ප්‍රතිශක්තිකරණය වැඩිකරන රස පිරි ගුණ සපිරි ඖෂධීය පානය

වර්තමානය වන විට පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් මේ ලක් දෙරණේ වෙසෙන අප, මෙරට කෙතරම් ස්වභාවික ඖෂධීය ශාක වලින් ස්වයංපෝෂිත වුවත් දිනෙන් දින රෝගීන් බවට පත් වෙමින් සිටින්නෙමු . කෘත්‍රිම රසකාරක , වර්ණකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එක් කරන ලද ආහාර පාන, වස විෂ හා රසායනික පොහොර යෙදූ ආහාර , විශේෂයෙන් පානීය ජලයේ අන්තර්ගත රසදිය, ඊයම්, ආසනික් වැනි බැරලෝහ වර්ග නිසාත්, මෙලෙස රෝගීන් වන්නට සිදු වී තිබේ.
මේ වන විට බෝවන රෝග වලට වඩා වැඩි ප්‍රතිශතයක් බෝ නොවන රෝග පවතින බව නොරහසකි . වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්ව, දියවැඩියාව , කොලෙස්ටරෝල් , අධික රුධිර පීඩනය, හෘදය ආශ්‍රිත රෝග , ප්‍රතිශක්ති දුර්වලතා , කාන්තා හා පුරුෂ මදසරුභාවය ආදී රෝග ඒ අතරින් ද බහුල වේ.
මේ පුංචි ලක් මිහිමව් තුරුලේ ජන්මය ලබන ඖෂධීය ගුණ සපිරි දිව ඔසු වන් හෙළ ඔසු ප්‍රමාණය අති මහත් ය.නමුත් ඒවායින් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොලබාම විනාශ වී යාම නිරන්තරයෙන් අපට දක්නට ලැබෙන සුලබ කාරණාවකි.එමෙන්ම පුරාණයේ ගෙයක් ගෙයක් පාසා මෙවන් හෙල ඔසු පාන ලෙස සකසා භාවිතා කිරීම නිරන්තරයෙන් සිදු විය. දෛනිකව උදේ හවා බෙලිමල්, රණවරා , ඉරමුසු , වෙනිවැල්ගැට , කොත්තමල්ලි , උළුහාල් , සුදුළූණු වැනි කුමන හෝ ඔසුවක් පානයක් ලෙස සැකසුනි. නමුත් නූතනයේ එවන් ඔසුවක් කිසිඳු නිවසක සොයාගන්නට වත් නැත. බටහිර ඖෂධ මාෆියාව සමග දේශීය දේ වැළලී යන්නට පටන් ගැනුනි. විදේශීය කිරිපිටි සමාගම් ඇතුළු ව්‍යපාරික ප්‍රජාව එවන් ඔසු පානයෙන් විවිධ ලෙඩ රෝග හටගන්නා බවට සමාජ භීතිකාවක් ඇති කළහ. එයින් ඔවුන්ගේ කූට අභිප්‍රාය වූයේ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව හා ධීන, රෝගීන් පිරිසක් මෙරට බිහි කිරීමය.
මෙවන් පසුබිමක් යටතේ දෛනිකව වයස් භේදයකින් තොරව ලොකු කුඩා සැමට එකසේ පානය කළ හැකි ඖෂධීය පානයක් සමාජ ගත කිරීමට අපට අදහසක් පහළ විය. නිරෝගී සමාජයක් බිහි කිරීම උදෙසා දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ” Tetta පානය”‍ ඔබ වෙත පිරිනමන්නට අපට හැකි විය. මෙහිදී අප ප්‍රධාන සංඝටකය ලෙස තෝරා ගත්තේ අම්බුප්‍රසාදිනී, කථක, ආදී නම් වලින් සංස්කෘත භාෂාවෙනුත්, ටෙට්ටාපරම් යනුවෙන් මලයාලම් භාෂාවෙනුත් හඳුන්වනු ලබන අපේ රටේ සුලභව වැවෙන ඉඟිනි ශාකයේ බීජයි. අම්බු ප්‍රසාදිනී යනු ජලය පිරිසිදු කරන යන තේරුමයි. අතීතයේ අපිරිසිදු , මඩ සහිත ජලය පිරිසිදු කිරීමට ඉඟිනි ඇට භාවිතා කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ඉඟිනි යනු වටිනා පවිත්‍රකාරකයක් බවයි. Longiniaceae කුලයට අයත් වන අතර Srtychnos potatorum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙය දේශීය වෙදකමේදී ඉතා බහුලව රෝග
රැසකට භාවිතා කරන මහඟු‍ ඔසුවකි .
අක්ෂි රෝග , දියවැඩියාව , රුධිර ගත රෝග , වාත රක්ත, චර්ම රෝග , මුත්‍රාශ්මරී, වකුගඩු ආශ්‍රිත රෝගාබාධ, දහදිය දුගද, ශරීර දාහය, යෝනිශ්‍රාව, ශරීර ගත තුවාල, පුරාණ රක්ත රෝග , උපදංශ වැනි ලිංගික රෝග, සර්ප දෂ්ට, මුත්‍රා ආසාදන, ආදි රෝග රැසක් සුව කිරීමේ හැකියාව ඉඟිනි සතු වේ.
අප දෛනිකව අහාරය ට ගන්නා ආහාර හා පානය කරන ජලය ඇතුළු සියලු‍ම පාන වර්ග හේතුවෙන් ශරීර ගත වන විෂ පදාර්ථ පෙරා විෂ හායනය කිරීමේ හැකියාව ඉඟිනි ඇට වල පවතී. එබැවින් එවන් උත්කෘෂ්ට ගුණ සපිරි ඉඟිනි ඇට එළකිරි සමග මිශ්‍ර කොට පානයක් සේ සකසා ඔබ අතට පත් කිරීමට අපට හැකි වී තිබේ.
”Tetta පිටි” තේ හැඳි එකක් නටන වතුර පීරිසි කෝප්ප එකකට දිය කර රසවත් පානයක් සේ ඔබට පානය කළ හැක..
මෙසේ සාදා ගනු ලබන ”Tetta පානය” මගින් ලේ සහ මුත්‍රා දෙකම පිරිසිදු කරන අතර හොදින් දහදිය හා මුත්‍රා ශරීරයෙන් පිට වීම නිසා දූෂිත රක්ත ය පිරිසිදු වී ඡවි කල්‍යාණය ඇති කරයි. සම පැහැපත් කරයි. ශරීරයේ පවතින අනවශ්‍ය සෙම් මේදස් කොටස් ඉවත් කරමින් තරබාරු බව දුරලයි. අක්මාවේ තෙල් (Fatty liver) තැම්පත් වීම් දියකර හැරීම , රුධිර ගත සීනි මට්ටම පාලනය කරමින් අග්න්‍යාසය උත්තේජනය කරමින් ඉන්සියුලින් නිපදවීම ට උදව් කිරීම, ඇස් පෙනීමේ දුර්වලතා මග හැර නිරෝගී කිරීම, ශරීර දාහය හා දුගඳ නැති කිරීම , යෝනි ස්‍රාව සුව කිරීම, ශරීර ගත තුවාල සුව කිරීම , මදසරුභාවය දුරලා නිරෝගී පරපුර ක් බිහිකිරීමට උදව් කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් බෝ වන රෝග වලින් ආරක්ෂා කිරීම ආදී වාසි රැසක් මේ මහගු පානය මගින් අපට ලැබේ. විශේෂයෙන් ම වකුගඩු ආශ්‍රිත රෝග වලින් පෙළෙන අයට ඉතාම ගුණදායක වේ. එබැවින් වකුගඩු රෝගයට කාලීන විසඳුමක් ලෙස ” Tetta පානය”‍ හඳුන්වා දිය හැක.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෙම පානය ලොකු කුඩා සැමට එකසේ නිරෝගී බව රැක ගැනීම උදෙසා දිනපතා පානය කල හැකි වටිනා පානයකි.

 

 

වෛද්‍ය ඉෂාරා පුෂ්පමාලි ,
BAMS (1st class Hons) (Kelaniya)

075 940 5899