ලග්න රැසකට සුබ පල උදාකරමින් ශනි මකර රාශියට

ලග්න රැසකට සපල කාලයක් උදාකරමින් ග්‍රහ බල බිදි, පෙරලිකාර ශනි,
2020 ජනවාරි 24 සිට මකර රාශි ග්‍රහ ගමනේ
මෙිෂ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මීන  යන ලග්න වලට සුබයි.
වෘෂභ, කටක, මකර  කුම්භ,  යන ලග්න වලට සමඵල

“සෙනසුරු ”හෙවත් ශනි ග්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප  සෑම සියඵ දෙනාගේම අවධානයට ලක්වන නවග්‍රහයින් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි- සපල වලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග්‍රහයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් සෙනසුරු 2020 ජනවාරී 24 වන දින සිට තවත් ග්‍රහ පෙරලියකට සූදානමි වෙී- එනමි ග්‍රහ බල බිදි, පෙරලිකාර ශනි, ජනවාරී 24 සිට ශනිටම අයත් මකර රාශියට පිවිස ග්‍රහ ගමනේ යෙදීමට සූදානමි වෙි- පසු ගිය වසර 3 කට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ ධනු රාශියේ සම රාශි ගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එළබෙන 2020 ජනවාරී 24  පෙ.ව 09-56 ට මකර රැසට පිවිසේ. මෙම ග්‍රහ මාරුව රටට දැනෙන සිදුවීමි ඇති වන ප්‍රධාන හා අතිවිශේෂ ග්‍රහ මාරුවක් වනු ඇත.


ග්‍රහ මඩුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමි ග්‍රහයෙකු  වන දුකට අධිපති ශනි ග්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශි වලටද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් වලද හිමිකාරිත්වය දරණු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීචවෙයි. සූර්යාගේ සිට සැතපුම්  886779900 ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විශ්කම්භය සැතපුම්  76500 වෙයි. භ්‍රමණ fවිගය පැයට සැතපුම් 21221 ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09 ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි.  විස ධුම වළලු 07 ක් සෙනසුරු වටා ගමන් කරණු ලැබෙයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරුණු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුභ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 02 තුල තමා වfටි භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථීවිය මත සෑම පැය 24 කට ම 2 වරක් පතිත වෙයි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයින් ප්‍රධාන කොට ගනීමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථීවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡයා ග්‍රහයින් දෙපල වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහාමාරකදී රාශියක් මාරු කරන අතර  රවි, කුජ, බුධ, සිකුරු, යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යොතිෂයේදී පාපී ග්‍රහයෙකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ  වසර දෙකහාමාරක පමන කාලයකදී ය. එය අපට බලපෑම් කරන ග්‍රහයින් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාව ධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.

වසර දෙකහාමාරක් එක රාශියක ගත කර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිශ්ඨ ග්‍රහයෙකු වන සෙනසුරු  3, 6 හා 11 යන භාවයන් වලදී පමණක් සුබ ඵල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන් වලදී ලබා දෙන්නේ අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියෙකු ලවා  පරීක්ෂා කර ගැනීම තුලින් සෙනසුරු  ගේ සුබ අසුබ ඉතාම පැහැදිළිව දැන ගැනීමෙන් ඊට අදාල නිවැරදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නවග්‍රහ මණ්ඩලයේ 7 වන ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැදින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කර දී ඇත. අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින තඳබල කේන්තිකාරයාද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයාය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල්පවතින රෝගා බාධ, ඇති කිරීම මෙන්ම අයුෂ වලටද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළුපාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුඳු කපුටා තෝරා ගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරා ගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ නායකත්වය දරණ සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකණු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙසද සලකණු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රුදී සිටිමින් විවිධාකාරයෙන් මනුෂයින්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සැම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථාද අපට දැක ගත හැකිය. සෙනසුරු හොදට සිටිය කල ජන්මියා ඉහලටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරනා නිසාවෙන් වැඩි දෙනෙකු සෙනසුරු ගැන කතා කරයි.
ලෞකික අනිශ්ඨ ග්‍රහයෙකු වන සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය හෙවත් නැවත වසර 30 කට පසු මකර රාශි ග්‍රහ ගමන නිසාවෙන් එලබෙන මෙම ශනි මාරුව හේතු කොට ගෙන ලග්න 12 හා අතුරින් ධනු, මකර,කුමිභ හා මිතුන යන ලග්න හිමියන්ට තම ජන්ම පතේ ශනි පිහිටා ඇති ආකාරය අනුව සෙනසුරු ලග්න, හා අෂ්ඨම ඒරාෂ්ඨක අපලත්, පොදුවේ ඒ ඒ ලග්න හිමියන්ට සඳු ගේ පිහිටීම හා මහ දශා, අතුරු දශා, හා විදශා වශයෙන් පීඩා හා අපල තත්වයන්ට හා සුබ, අසුබ මිශ්‍ර පලයන් වලට විශේෂයෙන්  මුහුණ දීමට සිදු වනු ඇත. අනෙක් ලග්න අතරින් වෘෂභ, කටක, මකර  කුම්භ,  යන ලග්න වලට පොදුවේ මධ්‍යම ඵලත් මෙිෂ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මීන  යන ලග්න වලට සුබ ඵලත් උදා වනු ඇත. 3, 6 හා 11 යන භාවයන් වලදී පමණක් වඩා සුබ ඵල ලබා දෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන් වලදී ලබා දෙන්නේ සම හා අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියෙකු ලවා  පරීක්ෂා කර ගැනීම තුලින් ඉදිරි සෙනසුරු මාරුවේ සුබ අසුබ ඉතාම පැහැදිළිව දැන ගැනීමෙන් ඊට අදාල නිවැරදිව ග්‍රහ ශාන්ති කර්මය ඉටු කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ඉදිරි ශනි ග්‍රහ මාරුව ජ්‍යොතිෂානූකූලව අප රටෙහි ජනතාවට මෙන්ම රටටද  යමි පමනකට සුබවාදී වනු ඇත.
සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා කුම්භ ලග්න කේන්දරය හිමි අප රටෙහි ලග්නාධිපති ග්‍රහයා වන අතර එම ලග්නාධිපති ශනි මෙම ග්‍රහ මාරුවත් සමග ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නයෙන් 12 වැන්නට හෙවත් මකර රාශියට පැමිණ තමාගේම රාශි ගත වනු ඇත. පොදුවේ අප රට සම්භන්ධයෙන් සිතා බැලීමේදී මෙම සෙනසුරු මකර රාශි මාරුව තුලින් ඉදිරි කාලය තුල විශේෂයෙන්ම අප රටට සමඵල උදාවන අතර නමුත් දේශගුණ විපර්යාස ඇති වීමේ අවධානමක් දක්නට ලැබේ.  විකෘති වූ කාලගුණ ස්වරූපයන් මෙන්ම ගංවතුර, නායයෑම්, ජලාශ පිටාර ගැලීම් අධික සුලං තත්වයන්ද, නියගයන්ද ඇති විය හැකිය.
ඉදිරි කාලය තුල අප රට සම්භන්ධයෙන් ගත් කල දේශපාලනික ක්ෂෙත්‍රයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවනු ඇත. දේශපාලන පිල්මාරු නව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බිහි වනු ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නව පිපිදීම් මෙන්ම නව නායකයන් රටට බිහිවන කාලයක් වනු ඇත.  ජනතාවට ආර්ථික වාසි ඇතිවන අතර කමිකරු ප්‍රශ්නවලට යමි පමනක විසඳුම් ඇති වනු ඇත. විවිධාකාරයේ උද්ගෝෂණ වැඩ වර්ජන ඇතිවුවද කම්කරු ව්‍යාපාරයේ නැගීටීම් ද ඇති වෙි. එමෙන්ම සමාජීය ගැටළු රාශියක් ඉදිරි කාලයේ ඇතිවේ. අධ්‍යාපන හා විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ගැටළුකාරී තත්වයන් ක්‍රමයෙන් නැතිවේ. රිය අනතුරු, ගිණි අනතුරු, හදිසි පිපිරීමි තත්ව, හදිසි අනතුරු උද්ගෝෂණ, වැඩ වර්ජන හා විවිධ නොසන්සුන්තා යමි පමනකට ඇති වන තත්වයන් උදාවන්නේය. බුද්ධිමතුන්ට මෙන්ම පැවිදි උතුමන්ට අපල හා බාධාකාරී කාලයකි. දේශපාලන වාද විවාද, මැති ඇමති මාරු අතිවන කාලයකි.
ලෝකය සම්භන්ධයෙන් ගත් කල රටවල් වල විවිධාකාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් හේතුවෙන් යුධ තත්වයන් හා ගැටුමි ඇති විය හැකිය. ලෝකයේ රටවල් ආශ්‍රතව විශාල වශයෙන් කාලගූණ විපත් ඇති වන අතර එම නිසාවෙන් ජනතාවට විවිධ වූ අපහසුතා වලට ලක් වීමට සිදුවේ.
ශනි අපල ඇති ලග්න හිමියන් එම අපල වලින්  මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්ති කර්ම පිළිබඳව  අවධානය දක්වන්නේ නමි යහපත්ය.

ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ
“තසුනි”  සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම.