දරුවන්ගේ මතක ශක්තිය වඩවන නියම බෙහෙතක්

ශාන්තිකර්ම කියන වචනය ඇසුන ගමන් මතක් වන්නේ බෝධි පූජාවයි.  ඕනම නක්‍ෂත‍්‍රකරුවකු ළඟට ජන්ම පත‍්‍රය බලවා ගන්න ගියවිට කියනවා බෝධිපූජා 21 ක් තියන්න අහවල් යන්ත‍්‍රය පලඳින්න ආදී වශයෙන් කියනවා. අද බෝධිපූජාව ජනපි‍්‍රය සෝබන කටයුත්තක් වෙලා තිබෙනවා. කරන්නන් වාලේ ඔහේ කරනවා.

ඇයි මෙහෙම කරන්නේ කොහොමද මේ කරන්නෙ මේකෙන් මොකක්ද වෙන්නේ මේකෙ ආරම්භය කුමක් ද කියා කිසිවක් නොදැන කරනවා. මේවා නොදැන කොහොමද කරන කාර්ය ගැන විශ්වාසයක් ඇතිවන්නේ? විශ්වාසක් නැතිව කරන කටයුතු හරියයි ද? ඉන් නිසි ඵල ලැබෙයිද? 1958/59 දී තරම පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ පුංචි පොතක් අච්චු ගහල අපි පාසල් යන කාලේ අපිටත් දුන්නා මේ පොත් බෙදන්න. අන්න ඒ පොත තමයි උන්වහන්සේගේ පළමු බෝධි පූජා පොත.   ි. ඉන් පසු තමයි මේ බෝධි පූජා පටන් අරගත්තෙ. මේ ඇසටු ගසේ වටිනාකම පළමුව සොයාගෙන දැනගත යුතුයි. බුදුන් වහන්සේ සෙවන ලබාගත් නිසා ඇසටු බෝධිය පසුව බෝගස විය. මෙය ඔක්සිජන් අපට ලබාදෙන ගස් අතරින් මුල් තැනක් ගන්නවා. කිරි ගස් වර්ගයට අයත් නිසා පරිසරයේ වාතයේ තිබෙන විෂබීජ නසනවා. ඒ නිසා විශාල සිසිලක් ලබාදෙනවා. මිනිසා කෙරෙහි හරිම සංවේදියි. මේ ගසේ පොතු සර්ප විෂට වටිනා බේතක්. එමෙන්ම දියවැඩියාව නොවැලදෙන්න, හැදී ඇත්නම් පාලනය කරගන්න භාවිත කරන බේතක්. මාදං පොතු, නුග පොතු, ඇසටු පොතු වියලා කුඩුකර කෝපි වගේ බොන්න.

ඉතා පැරණි බේතක්. ඉතින් මේවා දැනගෙන විශ්වාසයෙන් පූජා කරන්න ඔබ බලාපොරොත්තු වන පිහිට ලැබෙන නියම ශාන්ති කර්මයක් වනවා නිසකයි. ඊළඟට නැකැත්කරුවන් කියන්නේ යන්ත‍්‍රයක් පලඳින්න කියාය. මේ යන්ත‍්‍ර පලඳින්න කීවාම ඔබ හිතනවා අවුරුදු 60, 70 අයටත් මින් පිහිටක් ලැබෙනවා කියා. ඒකෙ ඇත්ත නැත්ත ඔබටම හිතාගන්න. මේ මොකක්ද මින් වන සේවය කුමක් ද එය වන්නේ කෙසේද යන්න යම් තරමක් දුරට පැහැදිලි කර දෙන්නම්. හැම යන්ත‍්‍රයක්ම හැම දේවලටම හරියන්නේ නැත. අනුමාන වශයෙන් බොහෝ දෙනෙක් මේ අපලයට අරක හොඳයි මේක හොඳයි කීවත් ඔබ නොදන්නා නිසා ඒ සඳහා මුදල් වැය කරනවා. ප‍්‍රතිඵල නොලැබුණු තැන නිදහසට කියනවා ප‍්‍රතිපත්ති රැුකලා නැහැ. කිල්ලට අහුවෙලා වෙන්න ඇති කියලා. ඔබ තරමක් හෝ දැනුවත් නම් මේ දේවලට අහුවෙන්නෙ නැත. ඒ ඒ රෝග හෝ අපල සඳහා වෙන වෙනම යන්ත‍්‍ර තියනවා. ඔබ ඒ ගැන නොදන්නවා විය හැක. ඒ නිසා ගසා කෑම්වලට අහුවෙනවා. ඔබ මොකක් හෝ දැනගෙන ඉන්නවානම් ඒ අවස්ථාවලට මූන දෙන්න වුවහොත් නැකැත්කරුගෙන් මොන මොනව හරි අහල තමා තරමක් හෝ දන්නවා යැයි හැගවීමට හෝ පුළුවන් වුවහොත් බොරු කිරීමේ ඉඩකඩ අඩුකරගත හැක. යන්ත‍්‍රයක් නියම අයුරින් අඳින්නේ ඉරි නොකැපෙන සේ තඹ තහඩුවේ හෝ රන් තහඩුවේ හෝ රන් ආලේප කළ තඹ තහඩුවල පමණය. වෙනත් ලෝහ තහඩු ටින් තහඩුවලත් දැන් ඇඳ තිබෙන යන්ත‍්‍ර මා දැක තිබෙනවා. මේ තහඩුවෙහි නියම යන්ත‍්‍රය නියම ආකාරයට ඇඳිය යුත්තේ රන් කටුවකින් හෝ තඹ කටුවකින් පමණි. පස්ලෝ කටු හෝ යකඩ ඇන කොහෙත්ම සුදුසු නැත. ඒ යකඩ තිබෙන නිසා.

යකඩ ඇන ගැසූ බංකු පුටුවල හිද මැතිරීම පවා තහනම්. මේ ඇඳගත් තහඩුව හඳුන් කිරිපැන් හෝ අමු කහ දියෙන් සෝදා කිලි හරණය කර ගත යුතුමය. එය කළ යුත්තේ අවශ්‍ය තැනැත්තාගේ නැකත්වලට සිතෙන කාල හෝරාවලදීය. බුලත් පුටු නියම ආකාරයට සාදා දිෂ්ටි මන්ත‍්‍රවලින්  ජීවමින් පසු මන්ත‍්‍රවලින් මතුරා පැලඳීම කළ යුතුය.  ඔබගේ අපලයකට යන්ත‍්‍රයක් පලඳන්න කීවිට මෙය කරන අයුරු හිත නොරිදෙන අයුරින් අසා සැක හැර කටයුත්ත බාර දෙන්න. යන්ත‍්‍රයක උපරිම ප‍්‍රයෝජන ලබන්න නම් සිරුරේ ශෛල වැඞීම නතර නොවන වයසට පෙර පැලඳිය යුතුය. එනම් අවුරුදු 40 පමණ පෙර වීම වඩාත් සුදුසුය. ඒ ඇයි කියා පැහැදිලි කරනවානම් මේ යන්ත‍්‍ර තහඩුවේ ගැබ් වී ඇති ශක්තියෙන් පිටවන කිරණ මගින් දුර්වල වී ඇති ශෛල උත්තේජනය කිරීමක් සිදුවනවා. ග‍්‍රහයින්ගේ විස කිරණ නිසා ශෛල දුර්වල වෙනවා. එවිට රෝග ඇති වනවා. ඒවා අපල කියනවා. ශාරීරික හෝ මානසික විය හැකි.

මේ දුර්වල වන ශෛල උත්තේජනය කළ විට ඒ රෝගය තරමක් හෝ සුවවනවා. තවත් කියනවා නම් අපට පියවි ඇසට නොපෙන ඒ තහඩුවෙන් පිටවන කිරණ මගින් අප සිරුරට බලපාන දුර්වල ග‍්‍රහ කිරණවල බලයත් අඩු කිරීමක් සිදුවනවා. ශෛල උත්තේජනය වීම විස කිරණ දුර්වල කිරීම තුළින් ලෙඩ රෝග අපල යම් තරමකට හෝ අඩුවනවා. නමුත් 40-50 න් පසු ශෛල උත්තේජනය වීම අඩු නිසා යන්ත‍්‍රවලින් එතරම් ශාන්තියක් ලබාගන්න බැරි බව බටහිර වියතුන්ගේ මතයයි. එය නිවැරදි යැයි මා හිතන නිසා මෙය ඔබට දන්වනවා. උදාහරණයක් ලෙස මගේ අත්දැකීමක් දක්වන්න කැමතිය. ඔබ අසා ඇති කාලසර්ප යෝගය කියන අපලය. මෙයට උපන්ගෙයි කරුමයෝගය. නාග දෝෂය කියා ද කියනවා. මේක ගැන හරි වැටහීමක් නැති අය නාගර්ජුන යන්ත‍්‍රය විෂ්ණු ආගෝරය ආදී නොදන්නා යන්ත‍්‍ර පලඳින්න කියනවා. සර්ව දෝෂ නිවාරන පූජා කියලා පූජා තියන්න කියනවා. පලක් නැති වැඩ. අවුරුදු 50 වගේ පහු වුණාට පසු කිසිම ශාන්ති කර්මයකින් පලක් නැත. මේ තත්ත්වයට නාග ශාපය කියා කියනවා. කාල සර්ප යෝගය නියම අයුරින් හඳුනා ගෙන කුන්ඩලියේ තැන්පත් අනිකුත් ග‍්‍රහයන්ගේ බල දුබල තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුතු එකම පිලියම කාල සර්පයෝග යන්ත‍්‍රය කුඩා අවදියේදීම පැලඳවීමය. නාග දෙවියන්ට මානස නාග පතිනි දේවියට පුද දීම කළ යුතුය. මේ ගැන නොදැන ශාන්ති කර්ම කලාට වැඩක් නෑ. පළමුව තත්ත්වය ගැන තරමක් දුරට හෝ දැන විශ්වාසය ගොඩනගාගත යුතුයි. අවිශ්වාසයෙන් කරන කිසිම වැඩක් හරියන්නේ නැත. ඊළඟට දේවාලවලදී කරන නූල් බැඳීම. මෙය ප‍්‍රතිඵලදායක ශාන්තිකර්ම පිළිවෙළක් නමුත් සුළු කාලයකට පමණයි. මෙහි ප‍්‍රතිඵල ලබාගත හැක්කේ. එයත් නියම අයුරින් පේ කර හෝ ජීවම් කළ නූලක් විය යුතුය. උණ, කැක්කුම්, වාත වේදනා ආදියට හොඳයි. දෙහි මතුරා දීම් වලින් ඔබේ යම් වේදනා ආසාදන තත්ත්වයන් නැතිකර ගත හැක. හෙට උසස් පෙළ විභාගය කියල අද කරන ශාන්ති කර්මවලට රැුවටෙන්න එපා. දෙවිවරු නොවෙයි කිසිම පෙරේතයෙක් වත් විභාගය ලියන්න උදව්වට එන්නේ නෑ. ඒ විභාගයට පෙනී සිට උත්තර ලිවිය යුත්තේ දරුවාමය. පෑන්වලට මතුරා දුන්නාම පෑන කොහොමද උත්තර ලියන්නේ. මේවාට රැුවටෙන අම්මලා පමණක් නොව තාත්තලාත් ඉන්නවා. මුල සිටම දරුවා විභාග සඳහා පිළියෙළ කළ යුතුය. එය දෙමාපියන් විසින් කළ යුතු කටයුත්තක්. එනම් ‘ධාරණ’ ශක්තිය ‘මතක’ ශක්තිය හා ‘ආවර්ජන’ ශක්ති දියුණු වන අයුරින් කළ යුතු ශාන්ති කර්ම කිරීමය. මුලින්ම දරුවාට බුදුගුණ ගැන දැනුවත් කරන්න.

දෙවනුව දේව භක්තිය ඇතිවන අයුරින් කටයුතු කරන්න පුරුදු කරන්න. දේව ආශිර්වාදය ලබාගැනීම ඉගෙන ගන්න දරුවකුට ලැබෙන විශාල ශක්තියකි. එය  දෙමාපියන් විසින් කළ යුතුය. අද කරන්නේ විභාගය හෙට කියල අද දේවාලයට ගොස් පූජාවක් දී භාරයක් වීමය. ටියුෂන් වලින් ඔලූව පුරෝනව. පූජාවක් දුන්න විභාගය පාස්වෙනව කියල හිතා ඉන්නවා. අසමත් වුණාම ළමයගෙ නොසැලකිල්ල සෙල්ලම ගුරුවරු හරියට උගන්නල නෑ කියල නිදහසට කරුණු කියනවා. මේවා කියන්න වෙන්නෙ නෑ මුල ඉදලම ඉහතින් කියපු ශක්තීන් ළමයාට ලබා දුන්නානම්. එයට හැකි හැම වේලාවකදීම ළමයාව ගණ දෙවියන්ට සරස්වතී දෙවගනට අඩු තරමින් හඳුන් කූරක් වත් පත්තු කර ආශිර්වාද ලබාගන්න පුරුදු කරන්න. එය දරුවා විසින්ම කළ යුතුයි. අම්මා විසින් හැමදාම කරන්න අපහසු නම් සතියකට දෙතුන් වරක් හෝ පහත සඳහන් දෙය දෙන්න. ලූනුවිල ඉස්ම, වැල් ගොටුකොළ ඉස්ම, ලතා කස්තුරි ඉස්ම තේ හැන්දක් පමණ ගෙන ඒ සමානව ගිතෙල් මීපැණි සමග උදේට දෙන්න. අත් දුටු ශාන්ති කර්මයකි. දෙමාපියන් දරුවන්ට කරන ලොකුම ශාන්ති කර්මය උගතුන් කරන එකයි.  මෙයට අමතරව ඉහත සඳහන් කළ ශක්තීන් දියුණුකර ගන්න දේව ආශිර්වාද ලැබ ගන්න ‘නාමල් රේණු’ සුදු නෙලූම් රේණු, ඉහත සඳහන් බෙහෙත් ඉස්ම පැණියක් සේ සකස් කර ජීවම් කර තබාගෙන දිනපතා දීම දරුවාගේ ඉදිරියට කරන මහඟු ශාන්ති කර්ම යැයි මම කියනවා. සත්‍යයි. අත්දුටුවයි.       ‘‘චේතනාහං භික්කවේ කම්මං වදාමි’’ ඔබට දෙවි පිහිටයි.

 
ආර්. එස්. තුඩුගල