විශ්මිත මෝහන ප්‍රතිකාරතුලින් ලෙඩ සුවකරන්නේ මෙහෙමයි

වේලාව හරියටම රාත්‍රී 12 ට ආසන්න වුණා පමණි. හදිසියේ පැමිණි දුරකථන ඇමතුමකින් කියවුනේ නෙල්සන් ප්‍රනාන්දු මමා මියගොස් ඇති බවයි. කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටි අතර මරණය ගැන කල් ඇතිව අවධානයෙන් සිටියහ.
නමුත් චතුරිට නම් මරණය යන වචනයවත් ඇසීමට තරම පිළිකුල් සහගත එකක් විය. ඇයගේ නිවසේ සිට සැතපුම් සියයක් පමණ දුර යාමට සිදු වී ඇත. චතුරි මේ වන විටත් සිහින දකිමින් සුවයහනක තද නින්දට වැටී ඇත. තවමත් යොවුන් වියේ පසුවන ඇය නිවසෙහි තනිකර දැමීට පවුලේ අයට හැකියාවක් ද නැත.


මවගේ බාල සොහොයුරාගේ මරණ කටයුතු වෙනුවෙන් පවුලේ සැවොම අනිවාර්යෙන්ම යායුතුව ඇත. නමුත් චතුරිව කැටුව යන එක නම් මවුපියන්ට ඇත්තේ බරපතල ගැට`ථවකි. ඇයට වසර තුනක පමණ සිට මල ගෙදරක යාම හරි අපහසු කාර්යයක් විය.
හදිසියේවත් මලගෙදරක ගොසට පිට අයෙකු තම නිවසට පැමිණ පුටවක වාඩිවුව හොත් එය සබන් යොදා දෙතුන් පාරක් සෝදා පවිත්‍ර කිරීම ඇයගේ අනිවාර්ය කාරියක් බවට පත්විය. මාස කිහිපයක් ගතවන තුරුම එම පුටව මත වාඩිවීම ඇය ප්‍රතික්‍ෂේප කරන අතරම සුදු රෙද්දට ඇය දැඩි බියක් දක්වයි. සුදු වස්ත්‍රයෙන් යාමට ඇයට ඇත්තේ මහත් අපහසු තාවයකි.
කෙදිනක හෝ එම සුද ඇඳුමෙන් මල ගෙදරක යන්න ඇතැයි ඇයට නිතරම සිතෙන්නට විය. මේ නිසාම සුද ඇඳුම කෙරෙහි ඇයට ඇත්තේ හරිම හිරි කිතයකි. පාරේ යන එන විට ද සුදු ඇඳුමක් ඇඳගත් අයෙකු දුටුවහොත් හැකි තාක් ඔහුගෙන් හෝ ඇයගෙන් ඈත් වී යාමට උත්සුන වෙන ආකාරය කොය කාටත් අවබෝධ වෙනු ඇත.
චතුරිගේ මෙම ගැටලුකාරි තත්ත්වය හමුවෙහි කිසිදු යහලුවෙකු හෝ තම පවුලේ අයට ආශ්‍රය කිරීමට අපහසු වී ඇත. මෙම තත්ත්වය ඇයට තවත් මානසික වශයෙන් දරාගත නොහැකි පීඩාවක් බවට පත්විය.
මේ අතර ගමනක් බිමනක් යාමේදී ද ඇයට ප්‍රබල ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. සුදු ඇඳුම් ප්‍රශ්නය එහිදී ද වඩාත්ම ප්‍රබලව දැනෙන්නට විය. මේ නිසාම බස් රථයේ හිටගෙන යාම පුරුද්දක් කර ගත් ඇය රැකියාවක් හෝ විවාහයක් පිළිබඳව කිසිදු උනන්දුවක් නොදැක්වීම ඇයගේ අනාගතය අඳුරුකරවන සිදුවීමක් බවට පත් වී ඇත.
සුදු කොඩියක් දුටු සැණින් චතුරිගේ ඉරියව් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් ගනී. එවිට යන එන ගමන පවා මතකයෙන් ගිලිහී යයි. මේ අනුව අමතක වීමේ ගැටලුවට ද ඇයට මුහුණ දීමට සිදු වී ඇත.
මේ අතර හිතවතෙකුගෙන් ලද ආරංචියකට දෙමාපියන් චතුරිව මනෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටියේය. සුදුකොඩි භීතිකාවේ සුලමුල සෙවීම සඳහා වෛද්‍යවරයා ඇයව මෝහනයට පත් කළේය.
දවසක් අපේ ගමට අල්ලපු ගමේ ගැහැණු ළමයෙකු මිය ගොස් තිබුණා. සෝමලතා ඇන්ටි මල ගෙදර ගොස් ගෙට ඇවිදින් මරණ ගැන විස්තර කිව්වා. විෂ බීජ ශරීර ගත වී මිය ගොස් ඇති අතර සිරුර ඉදිමී ඇති බවත් තරමක් දුඟද හමන බවත් ඇය කියා සිටිය.

එම කතාවත් සමග එයාගේ සුදු අඳුමෙන් මට දුහඳක් දැණුනා. එය මරණයේ ගඳයි. ඒකම මට මහ අප්‍රසන්න එකක් වූණා. එමෙන්ම සුදු රෙදි මල ගෙවල්වල අඳින නිසා ඒවායෙහි විෂබීජ ඇතැයි මට බයක් දැනුණා. මෝහනයට පත් චතුරි කී කාතවෙන් සුදු කොඩඩිය යට සැඟවුණු රහස හෙළිකර ගැනීමට හැකිවිය.

මරණයේ අමිහිරි අත්දැකීම් තම ජීවිතයට සම්බන්ධ කර නොගත යුතු අතර වෙනත් අයෙකුගේ මරණයකින් තමන්ට කිසිදු හානියක් නොවන බවත් වෛද්‍යවරයා විසින් ඇයගේ යම් සිතට අවබෝද කරවීය.

තම සිතෙහි තිබු අමිහිරි මතක සටහන් ඉවත් කරගෙන ජීවිතය ඉදිරියෙන් ඉදිරියට යාමට විශ්මිත මෝහන ප්‍රතිකාර ඉවහල් වූ හැටි සතුටින් මතක් කරන්නේ ජීවිතයේ ලද ලොකුම ජයග්‍රහණයක් හැටියට ය.

බස්නාහිර පළාත් මෝහන
විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති, මනෝ වෛද්‍යඋපදේශක
ගුණසේකර මුදලිගේ

071 416 6190