පාරම්පරික රහස් ඔසු මගින් අස්ථි දිරා යෑමේ සියලු රෝග සුව කරන හැටි

ඔබට නොදැනිවම ඔබේ කොඳු ඇටපෙළ දිරාපත්වීමක් සිදුවිය හැකියි. එය හඳුනා ගන්නට බැරිව රෝගී තත්ත්වය උත්සන්න වූ පසු විවිධ අත් බෙහෙත් වගේම බටහිර වෙදකමට අනුව ප්‍රතිකාරත් අරන් තියෙන්න පුළුවන්. එහෙත් ඒ හැම දේකින්ම සුවයක් නොලද අය බොහෝමයි.


අද අප කතා කරන්නේ අස්ථි දිරාපත් වී යෑම ගැන දේශීය වෛද්‍ය ශාස්ත්‍රය අනුව සත්‍ය කතාවක්. ඔබේ බෙල්ල පිටුපස පිහිටි ශ්‍රිවාස්ථිය ආශ්‍රයෙන් කිසියම් ස්නායු තෙරපීමේ තත්ත්වයක් හටගත් පසු එය රෝගී තත්ත්වයක් බව ඔබට නොදැනෙන්න පුළුවනි. එම ස්නායු තෙරපීමේ සැබෑව නම් අස්ථියේ යම් දිරාපත්වීමක් විය හැකියි.
ඔබ සිතාවි එය හඳුනා ගන්නේ කෙසේද කියලා. ඔව්. එවැනි ස්නායු තෙරපීමේ තත්ත්වයක ප්‍රතිඵල වන්නේ හිසේ කැක්කුම්, කැරකැවිලි ගතිය, නින්ද හරි හැටි නොයෑම, නැතිනම් නින්ද වැඩිකම, ශරීරයේ සමබරතාව නොමැති වී යෑම, අත්වල හිරි වැටෙන ගතිය, පණ නැති බව, ඇඟිලි අක්‍රිය තත්ත්වයට පත්වීම වැනි ලක්ෂණයි.
මෙවැනි තත්ත්වයක් ඇති වීමේ හේතු විවිධ විය හැකියි. ඔබ පරිගණක ආශ්‍රිත රැකියාවක් කරන වෙහෙසකර කටයුත්තක නිරත අයකු වන්නට පුළුවනි. ඒ වෙහෙසකර බවේ ප්‍රතිඵලයක් විය හැකියි. ඒ වගේම කවදා නමුත් වැදුණු පහරක් කල්ගත වීමෙනුත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමහර විට වැටීමක ප්‍රතිඵලයක් ද විය හැකියි.
රෝගී තත්ත්වය කුමන මට්ටමක පවතීද යන්න රෝගියා ස්පර්ශ කිරීමේ වෛද්‍ය විද්‍යානුකූල ක්‍රමයට නිවැරැදිව වටහා ගන්න පුළුවනි. එය මුහුණ බලා ඇඟිල්ලකින් පිරිමැද කරන සරල කටයුත්තකට එහා ගිය විද්‍යාත්මක ක්‍රමයක්. පළපුරුද්ද අනුව වටහා ගත හැකි තත්ත්වයක්.
මෙම පරීක්ෂාවේදී අධි රුධිර පීඩනය, හෘද රෝග තත්ත්ව වැනි රෝග තත්ත්ව තිබේ දැයි විමසා, රෝගයේ පැවැති කාලය අනුව බලා නිසි ප්‍රතිකාර කළ යුතුයි. ඇතැමුන් බටහිර ක්‍රමයට ලබාගත් එක්ස් රේ වාර්තා, එම්. ආර්. අයි. ස්කෑන් වාර්තා අරන් එනවා. ඒ නැතත් ඊට වඩා නිවැරැදිව පළපුරුද්දෙන් දේශීය වෛද්‍ය ක්‍රමයට රෝගය හරියටම වටහා ගත හැකියි.
බෙල්ල හරවන්න බැරි තරමට තත්ත්වය වැඩිවූ අස්ථි එකට හිරවූ, අත්වල තදබල කැක්කුම් හටගන්නා, ස්නායු තෙරපෙන, අස්ථි දිරන මේ ඕනෑම තත්ත්වයකට පරම්පරාගත අත්දැකීම් සහිත හෙළ වෙදකමෙන් සාර්ථක සුවයක් ලද හැකියි.
මුලින්ම සිරුරේ තත්ත්වය වටහාගෙන නිසි ලෙස, නිසි මාත්‍රාවෙන් ඇඟ ඇතුළට ඖෂධ බොන්න දෙන්න වෙනවා. එහි ප්‍රගතිය වර්ධනය වෙද්දී මෙන්ම ඒත් සමග පිටතින් ආලේප කර රෝගය සුව කරන තෙල් වර්ග රැසක් තියෙනවා. වසර 5 ක් පමණ කල් ගතවූ හෝ ඊට වැඩි කාලයක පටන් ශල්‍යකර්ම සිදුකර සුවනොවූ රෝගීන්ට පවා දේශීය වෙදකමේ ඔසුබල මහිමයෙන් නිදුක් නිරෝගී සුවය ලබන්නට පුළුවන්. නිසි වෛද්‍ය ප්‍රතිකාර තිබෙද්දී ඔබට ළඟා වන්නට දෙයක් නෑ.
වෛද්‍ය එම්. ඒ. මදනායක
අස්ථි රෝග විශේෂඥ
0771875707