නව විලාසිතා ඇඳුම් පැළඳුම් නිසා ලෙඩවන අපේ ඇත්තෝ

එක් එක් කාර්යයන්හි නිරත වන විට ඊට ගැලපෙන පරිදි ඇඳුම් ඇදීමටත් පාවහන් වැනි දේ නිසි පරිදි පැළඳීමටත් අපේ පැරැුන්නෝ පුරුදුව සිටියහ. ඌෂ්ණය සහ ශීතල ගැනත්, ඩහදිය සහ වාතය (සුළඟ* ගැනත් සිත යොමු වූයේ නිතැතින්මය. ලෝකයේ ඇති සියලූම දේශගුණික ලක්‍ෂණවලින් යුතු එකම රට ලංකාව බව විද්‍යාඥයන්ගේ මතයයි.

ඒ නිසා ඒ ඒ ප‍්‍රදේශවල මිනිස්සු ඒ ඒ ප‍්‍රදේශයට ගැලපෙන පරිදි ඇඳුම් පැළඳුම් කරති. ඇමෙරිකාව, එංගලන්තය වැනි අධික ශීතල දේශගුණය ඇති රටවල ජනයා තම ශරීරයේ ඌෂ්ණය ආරක්‍ෂා කර ගැනීම සඳහා තද ඇඳුම්, ටයි කෝට් වැනි ඇඳුම් පැළඳුම් කරති. පතුල වැසෙන සේ මේස් සහ පතුල වැසෙන පාවහන් භාවිතා කරති. එහෙත් ඔවුන්ට හිරුරැුස් ලබා ගැනීමට අවශ්‍ය වූ විට කොට කලිසම්, කොට ගවුම් වැනි ඇඳුම් අදිති.
එසේම ඌෂ්ණ හා වියලි කලාපවල සහ දේශවල ජනයා වැඩිපුර භාවිතා කළේ කපු රෙදිය. පාවහන් භාවිතයත් සාමාන්‍යයෙන් කෙරිණි. එවැනි යමක් කෙරුණා නම් ඒ විශේෂ අවස්ථාවලදී පමණි. කුඹුරේ, හේනේ වැඩ කරන ගෙවිලිය හිසේ රෙද්දක් දවටාගෙන එක පොටක් පිට දිගට වැටෙනසේ සකස් කළේ ස්නායු පද්ධතියේ මූලික ස්ථාන වන හිසත්, කොඳුඇට පෙළත් ආරක්‍ෂාකර ගැනීමටය. එවැනි ක‍්‍රම නිසා එදා අපේ ජනතාව නිරෝගී විය.
එහෙත් අද අප රටේ ඇතැම් ළමා සහ තරුණ තරුණියන්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා සෞඛ්‍යයට ඉතා අහිතකරය. කකුල්වලට හිරවෙන පරිදි කලිසම් අදිති. මෙය සෞඛ්‍යයට ඉතා අහිතකරය. ගමන් යන විටත්, යම් යම් කාර්යයන්හි නිරත වන විටත් අපේ ශරීරයෙන් ඩහදිය පිටවෙයි. ඇඟට තදවූ ඇඳුම නිසා ඩහදිය පිටවන්නේ නැත. එසේම ඩහදිය ගලන විට ශරීරයට සිසිලස අවශ්‍යය. සිසිලස ලැබෙන්නේ පරිසරයේ ඇති වාතය සහ සුළඟ නිසාය. ඇඳුම තද නිසාත් ශරීරයට ඇලී ඇති නිසාත් වාතය සහ සුළඟ ලැබෙන්නේ නැත. ඩහදිය සමග ශරීරයෙන් ¥ෂ්‍ය වූ වාතය පිත සහ සෙම පිටකරයි. ඩහදිය ගලා යෑම අවහිර වූ විට යළි ඒ අපද්‍රව්‍ය ශරීරයට උරා ගනියි. එවිට ඇඟ කැසීම, කුෂ්ට, බිබිලි වැනි දේ ඇති වෙයි. එසේම ශරීරයේ වා, පිත්, සෙම් යන ති‍්‍ර ධාතු සහ රුධිර සංසරණය ස්නායු පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය නොනැවතී කි‍්‍රයාත්මක වෙයි. ඒ නිසා මාංශ පේශි වර්ධනය වෙයි. නමුත් ඇඟට තද වනසේ ඇඳුම් ඇදීම නිසා ශාරීරික වර්ධනය සිදු නොවේ. උෂ්ණය සහ සිසිල නිසි පරිදි නොපවතියි. පපුවට තද වනසේ ඇඳුම් ඇදීම නිසා පෙනහලූවල සහ හෘදයේ කි‍්‍රයාකාරිත්වය නිසි පරිදි සිදුනොවේ. එවිට මාරාන්තික රෝග පවා ඇති විය හැක.
ඉතා අලංකාර ලෙස වටිනාකම පෙන්වන අයුරු නිමවූ ‘තන පටි’ ද එසේමය. සිරුරට අහිතකර තන පටි පැළඳීම නිසා තදබල ලෙස රෝගී වූ කාන්තාවන් මට මුණගැසී ඇත. අප පොළොවේ අඩිය ගසන විට පතුල සම්පූර්ණයෙන්ම පොළවට සමාන්තරව තිබිය යුතුය. එහෙත් ඇතැම් කාන්තාවන් අඩි උස සපත්තු පළඳින නිසා පතුල පොළවට සමාන්තරව නොතැබෙයි. ඇඟිලිවලට වැඩි බරක් දැරීමට සිදුවෙයි. එවිට ඇඟිලි පුරුක් සන්ධි සහ පිටිපතුලේ ඇති පාදකෘච්ඡුාසථි වේදනාවට පත් වෙයි. සන්ධි තෙරපීම නිසා විවිධ ආබාධ ඇති වෙයි. එසේම විලූඹ උඩට තෙරපීම නිසා කෙණ්ඩයේ ඇති බලනහර හෙවත් උග නහර උඩට තෙරපෙයි. වළලූකර හන්දිය සහ දණහිස යට ඉදිමීම ඇති වෙයි. නහර ගැටගැසීම ද සිදුවෙයි. පාවහන් නැතිව ඇවිදීම අපහසු වෙයි.
තවද සමහරු යතුරුපැදි ධාවනය කරන විට බැනියමක්, කමිසයක් ඇඳගෙන ඊට උඩින් අත් දිග තද කබායක් ද අදිති. මෙය ඉතා භයානකය. ඉතා භයානක වන්නේ තද අව් රශ්මිය ඇතිවිට එසේ ඇඳුම් ඇදීමත් පාද වැසෙනසේ මේස් සහිතව පාවහන් පැළඳීමත්ය. වාහනය ධාවනය කරන විට හෘදයේ කි‍්‍රයාකාරිත්වය නිසි පරිදි විය යුතුය. ස්වසනය සඳහා පෙනහලූ නිසි පරිදි කි‍්‍රයාත්මක විය යුතුය. අව් රශ්මිය නිසා ගලන ඩහදිය පිටවිය යුතුය. ශරීරය (විශේෂයෙන් පපුව* සිසිල් විය යුතුය. දෙපාවලට නිසිල අවශ්‍යය. එසේ නොවන විට මරණය පවා සිදුවිය හැක. පෙනහලූ රෝග හෘද රෝග සහ කුෂ්ට රෝග ඇති වෙයි. තද ශීතල ඇති අවස්ථාවක නම් එසේ ඇඳුම් ඇදීම වරදක් නොවේ. ඇඳුම් පැළඳුම් කළ යුත්තේ ශරීරයේ උෂ්ණත්වය සහ සිසිල සමව නිසි පරිදි පවත්වා ගැනීම සඳහාය. අමුතු අලංකාරයක් පෙන්වීමට හෝ උජාරුවට හෝ ඇඳුම් පැළඳුම් නොකිරීමෙන් නිරෝගී බවත්, ආයුෂත් පහසුවත් ලැබිය හැක.
රා.මු.ක. බණ්ඩාර,
ආයුර්වේද විශාරද පණ්ඩිත
වේගොල්ල, මාස්පොත
0723920873