ප්‍රංශ ජනපතිට එම්මානුවෙල් මැක්‍රෝන් ට කොරෝනා

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ. පසුව ඔහු දින 7ක් ස්වයං නිරෝධායනය ට යොමු වී තිබෙන අතර ඔහු නිරෝධායනය වෙමින් ම රටේ කටයුතු මෙහෙයවන බවත් එරට උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ප්‍රංශය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් එරට සංචරණ සීමා ද දැඩිකර ඇත.

එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන දෙකක් පමණ හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 59ල400කි.