සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නව සභාපති ආයුර්වේද විශාරද පණ්ඩිත ජයවීර පීරිස්

IMG-d79ff129b0b735bf8b8a3b0b4be31904-Vපසුගිය 4 වැනිදා ගම්පහ සිද්ධායුර්වේද සමාගමේ පැවැති සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය විධායක සභාවේ නව සභාපතිවරයා ලෙස ගාල්ල  ඕල්කට් මාවතේ කිරිනැලිය වෙද මැඳුරේ වෙදගුරු ගාල්ල මහ නගර සභා මන්තී‍්‍ර සාමවිනිසුරු වෛද්‍ය රෙජිස්ට‍්‍රාර් ආයුර්වේද විශාරද පණ්ඩිත ජයවීර පීරිස් මහතා සමස්ත සභාවේ සම්මතයෙන් නිතරගයෙන් පත්විය.


පාරම්පරික වෛද්‍යවරයකු ලෙස කිරිනැලිය කැඩුම් බිඳුම් වෙදකම ගාල්ල ප‍්‍රදේශයේ බෙහෙත් ශාලා තුනක් පවත්වා ගෙනයමින් සිය පවුලේ බිරිඳ ¥ දරුවන් ඇතුළු හත්දෙනකු මෙම පාරම්පරික කිරිනැලියේ වෙදකම් කරයි.
1968 පේෂකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් එහි ගබඩා භාර නිලධාරියකු ස්ථාන භාර නිලධාරියකු ලෙස කටයුතු කරමින් 1990 වසරේදී එතුමා විශ‍්‍රාම යන ලදී.
විශ‍්‍රාම යෑමෙන් අනතුරුව 44/90 චක‍්‍රලේඛ යටතේ විශ‍්‍රාමිකයන්ගේ සංගමය බිහිකරමින් එහි සභාපති තනතුර හොබවමින් කටයුතු කරන ලදී.
1997 වසරේ ගාල්ල මහ නගර සභාවට අමාත්‍ය රිචඞ් පතිරණ මහතා සමග කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය. 1997 වසරේ ගාල්ල නගරයේ උප්පැන්න මරණ රෙජිස්ට‍්‍රාර් ධුරය ලබාගෙන ගාල්ල මහමෝදර රෝහල ගාල්ල නැගෙනහිර කොට්ඨාසය – ගාල්ල බටහිර සහ සමුපකාර රෝහල සදර්න් හේමාස් රෝහල සම්බන්ධ වෛද්‍ය රෙජිස්ටාර්වරයාද විය.
එම කාලය තුළ ගාල්ල දිස්ති‍්‍රක්කයට රෙජිස්ට‍්‍රාර්වරුන්ට සංගමයක් නොතිබුණ බැවින් ඒ සඳහා කටයුතු කරමින් ගාල්ල දිස්ති‍්‍රක් උප්පැන්න මරණ විවාහ රෙජිස්ට‍්‍රාර් සංගමය ආරම්භ කර එහි සභාපති ලෙස රෙජිස්ට‍්‍රාර්වරුන් වෙනුවෙන් සුබසාධක අන්‍යොන්‍යාධාර සහ ඇගයීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කරන ලදී.
මෙතුමා 2017 පෙබරවාරි මාසයේදී ගාල්ල පළාත් පාලන මැතිවරණයෙන් ජයග‍්‍රහණය ලබා ගාල්ල මහ නගර සභා මන්තී‍්‍රවරයකු ලෙස කටයුතු කරමින් සිටී.
1993 දී පමණ වෛද්‍ය සම්මේලනයේ කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළේය.
1996 දී කැලණිය තෙලඟපාත ධර්මකීර්ති නායක නාහිමිපාණන් වහන්සේ සමග එකතුවී සමස්ත ලංකා පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය ආරම්භකර එහිද සභාපති ලෙස කටයුතු කරන ලදී.
හිටපු දේශීය වෛද්‍ය අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතා සමග කටයුතු කරමින් දේශීය වෛද්‍යවරුන්ගේ සමුපකාර සමිතිය ආරම්භ කරන ලදී. එවකට පණ්ඩිත නාගොඩවිතාන වෙද මැතිඳුන් සමග කටයුතු කරමින් එම සමුපකාරයේ පාලක ලේකම්වරයා ලෙස විශාල සේවාවක් ඉටුකරන ලදී. එම ගොඩනැගිල්ල රජයට පවරා ගැනීමේදී ඊට එරෙහිව වෛද්‍යවරුන් ඒකරාශි කරගෙන වර්ජනයක් ද කරන්නට යෙදුනි.
ගාල්ලේ වෛද්‍යවරුන්ගේ පුහුණු කිරීමේ වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් පැරැුණි වෛද්‍යවරුන් ගෙන්වා සිදුකරන ලදී. මෙතුමා දැනට රාජගිරිය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි. අවුරුදු උත්සවයේදී හිස තෙල් ගෑමේ උත්සව පවත්වා විහාරස්ථානවලට සම්බන්ධ වී කටයුතු කරයි. ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිති, සිවිල් ආරක්‍ෂක සමිති, ප‍්‍රජා පොලිස් සමිති, සුහද මිතුරු සමිති, සමුපකාර සමිති, වෙළෙඳ හා වානිජ මණ්ඩලවල අධ්‍යක්‍ෂක තනතුරු හොබවමින් කටයුතු කරමින් සමාජයේ විශාල පිරිසක් සමග මෙතුමා කටයුතු කරයි.