දියවැඩියාව සුවකල හැකිද?

දියවැඩියාව බෝ නොවන රෝග කාණ්ඩයට අයත් රෝගයක් වුවද අද සමාජයේ එයින් පීඩාවට පත්ව සිටින ප්‍රමාණය බොහෝය. කලකට පෙර වැඩිහිටියන් අතර වැඩිපුර දක්නට ලැබුණු මේ රෝගය දැන් දැන් තරුණ ළමා පරපුර අතරද පැතිර යන බවක් පෙනේ.
වැරදි ආහාර රටාවන්ට හුරුවීම, ක්ෂණික ආහාර, සීනි බහුල ආහාර, පිෂ්ඨය බහුල ආහාර සේවනයට හුරුවීම, වැඩිපුර ආහාර ගැනීම, මානසික අසහනය හා ආතතිය මෙන්ම ව්‍යායාම අඩුකම ද, ප්‍රවේණික හේතුද රෝගය ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටි සහ අඩු වයස් මට්ටම කරාද ව්‍යාප්තියට හේතු සේ හඳුනාගෙන ඇත.


මෙකී වයස් සීමාවක් සලකා බැලීමේදී කුඩා ළමුන්ට සෑදෙන රුධිර ගත සීනි මට්ටම බොහෝදුරට සුව කළ හැකිය. එමෙන්ම තරුණ වයසේදී ඇති වන ලේවල සීනි වරින් වර වැඩි විය හැක. ප්‍රධානවම බලපාන ගැට`ථව වැඩිහිටි වයස් කාණ්ඩ අතර සෑදෙන දියවැඩියාව යි. ඊට නිබඳව ම ඹෟෂධ භාවිතා කළ යුතුය.
දියවැඩියාව යනු ප්‍රෝටීන, මේද, කාබෝහයිඩ්‍රේට් ඌණතාව නිසා පරිවෘත්තියේ උග්‍ර අසාමාන්‍යතාවක් ඇති වේ. එහි ප්‍රතිඵලය වනුයේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම තිබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ තත්ත්වයකට පත්වීමයි. එම තත්ත්වය දියවැඩියාව යි. එහි මූලික ලක්ෂණය වන්නේ බහුමූත්‍රතාව යි. එහෙත් එය මූත්‍රා මාර්ගයේ අසාමාන්‍යතාවයක් නොවේ. සිරුරේ ජල පරිවෘත්තයේ අසාමාන්‍යතාවක් පමණි.
අප වෙද සතරට අනුව දියවැඩියාව හඳුන්වන්නේ මධුමේහය නමිනි. පැරැණි පොත පතට අනුව එවැනි ප්‍රමේග රෝග 20ක් ගැන සඳහන් වේ. ප්‍රමේහ රෝගගත උච්චාවස්ථාව මධුමේහයෙන් කෙලවරවේ. මේ විසි ප්‍රමේහ, වාපිත, සෙම් යන ත්‍රිදෝෂය නිසා හට ගැනේ.
උදාහරණ වශයෙන් උහකී මේහය, ස්‍රාන්ධ්‍රා මේහය, ශුක්‍ර මේහය, රක්ත මේහය, ඉක්ෂු මේහය ආදී වශයෙන් අශ්ඨංග හෘද සංහිතාවට අනුව ප්‍රමේහ රෝග 2න්, 10 ක් කඵ නිසාද, 6ක් පිත නිසාද, 4ක් වාතය නිසාද හට ගනි. ඒ කෙසේ වුවත් දියවැඩියාවේදී. අමිෂ්ට මේහය හා මධුමේහය යනුවෙන් ප්‍රධාන දර්ශ දෙකක් ගැන සඳහන්වේ.
අමිෂ්ට මේහය හට ගන්නේ ළාබාල වියේදීය. බොහෝ දුරට එය සුව කල හැකිය. සමාජයේ එය එතරම් සුලබ නොවේ.
මධුමේහය හට ගන්නේ තරුණ හා වැඩිහිටි අවධිවලය. ජානමය හේතුන්ගේ බලපෑමෙන් තොරව ජීවන රටවේ වැරදි නිසා හටගත් මධුමේහ රෝගීන් ගේ නිරාහාර රුධිරයෙන් සීනි මට්ටම මි.ග්‍රෑ. 200 ට වඩා වැඩි නොවන්නේ නම්, පළමුව ආහාර පාලනයට උත්සාහගත යුතුය. මාසයක් පමණ ආහාර පාලනය කලද සීනි මට්ටම අඩු නොවන්නේ නම්, ඹෟෂධ යෙදිය යුතුය.
ඕනෑම රෝගයක් මුලදී සැදෙන විට සුවකල හැකිය. සුවකර ගත යුතුය. යන මතයේ සිට ප්‍රතිකාර ලැබීමත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයාද සුව කරමි යන පැතුමෙහි පිහිටා දයාවෙන් රෝගියාට දෙන බෙහෙත පථ්‍ය වේ. අද දියවැඩියාව වැළදුණ අය බොහෝ විට මුලින්ම සිතන්නේ එය සුව කල නොහැකි රෝගයක ලෙසය. ඒ මානසිකත්වය සහමුලින්ම අතහැර දේශිය වෙදකම් තුලින් සුවය ලැබුවෝ බොහෝය.
අප වෙදකමේ මූලධර්ම අනුව මධුමේහ චිකිත්සාව, ආහාර ද්‍රව්‍ය විහරණ විධි හා ඹෟෂධ යන ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. ඹෟෂධ යෙදීම සංශෝධන හා සංශමන ක්‍රියා මැනවින් ක්‍රියාත්මක විය යුතුය.
අපේ වෙදකම තුලින් රෝගයක සුව කරන බව කියන්නේ, ශරීරයට උපද්‍රව නැතුව රෝගයක් සුව කිරීමට ඇති හැකියාව නිසාය. මන්ද අප ප්‍රතිකාර කරන්නේ රෝගියාගේ තත්ත්වය හා රෝග ස්වාභාවය හරියටම සොයා බලා අවබෝධ කරගෙනය. “දේශීය වෙදකම යනු රෝග මූලයට කරන වෙදකමෙකි.” රෝග හේතුව බලා එය නැති කිරීම ප්‍රතිකාරයයි. එවන් මහඟු ප්‍රතිකාර පද්ධතියක් අප සතුය. එහෙයින් අතුරු ආබාධ උපද්‍රව නැත.
දියවැඩියා රෝගය සඳහාම අප විසින් විශේෂ පාරම්පරික වට්ටෝරුවකට අනුව සකස් කරන ලද ඖෂධ කිහිපයක් ඇත. එම ඖෂධ නිකුත් කරනු ලබන්නේ රෝගියාගේ රෝග තත්ත්වය, කාල සිමාව සහ ඔවුන්ගේ ශාරිරික තත්ත්වද නිගමනය කරගත් පසුවය.
මෙහි මස්බැද්ද, වෙනිවැල් ගැට, කොතලහිඹුටු මෙන්ම තවත් ඖෂධ රාශියක් ඇතුලත් කර නිශ්පාදනය කර ඇති අතර වසර 40ක් පමණ දීර්ඝ ඉතිහාසයක් මෙම ඖෂධ වල ඇත.
(වැඩි විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න)

කැස්බෑව හොරණ පාරේ
ගොඩිගමුව වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍යාචාරිණි ඩී. පවිත්‍රා සර්ධාසේන
නොමිලේ උපදෙස් සඳහා අමතන්න 071 683 1608/ 011 2 702006