පිරිමින්ගේ දුබල බව නසන වාජිකරණ ගුණ ඇති ඔසුව කිරිබඳු

සකු බසින් ඉක්ෂුගන්ධා නාමයෙන් හැඳින්වෙන කිරිබඳු ලතා විශේෂ දේශීය වෙදකමේ රෝග සුව කිරීම සඳහා යොදා ගනී. කිරිබඳු ඖෂධීය ගුණයෙන්ද ඉහළ ශාකයකි.
මෙම ලතාවේ (වැල්) විශේෂත්වය වන්නේ ඉඹුල් නික, දිවි පහුරු ආදියෙහි ඇඟිලි මෙන් පත්‍ර බෙදී ඇති (ඛන්ඩිකා නමින් හඳුන්වන) ශාක අතර කිරිබඳු ද එක් වර්ගයෙකි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සුවිශේෂී ඔසුවක් ලෙස කිරිබඳු ප්‍රකට වී ඇත.

කිරිබඳු ලතාවේ ස්වභාවය
රතු දම් රෝස වර්ණයන්ගෙන් සුසැදි අලංකාර මල් පොකුරු වලින් පිරුණු ලතා වෙසෙසක් වන කිරිබඳු බෙඳුණු පත්‍ර සහිතය. කිරිබඳු වැලේ අල කැපූ විට ඒ තැන්වලින් කිරි වැහෙයි. අලය ඇතුළත සුදුය.
පරිසරයේ සුන්දර චමත්කාරයට නව්‍යතාවයක් ගෙන දෙන අලංකාර මලින් පිරුණු කිරිබඳු ලතාව ගෙවත්ත ලස්සන කර ගැනීමට ද වවාගත හැකි වැල් විශේෂයක් වන මෙම ලතාව පරිසරයේ සුන්දර බවද වැඩි කරයි. ඖෂධීය ගුණය හෙබි ශාකයක් නිසාවෙන් වටිනාකම්ද ඇත. මව්වරුන්ගේ කිරි වඩන හෙවත් වර්ධනය කරන ද්‍රව්‍යයක් වන හෙයින් කිරිබඳු යන නාමය ඊට අන්වර්ථවත් වේ. කිරිබඳු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුක්තය. රසායන ගුණයෙන් හා වාජීකරණ ශක්තියෙන් හෙබිය. කිරිබඳු වැලෙහි අල හා ලොකු මුල් ඖෂධ සඳහා යොදා ගැනෙති.
කිරිබඳුවල ප්‍රභේද දෙකකි
1. විදාරි (කිරිබඳු)
2 ක්ෂිර විදාරි යනුවෙනි
මෙයින් ද ක්ෂිර විදාරි නැවතත් වර්ග දෙකකට බෙදේ
1. සනාල
2. විනාල වශයෙනි
සනාල වයස්ථාපකයි විනාල රෝගස්තයි ‘ආයුර්වේද ඖෂධ සංග්‍රහය’ කිරිබඳු (විදාරි) වර්ග තුනක් හඳුන්වයි.
ඒ මෙසේය.
1. විදාරි කන්ද (බඳු) :ඡමැර්රස්එමඉැරදි්*
කුලය: ත්‍්ඉ්ජැ්ජ
2. ක්ෂිර විදාරි (කිරිබඳු) :ෂචදපදැ්ප්මරසඑස‘බ්* කුලය: ක්‍දබඩදකඩමක්ජැ්ැ
3. භූමි කුෂ්මාණ්ඩ (බිම්කොමඩු) ඔරසජයදි්බඑයැි ජදරා්ඒ* නමිනි.
කුලය: ජමජමරඉසඒජැ්ැ
චරක සංහිතාවේ මධුරස්කන්ධයේ 1 විදාරි 2 ක්ෂිර විදාරි යනුවෙන් ප්‍රභේද දෙකක් දැක්වෙයි.
කිරිබඳු ලතාවේ රසායනික සංයෝග
ඔැරචැබදසාි අධිකය, පිෂ්ඨ, ශර්කරා ඍැිසබ අන්තර්ගතය
උද්භිද විද්‍යා නාමය: ෂපචදපදැ් ප්මරසඑස්බ් න්‍්ජු
කුලය: ක්‍දබඩදකරමක්ජැ්ජ හෙවත් ත්‍රිවාත් වෙයි
සිංහල නාමය: කිරිබඳු
සංස්කෘත නාමයන් – ඉක්ෂුගන්ධා, ක්ෂිරක්ද භූමි කුෂ්මාන්ඩ
දෙමළ නාමය – නෙල්ලි කුම්බල
හින්දි නාමය – සරාල්, ඛිලාර් කන්ද විදාරි කන්ද
තෙලිගු නාමය – මධුමලතීග
ගුජරාට නාමය – බොකොලු
කර්නාට නාමය – බෙලකුන්බල
කිරිබඳු ලතාවේ ඖෂධීය ගුණ කර්ම
රසයෙන් – මධුරය
ගුණයෙන් – ගරු සහස්නිග්ධය
විර්යයෙන් – ශීතය
විපාකයෙන් – මධුරය
දෝෂාණුරූපව – වාත පිත්ත ශාමකය
එක් එක් රෝග අවස්ථා අනුව කිරිබඳු ලතාවේ ප්‍රධාන ගුණ කර්ම මෙසේ සඳහන් කළ හැක.
බලකාරක, සප්ත ධාතු වර්ධක, කාමොද්දීපන, ආයුවර්ධක, ක්ෂිරවර්ධනිය ශෝථහර මල භේදක, පිච්චිල
ඖෂධ යෝග වශයෙන් කිරිබඳු භාවිතා කරන අවස්ථා ක්වාත, චුර්ණ, අරිෂ්ට, ආසව, මෝදක ආදියෙහි මිශ්‍රිත උපාදානයක් වශයෙන් ද එකිය ඖෂධීය ද්‍රව්‍යක් වශයෙන් ද යොදා ගනු ලැබේ. කිරිබඳු විදාර්ගාන්ධාදී ගුණයෙහි ද උපාදානයෙකි.
මව්වරුන්ගේ කිරි එරෙන්නට අගනා යෝගයෙකි. (කිරිබඳු) විරිගන්ධා චූර්ණය – කිරිබඳු අල සුණු කිරිබදු අල ස්වරසයෙහි සත් වරක් භාවනා දී වියළා නැවත චූර්ණය කොටා ගැනේ. මාත්‍රාව කලං 1 1/2 සිට 3 දක්වා (මෙය මව් කිරි එරෙන යෝගයකි.)
අති ශ්‍රේෂ්ඨ විදාරි මෝදකය – කිරිබඳු පිටි බාග 1 යි සීනි බාග 2 යි නවනිත බටර් සමග මෝදක පරිභාෂාවෙන් සිද්ධ කෙරෙයි. අනුපාත ලෙස අසමානව ගිතෙල් මී පැණි යොදන්නේය. මෙය වාජීකරණයෙහි අති ශ්‍රේෂ්ඨය.
ධාතු බල වඩන යෝගයක් – කිරිබඳු අල තිප්පිලි ඇල් හාල් කොට්ටම්බා ඇට මද ඉකිරි ඇට වඳුරු මෑ මුල් මේවා චූර්ණය කලං 3 බැගින් උදෑසන ගැනීමෙන් ධාතු බල වඩයි. මෙයට ම මීපැණි ද සීනි සහ අලුත් ගිතෙල් ද අර්ධ ප්‍රස්ථයක් (පලම් 8 ක් යොදා සියල්ල එකට අනා දිනපතා උදෑසන කලං 3 බැගින් වැළඳීමෙන් ශත ස්ත්‍රි සේවනයෙහි සමත් වෙයි.
රතී ශක්තියට – කිරිබඳු අල චූර්ණය එම අල යුෂයෙන්ම බොහෝ වරක් භාවනා දී ගිතෙල් මීපැණි දෙක අසමානව ගෙන සේවනය කිරීම.
වෙනත් යෝග ඇතුළත් කිරිබඳු ඖෂධය
අශ්වගන්ධාරිෂ්ටය, දශමුලාරිෂ්ටය, චවත්‍ය ප්‍රගාව, අමතෘ ප්‍රාශගත මේ සඳහා ගන්න (මෙයට ප්‍රධාන උපදානයයි)
පරිසරයේ චමත්කාරය විඳගන්න ඔසු ගුණ ඇති ඔබ සුරකින තුරු වැල් සුරකින්න සුපහන් සිතින් ජීවිතය ගතකරන්න පරිසරයට ආදරය කරන්න සැමදාම
සියලු දනන් හට ආයුෂ බොහෝ    වේවා
ඉසිවර අරණ ඔබ හට සුව සෙත    වේවා
ඔසු ගුණ වරුණ සැමගේ යහපත    වේවා
හෙළ වෙද සුවය අපේ රට රැක    දේවා
ඉසිවර අරණ ඔසුතුරු කේන්ද්‍රය
දේශීය පාරම්පරික වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්
මොරවින්න – පානදුර