අංශභාගය රෝගීන්ට නැවත ජීවය ලබාදෙන කන්ද උඩරට ජීවකයාණෝ

කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වා තම දෛනික කටයුතු කරදරයකින්, බාධාවකින් තොරව නීරෝගිමත්ව කරගෙන යාම සියළු දෙනාගේම අදිටන වී ඇත. නමුත් අප නොසිතන ලෙස පැමිණෙන ලෙඩ රෝග නිසා තම තමන්ගේ කටයුතු වලට ගෙන දෙනුයේ මහත් බාධාවකි. අද සමාජය දෙස බලන කල බෝ නොවන රෝග දිනෙන් දිනම වර්ධනය වන බව පැහැදිලි වන කරුණකි. එවැනි බෝ නොවන රෝගයන් අතර ප්‍රධාන රෝගයකි අංශභාගය. එම රෝගය සුවපත් කරන වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාර වෙද මහතා සමඟ කළ සාකච්ඡාවක් ඔබ වෙත මෙසේ ගෙනහැර දක්වමු.

වෛද්‍යතුමනි, අංශභාගය රෝගය සෑදීමට බලපාන කරුණු මොනවාද?

අංශභාගය රෝගය සෑදීමට කරුණු කීපයක් බලපානවා. නහර තැලීම, ලේ කැටි ගැසීම, නහර පිපිරීම, අධිකව කල්පනා කිරීම, වෙහෙසකාරී බව වැනි දේ අංශභාගය රෝගයට ප්‍රධාන හේතු සාධක ලෙස හඳුන්වාදීමට පුළුවනි. අද සමාජයේ ජීවත්වන පුද්ගලයන් ශරීරයට විවේකයක් ලබා නොදී යන්ත්‍ර සූත්‍ර මෙන් කටයුතු වල නියලීම හේතුවෙන් හා ඔවුන්ට ඇතිවන ගැටළුකාරී තත්ත්වයකදී අධික ලෙස කල්පනා කිරීම යන කරුණු පදනම් කරගෙන අංශභාගය රෝගයට දිනෙන් දිනම ගොදුරු වන පිරිස් මේ වන විට දක්නට ලැබෙනවා.

අංශභාගය රෝගීන්ව ඔබතුමා සුවපත් කරන්නේ කෙසේද?
කෙනෙකු අංශභාගය රෝගයට ගොදුරු වුවහොත් ඔහුට හෝ ඇයට තම කටයුතු කර ගැනීමට නොහැකිව ඉතා අසරණභාවයට පත්වෙනවා. අතක්, කකුලක් පණ නැතිවෙන අතර කට පැත්තට යනවා. මෙවැනි අසරණ රෝගීන්ට මා නිල තෙරපුම මගින් ප්‍රතිකාර කොට ඉතා ඉක්මනින් සුවපත් කරනවා. අංශභාගය රෝගියෙකු මා වෙත රැගෙන ආ විට හෝ මා ගොස් රෝගීයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු හතර වතාවක් පමණ රෝගියාට ප්‍රතිකර කළ විට රෝගය සහමුලින්ම සුවපත් කිරීමට හැකියාව පවතිනවා. එමෙන්ම කට ඇදවීම හා අතපය වල පණනැති ස්වභාවය නොමැතිව රෝගී වීමට පෙර සිටි ආකාරයට නීරෝගීභාවයට ඔවුන්ව සුවපත් කර දෙනවා. එසේ ලබාදෙන නිරෝගීභාවය තුළින් රෝගියාගේ ගතට මෙන්ම සිතට ද  දැනෙනුයේ මහත් අත්වැසිල්ලකි. මා මේ වන විට අංශභාගය රෝගීන් විශාල සංඛ්‍යාවක් සුවපත් කර තියෙනවා.
වෛද්‍යතුමනි, ඔබතුමා අංශභාගය රෝගයට පමණක් ද ප්‍රතිකාර කරන්නේ?
නැහැ. තවත් රෝගයන් කිහිපයකටම ප්‍රතිකාර කරනවා. සුවකල නොහැකිව පවතින ඇදුම රෝගය, කල්පවතින හිසරදය, කොන්දේ වේදනා, දණහිස් ඉදිමුම, සන්ධිවාත රෝග, ශරීරයේ ස්ථූලභාවය අඩු කිරීම, කොලෙස්ටරෝල් වැනි රෝගයන්ට ප්‍රතිකාර කරනවා. එමෙන්ම උපතින්ම ආබාධිත වූ දරුවන්ට ද ප්‍රතිකාර කොට සුවපත් කරනවා. හැබැයි දරුවා අවුරුදු 8 ට අඩු විය යුතුයි.
එමෙන්ම ඉන හා ශරීරයේ හැඩය අලංකාර ලෙස පවත්වාගෙන යාම සඳහා නිල වෙදකමෙන් ප්‍රතිකාර ලබා දෙනවා. මා ඊට අමතරව අමනුෂ්‍ය බලවේගයන්ගෙන් පීඩාවිදින අය සඳහා පිහිට වෙමින් ජනතාවට සහනය සලසනවා.

ඔබ අංශභාගය රෝගයට ගොදුරු වී ගතින් හා සිතින් පීඩා විදින අයෙකු නම් අංශභාගය රෝගය සුවකර ගන්න.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
නුවර පාර, රාමකොටුව, අංකුඹුර .
072 4464957 රැ 071 6080849