ස්නායු මාර්ග අවහරි කරමින් වේදනාව ගෙනෙදෙන සන්ධි රෝග

වර්තමානයේ බහුල ලෙසටම කතාබහට ලක්වෙන මොනවද මේ සන්ධි ගත වාත රෝග කියන්නේ?

ශරිරයේ පිහිටි ලොකු කුඩා විශේෂ සන්දිස්ථානයන්ගේ වේදනාව, පීඩාව, ඉදිමුම, හිරිය, ප්‍රධාහය ඒවායේ ක්‍රියාකාරිත්වයේ දී පැන නගින පීඩාව විකෘති තාවය ආදි කී නොකී ලක්‍ෂණ බොහොමයක් සමග පැන නඟින රෝගාබාධ තත්ත්වයක් වේනම් එය සන්ධිගත වාත රෝගයක් වේ.
එහෙත් මේ සඳහන් කලා වූ සිය`ථම ලක්‍ෂණ සෑම සන්ධි ගත රෝගයකදීම එකවිට පැන නොනාහි. ඉන් කීපයක් පළමුව ඇතිවෙනවා. රෝගය උත්සන්න වන විට ඉහත ලක්‍ෂණ බොහෝමයක් එම රෝගියා තුළින් දිස්වේ.

මෙම රෝගයේදී බහුල ලෙසටම පීඩා විඳින ශරීර සන්ධි මොනවාද?

දණ හිස සන්ධි, වළලුකර සන්ධි, වැලමිට සන්ධි, උරහිස සන්ධි, කොඳු ඇට පෙළ සන්ධි, මැණික් කටුව සන්ධි, ඇඟිලි පුරුක් සන්ධි ආදී කී නොකි බොහෝ සන්ධිස්ථාන ඇසුරුකරමින් ඒ ඒ හේතුන්ට අනුව රෝග ලක්‍ෂණ පහල වේ.
මේවායින් සමහරක් අවස්ථා සුලු ප්‍රතිකර්ම වලින් පවා සුවක කළ හැක. එහෙත් හේතු ලක්‍ෂණ අනුබද්ධ දෝෂ ප්‍රබලත්වය යන කාරණ මත ඇතැම් සන්ධිගත වාතරෝග මනා පිළියව් වලින් තොරව සුවකිරීම දුෂ්කර වෙනවා. ඒ නිසාම දක්‍ෂ වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිවැරදිව රෝගී තත්ත්වය හඳුනාගෙන ඊට අනුව ප්‍රතිකාර සඳහා යොමවීට වැදගත්ය.

වර්තමානයේ බහුලවම දැකිය හැකි සන්ධි රෝග මොනවාද?

ශරිරයේ සියලුම සන්ධීන්ට බලපෑම් කළහැකි සන්ධිගත වාත රොග් අතර ආම වාතය, සන්ධි වාත රෝග හා වාත රක්තය සන්ධි වතා රෝගය යන අවස්ථා දෙක ප්‍රධානය. ඊට අමතරව ස්ථිනික වාත කෝපතාවය හේතුවෙන් ඒ ඒ සන්ධීනට පමණක් බලපවත්වන සන්ධි රෝග බොහෝයක් පවතී.

වර්තමානයේ වයස් භේදයකින් තොරව මෙවැනි රෝග තත්ත්වයන් දක්නට ලැබෙනවා. ඊට බලපාන හේතු මොනවාද?
වර්තමානයේ මෙවැනි රෝගබාධ සඳහා ප්‍රධානම හේතුකාරක කීපයක් ඉවහල් වේ. වැරදි ජීවන රටා, අක්‍රමවත් ආහාර රටාව, ව්‍යයාමෙන් තොරවීම, අධික වෙහෙසීම, පෝෂණ ඌණතා, අධික ස්ථුලතාවය, අවිධිමත් ඖෂධ භාවිතය, දියවැඩියාව වැනි රෝගි තත්ත්වයන් නිසිලෙස පාලනය නොකිරීම ආදි කරුණු දැක්විය හැකිය.

මෙවැනි රෝගාබාධ වළක්ව ගැනීමට ගත යුතු පියවර මොනවාද?

අප පෙර සඳහන් කලාසේ මෙ වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීම පිණිස ආහාර පාන ඇවතුම් පැවතුම් ආදි යහපත් ජීවන රටාවකට හුරුවිය යුතුය. එසේම කුඩාකල සිටම නිසි ව්‍යායාම සඳහා යොමවිය යුතුයි. ශරිරයේ සියලු සන්ධීන්ගේ ක්‍රියාකාරිතවයට එය මහඟු උපකාරයකි.
ප්‍රතිකාර පිළිබඳව කත කරනවානම් රෝග තත්ත්වය හරියටම පරික්‍ෂාකර ඊට සාපෙක්‍ෂව ප්‍රතිකාර කළයුතුයි. එහිදි රෝගය මැඩලීමට කසාය ආදි වූ පාන ඖෂධ වර්ග අභ්‍යන්තරවද බාහරිව ද තෛල අංශභාග, තැවිලි, පත්තු, ලේප, ආදි වූ චිකිත්සා උපක්‍රම යෙදීම සිදුවෙනවා. මේවා නිසියාකාරව සිදුකිරිමෙන් ඕනෑම තත්ත්වයක පවතින සන්ධි වාත රෝග සුවකල හැක. ප්‍රතිකා සිදුකරන කාලය තුල රෝගියාගේ රෝග තත්ත්වයට අනුව පත්‍ය අපත්‍යය පිළිපැදීම තුළින් මෙවැනි රෝග ඉක්මනින්ම සුවකිරීමේ හැකියාව ර`ඳා පවති.

ආයුර්වේද වෛද්‍ය
අමිල බන්ඩාර ගෝනිගොඩ
සුවසහන ආයුර්වේදය
මාලඹේ

077 517 5409