කොවිඩ් වෛරසයට දේශීය ඖෂධයක් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදයෙන් සොයාගනී

කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සාව අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතා කොරෝනා වෛරසයට ගැලපෙන ඉතාම නිවැරදි ප්‍රතිඵල ලබාදෙන දේශීය බෙහෙතක් සොයාගෙන ඇත.
තමන්ටම සකසාගත හැකි මෙම දේශීය බෙහෙත් ඖෂධය සකසා ගන්නා ආකාරය මෙසේයි.
ගම්මිරිස් ග්‍රෑම් 05 යි, කොත්තමල්ලි ග්‍රෑම් 10 යි, අමු ඉඟුරු ග්‍රෑම් 10 යි, දෙහි කොළ ග්‍රෑම් 10 යි, යකි නාරං කොළ ග්‍රෑම් 10 යි, රැගෙන මැටි මුට්ටියක දමා ජලය අඬු කෝප්ප 4 ක් (ලීටර් 1 ක්) දමා බාගයක් වනසේ මද ගින්නේ හොඳින් තම්බාගත යුතුයි.
(යකි නාරං කොළ නැති නම් ඒ වෙනුවට දෙහි කොළ ග්‍රෑම් 10 ක් එකතු කර ගැනීම කළ හැක.)
මෙම ප්‍රමානය කොවිඩ් 19 වැලඳුණු අයකුට එක දිනකට දෙන ප්‍රමාණයයි. දෙන ආකාරය වන්නේ අඬු කෝප්ප 04-02 ට සිඳ ගැනීමෙන් අනතුරුව දිනකට 4 වරක් උදේ 8 ට දවල් 12 ට සවස 04 ට රාත්‍රී 08 ට අඬු කෝප්ප 1/2 ය බැගින් ලබාදිය යුතු වෙයි.
කොරෝනා නොමැති අයවලුන් හට කොරෝනා නොවැළඳීමට තමන්ගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීමට එක අඬු කෝප්පයක් දිනකට දෙවරක් උදේ සහ සවස පානය කිරීම ඉතාම සුදුසුයි. කුඩා දරුවකුට නම් කෝප්ප 1/2 ක් ඉතාම ප්‍රමාණවත්ය.
මේ ආකාරයට කොරෝනා වැලඳුණු අයකු සති 03 ක් බෙහෙත පානය කිරීම කළ යුතු අත දින 04 ක දී ශරීරයේ ඇති අසනීප තත්ත්වයන් පහව යනු ඇත. එහෙත් එක දිගට සති 03 ක් පානය කිරීමෙන් පසුව හටගැනීමට හැකි සියලු අතුරු ආබාධ පහව යන බවත් වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට මහතා පවසයි. විශේෂිත ක්‍රමවේද මගින් පර්යේෂණ කර තහවුරු කර ඇති මෙම බෙහෙත ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීමටත් කොවිඩ් 19 වෛරසය ඇතුළු වෙනත් වෛරස්වලටත් ඉතා හොඳ ප්‍රතිකාරයක් බව ඒ මහතා වැඩි දුරටත් පවසයි.

සකස් කළේ අමරසිංහ මාලගේ