නිල සන්ධිරෝග චිකිත්සාව යනු කුමක්ද?

මින් පෙර ලියන ලද ලිපි සියල්ලේ අන්තර්ගතය වූයේ, වාතරක්ත, ආම වාත, සෙම් රෝග, මුත්‍ර රෝග, ආදී අපහට උරුම නිරන්තර ශරීරයට වැලඳෙන රෝග මූලාශ්‍ර කරගත් ලිපිය, එහෙත් මාගේ මාතෘකා පාඨය කරගත් එනම් ‘නිලසන්ධි’ රෝග පිළිබඳ ලිපියක් පාඨක ඔබ වෙත ප්‍රධාන නොකෙළෙමි. එය මාගේ අඩුපාඩුවක් ලෙස වැටහුන බැවින් මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැඟුණි. ආයුර්වේදීය පිළිවෙත් සමඟ බැදී ලියන ලද පෙර ලිපි වලට වඩා මෙහි නුහුරු නුපුරුදු බවක් දැනීමට ඉඩ ඇති මුත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රයෝජනය කාලානුරූපව ගැලපේයැයි විශ්වාස කරමි.


නිල ප්‍රතිකාර නාම මින් පෙර ඔබ අසා ඇති එහිදී වෛකල්‍ය කරාදිය මරව, සාද්‍ය ප්‍රානහර මර්මා වශයෙන් දෙකොටසකට බෙදා ඇත. එසේම එහි තෙවන කොටස ලෙස මාංස, සීරා, ස්නායු, අස්ථි සන්ධි, යන පස වැසීමෙන් එකට එකතු වෙන ස්ථාන සාධ්‍ය ප්‍රානහර මර්මා ලෙස දක්වා තිබුණත් ඉන් එකක් හෝ වැසී යාමෙන් සිදුවන පීඩා කාලාන්තර ප්‍රානාහර මර්මා ලෙස හඳුන්වයි. එයින් කියනුයේ මෙම පසෙහි එක් අංගයක් හෝ හානී වීමෙන් කල්ගත වන අතුරු ආබාධ එසේ නොමැති නම් ප්‍රධාන ආබාධ වලට මූලික වෙන බවයි.
ශරීරයේ මර්මස්ථාන 107 ලෙස හඳුන්වා දී ඇති මුත් ඒවා එක් එක් ඉන්දීය වෛද්‍ය කුල අනුව වෙනස් කොට දක්වා ඇත. වෛතල්‍ය ප්‍රානහර මර්මා පීඩනයෙන් හෝ පීඩාවට ලක් වීමෙන් අවයවයන් විකල් බවට පත් කරන අතර මරණය අත් නොකරති සාසත්‍යප්‍රානහර මර්මයන් පීඩාවෙන් මරණය පවා ගෙන දීමට හැකිය. එසේම කාලාන්තර ප්‍රානහර මර්මා තුළින් ජීවිත හානි සිදු විය හැකි වුවත් එය කල්ගත වන්නේය. අපහට “විදවීමට” සිදුවේවි යන්නෙන් අදහස් කරන්නේද මෙයට සමානව අරුතක් බවට හැඟේ. මර්මා පිහිටි ස්ථාන ලෙස දෙඅත් සහ දෙපා මූලික කරගත් ලෙසද, උරහිස් උදරය මූලික කරගත් 12 ලෙසද බෙල්ල හා ඉන් පහල කොටස් මූලික කරගත් 37 ලෙසද කදෙහි පිටුපස 14 ලෙසද දැක්විය හැක. එසේම ගුදය, වස්තිය, නාභිය, හෘදය, යන ස්ථාන විශේෂ මර්මස්තාන වේ. මෙහිදී මා විසින් සොයා බැලූ කරුණක් වේ. මෙම මර්මස්තාන උත්තේජනය කිරීමෙන් සහන ලබා දියහැකි මෙන්ම මෙහි ස්ථීරභාවය ගෙන දීමට, සන්ධි ප්‍රකෘතිමත් කිරීම අනවශ්‍ය බවයි.
ශරීරයේ අස්ථි 206 ලෙසද සන්ධි 210 ක් ලෙසද දක්වා ඇත. මින් ශරීරයේ ප්‍රාණය රඳවාගෙන දරාගෙන සියලු කාය ශක්තිය ලබාදෙන ප්‍රධානම ස්ථානය මේරූ දණ්ඩ නැතිනම් කෂේරුකාව වේ. කෂේරුකාවේ ඇති අස්ථි කොටස්ද බෙදා වෙන් කොට ඇති බව නොරහසකි. එසේම කෂේරුකාව විසින් ශරීරයේ ජීවයේ උසස්ම අංග එනම්, ස්නායු පද්ධතිය, සුසුම්නාව ආරක්ෂා කරමින් ශරීරයේ සියලු බර දරා සිටී. මෙහි ඉංග්‍රීසියෙන් හඳුන්වා දෙන ලෙස  C, T, L, S, (CERVICAL, THORACIC, LUMBAR, SACRUM) කෂේරුකා අස්ථි වෙනස් කොට බෙදා දක්වයි. මෙහිදී එසේ බෙදා දක්වා ඇති අස්ථි කොටස් වලින් ශරීරයේ නිරෝගී භාවයට සහ රෝගයන්ට ප්‍රධාන ලෙස හේතු බලපෑම් සිදුකරයි. ඔබ අසා ඇති පරිදි, සරල උදාහරණයක් දක්වමු. නොයෙක් විට ඔබ අසා ඇති මගේ තුනටියේ සිට කකුලේ යටිපතුල දක්වා විහිදීගෙන යන වේදනාවක් ඇති බව, එය වෛද්‍යවරයෙකුට පෙන්වීමේදී, එතුමන් දන්වා සිටින්නේ, ඔබගේ උකුල ආශ්‍රිත කෂේරුකා අස්ථි අතර බිම්බ ලිස්සා ජෙල් එක එළියට විත් එනිසා එය නැවත සෑදීමට සැත්කමක් කළ යුතු බවයි. වෛද්‍යවරයා විසින් ප්‍රකාශිත කරුණු සත්‍ය වේ. මන්ද කෂේරුකාගත කුමන හෝ අස්ථියක් හානියකට හෝ වෙනස් වීමකට ලක් වුවහොත් ඉන් නැගෙන්නේ ඒ අස්ථිය හා සමානව ආශ්‍රිත කරගත් ප්‍රධාන ස්නායුවක් නෙරපා ගැනීමත් බවය, එම තෙරපීම, ප්‍රධාන ධමනියක් හෝ ශිරාවක් නම් එම ප්‍රදේශයට ගලා යන රුධිරයේ ගලාගෙන යන වේගය අඩුවීම හෝ නැතිනම් රුධිරය විදීමේ (ප්‍රෙෂර්) සම්භාවිතාව, අඩුවීම මත ආසන්න පේෂි සහ අන් ස්ථාන වල පෝෂණයන්ට, ශෛල ගමන් වලට බාධා පමුණවයි. පේෂිගත පෝෂණය අහිමි වීමෙන් පේෂි අක්‍රිය වේ. තද වේ, නම්‍යශීලී බව වියැකේ. ප්‍රතිඵලය ලෙස එහි ක්‍රියාත්මක කොටස් ඇනහිටි ඒ අනුව එම ප්‍රදේශය සෙලවිය නොහැකි හෝ ක්‍රියාත්මක වීමේ දුර්වලකම් පැන නැඟේ.
මෙම වෙනස්කම් මුල්කාල වලදී හඳුනාගත නොහැකි වීම අවසාන කාලයේදී දැඩි ව්‍යසනයක් බවට නිගමනය කළ නොහැකිද ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ එයයි. ශරීරයේ රක්තය වාතය, පිත, සමබරව රැක ගැනීමට නොහැකි වෙන සෑම මොහොතකම පීඩාවට ලක්වීම වැළැක්විය නොහැකි කරුණකි අප නිතර දකින රෝගීතාවයන් වන ලොවර් බැක්පේන් සයිටිකා ලෙස වෛද්‍ය නාමයන් වලින් හැඳින්වෙන්නේද මෙම ප්‍රධාන නහර තෙරපීම තුළින් හටගන්නා රෝගී තත්ත්වයමය. එසේම C1 T3 දක්වා වූ කෂේරුකා අස්ථි වෙනස් වීමෙන්ද හිසේ කැක්කුම, දෑත් වේදනාව දෑත් එසවීමේ අපහසුව ඇඟිලි තුඩු හිරි වැටීම, ආදී රෝග ගණනාවකට මුල පුරයි. මිග්ග්‍රේන්, සයිනෙටිස්, ආදී මොන නමකින් හැඳින්වුවත්, සිදුව ඇත්තේ (බොහෝවිට) කෂේරුකාවේ වෙනස්කම් නිසා ඇති වුන තතත්වයන්ය. මා මීට පෙර ලියා ඇති ශරීරයේ සන්ධි 210 න් පිළිබිඹුවන්නේ ශරීරයේ ආරක්ෂාව නම්‍යශීලී බව, චලන පහසුකම්, සහ ශරීරයේ දරාසිටීමේ ආරක්ෂාව, ආදී මූලික හේතුය. එම මූලික රෝග අතරට පේෂි කණ්ඩරා ආදියට රුධිරය සැපයීම පෝෂණය සඳහා දිවෙන නහර ආරක්ෂාකාරීව රැගෙන ගොස් බෙදා වෙන් කර ඇත්තේද මෙම සන්ධි මධයෙන් දිවෙන කල නැතිනම් මහල් තුළින්ය. එසේනම් සන්ධි වෙනස්වීම තුළින් සිදු වනුයේ කුමක්ද ප්‍රධාන වශයෙන් රුධිර සැපයුමට බාධා පැමිණීම, එසේ බාධා පැමිණීම තුළින් සිදුවනුයේ ශරීර උත්තේජනය නොවුන අවස්ථාවල වේදනාවන් හට ගැනීමය. විශේෂයෙන් නිදාගෙන අවදිව නැඟිටින මොහොත උදාහරණයකට ගත හැකිය. එසේම ශරීරයේ නම්‍යශීලී බවටද මින් දරුණු ලෙස බලපෑම් සිදු වේ. නිලසන්ධි රෝග ප්‍රථිකාර තුළින් අපවිසින් සිදු කරනුයේ ප්‍රථමයෙන් රෝග විනිශ්චය මගින් රෝගී තත්ත්වය මනාව හඳුනා ගැනීමයි. එය රෝගියා සමඟ සාකච්ඡා, වෛද්‍ය පරීක්ෂා සහ නිගමන, නාඩි ශාස්ත්‍රය වැනි දේත්, X කිරණ පරීක්ෂාව ආදියෙන්ද විය හැකිය. දෙවනුව රෝගියාගේ ප්‍රථිකාර විදිය සැලසුම් කිරීමය. ඒ අනුව කළයුතු ප්‍රථිකාර, ක්‍රමය සහ ඒ පිළිබඳ රෝගියා දැනුවත් කර ඉන්පසු සුවවීමේ කාලයක් පවා නිර්ණය කළ හැකිය. තෙවනුව වේදනාව නැති කිරීමට ප්‍රතිකාර කිරීමයි. මෙම කරුණු 3 ම එක් දිනකදී සිදුවෙන ක්‍රියාදාමයක් වේ. එයට කාලය පැය 1/2 සිට පැය 1 1/2 දක්වා වුවද ගත වේ. සිව්වනුව සිදු වෙනුයේ රෝගියාගේ නම්‍යශීලීබව හා විශ්වාසය ගොඩනැඟීමෙන් ශරීරය, යථාවත්ව ඇති බව පෙන්වා දීමයි. එයට චලන පහසුතාවය, හැරීම, බැලීම, කරකැවීම, වැනි අංගයන් තුළදී රෝගියාගේ ක්‍රියාකාරිත්වය මැන බැලිය හැක. පස්වනුව බලනුයේ ප්‍රථිකාරයෙන් පසුව, උපකාරීක පේෂිවල ක්‍රියාකාරිත්වය මැන බැලීමය. එයද සිදු කරනුයේ යම් යම් ක්‍රියාකාරකම් ඔස්සේය. ඒ අනුව ඒ ඒ පේෂිවල ක්‍රියාකාරිත්වයේදී ඇති ශක්තියද වැදගත්ය. අවසන් වශයෙන් බැලීම සිදුකරනුයේ ඔබ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පත්වීද කියා සොයා බැලීමයි. මෙහිදී මා සඳහන් කර සියලු කාරකා ඖෂධ වලින් තොර ප්‍රථිකාර වේ. ඖෂධ ප්‍රථිකාර විශේෂයෙන් අවශ්‍ය වෙනුයේ අම්ල පිත්ත උදරගත වෙනත් දුර්වලතා සහ අභ්‍යන්තර ඉන්ද්‍රිය හානි වලදී පමණි. මෙම ප්‍රථිකාර විදි සඳහා ආතරයිටිස්, තුනටියේ සහ සන්ධි වේදනා, මාංෂ සහ ශිරාගත වේදනා හිසේ ඇති වෙන වේදනා බෙල්ල චලන අපහසුතා මැණික් කටු වැලමිටි උරහිස් සන්ධි වේදනා, දණහිස් පාද උකුල් ඇට යටිපතුල් වේදනා හෝ හිරිවැටීම් ආදී සියලු රෝගාබාද වලට පොදු වේ. මෙම ක්‍රමවේදයන් විශේෂයෙන්ම දෛනිකව රාජකාරිවල යෙදෙන ආයතන සේවය සපයන පුද්ගලයන් හා ක්‍රීඩාවල නියැළෙන පුද්ගලයන්ට වඩාත් පහසුව දනවන ක්‍රමයන්ය. මින් තමන්ගේ කාලය මිල මුදල් සහ සතුට යන සියලු අංග වලට තෘප්තියක් ගෙන දේ. අනෙක් කරුණ නම් මෙම ප්‍රථිකාර ක්‍රමය සහ මාංශ ලිහිල් කිරීමේ ප්‍රථිකාර නිරෝගී පුද්ගලයෙකුට වුවද රෝගයක් වැලඳී නොසිටීමට මහෝපකාරී වේ. ඒ මාස 2 – 3 කට වරක් ප්‍රථිකාරය කර ගැනීමය විශේෂයෙන් ව්‍යායාම ස්ථානවල (ජිම්) ව්‍යයාම කිරීමේදී සිදුවන අංශමය මසල් වේදනා සහ අස්ථි අතර වේදනා සඳහාද ඉතා යෝග්‍ය වේ. වයස් සීමාවකින් තොරව ප්‍රතිකාර ලබාගත හැකි අතර, ශරීරයේ ඍජු සමබරතාවය පවත්වාගෙන යාමට, උපකාරී වේ. වසර 6 – 7 ක වුවද පැරණි වේදනා සඳහා උපරිම නොවරදි සුවය ලබා ගැනීමේ හැකියාවද පවතී.
(මෙය පලකර දෙන්න)
සියලු රෝග සඳහා නිල සන්ධි ප්‍රතිකාර
ඕනෑම අස්ථි වේදනා පිට කොන්ද ආශ්‍රිත වේදනා උරහිස් දෑත් එසවීමට නොහැකි තත්ත්වයන් ශ්‍රීවා ආශ්‍රිත ඉදිමුම් සහ වේදනා කල් ගිය හෝ නොගිය සුව නොවන හිසේ වේදනා (මිග්‍රේන්) සියලු සන්ධි වේදනා සහ සන්ධි ගත රෝග සඳහා අභ්‍යන්තර ඖෂධ හෝ පත්තු බැදීමෙන් තොරව සුව කර ගැනීමට සහ අම්ල පිත්ත ආමාශගත රෝග ස්ත්‍රී රෝග සඳහා පැමිණි දිනම ප්‍රථිඵල ලබා දෙන ප්‍රථිකාර සඳහා දුරකථනයෙන් අමතා පැමිණ හමුවන්න. (දිනකට රෝගීන් 10 පමණ ප්‍රථිකාර කරන බැවින් වේලාව ලබාගෙන පැමිණෙන්න.)
වෛද්‍ය ජී.එස්. කුමාරසිරි
“ආයුරක්ඛා ප්‍රථිකාර ස්ථානය”
“190” බස් මාර්ගය (පුරාණ විහාරය අසල)
ගොඩගම, හෝමාගම – දුරකථන අංකය – 0701545511