සන්ධි වේදනාව, උදරය නෙරා ඒම තවදුරටත් පීඩාවක් කර ගන්න එපා

බෝනොවන රෝග පිළිබඳ කතාබහ කිරීමේදී සන්ධි රෝග පිළිබඳ බොහෝ තැනෙකදී අසන්නට ලැබේ. සන්ධි වේදනාව උග්‍ර වීමේදී අතක් පයක් සොලවා වැඩක් පලක් කර ගැනීමට නොහැකි වීමෙන් එක්තැන් වෙන්නට වී නම් යන බිය, බොහෝ වැඩිහිටි පිරිසගේ සිත් තුළ ඇති බව කතා බහේදී අසන්නට ලැබේ.


සන්ධි වේදනා අතර ඇතැම් අයට ඇවිද ගැනීමේ අපහසුව පවතී. අත ඔසවා හිස පීරා ගැනීමට නොහැකිව ලතැවෙන පිරිසක් මෙන්ම බෙල්ල හරවා ගත නොහැකිව පීඩා විඳින පිරිසක් ද සිටිති. උදෑසන අවදිවීමේදී දෙපා පොළවේ තබා ඇවිද ගැනීමට නොහැකි පිරිසක් ද සිටින අතර දණහිස වේදනාව ඉවසාගත නොහැකිව ලතවෙන පිරිසක් ද වේ. ඒ අතරට සන්ධි ඉදිමී වේදනා සහගත වීමෙන් පීඩා විඳින පිරිසක් ද සිටිති.
සන්ධි වේදනාවෙන් පීඩා විඳින්නෝ ඒ වෙනුවෙන් නොයෙකුත් ප්‍රතිකාර සඳහා යොමු වී සුවයක් නොලැබූ අය බව බොහෝ තැනෙකදී දක්නට ලැබේ. මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගත් වනපවන වෙද මහතා අවුරුදු දහස් ගණනක පුස්කොළ පොත් පරිශීලනය කරමින් සන්ධි වේදනා නාශක තෛලය නිපදවා ඇත්තේ සන්ධි වේදනාවෙන් පීඩා විඳින සැමගේ සුවය වෙනුවෙනි.
සන්ධි වේදනා නාශක තෛලය නිපදවීමේදී අනන්ත වූ බුදුගුණයේ සත්‍ය බලය ඒ තුළ එක්කොට ඇත්තේ භාවනානුයෝගී පිළිවෙතක් තුළිනි.
ඖෂධ වර්ග බොහෝමයක සාරය කැටිකොට පොල්පිතිමූකලාන ඖෂධාලයේ නිපදවනු ලබන වනපවන සන්ධි වේදනා නාශක තෛලය අද ශ්‍රී ලංකාව පුරාම දන්නා හඳුනන තත්ත්වයට පත් වී තිබෙන්නේ එහි මහඟු ඖෂධ ගුණය ජනතාව හඳුනාගෙන ඇති නිසාවෙනි.
වනපවන සන්ධි වේදනා නාශක තෛලය මෙන්ම වනපවන උදර සහන තෛලය ශරීරයේ බර අඩු කරමින් උදරය ඉදිරියට නෙරා පැමිණීම වළක්වා දෙන්නේ සැබෑම ප්‍රතිකාරයක සුවය තුළිනි.
වනපවන ඖෂධීය තෙල්, ආලේප කළ යුතු සුවිශේෂී වූ ක්‍රමය හමුවේ විශ්මිත ප්‍රතිඵල ලබාදෙනු ඇත.
තෙල් ආලේපයට ප්‍රථම බෝතල වටා දවටා ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවා ඒ අනුව තෙල් ආලේප කරන්න.
* විෂ සහ සර්වාංග රෝග විශේෂ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සුනිල් වර්ණසූරිය
* භාවනානුයෝගී එස්. ඩී. පී. පද්මසිරි
ලි.ප.අ. 10460
ෆාමසිවලින් සහ ආයුර්වේද ඔසුසල්වලින් ලබාගත හැක.