ගොක් කොළයේ චිකිත්සාව

එදා පාරම්පරික වෙදකමේ රෝග පරීක්ෂා කරන ක‍්‍රමවේද රාශියක් තිබිණ නමුත් සියලූ වෛද්‍යවරුන් පාහේ වීශේෂත්වයක් දැක්වූයේ නාඩි පරීක්ෂාවටය. පාරම්පරික වෙදකම සඳහා ගුප්ත ක‍්‍රම භාවිතා කල වෙද මහතා ඉතා පහසුවෙන් රෝග සොයා ගැනීමට භාවිතා කළ විශේෂ ක‍්‍රමයක් වශයෙන් මෙම ගොක් කොළයේ ශාස්ත‍්‍රය අදත් භාවිතා කරන වෙද මහතුන් සිටීම වාසනාවකි.

අස්ඨාංග ආයුර්වේද විද්‍යාවේ වැදගත්ම අංගය වන භුත විද්‍යාව ඇසට නොපෙනෙන විද්‍යාවක් ලෙස හඳුන්වයි. යම් අමුනුෂ්‍ය කොටසක් හෝ එසේත් නැති නම් ශරීරයේ වින දෝෂයක් වසක් විසක් ඉනාවක් හෝ දුර්වල ග‍්‍රහයකුගේ දශාවක් නම් මෙම දෝෂය ඉතා පහසු වන ආකාරයට සොයා ගැනීමට මෙම ගොක් කොළ ශාස්ත‍්‍රයෙන් පුළුවන් වෙනවා.
අද බොහෝ අය විශ්වාස නොකළත් යම් යම් රෝග ශරීරයේ තිබේ නම් ඒවා දෝස ලෙස සටහන් වන අවස්ථා ගොක් කොළයෙන් දක්වා තිබෙනවා. යම් රෝගයකට ප‍්‍රතිකාර කළත් වෛද්‍යවරයා කොතරම් දක්ෂ වුවත් රෝගය චිකිත්සාවෙන් සොයා ගෙන කටයුතු කළත් රෝගය ප‍්‍රතිකාරවලට සුවයක් නොපෙන්වන අවස්ථා වලදී ගොක් කොළයට දෝෂයක් ලෙස හඳුන්වා දෙන අවස්තාවලදී එම දෝෂය දෙහි වලින් හෝ වෙනත් යමකින් කපා ඉවත් කර ප‍්‍රතිකාර කර බලන්න. රෝගය සමනය වීම ඉතා ඉක්මනින් සිදු වෙනවා. මා වරක් සර්ප දෂ්ඨයකදී රෝහලක ජීවිතයත් මරණයත් අතර පසුවුන රෝගියකු මෙම ගොක් කොළ පරීක්ෂාවෙන් බලා ඔහුගේ දෝෂය ඉවත් කළා පමණයි. ඔහුට සිහිය පැමිණියා. පසුව තමයි ඖෂධ ප‍්‍රතිකාර ඔහුට අහන්ත පටන් ගන්නේ ඔහු අදත් ජීවතුන් අතර සිටිනවා.

බොහෝ රෝගීන් මෙම පරීක්ෂාවෙන් හඳුනා ගෙන තිබෙනවා. එනිසා අපේ රටේ තිබෙන පාරම්පරික වෙදකමට මුල් වූ මෙවැනි ශාස්ත‍්‍රවල පිහිට ලබා ගැනීම ඔබගේ වගකීම වනු ඇත. බටහිරට කළ නොහැකි දේ පාරම්පරික වෙදකමට කළ හැකිය. පාරම්පරික වෛද්‍යවරයා ඖෂධ කෙම් යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මේ සියල්ලම ඔහුගේ පරම්පරා උරුමයයි. එදත් අදත් නොනැසී මේ ශිල්ප ඉදිරියට ගමන් කරමින් තිබේ. පොල් කොළයේ ගුරුකමේදී කොළය දික්වීම සූනියම් ඉනා වශ විස කියා දක්වයි. කොළය කොටවීම යක්ෂ පේ‍්‍රත භුතයන් ලෙස දක්වයි. මෙම කොලයේ දික්වීම හෝ කොට වීමක් සිදු නොවෙයි. සිදු වන්නේ ශරීරයේ බඩ පිම්බීම හෝ හැකිලීම පමණයි. එම කොලයට යොදන තෙල් ආලේපය ශරීරයේ ගැවීමෙන් මෙම සිදුවීම සිදුවෙයි. ගොක් කොළයේ සත්‍යභාවය අප අනන්තවත් අත්දැක ඇත. අවශ්‍ය කෙනකුට එම තෙල් ස්වල්පයක් අප ලබා දීමට සූදානම් කර ඇත.
මොරටුවේ
පාරම්පරික වෛද්‍ය
ජෝතිෂ්‍යවේදී
ආර්.එම්. කරුණාරත්න
0719803146/0778433319