මියගිය ඥාතීන් ආරූඪවලට ගෙන්වා කථා කළ හැකියි

තම මියගිය ඥාතීන් අමුනුෂ්‍ය ආත්මවල උප්පත්තියක් ලබනවා පසුව ඔවුන් මනුෂ්‍ය ලෝකයේ සැරිසරනවා. බොහෝ ප්‍රේත පිසාච මල යක්ෂ යනුවෙන් හඳුන්වන කොටස් බොහෝ විට ඔවුන් පෙර මනුෂ්‍ය ආත්මයේ සිටින ස්ථාන වලම සැරිසරනවා. තම ඥාතීන් හා කතා කරන්න උත්සහ කරනවා. නමුත් මනුෂ්‍යයන් වන අපට අමුනුෂ්‍යා නොපෙනෙයි. මෙම අමුනුෂ්‍යයෝ කළ කුසල් අකුසල් මත, ඔවුන්ගේ එම භාවයන් සකස් වී තිබෙන්නේ අමුනුෂ්‍ය වීමෙන් පසුව සැප විදීමක් තිබෙන්නට පුළුවන් කමක් නැහැ. එම ආත්මය දුකින් පිරී තිබෙන බවක් අපට පේනවා.

නමුත් ඉතාම පහත් අන්දමේ අපිරිසිදු දුගඳ හමන අමුනුෂ්‍යයෝ ද මේ අතර සිටිනවා. ඒ තත්ත්වයෙන් මිදී පිං අනුමෝදන් වෙන අමුනුෂ්‍යයෝත් සිටිනවා. මේ අතරින් යම් යම් දේ කළ හැකි බලවත් අමුනුෂ්‍යයෝත් සිටිනවා. අමුනුෂ්‍ය ලෝකෙ කෝටි ගණන් අමුනුෂ්‍යයෝ සිටිනවා. බහිරවයෝ අට කෝටියක් සිටින බව පැරණි පොත් පත්වල සඳහන් වෙනවා. අද ඊටත් වඩා වැඩි වී තිබෙන්න පුළුවන්. අමුනුෂ්‍යයෝ මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් හොඳින් නිරීක්‍ෂණය කරනවා. ඒ අයට හැම දේම පේන්න ගන්නවා. අවශ්‍ය තැනකට පාවෙලා යන හැකියාව තිබෙනවා. තරංග ගමන් කරන වේගයෙන් මේ අමුනුෂ්‍යයෝ ගමන් කරනවා. මේ අය මනුෂ්‍යාට කතා කරන්න හරි කැමැත්තෙන් සිටිනවා නමුත් මනුෂ්‍යා දන්නේ නැහැ.
එක් අවස්ථාවක මා වසරක් පාසා දෙන කඩවර ගොටුවක් දීමේදී එම කඩවර ගොටුව සඳහා ආරූඪකරුවන් කිහිපදෙනෙකුත් කැදවනවා අපි මේ කඩවර ගොටුව බොහෝම පිරිසිදුවෙන් තමයි කරන්නේ. කිසිදු අඩුපාඩුවක් තිබෙන්න බැහැ. ගොටු හතක් කඩවර හත් දෙනාට දෙනවා. ඊට අමතර දෙවියන් වහන්සේලාට පලතුරු පූජාවක්ද කාලි මෑණියන්ට මසාල සහිත පූජාවක් ද, ගම්බාර අප්පච්චිට කිරිබත් සමග පලතුරු පූජාවක් දීලා තමයි කඩවර උන්නාන්සේගේ ගොටු මාලාව පුද කරන්නේ. මෙතනදී ආරූඪකරුවන් ආරූඪ වෙලා කතාකරන්න පටන් ගන්නවා. මේක පොඩි යුද්ධයක් වගෙයි. කඩවර උන්නාන්සේ කෙනෙක් ගොටුව පිළිගන්න ආරූඪෙට ඇවිල්ල කතා කරන්න පටන් ගන්නවා. අඩුපාඩුවක් නම් කියනවා මේ මෙදා දුන්න ගොටුවේ අඩුපාඩු මුකුත් කිව්වේ නැහැ. මේ අය වෙනත් එක එක්කෙනාගේ ප්‍රශ්නවලට උත්තර දෙමින් සිටියදී තව මෑණි කෙනෙක් ආරූඪවෙලා වෙද මහත්තයාගේ නංගි ඇවිල්ලා ඉන්නවා කියලා කතා කරන්නයි මට කතා කරලා කිව්වා. මම ඇහුවා ඔබ මගේ ගොටුව දෙන බව දැනගෙන හිටියාද කියලා ඇහුවා. පසුව ඇය කියනවා අයියා මට ඒක දැනුණා. ඒක නිසා අද මම ආවේ. අයියා මීට පෙර මගේ ඉල්ලීමට පූජා වට්ටියක් දීලා මුන්නේශ්වරමේ කාලි මෑණියන්ට සාරියක් පූජා කළානේ, එදා ඉදලා මම මුන්නේශ්වරම් කාලි මෑණියෝ ළඟ ඉන්නවා. මට දැන් බලයක් තියෙනවා. අයියා කරන කියන දේවල් මට පේනවා. මම ලස්සනට ඇඳලා ඉන්නවා. සතුරෝ මාව හූනියම් කරලා මැරුවා. මම ඒ බව දන්නවා. මම මරනයදී හරියට අසරණ වුණා. අයියා නිසා මම බලය හදා ගත්තා කියලා එම ආරූඪයේදී මට ඇය පවසා සිටියා. මේ විදිහට මලගිය ඥාතීන් ආරූඪකරුවන් හරහා පැහැදිලිව කතා කරන අවස්ථා දෙන තත්ත්වයක් තිබෙනවා. ඒවා බොරු කියන්න බැහැ.
නමුත් තම ඥාතියටම ඇවිත් කතා කරන්න බැහැ. මෙහේ ඇවිත් ඉන්නවා පමණයි කරන්නෙ. අමුනුෂ්‍යාට වුණත් වාසනාව තිබෙන්න ඕනා. සමහර අමුනුෂ්‍යයෝ කුණු ගඳ ගහනවා. කතා කරන්න බැහැ හරිම දුර්වලයි. මේ අය මනුෂ්‍යා වශයෙන් ඉන්න කාලේ කළ අකුසල මූලයන් නිසා. නමුත් තවත් කොටසක් මනුෂ්‍ය හා සම්බන්ධ වෙනවා. ඔවුන්ට නැත්තේ කයක් ශරීරයක් පමණයි. මේ අය අපි අඩගහපු ඕනෑම වෙලාවක එනවා. නමුත් අපිට පේන්නේ නැහැ. අපිත් එක්ක වැඩ කරන අපත් එක්ක ගමන් යන පෙරේත කොටස් ඕන තරම් ඉන්නවා. නමුත් අඩු ගානේ තමන් කන කෑමෙන් ටිකක් වත් බොහෝ අය තියන්නෙ නැහැ. භූතයන්ගෙන් වැඩ ගන්න පුළුවන්, ඒකට බොහෝ වැඩ තියෙනවා. ඒවා පර්යේෂණ මට්ටමෙන් කරලා බලන්න සාර්ථක ද කියලා. මා සාර්ථක ප්‍රතිඵළ අරන් තිබෙනවා. හැම භූතයෙක්ම මාත් සමග කුළුපගව ආරූඪ පැමිණ කතා කරනවා. ඒ අයගේ ප්‍රශ්න කියනවා. අපේ ප්‍රශ්නයත් ඒ අයට පේනවා. ඒ ගැනත් කියනවා. මේ වගේ හොඳ පැහැදිලිව සාකච්ඡාවලට භූතයන් ගෙන්නා ගන්න පුළුවන්.
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද
ආචාර්ය,
ආර්. එම්. කරුණාරත්න