සිහංල බෙහෙත් මගින් පීනස් රෝගයට විශ්මිත පරම්පරික ප්‍රතිකාර

ඔබ නොදැන පීනස් රෝගයෙන් පීඩා විදීද?
රෝගයට හේතුව ආහාර රටාවද?
පීනස් රෝගය සීග්‍රයෙන් බෝවීමක් සිදුවේද?
ඔබේ හිස්කෙස් ඉදීම ගැලවීයාම අධිකව සිදුවේද?

අතීතයේ පටන් පැවත ආ ශ්‍රීලංකාවේ දේශිය වෙදකමට ඉන්දියාවෙන් පැමිණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් පිටුවහලක් විය. එය ගසට පොත්ත මෙන් එකට බැදී පවතී.

එදා මෙදා තුර මේ වෛද්‍ය ක්‍රමයෙන් බොහෝ රෝගීන් නිරෝගී කිරීමට මේ දර්ශකයට හැකි විය. අදත් එය අප හැමට ඉතිරිව ඇත්තේ ස්ථීරවම රෝගය සුවවීම හා අතුරු විපාක ඇති නොවී රෝගය සුවකිරීමට ඇති එකම වෛද්‍ය ක්‍රමය ලෙසය. මේ ලෝකයේ ඇතිවන හා ඇති වූ සියලු රෝගවලට සුදුසු ගස් පැලැටි මේ පෘථිවියේ මිනිසා ඇතිවීමක් සමග සැදී තිබේ. මෙම ඖෂධ පැලැටි හඳුනාගෙන එහි ඇති ගුණාත්මක බව හඳුනාගැනීමට පාර්යේෂ කිරීමේ දුර්වලතාවය නිසා මෙම වටිනා ඖෂධ පැලැටි වල පල ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. නමුත් අත්දැකීමෙන් හඳුනාගත් ඖෂධ මගින් හා පාරම්පරාවෙන් පරම් පරවාට පැවත ආ ඖෂධ මගින් පීනස් රෝගය නිට්ටාවට සුවකිීරීමට හැකිවීම අපලද භාග්‍යයකි.
පීනස් රෝගයේ ස්භාවය හා පීනස් රෝග වැලදීමෙන් පසු හැමදෙනාටම එකම රෝගලක්‍ෂණද පහලවන්නේෟ?

පීනස් රෝගය මුලින්ම අපීනස, පීනස, ලය පීනස ලෙස ප්‍රභේද වන බව අපට පැහැදිලි වේ. අපීනස යනු පීනසෙන් තොරව සෙම් කොටස් ඉවත්වීම. (මෙය සෙම්ප්‍රතිශ්‍යාව) පීනස යනු දීර්ඝ කාලයක් සුව නොවී කිවිසුම් යාම වතුරමෙන් නාසයෙන් බරව සොටු වැගිරීම සමහර විට ලේ යාම, තවත් විටෙක මේ එකක් වත් නැතිව නාස්පුඩු දෙක සිරවීම හෝ වරින් වර නාස්පුඩු සිරවීම පීනස් රෝගයේ මූලික ලක්‍ෂණයයි. ලය පීනස් (හතිය, ඇඳම) සෙම් කොටස් පපුවේ රැදෙමින් නිතර කැස්ස ඇතිකරමින් පපුවේ රූත් රූත් ගාමින් පීඩාවට පත් කිරිමය.

අපීනස (සේමප්‍රතිශ්‍යාව) නොසලකාහැරීමෙන් පීනසද, පිනස නොසලකා හැරීමෙන් ලය පීනස (හතිය, ඇදුම) ඇතිවිය හැකි බව රෝගීන් විමර්ෂණයේදී පැහැදිලිවේ. පීනස් රෝගයේ ප්‍රභේද අනුව ලක්‍ෂණ පහලවීම වෙනස් විය හැක. දිය පීනස, සොටු පීනස, ගල් පීනස, ගඳ පීනස, ලේ පීනස ලෙස බොහෝ විට වර්ග කීපයක පීනස් රෝගීන් අපට හමුවේ.

දිය පීනස ඃ-    නිතර නිතර නාසයෙන් දියර ගැලීම හා නිතර හිස රදය
සොටු පීනස    ඃ-    දියර මෙන් නොව ගණ වූ සොටු කොටස් වරින් වර නාසයේ සිරවී හුස්ම ගැනීමේ අපහසුව, ඇස්යට කැක්කුම ඇතිවේ.

ගඳ පීනස    ඃ-    තමාට දැනී හෝ නොදැනී නාසයෙන් ඉතා දුඟදක් ඇතිවීම බොහෝවිට දුඟද අන් අයට දැනේ

ලේ පීනස     ඃ-    වේදනාවක් නොමැතිව එකවර නාසෙයන් ලේ බින්දු වරින් වර වැගිරීම

පීනස රෝගයෙන් පෙළෙන අයකුගෙන් සමාජයට යම් බාධාවක් සිදුවේද?

මෙම රෝග තත්ත්වයට පත් වූ අයට සමාජයට තමාගෙන් සිදුවිය යුතු යුතුකම් කළ නොහැකි තත්ත්වයට පත්වේ. මෙම රෝගීන් නිතර නිතර කිවිසුම් යැවීම, නිතර නිතර උගුර පෑදීම, නිතර නාසයෙන් ශබ්දයක් නගමින් හුස්ම පිටකිරම, රාත්‍රීයේදී නින්දේදී විශාල හඬකින් ගෙරවීම, කැස්ස, නාසයෙන් දුඟද හැමීම, අලස බව, නිදිමත අධිකබව සමාජයට අහිතකර බලපාන හේතු සාධක වේ.

පීනස් රෝගය වැළදීමට විශේෂ හේතු කරකා මොනවාද?
මේ රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නෙවන බව අප මුලින්ම අවබෝධ කරගත යුතුයි. පීනස් රෝගය  වැලදීමේදී බාහිර හේතු අභ්‍යාන්තර හේතු ලෙස කොස් දෙකකින් රෝගය වැළදෙන බව පෙනේ. බාහිර හේතු මඟින් මෙම රෝගය වැළදෙන්නේ නිතර නිතර නිදි මැරීම, නිතර පිනි බෑම, ලී කුඩු, දුවිලි, ගොයම් කාටු, දුම්වර්ග හා රසායනික වර්ග නිතර ආග්‍රානය කිරීම වැනි කාරණා පීනස් රෝගය වැළදීමට හේතු වේ.
අභ්‍යන්තර හේතු ලෙස සලකා බැලීමේදි සෙම් කෝප වන ක්‍රියා සිදුකරමින් කටයුතු කිරීමය. සවස් කාලයේ හිසකෙස් වියලීමට කල් මදි වේලාවක ස්නානය කර හිසකෙස් තෙත පිටින් නිදියා ගැනීම.
එහිදි හිස හා කොට්ටය අතර ඇතිවන අධික උෂ්ණය නිසා කෙස් ගැලවීම, ඉදීම සිදුවී පීනස ඇතිවේ.

සෙම් අධික අය ඒ ගැන නොසලකා සෙම් වඩන ආහාර ක්‍රියා සිදුකරමින් කටයුතු කිරීම (සීත ගුණයෙන් යුත් ජෙල් වර්ග ක්‍රීම් වර්ග නිතර හිසේ ගෑම)

පීනස් රෝගයේදී හිසකෙස් ගැලවීයාම, හිසකෙස් ඉදීම, ඉස්සොරි සෑදීම සුවකල හැකිද ?

මෙම රෝගය වැළදුන බොහෝ අය පරීක්‍ෂාවේදී අපට පෙනී යන්නේ තමාගේ නොසැලිකිලිමත් බව හා රෝගය වැලුදුන විගස ප්‍රතිකාර නොගෙන උත්සන්න වූ විට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවයි. අකලට හිසේ කෙස් ගස් ඉදි ඇති විට හෝ කෙස් විශාල ලෙස ගැලවීයාම, නිතර උදය කාලය සවස් කාලය කිවිසුම් යයිනම් ඔහු හෝ ඇය පිනස් රෝගය වැලදී ඇති බැවින් ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. ප්‍රතිකාර වලදී ඉදි ඇති කෙස් ගස කලු නොවන නමුත් එම් කෙස් ගස වැඩෙන අග්ගිස්සේ (හිසට සම්බන්ධ නැත) සිට කලුවීම ආරම්භ වෙයි. කෙස් ගසට ලැබෙන පෝෂණය අඩුවීම නිසා කෙස් ගස් ගැලවිම ඉදීම සිදුවේ. එය වලකා ගන්නට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමද මුලින්ම කෙස් ගැලවීයාම නවතින අතර නිසි පෝෂණය කෙස් ගස්වලට ලබාදීමේදී කෙස් කලුවට  දිගට වැඩීමට පටන් ගනී. වයසට කෙස් ඉදීම හෝ පරම්පරාවේ අනුව කෙස් ගැලවවීයාම රෝගයක් නොවේ. එය පීනස් රෝගයයි වරදවා වටහා ගත යුතු නොව්.

වෛද්‍යතුමනි ඔබ තුමාගේ පරම්පරාවෙන් පැවත එන පීනස් ප්‍රතිකාර ක්‍රමවේදයන් පියවරෙන් පියවර රෝගියාව යොමුකරනුයේ කුමන ආකාරයට ද?

මගේ පියා කැස්බෑවේ එම්. ඩෙන්සිල් රණතිස්ස පීරිස් වෛද්‍යවරයායි.. එතුමාගේ පියා පාරම්පරිකව කරගෙන පැමිණ පීනස් රෝග ප්‍රතිකාර විධියි දැනට මා අනුගමනය කරන්නේ මුලින්ම රෝගියා පරීක්‍ෂාකර බලා රෝගියාට වැලදී ඇති පීනස් රෝග ප්‍රභේදය හඳුනාගන්නා අතර එම ප්‍රභේදයට කලයුතු ප්‍රතිකාර විධි ආරම්භ කරනවා මුලින්ම නිෂ්පාදන බෙහෙත් දියර වර්ග, ගුලි, කල්ක, පේයාව, තෙල් වර්ග ලබාදීම සිදුකර රෝගියාගේ රෝග තත්ත්වය සලකා බලා නස්න කර්ම, තැවීම, ඖෂධ දුම් ඉරීමට දීම, ඖෂධ කුඩු ඉරිමට දීම, අවශ්‍යනම් හිසට හා නළලට ඖෂධ පැලැස්තර එළීම, අවශ්‍යනම් ශ්‍රීරෝධාර ප්‍රතිකාර විධි ඖෂධීය ශීර්ෂ සම්භාහනය (හෙඞ් මසාජ්) ආදි චිකිත්සා අභ්‍යන්තර ඖෂධවල අමතරව බාහිර චිකිත්සා ලෙස සිදුකරනවා මෙම බාහිර හා අභ්‍යන්තර චිකිත්සා ක්‍රම දෙක අවශ්‍ය ලෙස ලබා දිමෙන් පීනස් රෝගයෙන් රෝගියා ඉක්මනින් මිදී සුවපත් වෙනවා.

විශේෂයෙන් සඳහන් කළ නස්න කර්ම, ශ්‍රීරෝධාර, පැලැස්තර ඖෂධ දුම් පානය ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න.

නස්නකර්මයට අප මුලින්ම රෝගියාගේ ශරිරය සකසා ගත යුතුයි. එහිදී මුලින්ම තෙල් ගා මුහුණ, නළල, බෙල්ල, උරහිස් සම්භාහනය කර පසුව ඖෂධ පොට්ටනිවලින් තවා ඖෂධ කොල තම්බා හුමාලය නාසයෙන් කටින් ඉරීමට සලස්වා නස්න ක්‍රියාවලිය සිදුකරනවා. එවිට රෝගියාගේ නාසයෙන් කටින් බුරුල්වූ සෙම් කොටස් ඉවත් වීම සිදුවෙනවා.

ශ්‍රිරෝධාර ප්‍රතිකාර අවශ්‍ය පීනස් රෝගියාට පීනසට භාවිතා කරන අති විශේෂ තෙල් වර්ග මද උණුසුමින් රත්කර හිස පිරිමදින අතර ධාරාවන් ලෙස උණුසුම් තෙල් හිසට ඒකාකාරිව වැගිරීමට සලස්වනවා. පැලැස්තර ප්‍රතිකාර යෙදීමට අවශ්‍ය පීනස් රෝගියාට අප විසින් හඳුනාගත් පීනස් සෙම් කොටස් ඉවත් කරන වියලි ඖෂධ හා කොල වර්ග කොටා හිසට හා නළලට පැලැස්තර යෙදීම සිදුකර සෙම් කොටස් ඉවත්වීම මෙහිදී සිදුවෙයි.

ඖෂධ දුම්පානයඃ- මෙහදී රෝගියාට නිෂ්චිත කාලයකදී ඖෂධ වලින් සකස්කල ඖෂධ දුම් වැරටිවලින් දුම් ඉරීමට හා නාසයෙන් පිටකිරීමට සලස්වා ඝන වූ සෙම් කොටස් දියාරුකර ඉවත් කිරීම සිදුකරනවා.

මෙම පීනස් රෝගය වැළඳුන රෝගියකුට පීනස් රෝගය උත්සන්න වන කාලයක් තිබේදෟ

පීනස යනු නළල් තලයේ ඇතුළත සෙම් කොටස් එකතු වී දුෂිත තත්ත්වයට පත් වී රැදී තිබීම බව අපට සරල ලෙස පිළිගත හැක. සෙම සීතල ගුණය ඇති දෙයකි මිනිස් සිරුරේ මෙන්ම සත්ව ශරිරයෙන් ගස්, වැල් වලද සෙම් බලපව්ත්නා බව කිව යුතුය. හඳ මෝරන (පෝය දින ලන්වන විට) ඇඳුම, උමතුව, පීනස, කඩු…. කැස්ස වැනි සෙම් ප්‍රධාන රෝග වැඩිවන බව අපි දනිමු. ලී පිණිස ගස් කැපුවත් පුරහඳ ගස් නොකපන බව පැරණි මතයක් තිබුණි.

හඳ මෝරන විට ගස්වල දියර ගතිය හෙවත් සෙම් ධාතුව පොළව දෙසින් අධිකව ගස දිසාවට ඇදී යයි. පුරහඳට මුහුදේ ජලය උඩට ඇදෙන බව ගැමමි ශාස්ත්‍රයේදී උගන්වයි. ගස්වල ජලය උඩට ඇදෙන්නේ එසේමය. මෙසේ ගස්වල උඩට ජල ධාතුව ඇදෙන පුරහඳ කාලයට ගසේ අරටුව දුර්වලය ඒ ලීය ඉක්මනින් දිරීමට පත් වේ.

වියලි කලාපයේ ගසක් හා ගඟක් අසල ලීයක් සසදා බැලීමෙන් කාරනාව තවත් පැහැදිලි වේ. හඳ මෝරන විට කකු`ථවන්ගේ මස් අඩු බව ප්‍රසිද්ධ රහසකි. හඳ මෝරන විට කකු`ථවන්ගේ සෙම් ධාතුව දියර වීම උන්ගේ මස් අඩුවීමට හේතුවයි.

කකු`ථවන්ගේ මසෙහි සෙම් ධාතුව අධික බව සැලකිය යුතුයි. සෙම් ධාතුව අධික කාලය දී කකු`ථවන්, ඉස්සන් කෑ විට කැස්ස, ඇඳුම, කඩුවේගන් වැඩිවන බව පැහැදිලයට. කිලිටි සෙම් ඇති විට සෙම් වඩන දැ අහිතියැයි ආයුර්වේද න්‍යායයි. කකු`ථවන්ගේ සෙම් දියර බවට හැරෙන මෙන් මිනිසුන්ගේ සෙම් ධාතුව ශීත කාලයේදී දියර බවට හැාර් ශීත කාලයේදී වතුර පානය අඩු වුවත් දහඩිය දැමීම අඩුවුවත් මුත්‍රා යාම ඉතා වැඩි වන්නේ ඒ නිසාය. ඝන ද්‍රවයක් දියර බවට හැරීමේදී පරිමාණය වැඩිවේ. එසේ වැඩි වූ විට එහි කැළඹීම හටගනී. මෙහි සෙම් වැඩි වූ විට එය කිවේ කිලිටි සෙම් ඇතිවීම ශීත දේශගුණයේදී වැඩි වී පිට කිරීම ඉබේ සිදුවේ. මේ සෙම් ගැලීම නාසයෙන් සිදුවන්නේ දොස් උඩට ගිය විටදීය.

රෝගය කල් ගොස් නාසය තුල මස් දියවීම ශ්ලේෂ්මල පටල ඉදීමීම මගින් ගඳ සුවඳ දැනීම නැතිව යයි.  පීඩාව තවත් වැඩිවීමෙදී ඇසි පෙනීම අඩුවී ඇස් ආබාධ හටගනී. ලය පීනස නමින් හඳුන්වන ඇඳුම තත්ත්වයට පත්වේ. නරක් වූ සෙම් නිසා නිසියාකරව ලේ, වාතය පෝෂණ කොටස් නොලැඹීමෙන් කෙස් ගැලවීම, ඉදීම සිදුවේ, නළල යට වේදනාව, ඇස් යට කලුවීම, දිවට රස කොටස නොදැනි යයි. නිතර නිතර තෙත් ගතිය පැවතීම නිසා අසාරවූ බිමේ පැලැටි නොසැදෙන්නා සේම ඇති පැලැටිද හීන වී යයි. සෙමෙන් දුෂිත වූ හිසේ කෙස් වලටද අත්වන්නේ ඒ ඉරණමයි. දැන් මුල් විදරුමස් දියවීම මුඛයේ දුහඳ හැමීම ආදි ලක්‍ෂණ පහළ වී ඔබේ රූපී කය විරූපී තත්ත්වයට පත්කිරීමට පීනස් රෝගය ඉවහල් වේ.

 

ආයුර්වේද වෛද්‍ය සුමේධ පීරිස්
011 2 851 290/076 941 6235