සාගරිකාගේ සිත ප්‍රේමණීය සිතුවිලි වලින් පුරවාලනු ලැබු විස්මිත මෝහන ප්‍රතිකාර

සාගරිකාගේ පවුලේ හැමෝටම මලගෙදරකට යාමට සිදුවූයේ ළඟම ඥාති සබඳතාවයක් නිසාය. නිවාඩු ගැනීමේ අපහසුතාවයක් නිසාම සාගරිකාට එහි යාමට නොහැකි විය. රැකියාව නිමවී ගෙදරට පැමිණෙන විට හාස්පසම අඳුරෙන් වැසී ගොස් තිබිණි. මද සුළඟ ද තරමක් වේගවත් වී තිබුණි. මහා වැස්සක පෙර නිමිති දකින්නට ඇත.
මලගෙදර කටයුතු නිමවී තම මවුපියන් නිවසට පැමිණෙන්නේ ගොඩාක් රෑ බෝවීලා බව ඔවුන් දන්වා සිටි බැවින් ඇය සී ඩී තැටියක් බලන්නට සැරසුනේ පාළුව තනිකම යන්නත් එක්කය. එහි අන්තර්ගතය වූයේ දරු ප්‍රසූතියකට සැරසෙන ගර්භනී මවක් මුහුණ දුන් බිහිසුනු අත්දැකීමකි.


ඇය භිරාන්තව බලා සිටින්නේ එම සීඩී පටයේ උද්වේගකර අවස්ථාව දෙසයි. දැන් දැන් ඇගේ දෙනෙත් ඉදිරියේ දර්ශනය වන්නේ දරුවා එළියට ගැනීම සඳහා මවගේ උදරය පලන ආකාරයයි. වෛද්‍යවරයාගේ දෑත් රුධිරයෙන් තෙත් වී ඇති අතර මව වේදනාවෙන් විලාප දෙන විට සාගරිකාගේ සිත සසල වන්නට විය.
එහෙත් එම විලාප හඬ වැඩි වේලාවක් ගතවූයේ නැත. මව නිහඬව වී ඇත. වෛද්‍යවරු කලබල වී ඇය වටා එක්රොක් වුවත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. ප්‍රසූතිකාගාරයෙන් ඇසෙන දුක්මුසු සංගීත නාද රටාව සාගරිකාගේ හද ගැස්ම වේගවත් කරන්නට විය. ගර්භනී මවගේ හුස්ම පොද වා තලයට එක්වන ආකාරය සංවේදී හිතක් ඇති අයකුට නම් කිසිසේත්ම බලා සිටින්නට නම් බැරිය.
ඇය රූපවාහිනිය වසා දමා ඇඳමත හාන්සි වන්නේ පපුව මත දෙඅත් තබාගෙනය. මුළු ශරීරයම දහඩියෙන් තෙත් වී ඇත. අනේ දෙයියනේ මෙවැනි සිදුවීමක් මටත් වුණොත්…
සාගරිකාට එදින පහළ වූ එම අමිහිරි සිතුවිල්ල ඇයගේ සුන්දරම සිහිනය වෙනතකට යොමුකර වන්නට තරම් ප්‍රබල එකක් බවට පත්විය. මෙම අත්දැකීම ලබන විට ඇය අවුරුදු 27 වැනි වියේ පසුවූ අතර වසර දෙකක් තිස්සේ ආශ්‍රය කරන ප්‍රේමවන්තයෙක්ද සිටී. නොබෝ දිනකින් විවාහ ගිවිස ගැනීමට දෙපාර්ශ්වයේම එකඟතාවය පළකර සිටියත් දැන් දැන් ඒ ගැන කතාකරන්නවත් අකමැති තරමට විවාහය නීරස එකක් වී ඇත.
විවාහයට දින නියම කර තිබියදීත් ඇයගේ වෙනස්වීම දෙමාපියන්ට මෙන්ම ප්‍රේමවන්තයාට ද මහත් ගැටලුවක් විය. සියලු උත්සාහයන් බිඳවැටුණු අතර ඒ මගුල ද අතරමග නතර වුවත් මවුපියන් තව තවත් විවාහ යෝජනා රැගෙන එන්නට විය. තව කල් තියෙනවා. පසුව බලමු. දෙමාපියන්ගේ පෙරැත්ත නිසාම ඇයගෙන් එවැනි වදන් පමණක් පිටවන්නට විය.
ඇයගේ ආදරය පතා කීපදෙනෙක්ම නිවසට පැමිණියත් ඒ කිසිවකුටත් සුභවාදී ප්‍රතිචාරයක් නම් ඇයගෙන් ලැබුණේ නැත. විවාහ වී දරු සුරතල් බලන වයසද පසුවී මේ ගෙවී යන්නේ ඇයගේ 39 වන වයසයි. මේ අතර කළුකුමාර දෝෂය නිසාම විවාහය සිදුනොවන බව දේවාලයකින් කියා සිටි බැවින් ඒ සඳහා ද වත් පිළිවෙත් ගණනාවක් සිදු කළත් ඇයගේ සිත වෙනස් කළ නොහැකි තරමටම විවාහය නීරස එකක් බවට පත්විය.
මේ අතර වසර ගණනාවක් විදෙස් ගතව සිට පැමිණි ඇයගේ මාමා සාගරිකාගේ මවට හොඳටෝම දොස් පවරන්න ගත්තා. කෙල්ල ගෙදර නාකිවෙනකන් බලා ඉන්නේ නැතිව මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත් බවයි ඔහුගේ අදහස වුණේ.
වෛද්‍යවරයා විසින් සාගරිකාගේ පීඩාකාරී සිත සංසුන් කරමින් ඇයව මෝහනයට පත් කළේය. මෙතෙක් කලක් යටි සිත තුළ පැළපදියම් වී තිබූ අමිහිරි මතක සටහනක සුලමුල සොයා ගැනීමට හැකියාව ලැබුණි.
කෙනකුගේ ජීවිතයක් පරිණත වන්නේ අත්දැකීම් තුළිනි. එම අත්දැකීම පිට කෙනකුට හෝ තමාට සිදුවිය හැකිය. එවැනි යම් ක්‍රියාදාමයක් හැමෝටම වේ යැයි කියා සිතීම වැරදි බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඇයගේ විවාහ භීතිකාව යටි සිතින් ඉවත් කොට සාගරිකාගේ සිත ප්‍රේමණීය සිතුවිලි වලින් පුරවාලනු ලැබීය.
බස්නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ වෛද්‍ය උපදේශක

ගුණසේකර මුදලිගේ
0773855910