ගැස්ට්‍රයිටිස් හා දියවැඩියාව අතර සම්බන්ධය (2)

ගැස්ට්රයිටිස් රෝගය තවත් ප්රධාන රෝග ගණනාවක මූලාරම්භක හේතුව වන්නේ ඇයි?

ගැස්ට්රයිටිස් හෝ ඒ ආශ්රිත වූ ආහාර ජීර්ණ යාන්ත්රණය අඩාල කරවන්නා වූ තත්ත්වයන් කලක් පැවැත්වීමෙන් ශරීර ඉන්ද්රියයන් හා පද්ධතීන්වල යහපත් ක්රියාකාරිත්වය පවත්වාගැනීමට දායක වන අත්යවශ්ය පෝෂකයන් නිසි ලෙස නොලැබී යාමෙන් ඒ ඒ ඉන්ද්රිය පද්ධතීන් දුර්වල කිරීම නිසා එම විවිධ රෝග වැළඳෙයි.
එය තවදුරටක් විස්තර කරනවා නම්…

ශරීරයේ පැවැත්ම, ශක්තිය සහ පෝෂණය සපයන්නේ අපගන්නා ආහාරවලිනි. එම ආහාර මුලින්ම රස ධාතුව බවටත් ඉන්පසු රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්ර යනාදි (සප්ත ධාතු) වශයෙන් අනෙකුත් ධාතූන් නිර්මාණය කරමින් පෝෂණය සහ ශක්තීන් ද ප්රේරණය කරයි.
මේ ආකාරයට සප්ත ධාතූ නිර්මාණයේදී එහි මූලාරම්භය වන රස ධාතුව නිවැරදිව නිර්මාණය වුවහොත් පමණක් අනෙකුත් ධාතුන්ගේ ක්රියාවන් ද යහපත් වේ. එසේ නොවුනහොත් රස ධාතුවෙන් නිර්මාණය වී පෝෂණය වන රක්ත ධාතුව ද (රුධිරය) දුෂිත තත්ත්වයට පත් වේ.
රක්තය දූෂිත වූ විට එය තවත් රෝග ගණනාවකටම හේතු වේ. රක්තයේ ඇති දුෂිත කොටස් ශරීරයට හානිකර බැවින් ඒවා ඉවත් කිරීමේ ස්වභාවික යාන්ත්රණයක් පවතී.
එහි ප්රතිඵලයක් ලෙස රක්තය දූෂිත වූවන් හට වාතරක්ත කුෂ්ඨ සහ විවිධ සමේ රෝග ඇති කරමින් දූෂිත කොටස් ශරීරයෙන් පිටතට මුදාහරී. එමෙන්ම දූෂිත රක්තය ඇසුරු කරන ඕනෑම ඉන්ද්රියයක් හෝ පද්ධතියක් දුර්වල වී රෝග හටගැනීමේ වැඩි ප්රවණතාවයක් ඇත.
මාංශ ධාතුව දූෂණය වීමෙන් මාංශ පේශීන් ඉහිල්වීම් සහ කෙන්ඩා පෙරලීම් වැනි තත්ත්වයන් ද මේදස් ධාතුව දූෂණය වීමෙන් කොලෙස්ටරෝල් අධික වීම සහ එහි අතුරු ආබාධ ගණනාවක්ම ඇතිවිය හැකි ය.
ගැස්ට්රයිටිස් හෝ වෙනත් ආහාර ජීර්ණ ක්රියාව දූර්වල කරන රෝග තත්ත්වයන්හි ප්රතිවිපාකයක් ලෙස ආහාරවල ඇති චුර්ණකර ධාතු (කැල්සියම් සංචිතයන්) අවශෝෂණය අඩාල වීමෙන් අස්ථි දත් සහ නියපොතු විකෘති වීම හෝ දුර්වල වීම සිදු වේ.
මජ්ජා ධාතුව දූෂණය වීමෙන් ඇතිවන රක්ත හීනතාවයන් නිසා පාණ්ඩු කාමලා ආදී රෝග ඇති වේ. ශුක්රධාතුව දූෂණය වීම නිසා වඳභාවය සහ විවිධ ලිංගික දුර්වලතා හටගනී.
එනම් ස්ත්රී, පුරුෂ දෙපක්ෂයටම ජනනේන්ද්රිය ආශ්රිතව විවිධ දුර්වලතා වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන්නේ ද මෙවැනි කාරණා හේතුවෙනි.

එම රෝග ලක්ෂණයන් මොනවාද?

කාන්තාවන්ගේ
■ අක්රමවත් ඩිම්බ මෝචනය
■ අක්රමවත් මාස් ශුද්ධිය
■ ලිංගික දුබලතා
■ ස්ත්රී බීජ දෝෂ සහ ඩිම්බ නොමේරීම
■ ගර්භාෂයේ ලිහිල් බව
■ ශ්වේත ප්රදර (සුදයාම)
■ රක්ත ප්රදර

පිරිමින්ගේ
■ මෛථුනයෙන් (කායිකව එක්වීමෙන්) පසු ඇතිවන අධික වෙහෙස
■ ක්ලෛව්ය (ලිංගික ශක්තිය හීනවීම)
■ ඉන්ද්රිය ලිහිල් බව
■ ශුක්ර නාල අවරෝධය
■ ශුක්ර ක්ෂය
■ වෙනත් ලිංගික දුබලතා

එතකොට මෙම රෝග ආයුර්වේද වෛද්ය ක්රම ඇසුරින් ස්ථිරවම සුව කරගන්න පුලුවන්ද?

ඔව්, නිවැරදි ක්රමවේදයක් තුළ ආයුර්වේද වෛi ප්රතිකාර කිරීමෙන් මෙම රෝගවලට ස්ථිර සුවයක් ලබාගත හැකි ය.

ආයුර්වේද වෛද්ය විද්යාව තුළ රෝග ස්ථිරවම සුව කරන නිවැරදි ක්රමවේදය කුමක්ද?

රෝග නිදානය හෙවත් පවතින රෝග තත්ත්වයන්ට හේතු වූ මුලික කාරණා සොයා එම හේතූන් ඉවත් කිරීමට ප්රතිකාර යෙදීමයි.

එතකොට දියවැඩියා රෝගයට ප්රතිකාර කරන ක්රමය කුමක්ද?

දියවැඩියා රෝගයේදී ප්රධාන වශයෙන් අග්න්යාශය දුර්වල වී එහි ප්රධාන කාර්යයක් වන ලේවල ග්ලුකෝස් මට්ටම පාලනය වන යාන්ත්රණය අඩාල වන නිසා බොහෝවිට ග්ලූකෝස් මට්ටම ඉහළ යයි.
මෙම අවස්ථාවේදී ජනප්රිය සමාජගත ක්රමය වන ලේවල ග්ලූකෝස් මට්ටම අඩු කිරීම සඳහා ආහාර සහ ඖෂධ යෙදීම අසාර්ථක වී ඇත.
අග්න්යාශය සුවපත් කිරීමට ඖෂධ යෙදීම වඩාත් ප්රතිඵලදායක බව දේශීය පාරම්පරික වෛiවරුන්ගේ අත්දැකිම් ඇසුරින් පවසන දෙයක් වන අතර සුවපත් වූ අග්න්යාශයික ක්රියාවන් මගින් ස්වයං සිද්ධවිම නැවත ලේවල ග්ලුකෝස් හානිකර නොවන මට්ටමට ගෙන එයි. එමඟින් දියවැඩියාවට ද ස්ථිරසාර සුවයක් ලබාගත හැකි ය.

දියවැඩියාව, ගැස්ට්රයිටිස් හෝ වෙනත් හේතූන් නිසා හටගන්නා ලිංගික දුබලතාවයන්ට ප්රතිකාර කරන ක්රමය කුමක්ද?

මුලින්ම පවතින රෝග තත්ත්වයන්ට අදාළ ප්රතිකාර යෙදීම සමඟම ශුක්ර ක්ෂය නිසා ඇතිවන ලිංගික බෙලහීනතාවය ආදී තත්ත්වයන් ඇතිවිටදී ආයුර්වේදයේ සඳහන් වාජීකරණ සහ රසායන ඖෂධ අවස්ථානුකුලව යෙදීම තුළින් නැතිවී ගිය ශක්තීන් යළි අවදි කිරීම මෙහිදී සිදු වේ.

ප්රතිකාර කිරීමේදී වර්තමානයට ගැළපෙන විශේෂිත ක්රම තිබේද?

කාර්යබහුල තත්ත්වයන් යටතේ රැකියාවන් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගතහැකි වන පරිදි ගුණාත්මකභාවය සහ ක්රියාකාරිත්වයෙන් ඉහළ ඖෂධ ගණනාවක්ම නිර්මාණයකර තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකි ය.

රන්පත වෙදමැදුර
නො. 663, නුවර පාර, පෑලියගොඩ (පට්ටිය හන්දියේ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල)
071 300 90 88, 076 7 274 674, 011 4 344 599
ක්ෂණික ඇමතුම්: 071 300 7000
වෙබ්: www.ranpathawedamedura.com