හෘද රෝගවලට නිසැක සුවය ගෙනදෙන හෝමියෝපති ප්‍රතිකාර

සුන්දර ජිවිතයක වටිනාම වස්තුව ඔබව ජිවත් කරවන හදවත යැයි පැවසුවොත් එය පිළිගත නොහැකි කාරණයක් නොවනු ඇත. විශේෂ රුධිර වාහිනී පද්ධතියෙන් සමන්විත වූ හදවත ඔබට ජීවනය ගෙනදෙන විශේෂ වූ අවයවයකි. හදවත පිළිඹිබු කරන හෘදයට පෝෂණය සපයන රුධිර වාහිනී ලෙස කිරීටක ධමනිය හැදින්විය හැක.

    වෛද්‍ය තුමියනි හෘද රෝග වඩාත් සුලභව දැකිය හැකි හේතු
සාධක මොනවාද?
හදවත් රෝග පිළිබද කතාබහ කරන විට කිරීටක ධමනි (Coronary artery) අවහිරතාවය පිළිබද ප්‍රධාන වශයෙන් හදුන්වා දියහැක. විශේෂයෙන්ම මේ අවදානමට මේ වන විට තරුණ අය පවා ගොදුරු වෙනවා. ඊට හේතුව වන්නේ ආතතිය, දුම්පානය වැනි අහිතකර පුරුදු, වැරදි ජිවන චර්යා රටා, වැරදි ආහාර පුරුදු ආදිය වේ.මෙහිදී බොහෝ දුරට වයස අවුරුදු 25 – 35 අතර අය මේ වන විට හෘද රෝගීන් වශයෙන් හදුනාගෙන ඇත.
හෘද රෝග ඇතිවීම සඳහා කිරීටක ධමනි අවහිර වීමට බොහෝ ලෙස බලපානුයේ ක්ලොස්ටරෝල් තැන්පත් වීමයි. රුධිරයේ පවතින මේදමය සංඝටකයන් වන LDL අහිතකර මේදය) ක්ලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවීමෙන් කිරීටක ධමනි බිත්තියේ තැන්පත් වේ. නමුත් රුධිරයේ මේද මට්ටම ඉහල යාම පමණක් කිරීටක ධමනි බිත්තිවල ක්ලේස්ටරෝල් තැන්පත් වීමට හේතු නොවේ. ඒ සදහා වෙනත් අවධානම් සාධකද ඇත. දුම්බීම හා දියවැඩියාව ප්‍රධාන හේතු සාධක වනවා.

    පපුව කැක්කුමට හේතු සාධක වූ රෝගී අවස්ථා මොනවාද?
හෘදයේ රුධිර නාලවල ඇතිවන වෙනසක් නැතහොත් අවහිරතාවයක් පපුවේ කැක්කුමක් ලෙස දැනෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කිරීටක ධමනිවල මේද තැන්පත් වීම නිසා ඇතිවන අවහිරතාවය බලපානු ඇත.
මෙය අවුරුදු 20ත් 25ත්  වැනි කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්.පසුව මෙම අවහිර වීම සැලකිය යුතු මට්ටමේ අවහිරතාවයක් බවට පත්වේ. එම අවහිරතාවයෙන් රුධිර වාහිනීය අවහිර වීම නිසා ඊට අදාල මාංශ පේශියට රුධිරය ලබා දීමට නොහැකි වනු ඇත. විශේෂයෙන්ම ව්‍යායාම කරන අවස්ථාවලදී හදවත් මාංශ පේශියට වැඩිපුර රුධිරය අවශ්‍ය වේ. ඊට හේතුව එවැනි අවස්ථාවල හදවත වේගයෙන් ක්‍රියාකාරී විමයි. නමුත් පෙර සදහන් කල අවහිරතා නිසා ව්‍යායාම කරන අවස්ථාවලදී, ඇවිදින විටදී, හතිය සමඟ කැක්කුම පමණක් ඇතිවන මෙම අවහිරතාවය ඇන්ජයිනා යන නමින් හැදින් වේ. මෙම තත්ත්වය බොහෝවිට වයස 50,60,වයස කාණ්ඩවල දක්නට පුළුවන.
හාට් ඇටැක් නම ඇසු සැනින් බිය උපදවන මෙම තත්වය කුමක්ද බලමු. රුධිර නාලවල ක්ලේස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර වාහිනියේ මුල් අවස්ථාවේදී පවතින්නේ රුධිර ගමනාගමනයේ අවහිරතාවයක් පවතී. නමුත් රෝගියාගේ අවාසනාවට මෙසේ පැවතුනු ක්ලොස්ටරෝල් තැන්පත් වුනු ස්ථාන පිපිරීමට ලක්විය හැක. මෙම පිපිරුම වන ක්ෂණිකව රුධිර කැටියක් ඇතිවිය හැකිය. මෙම කොටස සම්පුර්ණයෙන්ම අවහිර වුවහොත් රුධිර වාහිනිය මගින් රුධිරය සපයන හෘද මාංශ පේශිය මිය යාමට ලක්වේ. මෙම තත්ත්වය හාට් ඇටැක් ලෙස හදුන්වනවා.
නමුත් මෙම රුධිර වාහිනිය මුළුමනින්ම අවහිර නොවුවහොත් පපුවේ කැක්කුමක් ආවත් හදවතට විශාල හානියක් ඇති නොකරයි. නමුත් මේ තත්ත්වය ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළයුතු තත්ත්වයකි. ඊට හේතුව එම අවහිර වීමට හේතු වූ රුධිර කැටිය ක්‍රම ක්‍රමයෙන් විශාල වූවොත් සම්පුර්ණයෙන්ම රුධිර වාහිනිය අවහිර වී යාමට හැකි වීමයි.
මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතු සාධක වූ ක්ලෙස්ටරෝල් ඕනෑම අයකුගේ රුධිර නාල ආශ්‍රිතව තැන්පත් විය හැකි වුවොත් එය රුධිර ගමනයට බාධාවක් නොවේ නම් එය විශාල ගැටලුවක් බවට පත් නොවන අතර ම රෝග ලක්ෂණ ද නොපෙන් විය හැකියි. ඒ නිසා වයස අවුරුදු 20 – 25 සිටමප්‍රවේසම් වීම වඩාත් වැදගත්.රෝග ලක්ෂණ ඇති වන්නේ අවුරුදු 40 – 45 දී විය හැකි වුවත් රෝගයේ ආරම්භය අවුරුදු 20 – 25 විය හැකිය.

    හෘද රෝගී තත්ත්වයන් ඇතිවීමේදී පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?
මෙහිදී ඇතිවිය හැකි වැදගත්ම රෝග ලක්ෂණය පපුවේ කැක්කුමයි. බොහෝ දුරට මෙය ඇතිවන්නේ පපුවේ බර ගතියක් ලෙසයි, බොහෝ අය සමාන්‍ය ව්‍යවහාරයේ පවසන්නේ කවුරුහරි මගේ පපුව උඩ හිටගෙන ඉන්නවා වාගේ කියයි.
ඇතැම් විට මෙම පපුවේ කැක්කුම දැවිල්ලක් ලෙසින් ද ඇතිවිය හැකිය. මෙය ඇතැම් විට ගැස්ට්‍රයිටිස් යැයි වරදවා වටහා ගනු ඇත.
ඒ වගේම මෙම කැක්කුම බෙල්ලට  අතට සම්ප්‍රේෂණය විය හැකියි. විශේෂයෙන් වම් අතට මෙන්ම දකුණු අතට ද විහිදී යනවේදනාවක්  විය හැකිය.
මිට අමතරව පපුවේ කැක්කුමක් සමග ඇතිවන අධික දහඩිය දැමීම, වමනය, ක්ලාන්තය වැනි ලක්ෂණ දැකිය හැක. වහාම වෛද්‍ය උපදෙස් ගත යුතුය. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ දියවැඩියාව තිබෙන රෝගීන්ට පපුවේ කැක්කුම නොදැනී යා හැකියි. එවැනි අයට සාමාන්‍ය ආකාරයේ හුස්ම ගැනිමත් අපහසුවිමක් ඇති වේ නම් එය බොහෝ දුරට හාට් ඇටැක් එකක ලක්ෂණයක් විය හැකිය.
ඇවිදින විට හතිය, මහන්සිය දැනීම සමග ඇතිවන පපුව කැක්කුම ගැන ද සැලකිලිමත් විය යුතු වනු ඇත.

    මෙවැනි අවස්ථාවකදී සිදු කරන පරීක්ෂණ මොනවාද?
වෛද්‍ය පරීක්ෂණ අතර ෑක්‍ඨ පටියක් ගැනීම, එකෝකාඩියෝ ECG පරීක්ෂණය, ව්‍යායාම් ECG පරීක්ෂණයන් කල හැකිය. එහි වෙනස්කම් මත ඇතැම් විට ඇන්ජියෝ ග්රෑම් පරීක්ෂණයන් පවා ඔබට කිරීමට සිදුවිය හැකිය. මෙහිදි සිදුවන්නේ අත හෝ කකුල යොදා ගෙන ඩයි එකක් යොදා හෘදය ආශ්‍රිත රුධිර වාහිනියේ අවහිරතා පරීක්ෂා කර බැලීමය.

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ මෙවැනි අවස්ථාවලට ප්‍රතිකාර තිබෙනවාද?
අනිවාර්යයෙන්ම තිබෙනවා. ඉතා අනර්ඝ ඖෂධ හදිසි අවස්ථාවකදී පවා දිය යුතු ඖෂධ ද මෙම ප්‍රතිකාර ක්‍රමය තුළ තිබෙනවා. රුධිර නාලවල තැන්පත් වන මේදය දියවී ශල්‍යකර්ම නැතිව මේදය තැන්පත් වූන හරයලි යථා තත්ත්වයට ගෙන ඒමට මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඖෂධ ක්‍රියාකාරිත්වයට හැකියාව තිබෙනවා. අනික සරලයි. පාවිච්චිය හරි පහසුයි. අතුරු ආබාධ නැහැ. ඕනෑම වයස් කාණ්ඩයකට මෙය භාවිතා කල හැකිය.
පපුවේ කැක්කුම සමග රෝගියා පෙන්වන ඔහුටම ආවේණික රෝග ලක්ෂණ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ ඉතාම වැදගත් වනවා. එම රෝග ලක්ෂණවලට සමාන ඖෂධ නිවැරදිව තෝරා දිම තුළ හෝමියෝපති මුල ධර්මයට අනුව “සමාන දෙයින් සමාන දේ සුවපත් වේ” ක්‍රමවේදය තුළ රෝගයට සමාන ප්‍රතිකාර මගින් රෝගයේ සුවය “රෝගියා අත්දකිනවා. එනම් රෝග ලක්ෂණ හේතු වූ රෝග මුලය ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම තුළ මේදය ක්‍රම ක්‍රමයෙන් දියවී යාමත් සමග සියලු නහර යලි යථාතත්වයට පත් කරලීමත් මේ තුළ සිදු කරනවා.
රෝගී තත්ත්වය මුලිකව හට ගන්නා අවධියේ සිටම පෙන්වන රෝග ලක්ෂණ හෝමියෝපති ප්‍රතිකාර තුළ ක්ලෙස්ටරෝල්වලට, කිරීටක ධමනි අවහිරතා මෙන්ම හෘද කපාටවල වෙනස්කම් ඇතුළු සියලු  හෘද රෝගවලට මෙන්ම රුධිර පීඩනය, දියවැඩියාව, පාකින්සන්, ආතරයිටික් වැනි අනෙකුත් රෝගවලට ද හෝමියෝපති ප්‍රතිකාර මගින් පාලනයක් කිරීම නොව රෝග මුලයම ඉවත් කර යථා තත්ත්වයට ගෙන දෙන නිසා ඉන් නිසැක සුවයක් ඔබට ගත හැකි වීම මෙම ප්‍රතිකාර ක්‍රමයේ සුවිශේෂිත්වය වනු ඇත.

homya ad 2සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය
දෙහිවල රජයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ
ස්ථාන භාර වෛද්‍ය නිලධාරිනි,
හෝමියෝපති වෛද්‍ය අනුෂා හේමකුමාර.

විමසීම් – 011-2731695
0718250716/17