ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානය ඇරඹේ

ඉසිවර පාඨක භවතුන් බොහෝ දෙනකුගේ ඉල්ලීම සහ යෝජනා පරිදි ඉසිවර පුවත්පත මගින් මෙහෙයවන ‘‘ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානයක් අංක 6 බී පරණ ගාලූ පාර, වලාන, පානදුර යන  ස්ථානයේදී මේ මස මුල් භාගයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා සහභාගි වන සර්වාංග රෝග පිළිබඳ දක්‍ෂ ප‍්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම අනෙක් සියලූ අංශවල දක්‍ෂ ප‍්‍රවීණයන් ඉසිවර පුවත්පතට සම්බන්ධ අයවීම විශේෂත්වයකි.


දේශීය හෙළ වෙදකම නගාසිටුවීමත්, විශාල සේවාවන් රාශියක් එක වහලක් යටදී ලබා දීමටත්, සමහර කපටි වංචාකාර පුද්ගලයන් අසරණ පුද්ගලයන්ගේ මුදල් ගසා කෑම වළක්වාලීම වැනි මානුෂීය කාරණා පෙරදැරි කරගනිමින් පැවැත්වෙන මෙම ‘‘ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානය’’ තුළින් ලබාගත හැකි සේවාවන් මෙසේය.
දිනපතා සියලූ සර්වාංග රෝග පිළිබඳ ප‍්‍රවීණ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය.
භූත විද්‍යාවට අදාළ සියලූ කටයුතු සියලූම වර්ගයේ යන්ත‍්‍ර බැලීම පුද පූජා කටයුතු පැවැත්වීම, නිවාස දෝෂ ඉවත් කිරීම, පුද්ගල දෝෂ ඉවත් කිරීම සඳහා ප‍්‍රවීණ වෘත්තිය පිළිබඳ හසල දැනීමක් ඇති භූත විද්‍යාඥයන්ගේ සේවය ශරීරයේ හටගන්නා සියලූ වාත වේදනා ආතරයිටීස් සන්ධි ඉදිමුම්, කැක්කුම්, පීනස, කොණ්ඩය යාම වැළැක්වීම, තට්ට හිස වසා නැවතත් කොණ්ඩය වර්ධනය කර ගැනීම, කැඩුම් බිඳුම් ඇතුළු විවිධ වූ රෝගාබාධ සඳහා ඉතා පැරණි තෙල් වට්ටෝරු නිවැරැුදිව සිඳ අත්හදා බලා ඒවා අවශ්‍ය අය සඳහා ලබාදීම. පිළිපැදිය යුතු උපදෙස් ලබාදීම.
ජ්‍යොතිෂ කටයුතු, හදහන් බැලීම, නැකැත් සෑදීම, විකුණා ගැනීමට නොහැකි ඉඩම්වල දෝෂ ඉවත් කිරීම, වාස්තු විද්‍යා කටයුතු ඇතුළු ජ්‍යොතිෂ විද්‍යාවට අදාළ සියලූ දේ ඉටුකර ගැනීම.
දේහ ලක්‍ෂණ, අංග ලක්‍ෂණ, අත්ලේ රේඛා නිරීක්‍ෂණය කර අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳ නිවැරැුදි තොරතුරු ලබාදීම, ගේදොර දියුණුව, පුද්ගල දියුණුව ලබාගැනීම, කඩාවැටෙන ව්‍යාපාර කටයුතු නැවතත් දියුණුව දක්වා යාමට ක‍්‍රමවේද සකසා දීම, පෙර පින් මතුකර ඒ තුළින් ආර්ථික දියුණුව, පුද්ගල දියුණුව, අධ්‍යාත්මික දියුණුව ලබාදීම
සතිපතා
නිල සන්ධි ප‍්‍රතිකාර සඳහා දක්‍ෂ ප‍්‍රවීණ වෛද්‍යවරුන්ගේ සේවය ලබාදීම
මානසික වෛද්‍ය සේවය ලබාදීම
චර්ම රෝග පිළිබඳ වෛද්‍ය සේවය ලබාදීම
නවතම ක‍්‍රමවේද අනුව කටු චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීම ඇතුළු සේවාවන් රැුසක් මෙම ‘‘ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානයෙන් ලබාගැනීම කළ හැකිය.
මෙම සේවාවන් ලබාගැනීමට කළ යුතු වන්නේ පහත සඳහන් දුරකථන අංකයකට අමතා අවශ්‍ය විස්තර හෝ සේවාවන් ලබාගැනීමට දිනයක් වේලාවක් වෙන්කර ගැනීමයි.
0715543546, 0719803146, 0778433319, 0774917455
සංස්කාරක