ගුප්ත ශාස්ත‍්‍රය

ගුප්ත ශාස්ත‍්‍රයට සමහරු ගුප්ත විද්‍යාව කියලත් කියනවා. විද්‍යාව කියන වචනයට තේරුම් දෙකක් මහාචාර්යවරුන් දී තිබෙනවා. ඔප්පු කරන්න පුළුවන් සොයාගැනීම් හා යම් දෙයක් ඉගැන්වීම මේ නිසා මා ගුප්ත ශාස්ත‍්‍රය ඒ වචනයෙන්ම ලියනවා. ගුප්ත ශාස්ත‍්‍රයට අයත් විෂයන් කීපයක් තියනවා. නක්‍ෂත‍්‍රය නැතිනම් නැකත් ශාස්ත‍්‍රය, වාස්තු ශාස්ත‍්‍රය හා චක‍්‍ර වාස්තු ශාස්ත‍්‍රය, මන්ත‍්‍ර ගුරුකම් ශාස්ත‍්‍රය, අංක ශාස්ත‍්‍රය (අංක විද්‍යාව* හස්ත රේඛා ශාස්ත‍්‍රය, වේද ශාස්ත‍්‍රය ඉන් කීපයක්. අපට බොහෝ සේ ප‍්‍රයෝජනවත් වන ශාස්ත‍්‍රය නක්‍ෂත‍්‍රයයි.

මෙය තරු නැතිනම් ග‍්‍රහ වස්තූන් මුල් කරගෙන ඉන් අපට ලැබෙන ප‍්‍රයෝජන පීඩා ආදිය කියා දෙන ශාස්ත‍්‍රයන්ය. ලෝක ගෝලය වටා ඈත අහසේ දුර මැනිය නොහැකි ප‍්‍රමාණයෙන් පිහිටා තිබෙන තාරකා සමූහයන් 27 ක් නැකත් හැටියට මුලින් ඍෂිවරු දැක එය මුල්කරගෙන පටන්ගත් මේ සොයා ගැනීම මහත් ප‍්‍රයෝජනයක් ලබාදෙනවා. ඉන්පසු ග‍්‍රහලෝක නම් වූ පාෂාන ආදියෙන් හැදුනු වස්තූන්වලින් අපට ලැබෙන ලාභ අලාභ උන්වහන්සේලා කියාදුන් ශාස්ත‍්‍රයි මේ. මෙය මිනිසුන් රවටා බොරු කියා මුදල් හම්බකර ගත් හොඳම මඟක් කරගත් බොහෝ දෙනෙක් ඉන්නවා. මිනිසුන් රවටන්න හරිම ලේසි ක‍්‍රමයක් මේ ගුප්ත ශාස්ත‍්‍රය.  ඕන තරම් පොත් තිබෙනවා මේවා උගන්වන. නමුත් ම් ලියන අය හරි දේමද ලියා තිබෙන්නේ. මේවා ගැන සොයා නොබලා හරිදේම දැයි අවබෝධ කරගන්නේ නැතිව බෝඞ් ලෑල්ලක් එල්ලගෙන මිනිසුන් මුලා කරනවා හරි ලේසියෙන් හම්බකරනවා. ඒ නිසා මේ ලියන දේ ගැන මොන ක‍්‍රමයකින් හෝ අවබෝධයක් ලබාගන්නේ නැතිව මා හරි යැයි විශ්වාස නොකරන්න. ලියන දේ ගැන සොයා බලන්න අන්ධ විශ්වාසයෙන් අන්ධ භක්තියෙන් නොව අවබෝධයෙන් කටයුතු කරන්න. ග‍්‍රහයින් කියන්නේ මේ මහ පොළව වගේ යම් යම් තත්ත්වයන් යටතේ ඇති පාෂාණ වස්තූන්ය. ඉර ගිනිගන්නා සැර පාෂාණ වස්තුවික.

මෙයට දේවත්වය ආරූඪ කර හිරු දෙවි කියා කියනවා. හඳට සඳ දෙවි කියා කියනවා. සෙනසුරු ග‍්‍රහයාට සෙනසුරු දෙවියන් කියනවා. සිකුරුට ඉංගී‍්‍රසියෙන් වීනස් කියන නිසා වීනස් දෙවඟන කියනවා. දෙවිවරු කියන්නේ පින් කර මහා බලයක් සහිතව මිනිස් බවෙන් චුතව නැවතත් මිනිස් ආත්මයක් ලබන තුරු ගන්ධබ්බ තත්ත්වයේ සැරිසරන බලගතු ශක්තියකි. පාෂාණයකට දෙවිවරු කියා කියනා එක දෙවිවරුන්ට කරන යම් අපහාසයක් ලෙස මා දකිනවා. හිරුගෙන් අපට ලැබෙන ශක්තිය අනන්තයි අප‍්‍රමාණයි. එයට ගරු කළ යුතුයි. අනිකුත් ග‍්‍රහ ලෝක වලිනුත් අපට ?? නරක කිරණ මගින් යම් ශක්තීන් ලැබෙන නිසා අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. නමුත් ඒවා දෙවිවරු ලෙස මිනිසුන්ට මවා පෙන්වා විකාර කරන එක දෙවිවරුනට කරන අපහාසයක් ලෙස මා දකිනවා. ග‍්‍රහලෝ සංකේතවත් වන පිලිම හදලා හිරු දෙවි පිලිමය සෙනසුරු දෙවි පිලිමය කියල පිලිම 9 ක් හදලා කොටුකර තබලා මේවා නාවනවා. කිරිවලින්, තැඹිලි වලින්, පලතුරු ඉස්ම වලින්, වතුරෙන් නාවලා පලතුරු පූජා තියලා පහන්, කපුරු හඳුන්කූරු දල්වා ගිනිමැල පූජා තබලා මිනිසුන් මුලාකර ග‍්‍රහ පූජා තැබුවා කියල දහස් ගණන් මුදල් ගසා කනවා. මින් පලක් ලැබෙනවාද ප‍්‍රයෝජන ලැබූ එක් අයකු හෝ පෙන්නන්න පුළුවන්ද? රාහු අපලය කියලා ගෝමේද නම් මැණික පළඳිනවා. අපලය කින්නේ ග‍්‍රහලෝකවලින් ඒ ඒ කාලවලදී ලැබෙන නරක කිරණ නිසා ඇතිවන නරක බලපෑමකි. සෙනසුරු අපලය දුරුවෙන්න කියලා කාක නිල නම් මැණික පළඳින්න කියනවා. මෙය ප‍්‍රයෝජනවත් හොඳ වැඩක් ද කියලා මේ ලිපිය කියවා ඔබම තේරුම් ගන්න. පොළව යට තිබෙන යම්කිසි පාෂාණයක් සෙනසුරු ග‍්‍රහයාගේ බලවත් කිරණවල බලපෑම මත මේ ගල නිල් පැහැ ගන්නවා. මෙයට නිල් මැණික කියනවා.

සෙනසුරු කියන්නේ මොන තරම් විශාල ග‍්‍රහයෙක් ද? මේ නිල් ගලෙන් කරන්නේ එම ග‍්‍රහයාගෙන් එන කිරණ ලබාගෙන ශක්තිමත් වීමක් නැති නම් පැවැත්මක්ය. එසේනම් අපල කාලවල ග‍්‍රාහකයාට එන්නේ නරක කිරණ වූ විට මේ ගල පැළඳීමෙන් වන්නේ එම නරක කිරණ ඔහු වෙත තවත් ලංකර දීමක් නොවේද? මේ තරම් විශාල ග‍්‍රහයකුගෙන් එන කිරණ මේ පුංචි ගලෙන් පලවා හරින්නේ කෙසේද තව තවත් අපල උපද්‍රව වැඩි වනවා මිස අඩුවී සනීප වුණ කෙනෙක් පෙන්වන්න හැකිද? මැණික් ගල් පැළඳිය යුත්තේ යම් ග‍්‍රහයෙක් දුර්වලව පිහිටා ඇත්නම් එනම් ‘සම’ ‘මිතුරු’ ‘මුŠ’ තත්ත්වයේ රාශිවල තැන්පත්ව ඇතිවිට එම ග‍්‍රහයන් බලවත් කරගැනීම සඳහාය. නීච හෝ සතුරු නම් එම ගල් පැළඳීම නොකළ යුතුයි. ස්වක්‍ෂත‍්‍ර උච්ච තත්ත්වයේ සිටිනවා නම් ද අවශ්‍ය නැත. එසේ පැළඳීමට අවශ්‍ය වූ විට එම ගල සවිකළ මුදුව හෝ මාලය එක්රැුයක් පුරා සඳුන් කිරිපැන්වල බහා තබා අදාළ කවච ස්තෝත‍්‍ර ආදියෙන් පේකර පැළඳිය යුතුය. එසේ නැතිව ඔහේ ගල් ඇල්ලූ මුදු පැළඳීමෙන් කිසිම දෙයක් සිදුනොවේ. ග‍්‍රහ අපල සඳහා යන්ත‍්‍ර නිසි අයුරු පිළියෙළ කරවා ගෙන පැළඳීමෙන් යම්කිසි අපල අඩුවීමක් සහනයක් ලබා ගත හැක. අවශ්‍ය ප‍්‍රතිපත්තිද රක්‍ෂා කළ යුතුය. නැතිව අපල සම්පූර්ණයෙන් නැතිකර ගන්න පුළුවන් වෙන්නේ නැත. පෙර ආත්මවල කර ඇති කුසල් අකුසල් අනුව ඉපදෙන්නේ ඒ ඒ ග‍්‍රහයන්ගේ හොඳ හෝ නරක කිරණ එම මොහොතේ එම ස්ථානයට පතිත වන අවස්ථාවලය.

මේ බලපෑම් පුංචි ශෛලවලට කාවදිනවා. ලොකු වන විට ඒවා මෝරා බලගැන්වී තිබී ඒ ඒ අදාළ ග‍්‍රහ ගෝචර වලදී වාසනාව හෝ අවාසනාව අපල පලදීම් සිදුවනවා. මේවා වලක්වන්න මොකකටවත් බෑ. කාටවත් බෑ. නමුත් බලගතු යන්ත‍්‍රවලින් දේව සභාවේ හෝ යක් ආණ්ඩුවේ බලගතු උන්නාන්සේ කෙනෙකුගේ ආශිර්වාදය ලබාගන්නේ නම් පමණක් යම් සහනයක් ලබාගත හැකි බව මම කියනවා. මේ කාල කේන්දරය බලා දැනගත් විට ආරක්‍ෂිවීම පළමුව ද අසනීපයක් නම් බෙහෙත් ගැනීම ද අනිවාර්යයෙන්ම කළ යුතු කවුරුන් හෝ කියනවා නම් පූජා විදිවලින් ශාන්තිකර්ම වලින් පමණක් අඩුකර ගන්න හෝ නැතිකර ගන්න පුළුවන් කියලා රැුවටෙන්න එපා. හොද්දක් රසට උයා ගන්න පොල් කිරිවලින් පමණක් පුළුවන්ද? තව කොච්චර ජාති එකතු කළ යුතුද? ඒ නිසා එක බේතකින් පමණක් සුවය ගන්න බැරි බව සිතට ගන්න. උණ හැදුනත් දොස්තර මහතා එක පෙති වර්ගයක් පමණක් ද දෙන්නෙ? සිතා අවබෝධයක් ලබාගන්න. කවදා කවුරු හෝ ඉදිරිපත් කළ මත පිළිඅරන් මුදල් නාස්ති කර ගන්න එපා. තවත් ඔබව මුලා කරන්න පුළුවන් ශාස්ත‍්‍රයක් තමයි වාස්තු ශාස්ත‍්‍රය. මේ ශාස්ත‍්‍රය අතීතයේ විසූ ඍෂි නැති නම් පුරාණ ආචාර්යවරුන් දැන ඉදිරිපත් කළේ යහපත් ජීවිතයක් ගෙවීමට ඉවහල් වන දේ පෙන්වන අටියෙනි. එදා විශාල ඉඩම්වල ගෙවල් හැදුවේ අද හදන්නේ පර්චස් 2/3 ඉඩම්වලය. මේ වාස්තු ශාස්ත‍්‍රය සියලූම සිද්දාන්ත අනුව මේ ඉඩම්වල කුඩා ගෙවල් තනන්න අමාරුයි.

එහෙම නම් එන වාස්තු දෝෂ නැතිවනවාද? නැත. ප‍්‍රධාන කාරණා පමණක් නිවැරැුදිව ඉටුකර අනිත්වා මගහැර ගන්න නැතිනම් බල දුබල කරගන්න ක‍්‍රම පෙන්වා දී තිබෙනවා. ඒවා නිසි ලෙස හදාරන්නේ නැතිව ගුරු ඇසුරක් නැතිව අද බොහෝ දෙනා කඬේකින් කවුරු හෝ ලියපු පොතක් අරන් එක එක පැතිවල මත අහුලාගෙන ‘වාස්තු චක‍්‍රවර්ති’ කියලා පදයකුත් පටබැඳගෙන ඔබව අමාරුවේ දාන්නේ අද හැම තැනම ඉන්දියාවේ මහාචාර්ය බී. වී. රාමන්තුමා, කේ. එස්. කි‍්‍රෂ්ණමුර්ති උතුමන් මේ ශාස්ත‍්‍රය කුඩා ඉඩම්වලට ගැලපෙන අයුරින් යොදා ගන්නේ කොහොමද යන්න ගැන දිගු කලක් පර්යේෂණ කර අත්දැකීම් ලබා ලියූ පොත් ඉගෙන මේවා කරන අය අද බොහොම අඩුයි. ඒ නිසා ඔබ නිවස බලන්න එන වාස්තු ශාස්ත‍්‍රඥයාගෙන් ප‍්‍රශ්න අහන්න. ඔබ සෑහීමකට පත්වන පිළිතුරු ලැබෙනවාද බලන්න. ඔහේ කියන පලියට මුදල් වැය කරන්න එපා. එක් සිංහල වෙදමහතකු යයි කියා ගන්නා තැනැත්තෙකු කරන ප්‍රෝඩාවක් කියන්නම් ඔහු නිවසට ඇවිත් මේසයක් ගෙන්නාගෙන ඒ මත මොනවදෝ පිත්තල ආබරණ වගයක් තබා වීදුරු බෝලයක් නූලකින් ඇති දෑතට ගෙන එය නොදැනෙන අයුරින් සෙලවෙන්නට සලස්වා එය සෙලවෙන විට වාස්තු දේවිය වඩිනවා ගෙදර දෝෂ තිබෙනවා කියා අරක කරන්න මේක කරන්න කියල මුදල් කඩාගෙන යනවා. සමහර විට ඔබටත් මෙය අත්දකින්න ලැබී තිබෙන්නට පුළුවන්. එහෙම වාස්තු දෙවියකු නැත. කුඩා ගෙවල්වල ප‍්‍රධාන වශයෙන් ගේ තනන විට සකස් කළ යුතු වන්නේ. ප‍්‍රධාන උළුවස්ස, පිටවන උළුවස්ස, කුස්සිය ජලය රැුස්කරන තැන හෝ ළිඳ, වැසිකිළිවළ ආදියයි. ජනේල හැකි තරම් උතුරට තියන්න බැරිනම් නැගෙනහිරට තියන්න. ඔත්තෙ ඉරට්ටේ මත පමණයි. පල හතරේ වහලයක් නම් මුදුන් යටලීය ගැන සැලකිලිමත් වන්න. යකඩ ඇන පාවිච්චි නොකරන්න. අනිත් දෝෂ අවම කරගන්න චක‍්‍ර වාස්තු ශාස්ත‍්‍රය ගැන දන්නා අයකුගෙන් උපදෙස් ගන්න. අනිත් ශාස්ත‍්‍රය තමයි ඔබව රවටන ගුරුකම් ශාස්ත‍්‍රය. නිවාස හදනකොට මෙය යොදා ගන්නේ ආරක්‍ෂා කටයුතු සඳහාය.

බොහෝ අය ගේ හදන්නට පෙර බහිරව පූජා දෙනවා මෙය කරන්නන් වාලේ නොකළ යුතු දෙයක්. බහිරව බලපෑම් තියනවාද කියා සොයා තියනවා නම් පමණක් දිය යුතු පූජාවකි. ඉන් ඒ බහිරවයා ඉවත් කිරීම හෝ එයාගෙන් නිවස තැනීමට අවසර ගැනීමක් සිදුකරනවා. බහිරව බලපෑම් නැති විට පූජා දීමෙන් වන්නේ නැති බහිරවයන් ගෙන්වා ගැනීමකි. මෙය ඉතාම භයානක දෙයකි. අනික වාස්තු පුරුෂ පූජාවය. මෙය සාමාන්‍ය පූජා ක‍්‍රමයකි. භූමි ආරක්‍ෂා ව තවත් ක‍්‍රමයකි. ඔබව රවටන භූමි දෝෂ නැති විට දී භූත පේ‍්‍රත දොස් වද්දා ගන්නා දේවල් කරන්න එපා. මුහුදෙන් නොපෑගෙන මානයෙන් ගත් වැලි හොඳින් වේලා දේවදාර කුඩු සමඟ හොඳ ඇදුරෙකු ලවා ජීවම් කර හෝ පිරිත් වලින් පේකර භූමියට ඉසින්න. හතර කොන දෙහි ගෙඩි 4 ක් මතුරා වලලපුවාම ඇති. භූමි දෝෂ ඇති විටදී පමණක් හොඳින් සොයා බලා දැනගෙන ඒ දොස් ඉවත් කරගන්න කටයුතු කරන්න. මේවා හැම දෙයක්ම ශුභ හෝරා කාලවලදී කරන්න වගබලා ගන්න. මේවා සොයා බලන්න ශාස්තර අහන විට ඥාති ආරූඪයෙන් සාස්තර කියන තැන්වලට නොගොස් දේව ආරූඪයෙන් ශාස්තර කියන තැනකට යන්න. නැතිනම් අංජනම් එළි බලන තැනකින් අහන්න. කවදාවත් එක තැනකින් කිව්වාට පමණක් විස්වාස කරන්න එපා. තව තැනකින් අහන්න. විශ්වාසයක් ඇති වූ විට ඒ උපදෙස් අනුව කටයුතු කරන්න.

ගෙදර කරදර ආවිට කවුරුන් හෝ කීවොත් මේක ගෙදර වාස්තු දෝෂ තියන නිසා කියල එය විශ්වාස කරල ගෙදර කරදර මේ ගේ බලාගන්න  ඕන කියල කවුරු හෝ වාස්තුකරුවකු ගෙන්වා ඔහුට මේ ඔක්කොම කියලා ගේ බලන්න කියන්න එපා. ගරාගන්න හොඳ තැනක් කියල ඔබව රවටනවා නිසකයි. විස්තර නොකියා ගේ බලවන්න. නිතරම මතක තියාගන්න ගේ හදන්න පෙර සියලූ දෝෂ ඉවත් කර සැලසුම හදාගත යුතු බව. මේ ගුප්ත හාස්ත‍්‍රයෙන් අද රැුවටිලිකාරයෝ බොහොම ඉන්න නිසා නොරැුවටී කටයුතු කරන්න කල්පනාකාරී වන්න. භූමිය රිද්දවා තිබෙනවා නම් එනම් නිවස තනන ඉඩමේ නිවස තැනීමට පෙර නැකතක් නැතිව ගස් ගලවා භූමිය සමතලා කර පස් කපන්න යකඩ පාවිච්චි කර තිබෙනවා නම් අත්තිවාරම් කපන්න, ලණු ගහන්න නැකත් ඉල්ලන්න එපා. කවුරුන් හෝ කීවොත් ඒවා  ඕන කියල කෙලින්ම එපා කියන්න. ඒ ඔබ පොලව මහීකාන්තාව වාස්තු පුරුෂයා භූමනාගයා ආදී ආත්ම සංකල්ප නොසලකා කටයුතු කර තිබෙන නිසා ඉන් පලක් නොවන නිසාය. මෙසේ කර ඇත්නම් අවශ්‍ය පූජා කළ යුතුමය. අනිවාර්යයෙන්ම මුල්ගල නියම ‘නැකත්’ වේලාවට තබා නොනවත්වා වැඩ කරගෙන යා යුතුමය. මේ අවස්ථාවේ තබන පූජාවලට අමතරව රතන සූත‍්‍රය කරණීය මෙත්ත සූත‍්‍රය දස දිසා පිරිත ගායනා කළ යුතුමය. තවත් බොහෝ දේ කිවයුතු වුවත් අවශ්‍ය අයට උදව් කරන්න හැකි නිසා නොලියම්. දෙවි පිහිටයි.
ආර්. එස්. තුඩුගල