ආලේපන මගින් පිළිකා සුව කරන රස වෙදකම

 

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝග 4848ක් හඳුනාගෙන තිබෙනවා

සිරුරේ ඕනෑම තැනක මතුව ඇති පිළිකාවක් සුව කළ හැකියි

සිරුරේ ඕනෑම තැනක මතුව ඇති පිළිකාවක් සුව කළ හැකියි

ඔබට පිළිකා රෝගයක් හටගෙන ඇතැයි කියා වෛiවරයෙක් කිසියම්
රෝගියෙකුට පැවසුවහොත් එම තැනැත්තා තුළ ඇතිවන මානසිකත්වය කෙසේදැයි කියා වටහා ගැනීම එතරම් අසීරු නැත. පිළිකා යන වචනය ඇසූ මොහොතේ පටන් එම තැනැත්තා තුළ දැඩි භීතියක් හටගනී. එම භීතියට ප්‍රධාන ලෙස බලපාන්නේ පිළිකා යනු සුව කළ නොහැකි මාරාන්තික රෝගයක් ලෙස අප සමාජය තූළ පවතින මතයයි. එනිසා මෙලෙස ඇතිවන මරණ බිය නිසා මෙවැනි රෝගීන් කුමන හෝ වෛi ක්‍රමයකින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙති. දේශීය පාරම්පරික වෛi ක්‍රමය තුළ ද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ඇතත් ඇතැම් ප්‍රතිකාර වර්තමානයේ අප ගතකරන ජීවන රටාව අනුව භාවිතා කිරීම පිළිබඳ යම් ගැටලු පවතින බව පවසති.
වෛද්‍යතුමනි දේශීය පාරම්පරික වෛi ප්‍රතිකාර තුළ පිළිකා සුවය සඳහා ඇති නවීන ප්‍රතිකාර මොනවාද?
පිළිකාවක් ලෙස සලකන්නේ සිරුරේ ඇති ඕනෑම සෛලයක න්‍යෂ්ටියේ ඇති වර්ණ දේහවල භෂ්ම අනුපිළිවෙල වෙනස්වීම නිසා ඇතිවන විකෘතිතාවයකටය. එවිට ඉන් හටගන්නේ විකෘති සෛලය. මෙම විකෘති සෛල සිරුරේ නීරෝගී ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරනු ලබනවා. එනම් මෙම විකෘති සෛල හටගෙන ඇති ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරීත්වය දුර්වල කරනවා. එවිට එම තැනැත්තා රෝගී බවට පත්වෙනවා. දේශීය වෛi ක්‍රමයට අනුව පිළිකා රෝග 4848ක් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලුම පිළිකා රෝග සඳහා ප්‍රතිකාර සොයාගෙන තිබෙනවා. එම ප්‍රතිකාර වට්ටෝරු පුස්කොළ පොත්වල සටහන් කර තිබෙනවා. එනිසා දේශීය ප්‍රතිකාරවලට අනුව සෑම පිළිකාවක් සඳහාම ප්‍රතිකාර තිබෙනවා. මෙම ප්‍රතිකාර නවීන හෝ පැරණි කියා වෙනසක් නැහැ. ඉන් රෝග සුවවන බව තහවුරු කරගෙන තිබෙනවා. ගැටලුව වී ඇත්තේ මෙම ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ වට්ටෝරු නිසි ලෙස භාවිතා නොකිරීමය.
දේශීය වෛi ක්‍රමය තුළ ඕනෑම පිළිකාවක් සුවකිරීම සඳහා බාහිරින් ආලේප කරන ඖෂධ වට්ටෝරු තිබෙනවා. එම ඖෂධ වට්ටෝරුවලට අදාළ ඖෂධ නිසි මාත්‍රාවට යොදාගෙන සකස් කිරීමෙන් පිළිකා රෝග සුව කර තිබෙනවා. වර්තමානයේ සිදුව ඇත්තේ මෙවැනි බෙහෙත් වට්ටෝරු බොහෝ වෛiවරුන් තුළ නොමැති වීමය. මා පැවත එන්නේ පුලස්ති සෘෂිවරයාගේ රාවණා රජ පරපුරේ දේවහූව වෙද පරපුරෙනි.
මෙම වෙද පරපුරේ ඇති පිළිකා සඳහා ඇති ඖෂධ වට්ටෝරුවක තිබෙනවා සිරුරේ අභ්‍යන්තරයේ හෝ බාහිරින් ඇතිවන ඕනෑම පිළිකාවක් සුව කළ හැකි ආලේපනයක්. එම ආලේපනය සකස් කරනු ලබන්නේ රස ඖෂධ වර්ගත් භාවිතා කරමිනි. මෙම ඖෂධය ආලේප කරන්නේ සම මතය. එසේ සම මත ආලේප කිරීමෙන් සමෙහි ඇති සියුම් සිදුරු ඔස්සේ සිරුරේ පිළිකාව ඇති ස්ථානයට ඖෂධ ගමන් කර පිළිකා සෛල විනාශ කර දමනවා. ඒ සඳහා මෙම ඖෂධය ආලේප කිරීමෙන් පසු පැය 12කට වැඩි වේලාවක් සිටිය යුතුයි. මෙය දිනපතා මාස තුනක් පමණ ආලේප කිරීමෙන් මතුව ඇති පිළිකාව සුව කළ හැකියි.
එය වසර සිය ගණනක් පුරා මෙම ඖෂධය භාවිතා කර රෝගීන් සුවපත් කිරීමෙන් තහවුරු කරගෙන තිබෙනවා. එනිසා මේවා නවීන ඖෂධ කියා පවසන්න බැහැ. දේශීය වෛi ඥානය අනුව වසර දහස් ගණනකට පෙර සකස් කළ ඖෂධ. මෙම ඖෂධ භාවිතය ඈත්ව තිබුණේ වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් සකස් නොකිරීමය. ඉන් පවසන්නේ ඖෂධ වට්ටෝරුව වෙනස් කිරීම නොවෙයි.
රෝගියාගේ භාවිතයට පහසු වන අයුරින් සකස් කර නොතිබීමය. මේ වනවිට අප මෙම ඖෂධ වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් සකස් කර තිබෙනවා.
මෙම ඖෂධ මගින් සිරුරේ ඕනෑම තැනක මතුව ඇති පිළිකාවක් සුව කළ හැකියි. එහිදී මෙම ආලේපනය මගින් පමණක් සුව කරන්න බැරි පිළිකා සඳහා වෙනත් ඖෂධ වර්ගත් භාවිතා කරනවා. එම ඖෂධ වර්ගත් භාවිතා කරමින් මෙම ආලේපනය ගැල්වීමෙන් එවැනි පිළිකා රෝගත් සුව කළ හැකියි. මෙවැනි ඖෂධවල ඇති විශේෂත්වය වන්නේ ඉන් විනාශවන්නේ පිළිකා සෛල පමණයි. එය තමයි මෙම ඖෂධ වට්ටෝරුවල ඇති විශේෂත්වය. එසේම මෙම ඖෂධ පිළිකා රෝග පමණක් නොව හෘද රෝග, ආතරයිටීස්, නහර ගැටගැසීම, ස්නායු රෝග ආදිය සඳහාත් භාවිතා කළ හැකියි.
වෛද්‍යතුමනි මෙවැනි ඖෂධ භාවිතා කරන විට ආහාර පානවලින් කෙසේ පාලනය විය යුතුද?
මෙවැනි ඖෂධ භාවිතා කරන විට කරල් සැබෝ ශාකය සහ අමු ඉඟුරු එකට කොටා යුෂ මිරිකා නිතර පානය ගුණදායකයි. එසේම සේර දඬු යුෂ තේ හැන්දක් හෝ දෙකක් දිනපතා පානයත් ගුණදායකයි. ඊට අමතරව ගොටු කොළ, මුකුණුවැන්න, කොහිල අල, කොහිල දළු, එළබටු, සුදු ලූනු, මුරුංගා කොළ මැල්ලුම්, මුරුංගා කරල් ආදිය නිරත ආහාරයට ගැනීමත් ගුණදායකයි. ඉන් මෙම ඖෂධවල ඇති රස ඖෂධ ගුණය තවත් වැඩිවෙනවා. තක්කාලි, අඹ, අච්චාරු, අන්නාසි, ඇඹුල් තියල්, බල මාළු, තෙල් අධික ආහාර, ආනමාලු, ඇම්බුම්, පැණි කොමඩු, සීත කළ ආහාර ආදිය මෙම ඖෂධ භාවිත කරන විට කෑමට නොගත යුතුයි.

 

 

ආයුර්වේද, පාරම්පරික,
දේශීය සර්වාංග සහ
රස වෛද්‍ය
වජිරජීව සරත් කුමාර

071 828 5605