රුව අවලස්සන කරන කුරුලෑ සුවකර ගනිමු

පංච මහා භූත වාදී හා ත්‍රිදෝෂ වාදී මූල ධර්‍ම මත ගොඩනැගී ඇති ආයුෂ රක්තාවේදයයි. සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවය නිරෝගී ජීවිතයක් ගතකිරීමයි. ආයුර්වේදය තුළින් එය ඉටුකර ගත හැක.
ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී නාඩි පරීක්‍ෂා කර කෝපවී ඇති දෝෂය හරිහැටි හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.


“න වාතේන විනා ශුලඃ” යනුවෙන් ඍෂිවරුන් සඳහන් කර ඇති වාතයෙන් තොරව වේදනාවක් නැති බවයි.
ත්‍රිදෝෂය අතර ප්‍රධාන දෝෂය වාතයයි. වාතය රැඳී සිටිනුයේ නාඩි නහර තුළයි. වාත කෝපයෙන් උපදනා ලෙඩ වාත රෝග නමින් ගැනේ.

කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වා තම රූපය සුන්දරව තබාගෙන සමාජයේ කැපී පෙනෙන ප්‍රියමනාප පුද්ගලයෙකු බවට දිවි ගෙවීමට කැමතියි. එහිදී නිරන්තරයෙන් ම අවධානය යෙමුවන්නේ තමාගේ මුහුණ වෙතය. නමුත් විවිධ කරුණු හේතු කොට ගෙන මුහුණේ ඇති වන කුරුලෑ නිසා ගතට මෙන්ම හිතටද දැනෙනුයේ මහත් අසහනකාරී තත්වයකි. රූපලාවන්‍ය හා සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍යවරියක වන මනෝජා වනිගරත්න මහත්මිය මෙම කුරුලෑ වලට සාර්ථක ප්‍රතිකාර ලබා දී රෝගීන් සුවපත් කරනු ලබයි.
කුරුලෑ ඇතිවීමට වා,පිත්,සෙම් යන ත්‍රිදෝෂය මූලික වන අතර මුහුණේ බිබිලි, දද හා  චර්ම රෝග නිසා ද රුව අලංකාරය සඳහා භාවිතා කරන සමහර ක්‍රීම් වර්ග, මළබද්ධය හා සෙම, මුහුනේ අපිරිසිදුකම, තෙල් අධික ආහාර ගැනිමද මෙම රෝගය හටගැනීමට බෙහෙවින් ඉවහල් වේ. කුරුලෑ ගෙඩිය කටු ඉඹුල් කටුව හා සමානය. තවද තරුණ වියට එළැඹෙත්ම හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා ද කුරුලෑ හටගනී.
රාබු, ගෝවා, නෝකෝල්, මුරුංගා, තක්කාලි ,අන්නාසි, අළු කෙසෙල්, හරක් මස්, ඉස්සෝ, දැල්ලෝ, ඌරුමස්, කකුළුවන්, හුරුල්ලෝ, සාලයෝ වැනි ආහාර කුරුලෑ රෝගීන්ට අහිතකර වේ.

මෙයට අමතරව මුහුණේ බිබිලි එන තවත් රෝග තත්ත්වයන් තියෙනවා ඒ අතර පීනස රෝගය ප්‍රමුඛ තැනක් ගන්නවා. ගල් පීනස වැනි රෝගයකදී මුහුණේ විශාල බිබිළි ඇතිවෙනවා. ඒවා සාමාන්‍ය කුරුලෑ ගෙඩි වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒවගේ බොහෝම වේදනා කාරියි.
මෙවැනි තත්ත්වයකදී රෝගියාට අව්වේ යන්න අපහසු වෙනවා, දහවලට නිදිමත ගතිය, හිසේ කැක්කුම, අමතකවීම, නොරිස්සුම් බව,  සෙම් සොටු ශරිරයෙන් බැහර කිරීමේ අපහසු තා වැනි රෝගී තත්ත්වයන් ඇතිවෙනවා.

ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියාගේ නාඩි තත්ත්වය පරීක්‍ෂා කිරීමේදී දෝෂ කෝපතාවය හඳුනාගෙන ආයුර්වේද ප්‍රතිකාර
කිරීමෙන් හා නිල තෙරපුම් සහිත ප්‍රතිකාර කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.

 

වෛද්‍ය මනෝජා වනිගරත්න

වනිගරත්න ආයුර්වේද රෝහල,
ඇත්ගාල, කොච්චිකඬේ, (මීගමුව)
031 2276083 – 077 0317669 –
077 6196798.