නිල සන්ධි රෝග චිකිත්සාව 08 ප්‍රමේහ රෝග (වස්ති ගත හා මුත්‍ර රෝග)

යම් රෝගයක් හිදී රෝගියා හට වැඩියෙන් හෝ අපිරිසිදුව මුත්‍රා පහවේද? ඒ රෝගය ප්‍රමේහය නම් වන බව මාධව නිදානයේ දක්වා ඇත. එසේම මේහ රෝගකාරයේදී මුත්‍රා පද්ධතිය මෙන්ම ජීරණ පද්ධතියේත් විකෘතිතාවයන් ඇතිවෙන බව සත්‍යකි. සිදුවන විකෘතිය අනුව වෙන් වෙන් ලකුණු පැනනගින හෙයින් ඒ ඒ ප්‍රවේහ වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකිය. හොඳින් කමින් බොමින් ප්‍රීති වෙමින් නොවෙහෙසා සිටින වාඩි වී හාන්සි වී නිදි සුවයෙන් කාලය ගත කිරීම ප්‍රෙමේහයට හේතු වන බව සැලකිය යුතුය. ප්‍රෙමේහ 20 කි. එයින් 10 සෙම නිසාද, සයක් පිතින්ද, සතරක් වාතයෙන්ද හටගනී. සෙම් නිසා ඇතිවෙන රෝග 10 ප්‍රථමයෙන් සඳහන් කරන්නට හේතු වූයේ රෝග 10 වැනි විශාල ගණනක් උපදින බැවිනි.


කඵජ මේහය – 1. උදක මේහ, 2. ඉක්ෂු මේහය, 3. සාන්ද්‍ර මේහ, 4. සුරා මේහය, 5. පිෂ්ඨ මේහය, 6. ශුක්‍ර මේහය, 7. ශීත මේහ, 8. සිකතා මේහ, 9. ශනෛර් මේහ, 10. ලාලලා මේහ
පිත්තජ මේහ – 1. ක්‍ෂාර මේහ, 2. කාල මේහ, 3. නීල මේහ, 4. රක්ත මේහ, 5. මජෙෂ්ඨා මේහය, 6. හාරිද්‍ර මේහ
වාතජ මේහ – 1. වසා මේහය, 2. මජ්ජා මේහ, 3. හස්ති මේහ, 4. ක්ෂොද්‍ර මේහය
අධික මාත්‍රාවෙන් හා වරින් වර හෝ නොපැහැදිලි මුත්‍රය පහවීම හැම ප්‍රමේහයකම ඇතිවෙන පොදු සාධකයකි.
පූර්ණ මුත්‍රා මාත්‍රාව ග්රෑම් 1500 (ද්‍රව භාග 1440 ඝන භාගය ග්රෑම් 60) යනුවෙන් ගත් කල)
ශුද්ධ මුත්‍රා සංඝටකය (ග්රෑම් වලින්)
යූරියා 35 යි, ඇමෝනියා 2.9 යි. හිපියුරික් ඇසිඞ් 0.7 යි, යුරික් ඇසිඞ් 0.75, ක්‍රිමිනින් .9 යි, සෝඩියම් ක්ලෝරයිඞ් 16.5 යි, පොස්පරික් ඇසිඞ් 3.5 යි, සෝඩියම් 5.6 යි, සල්පියුරික් ඇසිඞ් 2.5 යි, ක්ලොරීන් 11.0 යි, පොටෑසියම් 2.5 යි, කැල්සියම් .26 යි, මැග්නීසියම් 21 යි.
මෙම වගුව අනුව මුත්‍රාවල වැඩිම සංඝටකයක් වනුයේ, ජලය, යූරියා, සෝඩියම් ක්ලෝරයිඞ් බව පැහැදිලි වේ. මේවා සමග අම්ල වර්ග සහ ක්‍ෂාර වර්ග එක්වී ක්ලෝරයිඞ් සල්පේට් ආදී අනිකුත් ද්‍රව්‍ය උපදී. මෙහිදී ඉතා වැදගත් කරුණ වන වකුගඩු ඇසුරුකර ඇතිවන හිපයුරික් ඇසිඞ් හා ඇමෝනියා දෙවර්ගය හැර සෙසු හැම දේම ලේ වල නිපදවයි. hp 1 වකුගඩුව වතුර පෙරන යන්ත්‍රයක ස්වභාවයෙන් ක්‍රියාකරයි. සිරුර පුරා පැතිර ඇති රුධිරය ආහාරයෙන් නිපදවයි. ආහාර රසය නැති නම් රස ධාතුව පිළියෙල වන්නේ අප ගන්නා ආහාරයෙනි. නුසුදුසු ආහාර පරිභෝජනය නිසා රස ධාතුව දූෂණය කෙරේ. අනතුරුව එම රක්තය මුත්‍ර පද්ධතිය ඇසුරුකර වස්ති, වකුගඩු, මුත්‍රාශය යන ස්ථාන දූෂණය කරයි. මෙය විවිධාකාර මුත්‍රා රෝගවලට ආබාධවලට හේතුකාරක වෙයි. පිරිසිදු මුත්‍රාවල සීනි හෝ වසා සහිත ලා පැහැයෙන් හෝ අවර්ණ වර්ණයන් නොගන්නා අතර ආහාර දෝෂය නිසා අග්න්‍යාසය දූෂිතව සීනි හෝ වසා නියම ආකාරයෙන් දිරීමක් සිදු නොවේ. එම නිසා සීනි ඇෂිටෝන් ඇසිටික් ඇසිඞ්, බීටා හයිඩ්‍රොක්ෂි බියුටිරික් ඇසිඞ්, ආදිය මුත්‍රා කරා ඇදී එයි. මෙවැනි සංකීර්ණ කරුණු නිසා ප්‍රතිඵලයක් ලෙස ඉහත ප්‍රමේහ රෝග පැනනගින බව වැටහෙනු ඇත.
ජීවීන්ගෙන් ලබාගන්නා ආහාර සහ අලුත් ආහාර පාන නිතර නිතර වැළඳීම හකුරු සීනි ආදියෙන් කළ පැණි රස ආහාර නිතර වැළඳීම හා සෙම් වඩන සියලු ආහාර ද ප්‍රමේහ රෝගයට ප්‍රධාන වන බව දැනගත යුතුය. පිළියම් යෙදීමේදී දොෂ් ශෝදනය නොවීම සමව සිටි දෝෂ පැන නැගීමට ඉඩ නොදේද විෂම දෝෂ සමකෙරේද ඒ සමන යැයි දැන ගන්නේය. කාස ප්‍රමේහය රෝගියාට මෙසේ සමන ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.
ප්‍රමේහ දූෂ්‍ය වර්ග – දූෂිත වූ සෙම්, වා, පිත, යන තිදොසින් රෝගියාගේ මේදය, ලේ, ශුක්‍ර, ජලය, වසා, ලෂිකා, මිදුළු, රස, ඕජස, මාංශ යන මොවුන් දූෂණය කොට වියෙනි විධ ප්‍රමේහ රෝගයන් උපදියි.
රෝග නිවාරන අපහසු තත්ත්වයන් – සෙම හේතුවෙන් වසා, මාංසගතවීම, පිතින් කෙලද, ශුක්‍ර ද, ශ්‍රෝණිගතවීම, වාතයෙන් මේදස් මිදුළු, ලසිකාගත වීම.
කඵජ උපද්‍රව – (සෙම්)
අවිපාකය, අරුචිය, වමනය, නින්ද, කැස්ස, නිදිමත, පීනස
පිත්තජ උපද්‍රව – වස්තිය හා ලිංගය යන දෙතැන තෝදය (ඉදි අගින් අනින්නා බදු වේදනාව) කෝෂය ඉරි සහිත වීම, උණ, දැවිල්ල, පිපාසය, මුර්ජාව, මළ බද්ධය
වාතජ උපද්‍රව – බඩ පිපුම, ගෙල හා හෘදය තදවීම, ලෝලතාවය, වේදනාව, උඩුකුරුව නිදීම, ශෝෂය, කාසය, ශ්වාසය යන ලක්‍ෂණයන් හටගනී. සිහි මුලාව, වමනය, උණ, ඇදුම, කැස්ස, විෂර්ප, ඇඟ බර බව යන උපද්‍රව වලින් පෙන්වන්නේ රෝගය ඉතා උත්සන්න තත්ත්වයට පත්ව ඇති බවයි. මෙවැනි රෝගීන් හට ප්‍රතිකාර කර සුව කිරීමට පවා දුෂ්කර කටයුත්තකි. ඉහත නිර්දේශිත සියලු උපද්‍රවයන්ගෙන් යුත් ප්‍රමේහ රෝගියා අසාධ්‍ය රෝගියෙකි. ප්‍රමේහ රෝග පිරිමින්ට පමණක් වැළඳෙන බව කියති. කෙසේ වුවත් මුත්‍ර සමග හෝ මුත්‍රා නොකරන අවස්ථාවල ශුක්‍ර වැගිරීම හෝ මද වශයෙන් වැගිරීම ප්‍රමේහ රෝගය හඳුනා ගැනීමේ ප්‍රධාන ලක්‍ෂණයකි. ස්ත්‍රීන්ට නම්, මේ හා සමානව සෝම රෝගය, නැතිනම් සුදයාම, මුත්‍රා අතිසාරයන් මෙවැනිම රෝගයන්ය.
මධුමේහය – මධුමේහය යනු මෙම ප්‍රමේහ වින්සතියේ උච්චම අවස්ථාවක් වුවද ප්‍රමේහ ඝනයට නොවැටේ. එහෙත් ප්‍රමේහ රෝග 20 පසු උපදින 21 වන රෝගය මධුමේහය ලෙස සැලකීම ද වරදක් නොවේ. හේතුව අවසාන දුෂ්සාධ්‍යම රෝගය මෙය වන බැවිනි. නැතිනම් සියලු ප්‍රමේහයන්ගේ අතික්‍රාන්ත අවස්ථාව ලෙස දැක්විය හැක.
පූර්ව රූප ලක්ෂණ – 1. උදක මේහය – බෙල් සුල් වූ බෙහෙවින් සුදු වූ සිසිල් වූ දිය බදු වූ මුත්‍රා උදක මේහනේ පිටවේ. 2. ඉක්‍ෂු මේහය – මෙහිදී නිතර පැණි රසින් යුත් මුත්‍රා පිට කරයි. 3. සාන්ද්‍ර මේහය – මුත්‍රා රැයක් තබාගෙන පරීක්‍ෂා කිරීමේදී එම මුත්‍රා ආටෝපයෙන් යුතුව තිබෙන බව පෙනේ නම් එම රෝගියා සාන්ද්‍ර මේහයයෙන් පෙළෙන්නෙකි. 4. සුරා මේහය – රැයක් තබාගත් මුත්‍රා යට මණ්ඩිව සහ උඩ කොටස සුරා බදු නම් එය සුරා මේහය වේ. 5. පිෂ්ට මේහය – මෙම රෝගියාගේ මුත්‍ර සමග පිෂ්ටය පිටවේ. මුත්‍රා කරන විට ශරීරය කිලිපොලා යයි. ලොමුදැහැගැන්වෙයි. මුත්‍රා පිටි බදුය. 6. ශුක්‍ර මේහය – ශුක්‍ර මේහියා ශුක්‍ර ධාතු බදු හෝ ශුක්‍ර මිශ්‍රිත මුත්‍රා පිටකරයි. 7. සීකතා මේහය – වැලි මිශ්‍ර බදු වූවා වැනි මුත්‍ර පහකරයි. 8. ශීත මේහය – මුත්‍රා බහුලය, ශීතය, මිහිරිය. 9. ශනෛර් මේහය – සෙමින් බිංදු බිංදු මුත්‍රා පිටකරයි. 10. ලාලා මේහය – මෙහි මුත්‍රා උකුය, කෙල බදුව වැගිරෙයි තන්තු සහිතය. 11. ක්‍ෂාර මේහය – පැහැයෙන් හා රසයෙන් හා ගදින් ක්‍ෂාර බදු මුත්‍රා පිටවෙන රෝගය මේ නමි. 12. නීල මේහය – නීල වර්ණ මුත්‍රා යුතු රෝගය මේ නමි. 13. කාල මේහය – කාල වර්ණයෙන් යුත් මුත්‍රා පිටකිරීම. 14. හාරිද්‍ර මේහය – කහ පැහැති මුත්‍රා පිටවන හෙයින් හාරිද්‍ර මේහ නමි. කුළු රසැති මුත්‍රා පිටවේ. 15. රක්ත මේහය – උණුසුම් වූ ලුනු රසැති වූ රුධිර ධාරා වැනි මුත්‍රා මෙහිදී පිටවේ. 16. වසා මේහය – වසා මිශ්‍ර මුත්‍රා පිටවීම මේ නමි. 17. මජ්ජා මේහය – මෙහිදී ඇටමිදුලු මිශ්‍රව හෝ ඇටමිදුළු බදුවූ මුත්‍රා පිටවේ. 18. ෂෞද්‍ර මේහය – කසට රස හා මිහිරි රසැති මුත්‍රා මෙහිදී පිටවේ. 19. හස්ති මේහය – වේග විවර්ජිතව ඇතකුගේ මුත්‍රා බදු මුත්‍රා පිටවන රෝගය හස්ති මේහය වේ.
ප්‍රතිකාර – 1. හාතාවාරිය යුෂ එළකිරි සමග බීමෙන් ප්‍රමේහයට විශේෂ ගුණ දේ. උණු නොකල එළකිරි බාග 1 යි. පිරිසිදු ජලය භාග 1 යි. මිශ්‍ර කර උදේ හිස්බඩ බීමෙන් ශුක්‍ර මේහය සුවවේ. 2. නෙල්ලි තම්බාගත් යුෂ මී පැණි සහ වියළි කහ චූර්ණය සමග තිපල් 1 කලාදුරු, දේවදාර කෂාය. 3. තිපල්, දේවදාර, වෙනිවැල් ගැට, කෂාය මී පැණි සහිතව. 4. තිපල් චූර්ණය මාෂ 2 ලෞහ භෂ්ම රක්තිකා 1 යි, ශිලා ජතු රක්තිකා 2 සිට 4 තෙක් අරළු චූර්ණය මාෂ 2 යි මෙම සිව් වගේ අරළු කෂායෙන් මී පැණි සමග බීමෙන් විසිවැදෑරුම් ප්‍රමේහ රෝග සුව වේ.
මෙයට අමතර රසකිඳ පිටි භාවිතය, පලාත්‍රිකාදික්වාතය ගෝක්‍ෂුරාදි වටී, චන්ද්‍ර ප්‍රභා වටිකා, චන්දනා ස්වය, චන්ද්‍රකලා රස, චන්දනාදි චූර්ණය, චින්තාමණී චූර්ණය, තරකේෂ්වරි රස, දෙවදාවාර්රිෂ්ටය, බහුමුත්‍ර භෂ්නය ආදී ප්‍රකාශිත ඔසු වර්ග ද භාවිතා කළ හැකිය.
මෙම රෝගීන්ට අධික ව්‍යායාමය, නිදිවැරීම, චින්තනය, ශෝක කිරීම වැනි ශරීර බලහීන වෙන දේ ද, අලසකමද දහවල් නින්දද, අලුත් ආහාර වැළඳීම, මිදුන කිරි, මුත්‍ර වේග ඉසිලීම, දුම් පානය, අධිකව දහඩිය පිටවීම, ලේ හැරීම, විනාකිරි, සුරා, තෙල් වර්ග ක්ෂාර, ගිතෙල්, සීනි, උක් හකුරු ඇඹුල් වර්ග, පැණි රස කැවිලි, පිටි සහිත ආහාර නොගත යුතුයි. (අවමය හෝ වැලකීම ඉදිරි ව්‍යසනයන් ගෙන් මිදීමට උපකාරි වේ.)
ඕනෑම අස්ථිගත වේදනා, පිටකොන්ද ආශ්‍රිත වේදනා, සයිටිකා, දෑත් වේදනා, ග්‍රිවා ආශ්‍රිත වේදනා, හිස දෙපසට චලනය කිරීමේ අපහසුව, කල් ගිය හෝ නොගිය එහෙත් සුවකර ගැනීමට නොහැකිව පීඩා විඳින හිසේ වේදනා, සියලු සන්ධිගත රෝග, අභ්‍යන්තර ඖෂධ අවම සහ පත්තු බැදීමෙන් තොරව සුවකර ගැනීමට හා ආතරයිටීස් ස්ත්‍රී විශේෂිත රෝග ප්‍රතිකාර මෙන්ම ඉහත සියලු රෝගවලට පැමිණි දිනම ප්‍රතිඵල ලබාගත හැකි ප්‍රතිකාර සඳහා දුරකථනයෙන් අමතා පැමිණෙන්න. ආමාශගත රුධිරගත හෝ මුත්‍රා රෝග නොමැති නම් අභ්‍යන්තරික ඖෂධ අවශ්‍ය නොවේ.
වෛද්‍ය ජී. එස්. කුමාරසිරි
ආයුරක්ඛා ප්‍රතිකාර ස්ථානය, අතුරුගිරිය පාර, ගොඩගම
(පුරාණ විහාරය අසල)