නිවනට දිව ඔසුවක් ආනාපාණ සති භාවනාව

සාරා සංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලේ වීර්යය වඩා සති සමාධි ප්‍රඥාවෙන්, විදර්ශනාවෙන්, සර්වඥ ඥානය ලබාගත් ඒ භාග්‍යවත් උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!


සඳ වටකර තරු විලසින් සහසු තෙලක් රහතුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්ත වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාද, රහතුන් වහන්සේලාද භාවනාව උතුම්කොට සලකා ඇත. ඒ අතරින් ආනාපාණ සති භාවනාව මුල් තැනක් ගනී.
ආනාපාණා සති භාවනාව හැදෑරීමට ප්‍රථමයෙන් තමන් කළයුතු දෙය ගැන මනා වැටහීමක් තිබිය යුතුය. දුර ගමන් කරන සිතද, ගුහාවක වාසය කරන සිතද කැලයක වාසය කරන කුළු මීමෙකුව පාලනය කරන්නා මෙන් පාලනය කරගත යුතුය. පළමුව දෙන උපදේශය නම් සියලුම භාවනා හැදෑරීමට හදිස්සි නොවිය යුතුය. ක්‍රමානුකූල රටාවක්, ක්‍රමානුකූල වේලාවක්, නිසි තැනක් සකස් කර ගත යුතුය. පළමුව බුදුන් වැද තිසරණ සහිත පංචශීලය, අටසීලය, දස සීලය සමාදන් වීම ඉතා මැනවි.
මෙසේ භාවනාව ආරම්භ කරමු.
බුද්ධං! ධම්මං! සංඝං!
සංඝං! ධම්මං! බුද්ධං!
බුද්ධං! ධම්මං! සංඝං!
සංඝං! ධම්මං! බුද්ධං! යන බුද්ධානුස්සති භාවනාව විනාඩි 10 ක් වැනි කාලයක් පුරා වඩන්න. එම වචන පෙළ තමන්ගේ මුඛයෙන් යම්තාක් ශබ්ද නගමින් කියමින් තමන්ගේ කනෙන්ම අසන්න. එවිට දුර ගමන් යන සිත තමන්ගේ විඥාන ධාතුව සමඟ එකතු වේ. ඉන්පසු තමන් ඉන්න ඉරියවුවට තමන් ඇඳගෙන ඉන්න වස්ත්‍රයට මනස යොමු කරන්න. ඒ වස්ත්‍රය තමන්ගේ ඇඟට ලිහිල් තැන් සුව පහසුවට ඇති තැන් හිර තැන් ගැන මනස යොමු කරන්න. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් හුස්ම ගැනීම පිට කිරීම වෙත මනස යොමු කරන්න. තමන් ගන්නා හුස්ම කෙරෙහි ඉතාමත් ගැඹුරෙන් මනස යොමු කරන්න. මම හුස්ම ගනිමි. ගත් හුස්ම පිට කරමි, නැවත හුස්ම ගනිමි, නැවත හුස්ම පිට කරමි. මේ ආකාරයෙන් හුස්ම ගැනීම පිට කිරීම උදෙසා සිත යොමු කරමින් විනාඩි 15 ක් විනාඩි 20 ක් මනා සිහි නුවණින් එළඹි සිහියෙන් යොසිමනසිකාරය ඇතුව නාසාග්‍රය කෙලවරට මනස යොමු කරමින් භාවනාව වඩන්න. මෙසේ භාවනා කරන අතරෙදි නොයෙකුත් බාධාවන් පැමිණේවි. ඒවායින් සිත බැහැර කරන්න. ශබ්දයන්, දුරකථන ඇමතුම්, කේන්ති යෑම්, ගඳ, සුවඳ, මිහිරි, අහිමිරි ශබ්ද, ප්‍රියමනාප ශබ්දයන්, අප්‍රසන්න දේවල්, කාමුක සිතුවිලි හට ගනියි. එවැනි දෑ සියල්ලෙන්ම බැහැර වන්න. ඒ අතරතුරේදී භාවනා කරන මොහොතෙදි යොගාවචරයා හට නිදි මතක් හට ගන්නේ නම් නැවත නැවතත් බුදු ගුණ මෙනෙහි කිරීම
බුද්ධං! ධම්මං! සංඝං!
සංඝං! ධම්මං! බුද්ධං! යන වශයෙන් නැවත මනසිකාර කරමින් සිහි ගන්වමින් ආනාපාණාසති භාවනාවේ යෙදීම ඉතා මැනවි. මෙසේ භාවනාව වඩන විට නොයෙකුත් බාධාවන් ඔබගේ ජීවිතයට මතු වේවි. එහෙත් එම කිසිඳු බාධාවකට ඔබ හසු නොවන්න. එම බාධාවන් දස මාර සේනා ඇති කරන බාධාවන් බව ඔබ වටහා ගන්න. මෙසේ භාවනා කිරීමේදී ටික කලක් ගෙවුන කල දීර්ඝ හුස්ම, කෙටි හුස්ම මනාසේ වැටහෙනු ඇත. ඉන් පසු ඒ හුස්ම ගැනීමේ රටාව තව තවත් කෙටි වනු ඇත. තමන් වෙත මදුරුවන්ගේත්, මැස්සන්ගේත් ශබ්දයන්ගේත් වන හානි නොදැනී යාමට පටන් ගනි. එසේ වූ කල සතුටට පත් නොවී තව තවත් භාවනාව දියුණු කරන්න. ඇතැම් විට නොයෙකුත් රස සොබාවයන් මනස තුළ පෙනෙන්නට ගනී. එසේ වූ සෑම මොහොතකම ඔබ භාවනාවෙන් බැහැරට ගොස් ඇති බව ඔබ වටහා ගන්න. එම රූපයන්ට ඔබ හසු නොවන්න. යම් කාලයක් භාවනා කරන විට ඇතමුන්ට මාස 03 ක් මාස 06 ක් වසරක් භාවනා කළද ප්‍රතිඵල හිමි නොවනු ඇත. නැවත නැවත බුදු ගුණ සිහි කරමින් බුද්ධ දේශනාව අනුව ‘බහුලි තතෝ භාවිතා කරෝ’ යන බුද්ධ වචනය මෙනෙහි කරමින් නැවතත් භාවනාවේ යෙදෙන්න.
මෙසේ භාවනා කිරීමෙන් මෙලොවදී හට ගන්නා මානසික රෝග වලින් අත්මිදේ. එළඹි සිහිය හෝදා කාරව පවතී. මොළයේ මිය යන කොටස් නැවත නැවත වර්ධනය වීමට පටන් ගනී. ස්වසන රෝග, හෘදයාබාද, රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගාබාධ මෙලොවදිම දුරු වන්නේය. මෙසේ භාවනාව පැයක් හෝ ඊට අධික කාලයක් ඔබ කරන්නේ නම් මහත් ආනිසංස මහත් ප්‍රතිඵල ලැබේ. මෙලොව පරලොව දෙකේදිම ජය ගන්නේය. මෙසේ භාවනාව පුරුදු වීම සඳහා පද්මාසනය, අර්ධ පද්මාසනය, සුඛාසනය, වජ්‍රාසනය, සිද්ධාසනය භාවනා වඩන්නාට ඉතාමත් සුදුසුය. මේ භාවනාව අලුයම 3 සිට 4 දක්වා කාලය තුළ වඩන්නේ නම් ඉතාමත් යෝග්‍ය වේ. අන් සෑම වේලාවක්ම යෝග්‍ය නොවන බව නොව මේ සඳහන් කරන්නේ. ලෝකයම නිදහස් වූ මොහොතේ යම් ශක්ති කදම්බයක් විශ්වය පුරා පවතින කාල සීමාවක් බැවිනි. මේ භාවනාවට කය ඍජුව තබා ගැනීම ඉතා වැදගත් වේ. ගුරු උපදේශ සහිතව ආශාවකින් තොරව අවශ්‍යතාවයකින් යුතුව භාවනාව හදාරන්නේ නම් මහත් ප්‍රතිඵල ලබා ගත හැකිය. තමන් භාවනාව හදාරන බව භාවනාව හදාරන්නේ නැති කෙනෙකුට පැවසීම ඉතාමත් අකාරුණික ක්‍රියාවකි. මෙසේ භාවනාවන් වැඩීමට ඔබට ගුරු උපදේශයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, කමටහන් ලබා ගැනීමට අවශ්‍යය නම් මේ ගාථාව දිනකට 108 බැගින් දින 90 ක් පමණ භාවිතා කරන්න.
ඉමිනා පුණ්‍ය කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
එවිට ඔබට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සුවඳ හඳුනන කල්‍යාණ මිත්‍රයෙක් නියත වශයෙන්ම හමුවනු ඇත. මෙම ආනාපාණා සති භාවනාව නිවසක හෝ, බුදු මැඳුරක හෝ, විහාර ස්ථානයක හෝ, ගල් ගුහාවක හෝ හැදෑරීම ඉතාමත් යෝග්‍ය වේ. නිශ්ශබ්ද වූ නිසංසල පරිසරයක් ඉතා මැනවි.
සෑම භාවනා කරන මොහොතකම අවසානේ දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ගුරු ඉටු දෙවියන් සිහිපත් කරමින් භාවනාව අවසන් කරනු.
බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා දෙසූ පරිදි දුකක් ජරාවක් මරණයක් නැති නිවන් සුව සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම භාවනාව සියලු සත්ත්වයන්ටම ඇසෙත්වා! දැනෙත්වා! පෙනෙත්වා!
භාවනා යෝග උපදේශක
ජෝ්‍යා්තිර්වේදී
සුජීව කුමාරසි
(නාසික් විශ්වවිද්‍යාලය ඉන්දියාව)
0757588138