මේ වතුර බීවොත් රෝග රැසක් සුවවෙනවා නිසකයි (දෙවන කොටස)

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙලන ලද පරමාණු සහ ජලකර බෝම්බ මඟින් මුලුමනින්ම ජපානය විනාශ වී ගියේ ජපන් ජනතාවගේ අනාගත දරුපැටවුන්ට පවා තම රටට එල්ල වූ අවාසනාවන්ත ප්‍රහාරයේ විවිධ වූ බලපෑම් අත්විදීමට සලස්වමිනි. විකෘති පෙනුමැති දරුවන් ඉපදීමට අමතරව විවිධ වූ ලෙඩ රෝග ජපන් ජනතාව අතර බහුල වන්නට විය. චර්ම රෝග, පිළිකා, වකුගඩු අමාරු ඇතුලු අනේකවිධවූ ලෙඩරෝග ජපානයට සුලභ වෙමින් පැවැති අතර මනුෂ්‍යයන්ගේ ආයුකාලය වසර 30 – 40 අතරට සීමාවන්නට විය. පවතින අවාසනාවන්ත තත්ත්වයෙන්  ජපානය මුදවා ගැනිමේ  අදිටනින් යුතුව 1950 වසරේදී ජපන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් කණ්ඩායමක් සොබාදහමේ ශේෂ්ඨතම නිර්මාණය වූ ජලය මූලික කරගත් ඉතා වැදගත් තීරණාත්මක පර්යේෂණයක් ආරම්භ කරන්නේ සියලු ලෙඩරෝග සොදාහැරීමට ජලය ශක්තිමත් කිරීමේ අභියෝගාත්මක ක්‍රියාවලියකට අභිමානයෙන් යුක්තව මුහුණ දෙමිනි. 1974 ඔක්තෝම්බර් අවසානය වන විට 24 වසරක් පුරා නොනැවතී දිරිමත්ව කරන ලද තම පර්යේෂණයේ අභියෝග ජයගනිමින්  මෙම පර්යේෂක කණ්ඩායම අතිසාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. ඉතාමත් බලවත් සක්‍රීය ජල ප්‍රබේදයක් වූ මෙය “කැන්ගන්” යනුවෙන් නම් කරනු ලදී.
එතැන් සිට ජපානයේ සියලුම රෝහල්වල රෝගීන් හට මෙම කැන්ගන් පානීය ජලය ලබාදුන් අතර ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය නිවැරදිව වර්ධන තත්ත්වයට පත්වී මරණ සංඛ්‍යාව වේගයෙන් අඩු වී සුවපත් වන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය.  අනිවාර්යයෙන්ම කකුලක් ඉවත් කල යුතුයැයි වෛද්‍යවරු නිර්දේශ කල රෝගීන් නැවතත් දෙපයින් ඇවිද නිවසට ගියෝය. සුවපත් කල නොහැකි යැයි සම්මත වූ රෝගීහූ ද නිරෝගී මනුෂ්‍යයෝ ලෙස ජීවත් වූහ.
1994 දී ජපානයේ නිවාස වල පාවිච්චිය සඳහා කැන්ගන් වතුර නිර්මාණය කරන කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර නිපදවා ජපන් ජාතිකයින්ට ලබාගැනීමේ පහසුකම් සැපයීය.

පසුගිය කලාපයේ අප විසින් පලකරන ලද ‘ඕනෑම ලෙඩක් සුවකරන අරුම පුදුම වතුර” යන ලිපියේ දෙවන කොටස අපගේ පාඨක භවතුන් තවදුරටත් දැනුවත් කිරිම සඳහා මෙසේ පල කරන්නෙමු.

අප මෙවර එල්.ගුණරත්න මහතා මුණගැසිම සඳහා මාතර රාහුල හරස් පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට යන විටත් කැන්ගන්’ ජලය රැගෙන යාමට එන පිරිස් සහ කැන්ගන් ජලය රැගෙන යන පිරිස් බොහෝ වූ අතර අප ඉන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කළේ මෙම විශ්මිත ජලය භාවිතාකර තමන් ලබාගත් ගුණ අගුණ පිළිබඳ විස්තර දැනගැනිම සඳහාය. ආර්.ජයසිංහ නම් මහතෙකු ප්‍රකාශ කළේ මෙලෙසයි.
“මම මාතර නගරයේ කිට්ටුවයි ඉන්නේ. මගේ බිරිඳට වයස හැටඅටක් වෙනවා. ඇයට වසර 20 කට පමණ පෙර සිට දියවැඩියාව වැලදී තිබුණා. පසුව ප්‍රෙෂර් හැදුණා. මීට වසර පහකට පමණ පෙර සිට කොලොස්ටරෝල් සහ ආතරයිටිස් ඇතිවි හන්දිපත් රිදීම් සහ ඉදිමිම් නිසා ඇය ඉතාම අපහසු තත්ත්වයකයි පසුවුණේ. බටහිර හා දේශිය වෙදකම් කළත් නිට්ටාවට සුවවීමක් සිදුවුණේ නැහැ. මීට මාස තුනකට පමණ පෙරයි මම මෙතනට පැමිණියේ. එදා සිට ඇයත් අපත් කැන්ගන් ජලය පාචිච්චි කරනවා. මේ වන විට මගේ බිරිඳට හොඳටම හොඳයි. කැන්ගන් කියන්නේ ඇත්තටම විස්මිත වතුරක්ම තමා.”
සුනේත්‍රා නම් මහත්මියක් පැවසුවේ, “මගේ අම්මාට බරපතල රෝගී තත්ත්වයන් තිබුණා. ඇයට ඇවිදින්නට පවා නොහැකි වුණා. ඇදෙන් රෝද පුටුවටත් රෝද පුටුවෙන් ඇඳටත් යන තත්ත්වයකට ඇය පත්වුණා. මුල් දිනවල ඇය රෝද පුටුවේ තබාගෙන මෙහෙට පැමිණ කැන්ගන් වතුර පානය කිරීමට සැලැස්සුවා. දින තුන හතරකදී ඇය පයින් ඇවිදගෙන පැමිණ කැන්ගන් ජලය පානය කළා. අම්මා දැන් රෝද පුටුව භාවිතා කරන්නේම නැහැ. ඕනම ගමනක් තනිව යා හැකියි. කිසිම බෙහෙතක් බොන්නේ නෑ. ඇයත් අපිත් ඉතාම නිරෝගී. අපි හැමෝම පාවිච්චි කරන්නේ කැන්ගන් වතුරයි.”
අප කතාකරනු ලැබූ සිය`ඵ දෙනාම තමන්ගේ හෝ තම ඥාතියාගේ සුවපත් වීම පිළිබඳ දිගින් දිගටම මෙවැනි තොරතුරු පැවසුවේ කැන්ගන් ජලය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුවයි.
ඔවුන්ට මෙම කැන්ගන් වතුර සහ එහි විශේෂ ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙනු ලැබූ එල්.ගුණරත්න මහතා සමඟ කතාබහ කල අප ප්‍රථමයෙන්ම විමසුවේ ඒ මහතා මුලින්ම අන්තර්ජාලයේ කැන්ගන් ජලය පිළිබඳ සොයා බැලීමේදී ලබාගත් තොරතුරු සහ අත්දැකීම් පිළිබඳවයි. (පසුගිය ලිපියේ ප්‍රකාශ කල පරිදි අදාළ තොරතුරු මෙසේ එළිදැක්වේ.)
“මම කැන්ගන් ජලය පිළිබඳ අන්තර්ජාලය පරීක්ෂා කර බැලිමේදී කැන්ගන් ජලය පානය කර සුවපත් වූ අය විශාල පිරිසකුත් ඒ පිළිබඳ නොසතුට පළකල සුලු පිරිසකුත් හඳුනාගන්නට ලැබුණා. මම ඒ අය පිළිබඳ දිගින් දිගටම සොයා බලා තොරතුරු රැගෙන කැන්ගන් වතුර පිළිබඳ මාහට දේශන ලබාදුන් වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළා.”
“ඔවුන් මේ පිළිබඳ සවිස්තරාත්මක සහ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මා හට ලබා දුන් අතර මා ඉන් ඉතාමත් සෑහීමකට පත්වුනා. තවදුරටත් ඔවුන් මෙලෙසද කරුණු ඉදිරිපත් කළා.”
“කොරියාව, තායිවානය, මැලේසියාව, චීනය ඇතුලු රටවල් ගණනාවක ජපානයේ නිෂ්පාදිත නියම කැන්ගන් ජලය ලබාගත හැකි යන්ත්‍ර වලට සමාන පෙනුම ඇති යන්ත්‍ර නිපදවා විවිධ මිල ගණන් වලට විවිධ රටවලට විකුණනවා. එහෙත් එවැනි අනුකරණ යන්ත්‍ර මගින් නියම කැන්ගන් ජලය ලැබෙන්නේ නැහැ. අන්න ඒ වැරදි යන්ත්‍ර වලින් ලබාගන්නා ජලය පාවිච්චි කරනු ලැබූ සියලු දෙනාම බලවත් අපහසුතාවයන්ට පත්වූ බවද අප සොයා ගත්තා”
“ඊට අමතරව එම වෛද්‍යවරුන් මට පෙන්නුවා ගලවන ලද වෙනත් රටවල නිෂ්පාදනය කළ යන්ත්‍ර ගණනාවක අභ්‍යන්තරයන්. එසේම ගලවන ලද ජපානයේ නිෂ්පාදිත එනජික් වර්ගයේ ජල විද්‍යුත් විච්ඡේදක උපකරණයකුත්. ජපානයේ නිෂ්පාදිත නියම යන්ත්‍රයේ මෙන් නොව වෙනත් අනුකරණ යන්ත්‍ර වල අභ්‍යන්තරයේ විවිධ වූ දුර්වලතා සහ තත්වයේ වෙනස්කම්ද තිබුණා.”
අප ඊළඟට එල්.ගුණරත්න මහතාගෙන් විමසූවේ කැන්ගන් ජලය නිෂ්පාදනය වීම සඳහා යන්ත්‍රය තුළ සිදුවන්නේ කුමන ක්‍රියාවලියක්ද යන්නයි.
“කැන්ගන් ජලය නිර්මාණය කිරීම සඳහා යන්ත්‍රය තුළ අධිසංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙනවා. එය ඉතා කෙටියෙන් සහ සරලව පවසනවා නම්……..”
මූලිකව සිදුවන්නේ යන්ත්‍රයට සපයන ජලය අධිබලැති සුවිශේෂී ෆිල්ටරයක් මගින් පෙරීමයි. එහිදී ජලයේ ඇති මිනිස් සිරුරට හිතකර කැල්සියම් මැග්නිසියම් ඇතුලු මිනිස් සිරුරට අවශ්‍ය දේ හැර අනෙක් සියල්ල එනම් ඊයම්, ක්ලෝරින්, බැරලෝහ, මලකඩ, බැක්ටීරියා, ගඳ ඇතු`ඵ අහිතකර සියලු දේ ඉවත් කර සුපිරිසිදු ජලය යන්ත්‍රය අභ්‍යන්තරයට ලබා දෙනවා.
එහිදී ලෝකයේ මිල අධිකම ලෝහ වර්ගයක් වන වෛද්‍ය ඝණයට සකස්කරන ලද ප්ලැටිනම් (ප්ලැටිනම් වල ගිල්වූ ටයිටේනියම්) තහඩු ආධාරයෙන් විද්‍යුත් විච්ඡේදනයක් සිදුවී ඉතාම බලවත් සක්‍රීය ජල ප්‍රභේදයක් බවට පත්වෙනවා. මෙයට අමතරව මෙහි සිදුවෙන අධිසංකීර්ණ ක්‍රියාවලි බොහෝයි.
ලංකාවේද පෙරකී අනුකරන යන්ත්‍ර තිබෙන බව අපට දැගගන්නට ලැබී තිබෙනවා. අප පවසන්නේ මෙවැනි අනුකරණ යන්ත්‍ර වල ජලය පානය කිරිම ප්‍රතිඵල දායක නොවන බවයි. ”
“නියම කැන්ගන් ජලය නිෂ්පාදනය කරනු ලබන්නේිඑනජික්ී ආයතනය මගින් සාදනු ලබනිලෙවලුක්ී වර්ගයේ ජල විද්්‍යුත් විඡ්ඡේදක උපකරණ මඟින්ම පමණයි. එම උපකරණය ජපානයේ අතිවිශිෂ්ඨ ගණයේ වෛද්‍ය උපකරණයක්. කැන්ගන් ජලයේිග්‍රීන් ටී’ වල මෙන් දහගුණයක පමණ ප්‍රතිඔක්සිකාරක ශක්තියක් අඩංගු වෙනවා. එමගින් මනුෂ්‍යයෝ වයස්ගත වීම, රෝගී වීම සහ දිරාපත් වීමේ ක්‍රියාවලියේ වේගය අඩුකරන අතර පිළිකාව, හෘද රෝග, පාකින්සන් රෝගය, ඇල්සයිමර් රෝගය, හන්දිරෝග, යනාදිය සෑදීමට මුල්වන මුක්ත ඛණ්ඩක දුර්වල උදාසීන තත්ත්වයට පත්කරනවා.”
“කැන්ගන් වතුර පානය කරන විට මනුෂ්‍යයින්ගේ ආම්ලිකව ඇති ශරීරය එම තත්වය උදාසීන වී අනතුරුව තරමක් භාෂ්මික තත්ත්වයට පත්වෙනවා. එවිට ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය වහාම නව ජවයකින් සවිබල ගැන්වෙනවා. ඒ තුළින් ශරීරයේ තිබූ සහ හටන්නා සිය`ඵ රෝග සෝදා හැරීමේ ක්‍රියාවලිය අප පසුගිය කලාපයේ පෙන්වා දුන්නා. ”
අප කැන්ගන් යන වචනයේ අදහස කුමක්දැයි ගුණරත්න මහතාගෙන් විමසීමට අමතක කළේ නැහැ.
“කැන්ගන් යන වචනය ජපන් වචනයක්. එහි තේරුම වන්නේිනැවතත් සුව දිවියට’ යන්නයි ” ඒ මහතා එසේ පිළිතුරු දුන්නා.
ලංකාවේ ප්‍රථම වතාවට මනුෂ්‍යයන්ගේ ඩීඑන්ඒ පරීක්ෂාව මගින් රෝග නිර්නය කිරිමේ යන්ත්‍රයක් ගුණරත්න මහතා ලංකාවට ගෙන්වා ඇති අතර ඒ මගින් ඕනෑම අයෙකුගේ ශරීරයේ දැන හෝ නොදැන වැළදි ඇති රෝගී තත්ත්වයන් 95% ක් නිවැරදිව හඳාුනා ගැනීමට හැකි අතර මනුෂ්‍යයන්ට කිසිම අහිතකර කිරණයන් ඉන් නිකුත් නොවන බවත් පවසමින් ඒ මහතා මෙසේද පැවසුවේය.
“මෙම ස්කෑන් යන්ත්‍රය ලෝකයේ මිල අධික අති නවීනතම ස්කෑන් යන්ත්‍රයක්. මට දැනගන්නට ලැබුණු ආකාරයට 2018 වසරේ මුල් භාගයේ සිට රුසියාවේ ජර්මනියේ සිංගප්පූරුවේ සහ එංගලන්තයේ මෙම යන්ත්‍ර අති සාර්ථකව මනුෂ්‍යයින්ගේ ඩීඑන්ඒ ස්කෑන් කරමින් ශරීරයේ ඇති සිය`ඵ ලෙඩ රෝග හඳුන්වා දෙනවා. ඒ සඳහා විශාල මුදලක් (එංගලන්තයේ දී පවුම් 200 ක් එක් අයකු සඳහා) ඒ අය, අය කරන බවත් දැනගන්නට ලැබෙනවා.
ලංකාවේ ප්‍රථම වතාවට මෙලෙස ලෙඩ රෝග හඳුනාගත හැකි මෙම නවීන ස්කෑන් යන්ත්‍රය දැන් මා සතුව තිබෙනවා. මම ඉතාම සාධාරණ හඳුන්වාදීමේ මුදලකට තමයි දැනට මෙම ස්කෑන් යන්ත්‍රය මගින් පරීක්ෂණයන් සිදු කරන්නේ.”

එල්. ගුණරත්න මහතා ඇමතීමට 0777 362 860 දුරකථනයෙන් හැකියාව පවතී.

සැකසුම : අමරසිංහ මාලගේ