නිල සන්ධි රෝග චිකිත්සාව දණහිස් වේදනාව

සමාජයේ බහුලවම ඇති රෝග අතර දණහිස් වේදනාවක් නොමැති කෙනකු සොයාගත නොහැකි තරම්ය.  එක කාල වකවානුවකදී නම් මෙම රෝගය බොහෝ දුරට වයස සමග ඉදිරියට ආ රෝගයක් වුවත් දැන් දැන් ඉතා අඩු වයසේ දරුවන් පවා මෙම තත්ත්වයට මුහුණ දෙන බව පෙනී යයි. කෙසේ වුවත් මෙම රෝග තත්ත්වයන්ට බලපාන හේතූන් නම් බොහෝ වුවත් මින් පීඩා විඳින්නන්ගේ ස්වභාවය සැලකිල්ල මත රෝගය සුවකර ගැනීමේ බොහෝ අපහසුතාවයන් පැනනැගේ. මා එසේ පැවසීමට ප්‍රධානතම හේතුවත් අද සමාජය තුළ පැනනැගී ඇති ආර්ථික ව්‍යාකූලත්වය නිසා ප්‍රතිකාර කෙසේ වුවත් ජීවත්වීමේ සටන සහ අවශ්‍යතා ලැයිස්තුව රෝගියන්ට වඩා මානසික වියවුල් තත්ත්වයන් වෙත ඇද දමන ප්‍රධානතම හේතූන්ගෙන් එකක් නිසාය.

වෙනත් හේතූන් සඳහන් කිරීමේදී දැක්විය හැක්කේ රෝගී තත්ත්වයට එහා ගිය අනවබෝධය නිසා මෙම රෝගී තත්ත්වය සංකීර්ණ තත්ත්වය කරා ගෙනැවිත් ඇති බවය. තෙවන කරුණ අධික වෙහෙසකර ක්‍රියාවන් නිසා ඇතිවන පීඩාකාරිත්වයන් මත දණහිස් සන්ධියේ ඇතිවෙන දුබලතාවයන්ය. සිව්වනුව දැක්විය හැක්කේ ආමාශගත රෝග හේතුකොට ගෙන සිදුවන සන්ධි විනාශයයි. පස්වනුව දැක්විය හැක්කේ අධික කාමසත්මකභාවය නිසා ඇතිවන ජීරණ ධාතූන්ගේ බලපෑමෙන් සිදුවන සන්ධි ජනක රෝගයි. සයවනුව දැක්විය හැක්කේ රෝග විනිශ්චයේදී ඇතිවන වැරදි විනිශ්චයන් හේතුවෙන් කරන ප්‍රතිකාරවල බලපෑම මත උත්සන්න වූ තත්ත්වයන්ය. මේ මොනම ක්‍රමයකට ආබාධයට ලක්වූ දණහිසක් වුවත් අඩුම වශයෙන් 80% ක පමණ හොඳ තත්ත්වයකට පත්කිරීමේ හැකියාව වෛද්‍යවරයකු සතු සුවිශේෂී හැකියාවක් බව නොලියාම බැරිය. මා හට මෙහි සඳහන් කරන්න බැරිවූ සත්වන කාරණයකුත් වේ. එනම් හදිසි අනතුරුවලින් සිදුවන බරපතළ ස්වභාවයන්ය.
දණහිසක් නිර්මාණය වී ඇති ආකාරය
සිරුරේ සිට පහළට එන ප්‍රධාන අස්ථිය ඌර්වීය අස්ථිය බව ඔබ බොහෝ දුරට දැනුවත්ව ඇති. මීළඟට අප දණහිස යන කොටසට පහතින් ඇති ප්‍රධාන අස්ථි දෙකකට සම්බන්ධ වන අස්ථි නම් ජංසා සහ අනුජංසා අස්ථි වේ. මෙම ඉහළ සහ පහළ අස්ථි සම්බන්ධ වන ස්ථානය සාමාන්‍යයෙන් දණහිස් සන්ධිය නමින් ව්‍යවහාර කරයි. මෙම සන්ධියේ ඉදිරියෙන් පොල්කට්ටක ස්වභාවය ගත් කුඩා අස්ථියක් වෙයි. එය කුඩා වුවත් දණහිසේ පාලනයේ වඩා මෙහෙවරක් සිදුකරන අස්ථියක් බව එයට නොකියාම බැරිය. එයට කටාහකය (නී කැප් එක) නැතිනම් දණහිස් පොල්කටුව ලෙස ව්‍යවහාර වේ. මෙම සන්ධියේ නම්‍ය සුළුබව දෙපසට වීමේ පාලනය එල්ලා වැටීමේ පාලනය සහ නිවැරදි ඉරියව් පවත්වාගෙන යාම සඳහා මහත්සේ උපකාරී කරන කොටස් දෙකක් වේ. ඒවාට සිංහලයෙන් බන්ධන සහ කතිරබන්දන ලෙසද ඉංග්‍රීසියෙන් ලිගමන්ටී, ටීන්ඩම් ලෙසද ව්‍යවහාර කරයි. මීට අමතරව දණහිස් අතර ඇතිවෙන ගැටීම් වලකාලනු පිණිස අභ්‍යන්තර අඩ සඳ කාටිලේජ සහ බාහිර අඩසඳ කාටිලේජ ලෙස ලිස්සන සුළු කොටසක් සන්ධිය ඇතුළතින් පිහිටා ඇත. මෙයට පොදුවේ කාටිලේජ ලෙස ව්‍යවහාර කරයි. සන්ධියක වෙනස්කම් ඇති වීම අප හට පෙර දැනුම් දීම්වලින් දැනගත හැකි වුවත් එය අපි නොසලකාහරින්නට පෙළෙඹෙයි. මෙය තවත් විස්තරාත්මකව බලද්දී,
01. සමාජීය ගැටලු නිසා දණහිස් වේදනා හට ගැනීම.
මෙය යම් මොහොතකදී කෙනකුට සත්‍යයක් නොවන්නට හැකියි. එහෙත් මා මින් අදහස් කරන්නේ පුද්ගලයකුගේ ඍජු ක්‍රියාකාරිත්වය සමග එදිනෙදා පැනනැගෙන නොයෙක් විදිහියේ ගැටලු මූලික කරගෙන යම් විදිහක මෙම රෝගය පිළිබඳ දෙන සංඥා වටහා නොගැනීම මත සිදුවන අනිසි ප්‍රතිඵලය වේ. මෙය පොදුවේ ගත් කල තම පවුල් ඒකකය මූලික කරගත් ගැටලු නිරාකරණයේදී වැඩිපුරම තමන්ගේ ප්‍රමුඛත්වයට වඩා අන් අයගේ අවශ්‍යතා ලේඛනය ඉදිරියෙන් තබාගෙන කටයුතු කිරීම වේ.
02. රෝගය වටහා නොගැනීම
දණහිසක වේදනාවක් තමන් විසින් වටහා ගන්නා ආකාරය මෙයට බලපායි. එනම් ඔබගේ ක්‍රියාවකදී දණහිස යම් ස්ථානයක ගැටුනා කියා සිතමු. ඒ අවස්ථාවේදී දැඩි වේදනාවක් හට ගත්තත් පසුව සෙමින් අඩුවිය හැකිය. කෙසේ වුවත් ඔබ පඩිපෙළක් නගින අවස්ථාවේදී එම පාදයේම දණහිස වේදනා දුන්නේනම්, නිතැතින්ම ඔබට දැනෙනුයේ මීට පෙර දිනයකදී ඔබට සිදුවූ සිදුවීමයි. නමුත් ඔබට මීට ඉහතදී සිට තිබුණත් එය ඔබ සැබෑවටම අමතක කර ආසන්න සිදුවීම පමණක් මූලික කරගැනීම හේතුකොටගෙන සැබෑ තත්ත්වය යටපත් කරගනී. වෛද්‍යවරයාට ද ඔබේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු නිවැරදිව මෙනිසා ඉදිරිපත් නොකරයි. එවිට සිදුවනුයේ ව්‍යාජ හේතුවකට ප්‍රතිකාර කරනු විනා සත්‍ය හේතුවට ප්‍රතිකාර කිරීමක් නොවන්නේය.
03. වෙහෙසකර ක්‍රියා නිසා ඇතිවෙන වේදනාව
මෙය උස් ස්ථානවල බර රාජකාරිවල යෙදෙන අයට සහ අධික ව්‍යායාමය යෙදෙන බර උසුලන සහ ක්‍රියාවන්ගෙන් අඩු පුද්ගලයන්ට ඇතිවන තත්ත්වයන්ය. මෙනිසා අධිකව දණහිස් සන්ධිය වැරදි ලෙස භාවිත වීම හේතුවෙන් හෝ දණහිස් සන්ධියට අවශ්‍ය තරම්වත් ව්‍යායාම නොමැතිකමින් ඇතිවෙන තත්ත්වයන් තුළින් පැනනැගෙන වේදනාවන් දැක්විය හැකිය.
04. ආමාශගත රෝග නිසා හටගන්නා වේදනාව
අප ජීවන තත්ත්වයට අවශ්‍යම සාධකයන් අතුරෙන් ආහාර රටාව වැදගත්ම ස්ථානයක් ගනී. කුසගිනි අල්ප තැනැත්තා මළ නිසි ලෙස පිටතට නොවන තැනැත්තා හෝ ශුක්‍ර හීන තැනැත්තා රෝගියෙක් බව වෛද්‍ය මතයයි. කුසගිනි අල්ප යනු කෑම ප්‍රියතාව හෝ කුසගින්න නොදැනීමයි. එසේ නම් කුසය විසින් පිළිගන්නා ආහාර දිරවා සප්ත ධාතුව නිපදවයි, සප්ත ධාතූන්ගේ අවසාන ධාතුව ශුක්‍ර ධාතුවයි. ඊට පෙර ධාතුව මජ්ජා ධාතුවයි. මජ්ජා යනු කෙලින්ම අපගේ සන්ධිස්ථාන ප්‍රකෘතියෙන් පවත්වාගෙන යන ඔයිල් සමාන වූ ද්‍රවයකි. බෙල්ශුල් ගතිය නිසා කාටිලේජ නිතර ලිස්සන සුළු බවට පත් කරන්නේ මෙම මජ්ජාවෙනි. එය හිඟවීම කාටිලේජ විනාශ වීමට බලපාන බව වැටහෙනු ඇත.
05. අධික කාම භෝගීත්ව නිසා ඇතිවෙන වේදනාව
මෙය බලපානුයේ දිනපතා අධික ලෙස ස්ත්‍රී සංවාසයේ යෙදෙන සහ සෑම දිනකම පාහේ අධික ලෙස ස්වයං වින්දනය යෙදෙන්නන්ටය. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ බීජ මේරීමට දින තුනක පමණ කාලයක් වැය වෙන බව සාමාන්‍ය දැනුමයි. නිරෝගී පුද්ගලයකු මෙසේ එක්වීම කළ යුත්තේ දින තුනකට පමණ වතාවක් බවය. කෙසේ වුවත් මින් අදහස් කරන්නේ මේ ක්‍රියාවන් නිසා සිදුවන මජ්ජා හීනත්වය තුළින් ඇතිවෙන බලපෑම පිළිබඳවය.
06. රෝග විනිශ්චයේදී ඇතිවන බලපෑම
මෙය රෝගියාගේ සහ වෛද්‍යවරයාගේ යන දෙකොටසේම ගැටලුවක් විය හැකිය. එනම් රෝගියාගේ රෝග පිළිබඳ නිවැරදි තොරතුරු ලබා නොදීම සහ වෛද්‍යවරයා විසින් නිසි අවබෝධයක් නොමැතිව හෝ අවබෝධකර ගැනීමේදී වැරදි මතයකට එළඹීමෙන් ඇතිවන හානිය වේ. මෙය සාමාන්‍යයෙන් මස්පිඩු වේදනා හෝ ආතරයිටීස් වේදනා එසේ නැතිනම් හදිස්සි තත්ත්වයන්වලදී සිදුවන තීරණයන් කෙරෙහිද බලපෑම් ඇති කරයි.
07. හදිසි අනතුරුවලදී සිදුවන හානි නිසා ඇතිවන වේදනාව
රථවාහන අනතුරු, හදිසි ඇදවැටීම්, කැපුම් කෙටුම් හෝ වෙනත් බොහෝ හදිසි තත්ත්වයන් මෙයට අදාළ වේ. මෙහිදී කඩිනම් ප්‍රතිකාර අවශ්‍ය බැවින් එම ප්‍රතිකාරවලින් අනතුරුව අන් ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්වේ.
මෙම කරුණු කාරණාවල පදනම අනුව ගැනීමේදී මා වෙත පැමිණ ඇති බොහෝ දණහිස් වේදනාවෙන් පෙළෙන අයවළුන්ගේ වැඩිම කොටසක් සුව කළ හැකි දණහිස් ආබාධයන්ගෙන් පෙළෙන්නන් බව සඳහන් කරනු කැමැත්තෙමි. මා එසේ ලිවීමට ප්‍රධාන වූයේ අනවබෝධය ඇතිව ප්‍රතිකාර සිද්ධ කිරීමෙන් ඇතිව ඇති පරිහානියන් දණහිසේ ආබාධ තිබුණාට වඩා ව්‍යාකූල කරගෙන ඇති බව පෙනෙන නිසාය. මට හමුව ඇති බොහොම රෝගීන් ආතරයිටිස් යනුවෙන් හඳුන්වා දුන්නත්, ඔවුන්ට සැබැවින් ම ඇත්තේ පේෂිවලට ඇතිවුන බලපෑම් මත සිදුව ඇති වේදනා ආබාධ වේ, මට දණහිස ගාවින් කකුල නමන්න බැහැ කිව් සැනින් ඔයාට ආතරයිටිස් කියන පුද්ගලයා නූගතෙකි. එසේ පැවසීමට පෙරාතුව තව බොහෝ කාරණා හඳුනාගත යුතුය. එයට නිරීක්‍ෂණ යනුවෙන් හඳුන්වයි. පූර්විකාවකට අනතුරුව නිරීක්‍ෂණයන් ද ඉන් අනතුරුව හේතුව ද විමසීම වැදගත්ය. අප ශරීරය පුරා දිවෙන පේශිවල බලපෑම එකකින් එකකට කියා වෙනස් කොට ප්‍රතිකාර කිරීම අපහසුය. සන්ධි ගත් කල ද එසේම පවතී. සෑම සන්ධි වෙනස්වීමකටම පේශි මත බලපෑමක් ඇතිවාක් මෙන් සෑම පේශි වෙනස්වීමකටම සන්ධි මත බලපෑමත් අනිවාර්ය වේ. උදාහරණ ලෙස කලවේ හැමස්ටි්‍රං පේශිය ක්‍රියාකරන විට පාදයේ පහළ බාහුව දණහිස් සන්ධියෙන් නැවෙයි. කලවේ රෙක්සටස් ප්‍රෙමොරිස් පේශිය සංකෝචනය වීමෙන් පාදයේ දණහිස් සන්ධිය ළඟින් පාදය කෙලින් කිරීමට හැකිවේ. මෙම සහයක ක්‍රියාවලියට බලපාන පේශි සඳහා විලිඛිත පේශි ලෙස හඳුන්වන අතර අස්ථි දෙකක් සම්බන්ධ පේශි ලෙසද පෙන්වා දිය හැකිය. එසේම මෙම පේශි තරවලට පේශි වර්ග තුනක සම්බන්ධකම් ඇත. එනම් විලිඛිත පේශි, කංකාල පේශි සහ ඉච්ඡානුක පේශි වේ. කෙසේ වුවත් නිල සහ සන්ධි රෝග ප්‍රධාන කොට ගත් අප ප්‍රතිකාර ක්‍රමය තුළින් මෙම පේශි මත සහ සන්ධි මත සිදුකරන බලපෑම් මත මෙම රෝගී තත්ත්වයන් ප්‍රකෘති තත්ත්වය ගෙන ඒමට ඉතාම කෙටි කාලයකින් කිසිම පත්තු බැඳීමක් හෝ වෙනත් අපහසු ඖෂධ සෙවීම්වලින් තොරව හැකියාව පවතී. (මෙහි ඉතිරි කොටස මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.)
සියලු සන්ධි රෝග ප්‍රතිකාර, සුව කිරීමට අපහසු තදබල හිසේ අමාරු, පැති කුදය, කෂේරුකාගත රෝග, බෙල්ල ආශ්‍රිත අස්ථි වෙනස්වීම්, උරහිස් පාද ඉදිමීම වළලුකර යටිපතුල් වේදනා සහ සියලු සන්ධිගත මාංසගත රෝග සඳහා ඉතා කෙටි කලකදී සුවය ලබා ගැනීමට
ආයුරක්ඛා ප්‍රතිකාර ස්ථානය