නිල සන්ධි රෝග චිකිත්සාව ආම වාතය නොහොත් ආතරයිටීස් සුවකර ගැනීමේ මග

විටක වෛද්‍යවරයකු වෙතට අප යන විටදී එතුමන් සමග අප රෝගය පිළිබඳව විචාරයක් සිදුකරද්දී වෛද්‍යවරයා විසින් ඔබට ආතරයිටිස් වගේ එනිසා රුධිර පරීක්‍ෂාවක් කර ගන්නට යැයි පවසයි. රුධිර පරීක්‍ෂාව කරගත් විටදී රුධිරයේ එම ලක්‍ෂණ නොමැති බව පැවසුවත් ඔබගේ ශරීරය තුළ සන්ධිවල පැතිරුණු වේදනාව, හෘදයේ බර බව, මුළු ශරීරයේම වේදනාව, අඩුවක් දැකිය නොහැකි වේ. එහෙත් වෙද මහතකු විසින් තම ඇඟිලි තුඩුවලින් නාඩි පරීක්‍ෂා කොට ශරීරයේ වාතයේ ස්වභාවය හඳුනාගෙන කිපියාවූ වාතයේ ගමන අනුව ඔබට ආම වාතය යැයි දන්වා සිටීම ඔබ පුදුමයට පත් කරනු ඇත. එහෙත් ඔබ පුදුමයට පත් විය යුතු නොවේ. මන්ද ඔබේ ශරීරයේ ස්වභාවය මදක් මෙනෙහි කිරීමෙන් ඔබට ද මෙය හඳුනාගත හැකි නිසාය.


ආම වාතය හටගැනීමට ප‍්‍රධානම හේතු සාධකය වනුයේ ජඨාර අග්නිය දුර්වල වීමයි. එනම් අග්නි මාන්දයයි. මෙය බොහෝ රෝගවලට හේතුකාරක වේ. උණ, අතීසාර ප‍්‍රධාන වශයෙන් ආමය මුල්කරගෙන ඇතිවේ. මුවින් ගන්නා ආහාර නියම ලෙස ජීරනය නොවී එම නොදිරූ ආහාර රසය සිරුරට උරා නොගෙන මහා ස්‍රොතස් මාර්ගයන් හි රැුඳී සිටීම, ධාත්වාග්නිය දුර්වලකම නිසා නිසිසේ නොපැසුනු සිරුර පුරා පැතිරී ගිය රස ධාතුව රස කොටස් එකට එක් නොවී දුගධ වී ඉතා මෘදු වූ එම දෝෂයන් ශරීරයේ බොහෝ වේදනා ඇති කරයි. එවිට නිරායාසයෙන්ම ධාතු පෝෂණය දුර්වල වේ. රුධිරගත වන සෙමට සමාන වූ මෙම ජීරණ කොටස් විකෘති වී ¥ෂණ වේ. ශරීරයේ විශාල සන්ධි සහ ගොප් ඇට කරා ගමන් කිරීම හේතු කොටගෙන එම සන්ධිවල වේදනා කැක්කුම් ගෙන දේ විශේෂයෙන්ම මෙයට හේතු වනුයේ නොගැලපෙන ව්‍යායාම විරුද්ධ ආහාර පාන කුසගිනි නොදැනීම, නිතර නිතර තෙල් අධික ආහාර ගැනීම, අධික ශීතල, මළ බද්ධය, බර හා මධුර ආහාර නිතර ගැනීම නින්ද නොයාම, සිත් වේදනා, දුර ගමන්වල යෙදීම ආදිය නිසා සිදුවන කි‍්‍රයාවන් හේතුකොට ගෙන ආමරසය කුපිත වාතයේ එකතුව සමග ආමාශය, පපුව, බෙල්ල, ආදී සන්ධිවල පිහිටි සෙම සමග එකතුව හදවත කරා පැමිණ බලවත් රෝග ඇති කරයි.
එය සියලූ සන්ධි වේදනාවට පත්කර හෘදයේ බර බවද වැඩිකර මුළු සිරුරම වේදනාවට පත් කරයි. මෙය ආමය මුල්කරගෙන වාතය කිපීමෙන් ඇතිවන රෝගය නිසා ආමවාතය යනුවෙන් ව්‍යවහාර කරයි. නොපැසුනු ආහාරයෙන් ඇති වන ආමයේ උකු බව වැඩි නිසා ලේ නහරවල ගමන් කිරීමේදී වාතයට නිසියාකාරව තල්ලූකර ගෙන යාමට නොහැකි හේතුවෙන් එම උකු වූ ආමය යම් යම් ස්ථානවල රැුඳීම හේතු කොට ගෙන සන්ධි වේදනාවට පත්ව එම සන්ධි ඉදිමුව ඇති වේ. රුමැටික් ආතරයිටිස් යනුවෙන් බටහිර වෙදදුරන් හඳුන්වනුයේ මෙයම වේ. නොදිරවූ ආහාර, වමන, විරේක මගින් බැහැර නොකිරීම නිසා හිසරදය, කටී වේදනා, ඇඟපත පොඩිකිරීම්, මහා සහ කුඩා සන්ධි ඉදිමීම්, ශරීරයේ බර බව ආහාර අරුචිය ඇතිකරයි. මෙය වැඩිදියුණු වූ කල සුවකිරීමට ඉතා අමාරු කාර්යයකි.
මෙම රෝගයට භාජනය වූ රෝගීන් කරනුයේ වැඩිපුරම වෛද්‍යවරුන් බොහෝ ගණනක් සොය සොයා ගොස් බෙහෙත් කරවා ගැනීමයි. මින් සිදුවනුයේ රෝගී තත්ත්වය තව තවත් වැඩි වීමයි. නිසි අවබෝධයෙන් තොරව ඖෂධ භාවිතය සහ වෛද්‍ය උපදෙස් නිසි ලෙස කි‍්‍රයාවන්හි නොයෙදීම මගින් රෝගය සුව වීමේ කල්ගත වීමට ප‍්‍රධාන හේතුව වන අතර අස්ථි විකෘති වී ගොස් දිරාපත්ව චලන අපහසුතාවයන් එන තුරුම ප‍්‍රතිකාර විදි පමා කිරීම මගින් මෙම රෝගය සුවකර ගත හැකි මාර්ග තමන් විසින්ම අහුරා ගනී. වාත රක්ත රෝගයේදී කුඩා සන්ධි මෙසේ පීඩා දුන්නද ආම වාත රෝගයේදී කුඩා සහ මහා සන්ධි යන දෙකොටසම පීඩා කෙරේ. සන්ධි මත ලිස්සා යෑමට අවශ්‍ය ශ්ලේෂ්මල කලාව වාතය කරනකොට ජලය බවට පරිවර්තනය කර එමගින් ශ්ලේෂ්මල කොඨෝර ඉදිමවා වාතයෙන් පීඩාකර වියලා දැමීම මගින් කුරුබව කොරබව ඇතිකර චලන අපහසුතාවන් ගෙනදී අභ්‍යන්තරික කි‍්‍රයාවන් දුර්වල කරයි වසර ගණනක් මුළුල්ලේ මෙම රෝගයට ප‍්‍රතිකාර නොකර සිට පැමිණි දිනම සුවය සෙවීම ප‍්‍රතිකාර විධිවලදී ඇතිවෙන වේදනාවට බියවීම සහ අකමැති වීම ආදි හේතුකොට ගෙන තමන් නොදැන තමන්වම මෙම රෝගයේ උච්ච බව වැඩිකර ගැනීම අහඹුවක් නොවනු ඇත. එසේම රෝග තත්ත්වය අනුව ළඟ ළඟ සිදුකරන ප‍්‍රතිකාර මගින් රෝග තත්ත්වය ඉක්මනින් බැහැර කරවාගත හැකිය.
කඹලේ බැඳගත් මුහුදු වැලි සුදුළුෑණු සමග මුසුකොට පොට්ටනි බැඳ තැවීම ආදී රූක්ෂ තැවිලි ක‍්‍රම මෙයට වඩාත් යෝග්‍ය වේ.
සුදු ළුෑණු, නික මුල්, ඉඟුරු කෂාය මෙයට හොඳ ප‍්‍රතිකාරයකි. අරත්අල රසකිඳ, දේවදාර, එරඬු මුල්, අමු ඉඟුරු කලං 2 මදටිය අට බැගින් වතුර පත 8/1 සිද බීම එයට ප‍්‍රතිචාප වශයෙන් ඉඟුරු කුඩු එකතුකර ගැනීම යෝග්‍ය වේ.
දසමුල්, රසකිඳ, හීන් අරත්ත – එඩරු ද මුල් සහ ඉඟුරු ද ගත්තා
දේවදාර අටපත සිද ගත්තා – එඬරු තෙල් ද මුසුකොට බී ගත්තා
එඬරු තෙලින් ඇනු අරළු චූර්ණය – කලං එකහමාරක් බර ගත්තෙය
උදේ හවස භාවිතයට ගත්තෙය – දෝෂ නැතිවී ආමය ජය ගත්තෙය
ඉඟුරුපියලි සාරණ මුල් වියළි ඉඟුරු සමග දමා
දින හතක්ම ? බීමෙන් ආම වාත බැහැර උනා
වියළි ඉඟුරු නික මුල් සුදු ළුෑණු සමග සමව සදා
බිව් වෙසෙසින් ආම වාත සුව ගෙන දෙයි වෙහෙස නිවා
සන්ධි ඉදිමුවට
පඹරු කොල, සුදුළුෑණු, ඉඟුරු වරක් මිරිකූ පොල්, ආඩතෝඩා කොල, නික කොළ, කොටා පස්තෙලින් මලවා වේදනා ඉදිමුම් ඇති ස්ථාන වාත තෙල් ගල්වා අතගා ඉහත මැල්ලූම බඳින්න.
වෛද්‍ය පී. එස්. කුමාරසිරි
ආයුරක්ඛා, ප‍්‍රතිකාර ස්ථානය
අතුරුගිරිය පාර,
පනාගොඩ