බ්‍රහස්පති තුලා රැසේ බලවත් වෙයි. බුධ වක්‍රයෙන් මිදෙයි.

මෙි වන විට සිකුරුට අයත් තුලා රැසේ  ඉදිරියට ගමන් කරන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එම තුලා වෙීම තමාගේම නැකතක් වන විසා නැකතේ එලබෙන ඔක්තෝම්බර් මස 11 දක්වා ගමන් කිරීම මෙතෙක් ගුරුගෙන් නොලඳ සුබඵල යමි පමනක උදා වීමකි.
එසේම අගෝස්තු 19  සිට බුධ ග්‍රහයා ද මෙතෙක් ගමන් ගත් කටකයේ සිය වක්‍රයෙන් මිදී (තමා සිටින රාශියේ පසුපසට ගමන් කිරීම) නීවෘත තත්වයට හෙවත් කටකයේ සාමාන්‍ය තත්වයට පත් වනු ඇත. එතැන් සිට සැප්තැමිබර් 02 ක දක්වා සති දෙකකට ආසන්න කාලයක් බුධ ග්‍රහයා සඳු ට අයත් කටකය තුල සිය සතුරු ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. එම තත්වය කටකය තුල බුධ වක්‍ර වූ කාලය තුල නොලඳ සුබඵල යමි පමනක උදා වීමකි.


ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයින් අතරින් ලාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා සූර්්‍යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුමි 2705 ක පමණ විිශ්කමිභයක් ඇති ග්‍රහයෙකි- අප වාසය කරන පෘථීවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්්‍යයා හෙවත් රවි සමගම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත- ග්‍රහ ලොව ඥාාන කරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළදාමට හා මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය-
ජ්‍යොතිෂයේ දී බ්‍රහස්පති හෙවත් ගුරුට හිමිව ඇති ස්ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා ද  වෙයි. අප ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය.   ඉතාමත්ම යුක්ති සහගත අධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. එසේම ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස ද හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම  නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි හෙවත් සූර්යයාට පමණි.  ඔබ අප  ජීවත්වන පෘථීවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට  අමතරව ගුරු හට අංගීරස, ආර්ය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. උපමාවෙීදී අප ගුරු ග්‍රහයා පුළුල් නලල් තලයක් හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්ත ග්‍රහයෙකු ලෙස හඳුන්වයි-
මෙම ග්‍රහ තත්වයන් දෙකම සැලකිල්ලට ගැනීමෙිදී ව්‍යාපාරිකයන්ට ජනමාධ්‍යවෙිදීන්ට මෙන්ම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා ඒ අශ්‍රත කටයුතු, පාසල් හා විශ්ව විද්‍යාල, නීතිය, ජ්‍යොතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත් පත් හා වෙළදාම මෙන්ම මුද්‍රණ කර්මාන්තයටද මෙම බුධ හා ගුරු ග්‍රහ තත්ව වෙනස යමි පමනක  යහපත් වන්නේය- එම අංශ වල යමි  ප්‍රගතියක් ඇති වනු ඇත- බඳු බර යමි පමනකට පහල යනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ, හා  අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු හා ප්‍රශ්න  යමි පමනක විසදී යන කාලයකි. නීති අංශ වල වෙනස්කමි ඇතිවන කාල සීමාවකි. උසස් ප්‍රභූන්ට, බුද්ධිමතුනට මෙන්ම සංඝයා වහන්සේලාට පසුගිය කාලයට වඩා සහන දායකය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබූ නොයෙක් ගැටළු හා ප්‍රශ්න යමි පමනකට විසදී යනු ඇත.
බුධ හා ගුරු ග්‍රහ වෙනසේ ලග්න පලාපල

මේෂ ලග්නය

ඹබට මිශ්‍ර ඵලදායි වනු ඇත. අසනීප පීඩා කරදර ආදියෙන් යම් සහනයක් හා සුවයක් ලැබෙනු ඇත. ආදායම් මාර්ග සරු වන අතර, වෙළඳ වා්‍යාපාර වලින් දියුණුවක් ලැබෙයි. ව්‍යාපාර හා දේපල ලාභ ඇතිවිමට ඉඩ ඇත. නව මිතුරන් ඇසුරට ලැබෙයි. ප්‍රීති උත්සව වලට සහභාගී වීමට අවස්ථා උදාවනු ඇත. විදේශ ගමන් සාර්ථක වේ.
වෘෂභ ලග්නය –
කාර්යබහුල කාලයකි. ඒ වගේම රැකියා ස්ථානයෙන් මාරුවක් නම් හිමි වීමට ඉඩ තියනවා. අධ්‍යාපන කටයුතු සදහා  විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුඵ අනතුරු වලට ලක්විය හැකිය.ි සහෝදරයින්ට සුභවෙයි. නව මිතුරු සභදතා ගොඩ නැගේ.

මිථුන ලග්නය

සුඵ සුඵ අසනීප හැර සෞඛ්‍ය තත්වය යහපත්ය. ඔබට ශුභ දායකවනු ඇත. ඹබට ඉහල තනතුරු හා රැකියා උසස්වීම් ලැබෙයි. ඹබගේ ඡනප්‍රියතාව ඉහල යන අතර සමාජයේ ගෞරවයටද පාත්‍ර වෙයි. මංගල යෝජනා ස්ථීර වන අතර පෙම්වතුන්ට ශුභදායක වනු ඇත. උසස් අයගේ ආධාර උපකාර හා විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වෙයි. දරුවන්ගේ දියුණුවට කරණා කටයුතු සාර්ථක වෙයි.

කටක ලග්නය

තනතුරු ලාභ ලැබෙයි. උසස් අධයාපන කටයුතු සාර්ථක වන අතර නමුත්  මේ කාල සීමාව තුල ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. ඒ අසනීප නිසා රැකියාවේ හදිසි පහත වැටීම් ඇතිවිය හැකියි. අදාල නොවන කටයුතු නිසා  රැකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත. එම නිසා ආදායම් තත්වය පහල යාමට හැකිය. විවාහ බාධා ඇති වූ  අවිවාහක අයට එම කටයුතු සාර්ථක වන අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි.

සිංහ ලග්නය

ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. රැකියා ස්ථානයෙන් හෝ වාසස්ථානයෙන් මාරුවක් වගේම  රැකියාවේ උසස් වීම් වගේම හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවේ. වාහන හා දේපල ලාභ හිමිවීමෙි අවස්ථා උදා වනු ඇත.

කන්‍යා

හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. නව රැකියා හා විදේශ රැකියා මෙන්ම ධන ලාභ මංගල යෝග හවුල් ව්‍යාපාර ලාභ මේ කාලයේ උදාවනු ඇත. ශරීර සෙෘඛය අනුව ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇත.  මේ කලය තුල ප්‍රසිද්ධිය කීර්තිය වැඩිවන අතර ලොතරුයි ජයග්‍රහනද බලාපොරොත්තු විය හැකිය. නව රැකියා හා  විදේශ රැකියා  මෙන්ම ධන ලාභ මංගල යෝග හවුල් ව්‍යාපාර ලාභ මේ කාලයේ උදාවනු ඇත.

තුලා

ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනිප වලින් යම් සුවයක් අත් වේ. ගෘහ ජීවීතය තුල වැය පක්ෂය ඉහල යනු ඇත. එදිනෙදා කටයුතු වලදි යම් ආවේගශීලි තත්වයක් දක්ට ලැබේ. උසස් කෙනෙකු හේ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. ආරක්ෂිත සේවා වල අයට සුභ දායක වේ. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනයට සුභ දායක වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත.

වෘශ්චික

උසස් අධ්‍යාපනයට ඉතාම හොදයි. වන්දනා ගමන් මෙන්ම ගමන්  බිමන් නම් අධික වේවි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්වය ඉහල යනු ඇත. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් උදා වෙි විදේශීය හිතවතුන්ගේ උදවු උපකාර ලැබේ.

ධනු

සෙමි ආශ්‍රත රෝගාබාධ ඇති විය හැකියි.  නමුත් ආදායම් තත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. ධනු ලග්නහිමිඔබටමෙමකාලයසියළුඅංශවලින් මධ්‍යස්තව සුභදායකයි.  දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු  ඇත. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝවිට උදාවේ. මැණික් වාසනා හිමිය. කැපී පෙනෙන රෝගා බාධ දක්නට නොමැත.

මකර

රැකියා අංශ වල විසිතුරු භාණ්ඩ අලවිය වැනි අංශ වලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්භන්ධව ගැටළු පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වැං රැකියා වල නිරතවන්නන්ට සුබ දායකය.

කුම්භ

පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්වය ඉහල යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත.  ධනය අතින් යහපත්ය.උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර  අංශ වලට සුභ දායක වේ. අචිවාහකඅයට මංගල යෝජනාඋදාවෙි. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝ විට උදාවේ.

මීන

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සාමාන්‍ය සුබයි.  මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය  සුභය. රැකියා අංශ වල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ.

sampathජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ
0382293771 / 0772753100