දියවැඩියාවෙන් ගැලවෙන්න අග්න්‍යාශය සක්‍රීය කරන දේශීය ඖෂධ

ශරීරයක දියවැඩියා රෝගය හටගැනීමට මුල් වන්නේ අග්න්‍යාශය අක්‍රිය වීම නොහොත් අග්න්‍යාශය රෝගී වීමය. ඔක්සිජන් ප්‍රමාණවත් තරම් අග්න්‍යාශයට නොලැබීමෙන් ශරීරයට අවශ්‍ය යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් වර්ග ශරීරයට අවශෝෂණය නොකිරීම හේතුවෙන් සීනි පමණක් ඉස්මතුවීම, උඩට මතුවීම සිදුවෙනවා.
ඒ දියවැඩියා රෝගයේ ආරම්භයයි. දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමේදී අග්න්‍යාශයේ ශෛල මියයාම, අඩපන වීම ආරම්භවී අග්න්‍යාශය සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත්වෙනවා.
අග්න්‍යාශය නැවතත් සක්‍රීය කර ගැනීමට සුදුසු ඉතාම යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වටිනා දේශීය ඖෂධ කිහිපයක් අප පාඨක භවතුන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි පළකරන්නේ කියවා ඉවත දැමීමට නොව, මෙම බෙහෙත් සාදාගෙන පාවිච්චි කර සුවපත් වීම සිදුකර ගැනීමටය.
අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඇතිකිරීම සඳහා පාරම්පරික බෙහෙත් දියවැඩියාවට ප්‍රත්‍යක්‍ෂයි.
1. බැවිල පඤ්චාංගය කොටා යුෂ මිරිකා (වන්ඩුවේ තම්බා) ගිතෙල් කෝප්ප 1/2 යි සුදු හඳුන් මේස හැඳි 2 යි උදය බොනු දින කීපයක්
2. වරකා කොළ නාරටි හැර කබලේ බැඳ කුඩුකර තලතෙලින් හැඳි 2 ක් උදේ සවස බොනු දින කීපයක්
3. රනවරා පඤ්චාංගය කලං 3 යි, නෙල්ලි කලං 7 1/2, වෙනිවැල්ගැට කලං 2, මී පැනි කලං 3, එළකිරි මෝරු කෝප්ප 1/2 කට මිශ්‍ර කර ඉහත බෙහෙත් කලං 3 ක් දමා උදේ සවස බොන්න. දින කීපයක් 20 ප්‍රමේහයට ඉතා ප්‍රත්‍යක්‍ෂයි.
4. දෙව්දුරු, වෙනිවැල්, කලාදුරු අල, අරළු, බුළු, නෙල්ලි කුඩුකර මේස හැඳි 1 බැගින් මීපැණි දමා උදේ සවස බොන්න.
5. ඉගිණි මුල් රනවරා මුල් කලං 6 බැගින් වතුර පත 8-1 සිඳ මීපැණි දමා දින 7 ක්
6. කපු ඇට මද මෝරු සමඟ මීපැණි දමා මේස හැඳි 1 බැගින් උදේ සවස බොන්න.
7. කපු දලු කොටා මිරිකා යුෂ කෝප්ප 1/2 ට තලතෙල් මේස හැඳි 4 ක් දමා බොන්න. උදේට දින කීපයක්
8. ඉගිණි ඇට කුඩු එනසාල් ඇට කුඩු තේ හැඳි 1 බැගින් තැඹිලි ගෙඩියේ අඩස්සි කර පින්නේ තබා උදේට බොන්න දින 7 ක්
9. අරළු කුඩු මීපැණි මිශ්‍ර කර තබා මේස හැඳි 1 බැගින් දිනපතා උදේ සවස මාසයක් පමණ ගැනීම ඉතා හොඳයි.
සියලු දියවැඩියා ප්‍රමේහ රෝග වලින් මිදී දීර්ඝායුෂව ජීවත් විය හැකිවේ.

තෙරුවන් සරණයි

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය,
ජ්‍යොතිෂ හා වාස්තුවේදී
අයි. පී. ආනන්ද,
ඉහළ බෝමිරිය, බෝමිරිය