සුදු වෙන්න අත් බෙහෙතක් ප්‍රතිඵල එවෙලේම

කාන්තා පාර්ශ්වයේ බොහෝ දෙනෙක් තමන්ගේ රූප සොභාව රැකගැනීම සඳහා මහත් ලෙස වෙහෙස වන්නීය. විශේෂයෙන්ම සමේ පැහැපත් වර්ණයක් රඳවා ගැනීම පිණිස විවිධ ආලේපන බාම් සහ පෙති වර්ග උපයෝගී කරගනී. මෙහිදී සිදුවන අතුරු ආබාධයන්ද නැතුවාම නොවේ.


අප ඔබට හඳුන්වා දෙන්නේ සමට ඉතා සුදුසු කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන ආලේපනයක් පිළිබඳවයි.
ඔබ වෙළෙඳපොළෙන් ලබාගත යුතු ද්‍රව්‍ය වන්නේ කස්තුරි කහ, හොඳ මීපැණි, යෝගට් එකක්, දෙහි ගෙඩියක් පමණි.
මුලින්ම පිරිසිදු භාජනයකට කස්තුරි කහ තේ හැඳි බාගයක් දමන්න. ඊට යෝගට් මේස හැඳි දෙකක් දමන්න. පිරිසිදු මී පැණි තේ හැන්දක් සහ දෙහි යුෂ තේ හැන්දක් ඊට එක්කරන්න. පසුව හොඳින් කළවම් කර මුහුණ සහ බෙල්ල අවට ගාන්න. විනාඩි 20 කට පසු ඇල් වතුරෙන් සෝදා හරින්න. සතියකට එක් වතාවක් කිරීම ප්‍රමාණවත් වේ.
ආලේපනය සෝදා හැරි පසු ඔබේ මුහුනේ පැහැය දීප්තිමත් වන ආකාරය ඔබට හොඳින් වැටහෙනු ඇත.