උකුල් ඇටය දිරා ගොස් ඇඳට වැටුණු රෝගී කතක් යළි කෙළින් කළ විශ්මිත ආයුර්වේද ප්‍රතිකාර

ඇයගේ වයස අවුරුදු 48 යි. මෙයට වසර 5 කට පෙර ඇගේ ඉණ ප්‍රදේශයේ සහ දෙකලවාවලට උඩින් උකුල් ඇටය ආශ්‍රිතව සිහින් වේදනාවක් හට ගන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගට වර්ධනය වුණා. වේදනාව හටගෙන අවුරුද්දක් පමණ ගත වෙද්දී ඇගේ උකුල එහාට මෙහාට හැරවීමට දුෂ්කර වුණා. දෙවැනි වසර වන විට වේදනාව දරන්න බැරි තරම් වර්ධනය වුණා.

දවස් ගණන් ඇඳෙන් නැඟිට ගන්න බැරිව සිටිඇය ුලින් පැරසිටමෝල් වේදනා නාශකයටත් පසුව ඊට වඩා බලගතු වේදනා නාශකවලටත් ඇය පුරුදු වුණා. විවිධ ගොඩ බෙහෙත් කළත් වේදනාව සුවපත් වූයේ නැති නිසා ඇය වෛද්‍යවරයකු වෙත ගියා. එවිට ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කෙරුණා. එතැනදී එක්ස්රේ කිහිපයක් සහ ස්කෑන් පරීක්‍ෂණ කිහිපයකුත් ලබාගත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ඇගේ උකුල් ඇටය දිරාගොස් ඇති බවයි. ඊළඟට කළ යුත්තේ කුමක්ද කියා ඇය හැඬූ කඳුළින් යුතුව වෛද්‍යවරයාගෙන් විමසුවා.
“කෘත්‍රිම උකුල් ඇට බද්ධ කිරීම පිටරටවල තිබෙනවා. ඒත් ලංකාවේ එය හරියාකාරව කෙරෙන්නේ නැහැ. මේකට විකල්පයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඇඳට වෙලා විවේක ගැනීම. වෛද්‍යවරයා කිව්වා.
ඉතින් ඇය ඇඳට වෙලා හැඬූ කඳුලින් කාලය ගත කළා. ආයුර්වේද වෛද්‍ය එම්. ඒ. මදනායක ගැන ඇයට ආරංචි වන්නේ එවිටයි. සිංහල බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් ගැන එතරම් විශ්වාසයක් නැති වුණත් ස්වාමියාගේ සහ දරුවන්ගේ ඇවිටල්ල මත ඇය වෛද්‍ය මදනායක මහතා වෙත ගියා. එතැන් සිට කතාව අපි වෛද්‍ය මදනායක මහතාගෙන් විමසමු.
ප්‍රශ්නය – වෛද්‍යතුමනි මේ කාන්තාවගේ උකුල් ඇටය දිරා ගියේ කොහොමද?
වෛද්‍ය මදනායක මහතා – ඇය මා ගාවට ගෙනෙන විට උකුල් ඇටය දිරා ගිහින් බව ලෙඩාගේ භාකරුවන් කිව්වේ නැහැ. ඔවුන් කිව්වෙ ඇයට දරුණු කොන්දෙ අමාරුවක් තිබෙන බවයි. ඉතින් මම මුලින්ම ඇගේ නාඩි බැලුවා. එතැනදී මට තේරුණා ඇගේ ඉනෙන් පහළ බරපතළ රෝග තත්ත්වයක් තිබෙන බව. ඊළඟට මම ඇගේ උකුල් ඇටය දෙපැත්ත ඇඟිලිවලින් තද කරලා බැලුවා. එතැනදී තමයි මට තේරුණේ ඇගේ උකුල් ඇටය දිරා ගිහින් තිබෙන බව. මෙය අවුරුදු 3 ක් විතර පරණ තත්ත්වයක් බව මට තේරුණා. මම ඒ බව ඇයට කිව්වාම ඇගේ සැමියා දිරාගිය උකුල් ඇටයේ එක්රේ කිරණ ඡායාරූප ඉදිරිපත් කළා. ඔහු ඇහුවා ඇගේ උකුල් ඇටය දිරා ගියේ කොහොමද කියලා. මෙය රෝගයක්. උකුල් ඇටය මාංශ පේෂීන් සමග සම්බන්ධවෙලා තිබෙනවා. මේ පේෂීන් අතරින් ගමන් කරන රුධිර නහර උකුල් ඇටයට රුධිරය සපයනවා. උකුල් ඇටයේ පැවැත්ම තීරණය වන්නේ ඒ අනුවයි. සමහරුන්ගේ උකුල් ඇටයට තිබෙන ලේ සැපයුම විවිධ හේතූන් මත නවතිනවා. එතැන් සිට උකුල් ඇයට පෝෂණය වීම නවතිනවා. එවිට උකුල් ඇටයේ ඝණත්වය අඩුවීමට පටන් ගන්නවා. ඊට පසු එය දිරනවා. මේ දිරා යෑමේ භයානකකම මෙයයි. උකුල් ඇටය දිරාගිය රෝගියා බිම වැටුණාම ඇටය දෙකට කැඩෙන්නට ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ අස්ථි භග්නයක් (කැඩීමක්) වුණාට එය ටික කලක් යද්දී කැල්සියම් මගින් හයි වෙනවා. එහෙත් උකුල් ඇටය දිරා යෑමේ රෝගයට ගොදුරු වුණ කෙනකුගේ ඇටයක් එහෙම හයිවෙන්නේ නැහැ.
ප්‍රශ්නය – ඔබ ඇයට ප්‍රතිකාර කළේ කොහොමද?
වෛද්‍ය එච්. ඒ. මදනායක මහතා – මා මුලින්ම කළේ ඇගේ වේදනාව නැති කිරීමයි. එය කළේ තනිකරම කසාය මගින්. අප ළඟ තිබෙනවා වේදනා නාශක සහ ප්‍රතිජීවක වශයෙන් ක්‍රියා කරන කසාය වට්ටෝරු. ඒවා මගින් රෝගියාගේ වේදනාව සතියක් ඇතුළත නවත්වන්න අපට හැකි වුණා. එතකොට තමයි උකුලේ වේදනාව නිසා තුන් අවුරුද්දක් අපා දුක් විඳි ඇය මුල් වතාවට වේදනාවක් නැතිව හිටියේ. ඊළඟට තමයි උකුල් ඇටයට ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. ඒ සඳහා සුදුසු තෙල් වර්ග අප ළඟ තිබෙනවා. මෙ තෙල් වර්ගවලට ගන්න අමුද්‍රව්‍ය ඉතා දුර්ලභයි. එහෙම කියලා අපි රෝගියාව ගසා කන්නේ නැහැ.
ප්‍රශ්නය – දැන් මේ රෝගී කාන්තාවගේ තත්ත්වය කුමක්ද?
වෛද්‍ය එම්. ඒ. මදනායක මහතා – දැන් ඇයට සම්පූර්ණයෙන් ම සුවයි. ඇය ගෙදර දොරෝ සාමාන්‍ය වැඩ කරගෙන කල්ගත කරනවා. හැබැයි ඇය කැල්සියම් සහ ඛනිජ ලවන ඇති එළවළු, හාල්මැස්සන් වැනි දේ අනුභව කළ යුතුයි. මස්, මාළු නොකන අට කැල්සියම් වර්ධනය පවත්වාගෙන යන්න සුදුසු ඖෂධ අප ළඟ තිබෙනවා.
ප්‍රශ්නය – ගෙල ඇටය දිරා යෑම නිසා අකර්මන්‍ය වූ රෝගීන් සුවපත් කරන්නේ කොහොමද?
වෛද්‍ය එම්. ඒ. මදනායක – ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්ථිය කොඳු ඇටය සමග සම්බන්ධ එහිම කොටසක්. මෙය දිරා යෑම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක් හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්ථා තිබෙනවා. ග්‍රීව අස්ථිය දිරා යෑම වෙනම ලෙඩක්. එය ෘැටැබැර්එසඩැ බැැන ඉදබැ ාසිැ්ිැ කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක් සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක් පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්ථි පඤ්ජරය දිරා යෑ පුදුමයට කරුණක් නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්ථි දිරා යෑම රෝගියා මියගිය පසුව නොව ඔහු/ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.
ප්‍රශ්නය – මෙවැනි දිරායෑම් වලදී ඔබ කරන්නේ කුමක්ද?
වෛද්‍ය එම්. ඒ. මදනායක ඇට දිරා යන්නේ ඇයි? එම ඇවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්නායු පණගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීයි. අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. මෙලෙස නිසා ලෙස ප්‍රතිකාර කිරීමෙන් කෙටි දින පරාසයකින් මේ රෝගය සුව කිරීමට හැකියි.
වෛද්‍ය එම්. ඒ. මදනායක
මදනායක ආයුර්වේද රෝහල,
අංක 59, බොරාල, වැලිගම
0710827836, 0412251321