ඩෙංගු රක්තපාතය සුවකරගන්න මේ කසාෂ බොන්න

ඩෙංගු රෝගයෙහි ලක්‍ෂණ මොනවාගේද ?

ඇත්තටම් ඩෙංගු රෝගය බෝවෙන්නේ වෛරසයක් මඟින්, මාංශ පේශිවල සහ ඉන්ද්‍රියන් වල ඇතිවන ඉතා වේදනාකාරි තත්ත්වයන්, ක්‍ෂණිකව ඇතිවන ඉතා තදබල උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශිවල, හන්දිපත්වල රුදාව සහ සමෙහි ඇතිවන රතු පැහැති දීප්තිමත් කුඩා පැල්ලම් ඩෙංගු රෝගයෙහි ලක්‍ෂණ ලෙෂ ඇති විය හැකියි.


වෛද්‍යතුමනි, සංකා විෂ කියන්නේ මොකක්ද?
සංකා විෂ කියන්නේ කිසියම් පුද්ගලයෙකු ලෙඩ වූ විට මිනිසුන් විසින් ඇතිකරනු ලබන බියටයි. අද බොහෝ දෙනා දන්නවා ඩෙංගු මාරාන්තිකයි කියලා. එහිදී ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුට එකවරම ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය යැයි පැවසීම තුළින් ඔහුගේ මනස තුළ ඇතිවන බිය, කම්පනය හා සාංකාව තුළින් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පවා අහිමි වීමට පුළුවන. නමුත් ඔහුගේ සිත සැනසෙන ආකාරයෙන් ඔබගේ රෝගය අපට සුවකළ හැකිය කියා රෝගියාට පවසා ආත්ම විශ්වාසය හා ධෛර්යය සිතට ලබාදීම තුළින් රෝගියා සුවපත් කළ හැකිය. අතීතයේ සිට මේ දක්වා සිදුකරන නූලක් දමා, දෙහි කපා, ශාන්තිකර්ම කළේ රෝගියාගේ සිත සුවපත් කිරීමටය.

වෛද්‍යතුමනි ඩෙංගු රකත්පාත තත්ත්වයකිද කොහොමද ප්‍රතිකාර කරන්නේ?

රක්තපාත තත්ත්වයට ආ රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට අපේ පරම්පරාවේ විශේෂ කසාෂ බෙහත්, ගුලි චූර්ණ වර්ග තියෙනවා.

මෙම කසාෂ වලට අමතරව කැඳ වර්ගත් පාවිච්චි කරනවා ගම්සූරිය කොළකැඳ, කරපිංචා කොළ කැඳ, හීනටි හාලේ කැඳ බොන්නට සලස්වනවා. එවිට රෝගීයාගේ ශරිරයෙන් විෂ කොටස් බැහැරවෙනවා.  ඒ වගේම කසාෂ වර්ග තියෙනවා ශරිරයේ විෂ කොටස් බොහොම ඉක්මනින් ඉවත්කර ලේ ධාතුව පිරිසිදු කරන.
බොහෝවිට මෙම විෂ කොටස් එකතු වන්නේ වකුගඩුවල. ඉතින් වැඩිපර දියර ජාති දෙන්නේ එකයි. අද කාලේ ඩෙංගු බහුලව හැදෙන්න හේතුව තමයි වතුර සහ කැඳ ජාති බොන්නේ නැති කම නිසා ශරිරයේ ප්‍රතිශක්තිකරණයක් නෑ. ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.
ඉතින් ඩෙංගු රක්තපාත තත්ත්වයකදි මෙන්න මේ කසාෂ බොන්න පු`ථවන්නම් රෝගය ඉතාම ඉක්මනින් සුව වෙනවා.
අර`ථ, ගම්සූරිය පොතු, වැල් කහඹිලියා, නෙල්ලි, කරපිංචා පොතු, කරපිංචා කොළ, දිවුල් පොතු කලඳයි මංචාඩි 14 බැඟින් ගෙන පත අට එකට සිඳුවා සහිඳ ලුණු සමග උදේ සවස දෙවේලට වඩි 7ක් පමණ දෙන්න. මෙම කසාෂ බොන ගමන් අපේ විසින් හිඳින ලද මහ බලගතු විශේෂ තෙලක් තියෙනවා එයින් බිංදුවක් ද දිවට ගෙන උණුවතුර ස්වල්පයක් බොන්න. මේක ප්‍රත්‍යක්‍ෂම තෙලක් ආයේ ඩෙංගු හැදෙන්නෙම නෑ, ඩෙංගු රෝගියෙකුට දුන්නොත් අවශ්‍ය රුධිර පට්ටිකා ප්‍රමාණය ඉක්මනින් ම ඉහළට එනවා. මෙම තෙල් බින්දුවක් අපි සෑම කෙනෙකුටම නොමිලේ ද ලබාදෙනවා.

ඔබතුමා ඩෙංගු රෝගයට පමණක්ද ප්‍රතිකාර කරන්නේ?
නැහැ, මම සර්වාංග හා කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. මේ වන විට මම විශාල රෝගීන් පිරිසක් සුවපත් කර තිබෙනවා. මාගේ බලාපොරොත්තුව නිරෝගි සමාජයක් බිහිකිරීමයි. මම සෑදූ ඉසිවර තෙල වුවත් ඩෙංගු රෝගය උත්සන්නව පැවති කාලයේ පන්සල් වලට ගොස් නොමිලේ මිනිසුන්ට ලබාදුන්නා. එමඟින් ඩෙංගු රෝගීන් සුවපත් කරගැනීමට හැකියාව තිබූ අතර, අනික් අය ඩෙංගු රෝගයට ගොදුරු නොවී බේරා ගැනීමට හැකියාව ලැබුණා. දැන් වුවත් දුෂ්කර පළාත් වලින් ලැබෙන ඇමතුම් වලට පන්සල් මුල්කරගෙන මෙම තෙල බෙදා හැරීම තුළින් බොහෝ පිරිස රෝගයන්ගෙන් බේරා ගැනීමට මට හැකියාව ලැබී තිබෙනවා. අතීතයේත්, වර්තමානයේත් මදුරුවන් සිටියා. අනාගතයේත් ඉඳීවි. නමුත් මදුරුවන් විනාශ කිරීම තුළින් ඩෙංගු රෝගය නැතිකළ නොහැකිය. අප කළ යුත්තේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමයි. මා සෑම පොහෝ දිනකම රෝගීන් වෙනුවෙන් නොමිලයේ ප්‍රතිකාර ලබා දෙනවා. දැනුමින් හා ප්‍රතිශක්තියෙන් පිරිපුන් මිනිසුන් තුළින් නිරෝගිමත් සමාජයක් බිහිවේවා යි, මාගේ පැතුමයි.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ජ්‍යොතිෂවේදී, දේශබන්දු, වෛද්‍යාභිමානී
එස්.පී. අදිකාරිගේ මහතා, වෙද ගෙදර
077 026 2594/077 530 2089