ඔබේ නිවසටත් ශ්‍රියාකාන්තාව කන්දවා ගන්න

ඕනෑම පුද්ගලයකුට ආහාර, ඇඳුම් පැලඳුම් මෙන්ම නිවාසද ජීවත් වීමට අවශ්‍ය මූලික අංග වේ. පුද්ගලයකුගේ මූලික අවශ්‍යතාවල ප්‍රධාන අංගයක් වන නිවාස හා ගෙවත්ත පිරිසිදුව අලංකාරව තබා ගත යුතුමය. පිරිසුව ලස්සනට තිබෙන නිවසකට ශ්‍රියාකාන්තාවගේ බැල්ම නොවඩුව ලැබෙනු ඇත. එහිදී එම නිවැසියන් දියුණු වීම, ආර්ථිකව ශක්තිමත් වීම, ලෙඩ රෝග ආදියෙන් මිදී නිරෝගී සම්පන්න වීම ආදිය දැකිය හැක. එසේම නිවැසියන් අතර අන්‍යොන්‍ය බැඳීම ද වර්ධනය වනු ඇත.


එමෙන්ම ඉතා පිරිසිදුව, පිළිවෙලකින් තොරව පවත්වා ගෙන යනු ලබන ගෙවතු හා නිවාසවල වෙසෙන නිවැසියන් අතර නිතර අඩදබර, ආර්ථික අපහසුතා, ලෙඩ දුක් නොයකුත් චිත්ත පීඩා ආදිය බහුලව දැකිය හැක. ඒ එම නිවාසවලට මු දේවිය බැල්ම හෙලන බැවිනි.
අප වැඩි වේලාවක් ජීන්‍ත් වන ස්ථානය මෙය වේ. එම ස්ථානයට ශ්‍රී දේවිය වඩින ආකාරයට අප ජීවත් විය යුතුයි. ඒ සඳහා ගේ දොර පිරිසිදුතාව මෙන්ම අප අතින් සිදුකළ යුතු වත් පිළිවෙත් ගණනාවක් ද ඇත. එමෙන්ම අප කරන ඇතැම් ක්‍රියා නිසා මු දේවියගේ බැල්ම වැටෙන අවස්ථාද ඇත. නිවසට සෙත් ශාන්ති කර ගන්නේත්, කොඩිවින කරගන්නේත් එම නිවසෙහි වෙසෙන නිවැසියන් යැයි කිවහොත් නිවැරැදිය.
නිවසක් තුළ නොකළ යුතු දෑ මෙන්ම කළයුතු දෑ පිළිබඳව ද විමසා බලමු.
නිවසේ ඇති සියලුම ජනෙල් විවෘත කර වාතාශ්‍රය නිවස තුළට ඒමට සැලැස්විය යුතුයි. දහවලට ජනෙල් වසා තිබීම කිසිවිට නොකළ යුතුයි. නිවසේ ඇති ගෘහ භාණ්ඩවල මෙන්ම වහලේ ඇති මකුළු දැල්, දූවිලි ආදිය ඉවත් කර දිනපතා පිරිසිදු කළ යුතුයි. මකුළු දැල්, දූවිලි හා අපිරිසිදු ස්ථානවලට ආශා කරන්නේ ප්‍රේත කොට්ඨාසයන්ය. එබැවින් මෙවැනි නිවෙස්වල ශ්‍රී දේවිය පලා ගොස් මූ දේවිය බැල්ම හෙලනු ඇත. නිවස තුළ කිලිටි රෙදි ගොඩගසා තිබීම, නිවස තුළ රෙදි වේලීමට වැල් බැඳීම ආදිය කිසිවිට නොකළ යුතුයි. එමෙන්ම දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ දී ද නිවස තුළ අඳුරුව පැවතීමට ඉඩ නොතිබිය යුතුයි. නිවස තුළ පරණ බඩු මෙන්ම භාවිතයට නොගන්නා බඩු ආදිය තැබීමනොකළ යුතුයි. ඒවා ඇත්නම් දිලිඳු අයකුට දී හෝ පුළුස්සා දැමිය යුතුයි. නිවසට ඇතුල් වන දොරකඩ හෝ නිවස තුළ තැනින් තැන පාවහන්, කොසු, ඉදල් ආදිය තැබීමනොකළ යුතුයි. නිදන කාමරයේ ඇති ඇඳන් එකට යා කර නොතැබි යුතුයි. නිවසේ ප්‍රධාන දොරෙන් හෝ ජනෙල් වලින් කෙල නොගැසීම කළ යුතුයි. සරම කැහැපට ගසා ප්‍රධාන දොරෙන් ඇතුල්වීම මෙන්මනිවස තුළ තොප්පි, කුඩ ආදිය භාවිත නොකළ යුතුයි. නිවස අතුගා එකතු වන කුණු රොඩු නිවසේ ප්‍රධාන දොරින් ඉවත ලෑම සිදු නොකළ යුතුයි. පිරිසිදු පතුල් රහිතව නිවස තුළට ඇතුල් වීම නොකළ යුතුයි. නිවස තුළට පිවිසීමට පෙර පාද සෝදා පැමිණීමට වගබලා ගන්න. ප්‍රධාන දොර ළඟ ආහාර අනුභව කිරීම නොකළ යුතුයි. නිවසේ ප්‍රධාන උළුවස්සෙන් අවි ආයුධ, හිස් භාජන, මත්ද්‍රව්‍ය, කෘමි නාශක, පෙට්‍රල්, භූමිතෙල් ආදිය ගෙට නොගැනීම කළ යුතුයි. මුළුතැන් ගෙයි වැ් ආදීමනොකළ යුතුයි. පොල් ගෙඩිය ලෙලි ගැසූ පසු මුඞ්ඩ කඩා ගෙට ගැනීම නොකළ යුතුයි. නිවසේ එලිපත්ත උඩ පොල් තැබීමද නොකළ යුතුයි. තැඹිලි වලු නිවස තුළට ගැනීමේදී නැටි කපා ගැනීම සිදු කළ යුතුයි. හිස් මිරිස්ගල ඇඹරීම කිසි විට නොකළ යුතුයි. එමෙන්ම හිස් කුල්ල පෙලීමද නොකළ යුතුයි. බාල්ක, කුරුපා හරි කෙලින් ගෘහ භාණ්ඩ තැම්පත් කිරීම නොකළ යුතුයි. ලුනු පොල්කට්ට හිස් නොවීමට ගෘහනිය වගබලා ගත යුතුයි. එමෙන්ම ලුනු පොල්කට්ට ලුනු දමා ශබ්ද නගා කලවම් කිරීම නොකළ යුතුයි. ලුනු පොල් කටුවෙන් ලුනු රැගෙන අන් අයට දීම නොකළ යුතුයි. ගේට්ටුව, ජනෙල්, දොරවල් ආදිය ඇරීමේදී ශබ්ද නැගීම නොවිය යුතුයි. ලිපේ අලු අස් නොකර දිගටම තැබීම නොකළ යුතුයි. ලිප් ගල් මත කුප්පි ලාම්පු නොතැබීම කළ යුතුයි. මුහුන බලන කණ්ණාඩිය මුළුතැන්ගෙයි නොතැබීමට, උළුවහු යටට වී ඔළුව පීරීම, උකුණන් ඇදීම හා ආහාර ගැනීම නොකළ යුතුයි.
හිරමනය උඩ වාඩි වී ආහාර ගැනීම නොකළ යුතුයි. හිරිමන තලයේ ඇති පොල් ගෙන කෑම නොකළ යුතුයි. නිවසින් පිට ඇති බුදු මැඳුරේ ආලෝකය ප්‍රධාන දොරින් නිවස තුළට වැටීම නොවිය යුතුයි. වංගෙඩිය උඩ වාඩිවී ආහාර ගැනීම නොකළ යුතුයි. වංගෙඩිය උඩ පිහියා, හැඳි, ලුනු පොල්කටුව ආදිය නොතැබීම කළ යුතුයි. තරහින් මිරිස් ඇඹරීම ද නොකළ යුතු දෙයකි. කෑම කා පිඟානට අත සේදීම මෙන්ම පිඟානෙන් වතුර බීමද නොකළ යුතුයි.
ඉහත සඳහන් කළේ නිවස තුළ වෙසෙන නිවැසියන් නොකළ යුතු දේ පිළිබඳවයි. මෙවැනි අශූභ දේ නොකිරීම තුළින් එම නිවසට හා එම නිවසේ වෙසෙන නිවැසියන්ට බොහෝ සුභ ඵල වාසි අත්වනු ඇත.
මීළඟට ගෙවත්තේ නොතිබිය යුතු හා ගෙවත්ත මුල් කරගෙන නොකළ යුතු දෑ පිළිබඳව ද දැනුවත් වීම ජීවිතේ සෞභාග්‍ය උදාකර ගැනීමට උපකාරී වනු ඇත.
ගෙවත්තට නිතර සූර්යා ලෝකය වැටීමට සැලැස්වීම, ගෙවත්තේ ඇති අඳුරු ස්ථානවලට සූර්යා ලෝකය වැටීමට සැලැස්වීම ගෙවත්තේ නොයකුත් අලංකාර මල් වවා දර්ශනීයව පවත්වා ගැනීම, කටු සහිත හා කිරි සහිත ගස් වර්ග නිවස ඉදිරිපිට වැවීම නොකළ යුතුයි. ගෙවත්ත වල් වැදීමට නොදිය යුතුයි. ගෙවත්තේ ඇති වතුර කරාම වලින් වතුර කාන්දු වීමට ඉඩ නොතැබිය යුතුයි. වැසි ජලය ඊසාන දිශාවට හෝ උතුරට ගලා යෑම වැලැක්විය යුතුයි. සතුන්ගේ කූඩු ගෙවත්තේ තැබීමේදී එය නිවස ඉදිරිපිට නොතැබිය යුතුයි. සෝදන ජලය හා නාන ජලය ගෙවත්තේ සෑම තැනම නොයෑමට වගබලා ගත යුතුයි. ලිං පඩිය නිතර පිරිසිදුව තබාගත යුතුයි. ලිං පටියට කෙල ගැසීම, සොටු සීරීම නොකළ යුතුයි. නිවසේ එකතු වන කුණු අපද්‍රව්‍ය ගෙවත්තේ නොදමා පුළුස්සා දැමිය යුතුයි. නොයෙසේ නම් වළ දැමීම කළ යුතුයි.
අප එතරම් නොසිතා නිවස තුළ මෙන්ම ගෙවත්ත තුළ ද සිදු කරන අකටයුතු දේ නොකිරීම තුළින් අපට දියුණුව, නිරෝගී බව, ප්‍රසංසාව, සාමය, සතුට, මිතුරන්ගේ උදව් උපකාර, දේව බැල්ම ආදිය නොවඩුව ලැබෙන අතර චිත්ත ප්‍රීතියද වැඩිවනු ඇත. එවිට අපගේ නිවසට ඇල්ම බැල්ම හෙලන මු දේවිය පලා ගොස් ශ්‍රියා කාන්තාව වඩිනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද