ලෙඩ සුවකරන අරුම පුදුම වතුර (03 වන කොටස)

පසුගිය සතියේ පළවු ලිපියෙහි ඉතිරි කොටස….

දිවයින පුවත්පත මගින් ඉතාම බලවත් සක්‍රීය ජල ප්‍රභේදයක් වන කැන්ගන් ජලය පිළිබඳ ලිපි පලකරමින් දිවයින පාඨක භවතුන් දැනුවත් කරන්නේ ශරීරයේ ඇති හෝ ඇතිවීමට නියමිත සියලු ලෙඩ රෝග සෝදා හැර නිරෝගීව සතුටින් ජීවත්වීමට ආධාර වන මෙම විශ්මිත කැන්ගන් ජලයේ ඇති ශක්තීන් හඳුන්වාදීමටය.
“කොරියාව, තායිවානය, මැලේසියාව, චීනය ඇතු`ඵ රටවල් ගණනාවක ජපානයේ නිෂ්පාදිත නියම කැන්ගන් ජලය ලබාගත හැකි යන්ත්‍ර වලට සමාන පෙනුම ඇති යන්ත්‍ර නිපදවා විවිධ මිල ගණන් වලට විවිධ රටවලට විකුණනවා. එහෙත් එවැනි අනුකරණ යන්ත්‍ර මගින් නියම කැන්ගන් ජලය ලැබෙන්නේ නැහැ. අන්න ඒ වැරදි යන්ත්‍ර වලින් ලබාගන්නා ජලය පාවිච්චි කරනු ලැබූ සිය`ඵ දෙනාම බලවත් අපහසුතාවයන්ට පත්වූ බවද අප සොයා ගත්තා”


“ඊට අමතරව එම වෛද්‍යවරුන් මට පෙන්නුවා ගලවන ලද වෙනත් රටවල නිෂ්පාදනය කළ යන්ත්‍ර ගණනාවක අභ්‍යන්තරයන්. එසේම ගලවන ලද ජපානයේ නිෂ්පාදිත එනජික් වර්ගයේ ජල විද්‍යුත් විච්ඡේදක උපකරණයකුත්. ජපානයේ නිෂ්පාදිත නියම යන්ත්‍රයේ මෙන් නොව වෙනත් අනුකරණ යන්ත්‍ර වල අභ්‍යන්තරයේ විවිධ වූ දුර්වලතා සහ තත්වයේ වෙනස්කම්ද තිබුණා.”
අප ඊළඟට එල්.ගුණරත්න මහතාගෙන් විමසූවේ කැන්ගන් ජලය නිෂ්පාදනය වීම සඳහා යන්ත්‍රය තුළ සිදුවන්නේ කුමන ක්‍රියාවලියක්ද යන්නයි.
“කැන්ගන් ජලය නිර්මාණය කිරීම සඳහා යන්ත්‍රය තුළ අධිසංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙනවා. එය ඉතා කෙටියෙන් සහ සරලව පවසනවා නම්……..”
මූලිකව සිදුවන්නේ යන්ත්‍රයට සපයන ජලය අධිබලැති සුවිශේෂී ෆිල්ටරයක් මගින් පෙරීමයි. එහිදී ජලයේ ඇති මිනිස් සිරුරට හිතකර කැල්සියම් මැග්නිසියම් ඇතු`ඵ මිනිස් සිරුරට අවශ්‍ය දේ හැර අනෙක් සියල්ල එනම් ඊයම්, ක්ලෝරින්, බැරලෝහ, මලකඩ, බැක්ටීරියා, ගඳ ඇතු`ඵ අහිතකර සිය`ඵ දේ ඉවත් කර සුපිරිසිදු ජලය යන්ත්‍රය අභ්‍යන්තරයට ලබා දෙනවා.
එහිදී ලෝකයේ මිල අධිකම ලෝහ වර්ගයක් වන වෛද්‍ය ඝණයට සකස්කරන ලද ප්ලැටිනම් (ප්ලැටිනම් වල ගිල්වූ ටයිටේනියම්) තහඩු ආධාරයෙන් විද්‍යුත් විච්ඡේදනයක් සිදුවී ඉතාම බලවත් සක්‍රීය ජල ප්‍රභේදයක් බවට පත්වෙනවා. මෙයට අමතරව මෙහි සිදුවෙන අධිසංකීර්ණ ක්‍රියාවලි බොහෝයි.
ලංකාවේද පෙරකී අනුකරන යන්ත්‍ර තිබෙන බව අපට දැගගන්නට ලැබී තිබෙනවා. අප පවසන්නේ මෙවැනි අනුකරණ යන්ත්‍ර වල ජලය පානය කිරිම ප්‍රතිඵල දායක නොවන බවයි. ”
“නියම කැන්ගන් ජලය නිෂ්පාදනය කරනු ලබන්නේ ‘එනජික් ’ ආයතනය මගින් සාදනු ලබන ‘ලෙවලුක් ’ වර්ගයේ ජල විද්්‍යුත් විඡ්ඡේදක උපකරණ මඟින්ම පමණයි. එම උපකරණය ජපානයේ අතිවිශිෂ්ඨ ගණයේ වෛද්‍ය උපකරණයක්. කැන්ගන් ජලයේ ‘ග්‍රීන් ටී’ වල මෙන් දහගුණයක පමණ ප්‍රතිඔක්සිකාරක ශක්තියක් අඩංගු වෙනවා. එමගින් මනුෂ්‍යයෝ වයස්ගත වීම, රෝගී වීම සහ දිරාපත් වීමේ ක්‍රියාවලියේ වේගය අඩුකරන අතර පිළිකාව, හෘද රෝග, පාකින්සන් රෝගය, ඇල්සයිමර් රෝගය, හන්දිරෝග, යනාදිය සෑදීමට මුල්වන මුක්ත ඛණ්ඩක දුර්වල උදාසීන තත්ත්වයට පත්කරනවා.”
“කැන්ගන් වතුර පානය කරන විට මනුෂ්‍යයින්ගේ ආම්ලිකව ඇති ශරීරය එම තත්වය උදාසීන වී අනතුරුව තරමක් භාෂ්මික තත්ත්වයට පත්වෙනවා. එවිට ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය වහාම නව ජවයකින් සවිබල ගැන්වෙනවා. ඒ තුළින් ශරීරයේ තිබූ සහ හටන්නා සිය`ඵ රෝග සෝදා හැරීමේ ක්‍රියාවලිය අප පසුගිය කලාපයේ පෙන්වා දුන්නා. ”
අප කැන්ගන් යන වචනයේ අදහස කුමක්දැයි ගුණරත්න මහතාගෙන් විමසීමට අමතක කළේ නැහැ.
“කැන්ගන් යන වචනය ජපන් වචනයක්. එහි තේරුම වන්නේ ‘නැවතත් සුව දිවියට’ යන්නයි ” ඒ මහතා එසේ පිළිතුරු දුන්නා.
ලංකාවේ ප්‍රථම වතාවට මනුෂ්‍යයන්ගේ ඩීඑන්ඒ පරීක්ෂාව මගින් රෝග නිර්නය කිරිමේ යන්ත්‍රයක් ගුණරත්න මහතා ලංකාවට ගෙන්වා ඇති අතර ඒ මගින් ඕනෑම අයෙකුගේ ශරීරයේ දැන හෝ නොදැන වැළදි ඇති රෝගී තත්ත්වයන් 95% ක් නිවැරදිව හඳාුනා ගැනීමට හැකි අතර මනුෂ්‍යයන්ට කිසිම අහිතකර කිරණයන් ඉන් නිකුත් නොවන බවත් පවසමින් ඒ මහතා මෙසේද පැවසුවේය.
“මෙම ස්කෑන් යන්ත්‍රය ලෝකයේ මිල අධික අති නවීනතම ස්කෑන් යන්ත්‍රයක්. මට දැනගන්නට ලැබුණු ආකාරයට 2018 වසරේ මුල් භාගයේ සිට රුසියාවේ ජර්මනියේ සිංගප්පූරුවේ සහ එංගලන්තයේ මෙම යන්ත්‍ර අති සාර්ථකව මනුෂ්‍යයින්ගේ ඩීඑන්ඒ ස්කෑන් කරමින් ශරීරයේ ඇති සිය`ඵ ලෙඩ රෝග හඳුන්වා දෙනවා. ඒ සඳහා විශාල මුදලක් (එංගලන්තයේ දී පවුම් 200 ක් එක් අයකු සඳහා) ඒ අය, අය කරන බවත් දැනගන්නට ලැබෙනවා.
ලංකාවේ ප්‍රථම වතාවට මෙලෙස ලෙඩ රෝග හඳුනාගත හැකි මෙම නවීන ස්කෑන් යන්ත්‍රය දැන් මා සතුව තිබෙනවා. මම ඉතාම සාධාරණ හඳුන්වාදීමේ මුදලකට තමයි දැනට මෙම ස්කෑන් යන්ත්‍රය මගින් පරීක්ෂණයන් සිදු කරන්නේ.”

කැන්ගන් ජලය පානය කරන විට ශරීරයේ සිදුවන විශේෂිත වෙනස්කම් 6ක් ලබන සතියේ බලාපොරොත්තු වන්න…

එල්. ගුණරත්න
077 736 2860