මුත්‍රා ගල් පිත්තාශයේ ගල් සුවකරන
පාරම්පරික ආයුර්වේද පිළියම් ?

වෛද්‍යතුමනි මොනවද මේ මුත්‍රාගල් / පිත්තාශයේ ගල් කියන්නේ?

මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානය වන විට දැකගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශ්‍රිත කළාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල් අශ්මරී ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ගණ වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරී ලෙසින් ද හැඳින්වේ.

වෛද්‍යතුමනි, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරතවීම සමගම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කථාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ගල් ඇති වූ විට දී රෝගියා මුහුණදෙන අපහසුතා මොනවාද?

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කළවා සහ ඉකිලි ප්‍රදේශය දක්වා ගමන්කරන වේදනාවක් හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට ද තද කැක්කුම් ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කළවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරිවැටෙන ස්වභාවයක් ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්‍ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වාදිය හැකිය.
මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමග රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත හැකි වේ.
තවද ශුක්‍ර නාල අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇතිකරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණ වීම නිසා ඇතිවන ස්ඵටික ශුක්‍ර නාලවල සිරිවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවන අවස්ථා ද දැකගත හැකිවේ.

මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණදීමට සිදුවන අපහසුතා මොනවා ද?

මෙසේ මුත්‍රා මාර්ග හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකිය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශ්‍රිතව තද වේදනාවක් ද ඇති විය හැකිය. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක් ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ.
පිත්තාශයේ ගල් ඇතිවීම පිළිබඳ පැහැදිලි කළොත් මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිත කැක්කුම් ඇති නොවේ. බොහෝ දුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව ඇතිවිය හැකි වේ. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්තනාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලැබේ. ඇතැම් විට එසේ පැමිණෙන ගල් අවහිර වුනොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, එවැනි පිඩාකාරී තත්ත්වයන් ය.
තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇති වී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය.

එතකොට වෛද්‍යතුමණි පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු?

ආහාර ජීර්ණයේ දී ඇතිවන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත්වේ. තවද වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්කාලි සමග හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා කැල්සියම් ඔක්සලේට් වැනි පදාර්ථ ඇති වේ.

මෙවැනි රෝග සඳහා පවතින පිළියම් ලෙස ඔබතුමන් දක්වන අදහස?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවයන් ය. ආහාර ජීර්ණයේ විෂමතාවයන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජිර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදුවේ. එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම අතුරු ආබාධ ඇතිවීම ද සිදු නොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතා ද දුරු වී යනු ලැබේ. මුත්‍රාශ්මරී, පිත්තාශ්මරී රෝගයන්ට සමගාමීව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් සහ ඒවාට ඔබතුමන් ඉදිරිපත් කරන නව

ප්‍රතිකාර ගැන සඳහන් කළොත් ?

මෙවැනි රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝග ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම, මළ බද්ධය, බඩගින්න ඇති වීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දෝෂ (ගැස්ට්‍රයිටීස් මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී) හිසේ කැක්කුම, නින්ද නොයාම, අධික නිදිමත, අධික ලෙස කේන්තියාම, ඇස් කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්සීම, අත් පා ඇඟපත දැවිල්ල, අත් කකුල් ඇඟිලි හිරිවැටීම් ආදී බොහෝ රෝග ලක්‍ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන් ද පෙළේ.

වෛද්‍යතුමනි මේ ආකාරයට සංකීර්ණ හෝ රෝග තත්ත්වයන් ගණනාවක් සමඟ හමුවන රෝගීන්ට ප්‍රතිකාර කරන පාරම්පාරික ආයුර්වේද ක්‍රමවේදය කුමක්ද?

විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියැළෙන්නන්ට එක පිට එක රෝග තත්ත්වයක් හෝ ලක්‍ෂණයක් පිළිබඳ පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්‍ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයාබලා සැලසුම්සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග ස්ථිරවම සුවකරගත හැකිය.
නමුත් වෛiතුමනි බොහෝ අයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන දැඩි විශ්වාසයක් තිබුණත් එම ප්‍රතිකාරයන්ට යොමු නොවන්නේ මීට අදාළ

ඖෂධ වර්ග සෙවිම, ක්‍ෂාය තැම්බිම වැනි ගැටලු පවතින නිසායි. ඒ සඳහා කිසියම් පිළියමක් තිබෙනවාද?

ඔව් ඒක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. හැමදෙනාම වගේ කාර්යයබහුල නිසා මෙවැනි අවස්ථාවලදී යොදන ප්‍රතිකාර ක්‍රම පහසු විය යුතු බව මට වැටහුනේ මා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස ඉන්න කාලයේ දීමයි. ඒ නිසාම මට ගුරුහරුකම් දුන්න මගේ සීයාගෙනුත් මගේ පියාගෙනුත් අනෙකුත් ගුරු වෛද්‍ය වරයන්ගෙනුත් ඉගෙනගන්නට ලැබුණු ඖෂධ පිළිසකර කිරීමේ ක්‍රමවලට නවීන තාක්ෂණය හැකි පමණින් යොදාගන්නට පෙළඹුණා. අප වර්තමානයේ පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ සකසන්නේ ඒහි ප්‍රතිඵලයක් හැටියට යි.
එම ඖෂධ අතර අප විසින්ම වගකීමෙන් සකස් කරදෙන කසාය වර්ග, පෙති බවට/කැප්සුයිල් බවට පත් කළ ඉතා ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ වර්ග, පහසුවෙන් භාවිතා කළ හැකි ගුලි, චුර්ණ, කල්ක වැනි ඖෂධ වර්ග බොහෝදෙනකු අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වුනු බව කිව යුතුමයි. ඊට හේතුව මෙම ඖෂධ වැඩපලවල යෙදිමෙන්ම කාර්යාලයක, වැඩ බිමක, අධ්‍යාපනය ලබන අතරතුර, විදේශයක වැනි ඕනෑම අවස්ථාවක සිටින කෙනෙකුට වූවත් පහසුවෙන් භාවිතා කළ හැකි වීමයි.
මේ සා උතුම් වු රෝග නසාලන පාරම්පරික වෛද්‍ය කර්මයන් වලපල්ලට යන්නට ඉඩ නොදි ඒවා වර්තමානයට ගැලපෙන ලෙස භාවිතයට ගත හැකි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ක්‍රම රුකගැනීම කාගෙත් වගකීම වන්නේ ය.

රන්පත වෙදමැදුර
නො. 663, නුවර පාර, පෑලියගොඩ (පට්ටිය හන්දියේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල)
071 300 90 88, 076 7 274 674, 011 4 344 599
ක්‍ෂණික ඇමතුම්: 071 300 7000
වෙබ්: https://youtu.be/dy94lbdLWXw/ https://subanetha.com/2018/12/31/% / www.ranpathawedamedura.com