ඔබේ පැතුම් ඉටු කර ගැනීමට කතරගම දේව ආශිර්වාදය ලැබෙන සුභ දායක බලවත් වූ දින 03 ක් උදාවේ.

වත්මන් නවග්‍රහ සිත්තමට අනුව මෙි වන විට ග්‍රහ ලොව සෙන්පති හෙවත් අගහරු (කුජ) ග්‍රහයා සිය අධි බලවත් උචිච රාශිය වන මකරයේ ගමන් කරයි. ඒ අනුව එම කුජ ග්‍රහ තාරකාව එලබෙන නොවැමිබර් මස 03 වන ශනි දින සිට නොවැමිබර් මස 06 වන කුජ දින දක්වා අංශක 28 යි කලා 12 ට පිවිස අති උචිච තත්වයට පත්වනු ඇත. මෙය කුජගේ බලය අධි බලවත් වන අවස්ථාවකි.


ඒ අනුව මෙි ආකාරයට කුජ හෙවත් අඟහරු බලවත් වීම කතරගම දෙවියන්ගේ දේව ආකර්ශනය නොවඩුව ලබා ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත. එසේම හින්දූන්ගේ පිළිගැනීම අනුව ද කුජ හෙවත් අඟහරු ශ්‍රී කන්ද කුමාර හෙවත් කතරගම දෙවියන් බව විශ්වාසයයි.
ඒ අනුව මෙම ග්‍රහ තත්වය පදනමි කර ගනිමින් එළබෙන නොවැමිබර් මස 03 වන ශනි දින සිට නොවැමිබර් මස 06 වන කුජ දින දක්වා කාල සීමාව තුල ඔබට පවතින සියළු අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමටත් රැකියාවන්ට ඉදිරිපත් වී රැකීරක්ෂා ලබා ගැනීමට, විභාග වලට පෙනී සිටීමෙන් ජය ලබා ගැනීමට, නඩු වලට පෙනි සිටීමෙන් ඒවා ජයග්‍රහනයට (සාධාරණ), මෙන්ම ව්‍යාපාර දියුණුකර ගැනිමට, වාහන ආරක්ෂාවට, අඩපන වූ වෙළදාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම් වලක්වා ගැනීමට, දරු සමිපත් ලබා ගැනීමට පිහිට පැතීමට කතරගම දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොමදව ලබා ගැනීමට හැකි ඉතා සාර්ථක හා ප්‍රතිඵලදායක කාල සීමාවක් ලෙස මෙම කාල සීමාව හඳුන්වා දිය හැකිය.
එසේම පහත සඳහන් අත්දුටු සත්‍ය වූ මංත්‍රය හා දේව පූජාව ද නිවැරදිව ඉටු කරීම තුලින් සුභදායක ප්‍රතිඵල ලබා ගත හැකිය.
කතරගම දෙවියන්ගේ රූපයක් ඉදිරියේ රත් නෙළුම්  රත් පැහැති මල් සහ සියලුම රත් පැහැති මල් වර්ග තබන්න. පොල් තෙල් පහනක්ද දල්වා සුවඳ දුම් අල්ලන්න. ඉන් පසු මෙම වේද මූල මන්ත්‍රයෙන් 21 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ඡප කරන්න.

මන්ත්‍ර ඡපය

ඕං වල්ලිදේව සේනාසමේද
ශ්‍රී සුබ්‍රමණියාය ශ්‍රී පාදුකම් පූඡයාමිනමඃ
තර්පයාමිනමඃ
ඕං ස්කන්ධාය නමඃ
ඕං ගුණාය නමඃ
ඕං ශන්මුඛාය නමඃ
ඕං ප්‍රභවේ නමඃ
ඕං ක්‍රිතිකාසුනාවේ නමඃ
ඕං කුමාරයාය නමඃ
ඕං අග්නි ඡන්ම තේ නමඃ
ඕං ගංග සුධාය නමඃ
ඕං ශක්ති ධාරාය නමඃ
ඕං සේනාය නමඃ
ඕං ධිසන්භූඡාය නමඃ
ඕං තක් පුරුෂාය විද්මාහී
මහා සේනාය විමාහී
තතෝශනේමුඛ ප්‍රචෝදයාන් !!!

ඉහත දින වල රාත්‍රී කාලයේ 10.47 ත් 11.11 ත් අතර කාලය තුල මෙම මන්ත්‍රයෙන් ඡීවමි සිද්ධි කිරීමෙන් තම අපේක්‍ෂාවන් ඉටුකරගත හැක. ඉතාම පවිත්‍රව පංච සීලයෙහි පිහිටා පවිත්‍ර සිතින් මෙම මන්ත්‍රය කතරගම දෙවියන් ඉදිරියේ කිව යුතුය. කතරගම දෙවියන් පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව කල යුතු වෙයි. රැකියාවන්ට ඉදිරිපත් වීම, විභාග වලට පෙනී සිටීම, නඩු වලට පෙනි සිටීම (සාධාරන), ව්‍යාපාර දියුණුකර ගැනිමට, අඩපන වූ වෙළදාම් දියුණු කර ගැනීමට හා විවාහ ප්‍රමාදවීම් වැලකීමට යෙදිය හැකි විද්‍යාත්මක ක්‍රම වේදයකි.
කතරගම දේව පූජාවක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :‐

  • ලද පස් මල්
  • බුලත් කොළ 21
  • පලතුරු ( අඹ, අන්නාසි, රත්, කෙහෙල්, දොඩම්, නාරං, උගුරැස්ස, දිවුල්, උක්ගස්, බෙලි, වැල වරකා, කොමඩු හා තැඹිලි ගෙඩියක්)
  •  කැවිලි වර්ග (අග්ගලා, තල කැරලි, හකුරු, අතිරස, හඹල පෙති)
  • ඇටි ඇට ‐ (උඳු, මුං, තල , මෑ, වී යන මෙම ද්‍රව්‍ය කබලේ බැද ගන්න.)
  • සුවඳ වර්ග ‐(කපුරු, හඳුන්කූරු, සඳුන් තෙල්, පිනි දිය)
  • පහන් දැල්වීමට තෙල් (මැටි පහන් 3ක් හා තල තෙල්, පොල් තෙල් හා අඹ තෙල්)
  • රතු මල් වට්ටි 1කි.
  • රතු රෙදි යාර 11/2
  • බෙලි කොළ, සාම්බ්‍රානි, රත් හඳුන්, සුදු හඳුන්, දේව දාර හා කවඩි යන මේවා එකට කුඩු කර වියලා සකස්කර ගත්ත සුවඳ දූපය
  • රතු මල් මාලයක්
  • තමන්ට හැකි පරිදි පඩුරක්
  • රිදී පඩුරු 1යි
  • රතු පාට වහන්තරා ලේන්සු 2ක්
  • කහ වතුර ස්වල්පයක්
  • පූඡාව සකස් කිරීමට පිරිසිදු වට්ටි 2ක්
  • පොල් කටු අගුරු හා දුන් කබල

ඉතාමත් පිරිසිදුවට සකස්කර ගත් මෙම පූඡා ද්‍රව්‍ය පලතුරු වර්ග එක් වට්ටියක් ලෙසද අනෙකුත් පූඡා ද්‍රව්‍ය තවත් වට්ටියක් ලෙසද සකස්කර ගන්න. ඉන් අනතුරුව පූජව තබා ඉහත දැක්වූ මංත්‍රය 21 වරක් හෝ වැඩි වාරගනනක් ජප කිරීම  ඉතා සුදුසුය.
ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේවා.

 

sampathජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ
0382256020 / 0772753100