හෘදයාබාධයකට අත වනන කොලෙස්ටරෝල්

පාසැල් වියේ පසුවන කුඩා දරුවා පවා වර්තමානයේ රුධිරගත මේදය බහුල :ක්‍යදකැිඒරදක* හෝ රුධිරගත ග්ලූකෝස් බහුල :ෘස්ඉසඑසජ* රෝගියකු බවට පත්වී ඇති බැව් සෞඛ්‍ය සංගණනයන් විමසා බලන කල්හි අපට පෙනේ. මෙයට මූලිකව හේතුවූ සාධකය ලෙස අපට සඳහන් කළ හැක්කේ තෙල්, පිටි, පැණි රස, ලුණු සහ විවිධ රසායනික රසකාරකයන් අඩංගු ක්‍ෂණික ආහාර අධික පරිභෝජනය බවය. මේ පිළිබඳව මදක් විමසා බලමු.


සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය
සංතෘප්ත මේදය හා අසංතෘප්ත මේදය වශයෙන් මේද සහිත ආහාර ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදිය හැක.
එළකිරි, මීකිරි, බිත්තර කහමදය, එළු මස්, ඌරු මස්, හරක් මස්, පීකුදු, චීස්, බටර්, බේකන් හැම්, සොසේජස් සංතෘප්ත මේදය බහුල වශයෙන් ඇති ආහාර ලෙස හැඳින්විය හැක.
එමෙන්ම අසංතෘප්ත මේදය බහුල වශයෙන් ඇති ආහාර ලෙස කෙඳි සහිත අලුත් එළවළු, පලතුරු, පලා වර්ග මෙන්ම කුඩා මාළු වර්ග, නිවුඩු සහලේ බත්, සම ඉවත් කොට පිසූ කුකුළු මස්, මේදය රහිත කිරි, බටර්, සෝයා, සූර්යකාන්ත, ඉරිඟු යනාදී තෙල් වර්ග හැඳින්විය හැක.
මෙවැනි සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනය නිසා ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ නැඟීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්ටු වශයෙන් තැන්පත්වී රුධිර ගමනාගමනය අවහිර වී හෘදයාබාධ තත්ත්වයක් හටගනී.
එමෙන්ම මෙම කොලෙස්ටරෝල් නමැති තෙල් වර්ගය මොළයේ තැන්පත්වීමෙන් අංශභාගය වැනි දරුණු රෝග තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුවිය හැකිය.
අක්මාව මගින් ශරීරයට අවශ්‍ය 65% ක කොලෙස්ටරෝල් ප්‍රමාණයක් නිපදවන අතර 35% ක කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අප ගන්නා ආහාර මගින් නිපදවනු ලබන බැව් අප දත යුතුය.
අධික තරබාරුව, දියවැඩියාව, අධික මූම පානය දැඩි මානසික ආතතිය, අධික රුධිර පීඩනය, කය වෙහෙසා වැඩ කටයුතුවල නොයෙදීම වැනි හේතු නිසාද කාන්තාවන්ගේ ආර්තවහරණය මෙන්ම තමන්ගේ වයස අනුවද මෙම රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩිය.
සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් අධික රෝගියකු වැලමිට පිටුපස, ඇස යට, උඩු අල්ල, බල නහරය, දණිස් කටු බල නහරය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් හඳුනාගත හැක්කේ එම ස්ථානයන්හි කහ පාටට හුරු ලප වශයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වන බැවිනි.
රුධිර පරීක්‍ෂණය
පැය 14 ක් නිරාහාරව සිට රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමෙන් එය වඩාත් තහවුරු කරගත හැක.
මිලි ලීටරයක කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200 කට වැඩි පුද්ගලයන් අධික කොලෙස්ටරෝල් රෝග අවධානමට ලක්වූවන් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම එම රෝගයෙන් අත්මිදීමට මෙම අවස්ථාවේදී මනා ලෙස ආහාර පාලනය කිරීම ඉතා වැදගත්වේ.
කොලෙස්ටරෝල් රෝගීන්ට විශේෂයි
ගාන ලද පොල්වල තන්තුමය රාමු තුළ මේදය සිරවී ඇති බැවින් මේදය සිරුරට අවශෝෂණය කර ගැනීම අපහසු වේ.
අල, බතල හෝ කොස්, දෙල් සමග පොල් ආහාරයට ගැනීමේදී ශරීරයට තෙල් උරා ගැනීම සිදු වන්නේ අඩුවෙනි. මිරිකාගත් පොල් තුළින් වැඩි ප්‍රමාණයක් තෙල් උරා ගනී.
බ්ලෙන්ඩරයකින් පොල් කිරි ලබා ගැනීමේදී සෛල පිපිරී හිතකර සහ අහිතකර ද්‍රව්‍ය පිටතට පැමිණෙන බැවින් තෙල් පාලනය කරන අයකුට ආහාර සැකසීමේදී සුදුසු වන්නේ ගාන ලද පොල් කුඩා ප්‍රමාණයකට ජලය වැඩිපුර යොදා ලබාගත් කිරිවලින් ආහාර සකසා ගැනීම වේ.
ආහාර ගැනීමෙන් පසු සීතල ජලය පානය කිරීම නිසා ආහාර ඝන බවට පත්කොට දිරවීම ප්‍රමාද කිරීම මෙන්ම උදරගත රෝග ඇතිවීමට හේතුවන බැවින් ඉතාම සුදුසු වන්නේ ආහාර ගැනීමෙන් පසු මද උණුසුම් ජලය ස්වල්පයක් පානය කිරීම වේ.
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව, අක්මාවේ ආබාධ සෑදීමේ අවධානම ජමනාරංවල ඇති ෆ්ලැවනොයිඞ් නොබිලිටින් :ත්‍ක්දබදසා භදඉසකැඑසබ* වර්ණකය මගින් දුරුකරයි. එවැනි රෝග අවධානමක් ඇති අය ජමනාරං ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වේ.
තෙල්, පිටි, පැණි රස, ලුණු ඇතුළු සංතෘප්ත මේදය බහුල ආහාර පරිභෝජනයෙන් වැළකීම සහ මානසික ආතතියෙන්, සිත් කම්පාවන කෝප සහගත සිතුවිලි වලින් ධූම පානයෙන් වැළකී දිනපතා ව්‍යායාමයේ යෙදීම නිරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා මහෝපකාරී වන බව කිව යුතුය.
ප්‍රතිකාර
එමෙන්ම එවැනි රෝගීන්ට අති දක්‍ෂ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ප්‍රත්‍යක්‍ෂ ඖෂධ සමඟ ඖෂධීය තෛල සම්භාහනය සහ ඖෂධීය වාෂ්ප කුටිය භාවිතා කොට කොලෙස්ටරෝල් හෙවත් රුධිරගත මේදය අධික බව නිට්ටාවට සුවපත් කොට ගැනීමේ හැකියාව ඇති බවද කිව යුතුය.
ආයුර්වේද විශේෂ ප්‍රතිකාර
* ඖෂධීය තෛල මගින් සිරුර සම්භාහනය :ත්‍මකක ඊදාහ ඵ්ි්ටැ*
* ඖෂධීය වාෂ්ප කුටිය :ීඑැ්ප ඊ්එය*
* ඉකිරි, කරපිංචා කොළ සහ නැටි, සුදුලූනු කසාය බීමට දීම
* ගම්මාළු, එළනෙටොල්, සුදුලූනු, කළාඳුරු අල පෙරුම්කායම් කොබෝනීල, වියළි කහ කසාය බීමට දීම
ඖෂධීය ගුණ ලුහුඩින්
අමු ඉඟුරු:- ධාතු පෝෂණය කරයි, ධාරණ ශක්තිය ඇති කරයි. මළ බද්ධය නැති කරයි, වාත, සෙම් රෝග නැසීමට උපකාරී වේ. ඇදුම ක්‍ෂය, බඩ පිපුම, බඬේ කැක්කුම් නැති කරන අතර කුසගින්න මද වශයෙන් සිදු කරයි.
කොත්තමල්ලි:- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි. කෘමි රෝග නැසීමට, තුන්දොස් කෝපවීමට, කුසගිනි වැඩීමට, බහු මුත්‍රයට හොඳයි. ශරීර ශක්තිය ඇති කරයි. පිතෙන් හටගත් උණ, කෘෂ රෝග නැසීමට ඉවහල් වේ.
ගම්මිරිස්:- කුළු රසයෙන් යුතුයි. වාතය, සෙම නසයි. පිත වඩවයි. කෘමි වේදනා, ශ්වාස යන රෝග නැසීමට උපකාරී වන අතර ඌෂ්ණ ගුණයෙන් යුතුවේ.
දේශමාන්‍ය වෛද්‍යජෝති
වෛද්‍ය සනත් ජේ. අබේගුණරත්න, කළුතර