර්.එම්. කරුණාරත්න
0719803146/0778433319